ශවේන්ද්‍ර සිල්වාගෙ යුධ ටැංකිය

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හාමුදුරුවනේ... මේක තමා මම පොඩි කාලෙ ආදරෙන් පාවිච්චි කල එකම සෙල්ලම් බඩුව. මේකට මම අදටත් ගොඩාක් කැමතියි.

    ඒ ඇයි ඔයා ඕකට කැමති ? මම ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිතුමාගෙන් මේ ගැන අහන්න යනකොට එතෙන්ට ආපු හමුදාපතිතුමාගෙ තාත්තා පරණ කතාවක් කියන්න ගත්තා.

    " හාමුදුරුවනේ මම මේක චුටාට අරන් දුන්නේ අවුරුදු 7දි.( හමුදාපතිතුමාට තාත්තා ආදරේට කියන්නෙ චූටා කියලා )

    දවසක් අපි පවුලේ අය ඔක්කොම විනෝද ගමනක් ගියා. ගිහින් එනකොට සෙල්ලම් බඩු කඩයක මේ සෙල්ලම් යුධ ටැංකිය තියනවා දැකලා ඒක අරන් දෙන්න කියලා අඩන්න ගත්තා. මම ඉතින් ඒක වැඩිය ගණන් ගන්නේ නැතිව බෑ කිව්වා. මට ඒක අරන් දුන්නෙ නැත්තන් මම යන්නෙ නෑ කියලා ඊට පස්සෙ පුතා බිම ඉඳගන මහ හයියෙන් කෑ ගහලා අඩන්න පටන් ගත්තා. පස්සෙ බේරන්නම බැරි තැන මම ඉතින් ඕක අරන් දුන්නා හාමුදුරුවනෙ. එතකොට තමයි අඩන එක නතර කලේ.

    ඊට පස්සේ ඒ සෙල්ලම් යුධ ටැංකිය ආදරයෙන් ළඟ තියාගෙන සෙල්ලම් කලා විතරයි වෙන කිසි සෙල්ලම් බඩුවක් කවදාවත් ඉල්ලලා නෑ.

    ඒක අහපු ගමන් මගෙත් ඇස් වලට කඳුලක් ආවා. බලන්න දැන් වර්තමානය එක්ක කල්පනා කරලා ජිවිතයේ හැම දේම හරි දෛවෝපගතයි නේද ? එදා සෙල්ලම් යුධ ටැංකිය ඉල්ලලා අඩපු පුංචි දරැවා ඊට අවුරුදු ගාණකට පස්සෙ අපේ මවුබිම ත්‍රස්ථවාදීන්ගෙන් රැක ගන්න යුධබිමේ ඉදිරිපෙළ සටන්කරුවෙක්. ඔහු රටක් ආදරය කල අපේ යුධ සෙන්පති ශවේන්ද්‍ර සිල්වා. අද එතුමා අපේ රටෙ අභිමානවත් යුධ හමුදාපතිවරයා.

    ශවේන්ද්‍ර සිල්වා හමුදාපති තනතුරට පත්වෙලා, දළදා හාමුදුරුවෝ වන්දනා කරලා, අස්ගිරි මල්වතු, උභය විහාරයට ගිහින් අනතුරැව මාතලේ එතුමාගේ ගෙදරට ගියා තාත්තව බලන්න.

    හමුදාපතිතුමාගෙ අම්මා හිටපු ගුරැවරියක්. අදට එතුමිය නැතිවෙලා අවුරුදු එක හමාරක් විතර වෙනවා . ඉතින් ගිය ගමන් තාත්තාට දණ ගහලා වැඳලා එක පාරටම ගියෙ බුදු කාමරයට. මමත් ඔහු එක්ක ගියා .එතන බුදු පුදට වෙන්කරපු තැන. එතන පහන පත්තු කරලා, සුවද දුම් පුජා කරලා මේ කතාව කිව්වෙ.

    හාමුදුරුවනේ...මම පුංචි කාලේ ඉඳලා මෙතන තමා අම්මා එක්ක බුඳුන් වැන්දේ. මට මේ තැන ගැන ලොකු විශ්වාසයක් තියනවා. ගෙදර ආපු හැම වෙලාවකම මම මගේ අතින් පහන පත්තු කරලා, හදුන් කූරැ දල්වලා වැඳලා යන්නෙ. මේ තැනට ආපුවම මගේ හිතට අමුතු හැඟීමක් දැනෙනවා කියලා.

    එහෙම කියලා බුදු කුටි⁣යේ තියන පිළිම පිළිබඳ තොරතුරැ කියලා දුන්නා මට. එතනම පැත්තකට වෙන්න පොඩි ලෑලි අසනයක බඩු බාහිරාදිය කීපයක් තිබුනා. එතන විශේෂයෙන් ඇහැ ගැටෙන කුඩා සෙල්ලම් යුධ ටැංකියක් තිබුනා .මම ඇහැව්වා මේ මොකක්ද හමුදාපතිතුමනි කියලා. ඒ වෙලාවෙ තමයි මම මේ ෆොටෝ එක ගත්තෙ.

    ඇත්තටම මේ කතාව අපේ දරු පරම්පරාවට කොතරම් ආදර්ශයක්ද ? පුංචි කාලයේ ඉදලා අධිෂ්ඨානය, කැපවිම තියෙනවනම් අපිට ඕනෑම අභියෝගයක් ජයගන්න පුලුවන්. ඒ වගේම තමයි රට ජාතියට තියෙන ආදරය පොඩි කාලෙ ඉඳලම වර්ධනය කරගන්න ඕන. සෙල්ලම් යුධ ටැංකියකට ආදරය කල ඔහු අද රටක් ආදරය කරන සමස්ත යුධ හමුදාවටම නායකත්වය දෙන ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා.මම පුද්ගලිකව දන්න දෙයක් තමයි හැම වෙලේම එතුමා කල්පනා කරන්නේ යුධහමුදාවේ ගෞරවය ආරක්ෂා කරන විදිහ. ඇත්තටම එතුමා හමුදාවට, නිළ ඇඳුමට ගොඩාක් ආදරෙයි. එතුමාගේ හදවතේ පුදුම ගෞරවයක් තියෙන්නෙ යුධ හමුදාවටයි නිළ ඇඳුමටයි. මම දන්න එක දෙයක් කියන්න කැමතියි. ඇත්තටම එතුමා මේ රට රකින්නම සසරෙන් ආපු අපේ කළණ මිතුරෙක්.

    XBhSQtq.jpg

    D4tLley.jpg


    තෙරැවන් සරණයි..!
    මම නෙල්ලිගල හාමුදුරුවෝ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අපේ දෙමාපියන්ගේ වැරැද්ද බන්. අපිත් පොඩි කාලේ ✈ /racing car/space shuttle ඉල්ලල අඬද්දි අරන් දුන්න නම් අපි අද pilot/Formula1 driversla,/NASA eke weda.