ශවේන්ද්‍රට ඇමරිකාවෙන් තහංචි !

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ශවේන්ද්‍රට ඇමරිකාවෙන් තහංචි !

    ඇමෙරිකාව, මානව හිමිකම් කඩකිරීම්වලට අදාළව හමුදාපති ශවේන්ද්‍ර නම්කරයි

    vBI93xZ.jpg

    ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී යුද හමුදාවේ 58 වෙනි සේනාංකය විසින් මානව හිමිකම් කඩකරන ලදැයි එල්ල වූ චෝදනාවලට අදාළව එම සේනාංකයේ අණදෙන නිලධාරියාව සිටි වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රසිද්ධියේ නම් කරන ලද බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසීය.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ 58 වෙනි සේනාංකය විසින් අධිකරණමය ක්‍රියාදාමයකින් තොර මනුෂ්‍ය ඝාතන ආදී බරපතල මානව හිමිකම් කඩකිරීම්වලට අදාළව එහි අණදෙන්නාගේ වගකීම හරහා ශවේන්ද්‍ර සිල්වාගේ ඇති සම්බන්ධය පිළිබඳ විශ්වාසදායී තොරතුරු හේතුවෙන් විදේශ මෙහෙයුම් සහ ඒ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031 (c) වගන්තිය ප්‍රකාරව මේ පියවරට එළඹුණු බවය.

    di3XK6a.jpg

    ඒ අනුව විදේශ නිලධාරින් බරපතල මානව හිමිකම් කඩකිරීම් හෝ සැලකිය යුතු දූෂණවල යෙදී ඇතැයි යන්න ගැන විශ්වාසදායී තොරතුරු රාජ්‍ය ලේකම්වරයා සතු වන විට එවැනි පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ එක්සත් ජනපදයට ඇතුළුවීමට සුදුසුකම් නොලබති. එම නීති ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රාජ්‍ය ලේකම්වරයා විසින් ප්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව නම් කරනු ලැබේ. ඒ අනුව, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට අමතරව ඔහුගේ පවුලේ සාමාජිකයෝ ද නම් කරනු ලැබ සිටිති.

    කෙසේ වෙතත්, යුද්ධයේ අවසන් අදියරේ දී මානව හිමකම් උල්ලංඝනය කරන ලද බවට නැගෙන චෝදනා ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි.

    qnmL6X7.jpg

    බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් සංවිධාන විසින් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ලේඛනගත කරන ලද චෝදනා බරපතල මෙන්ම විශ්වාසදායී බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

    "ඔහුව නම් කිරීම තුළින්, ශ්‍රී ලංකාවේ හා ගෝලීය වශයෙන් වූ මානව හිමිකම්, මානව හිමිකම් හා අපයෝජන සම්බන්ධයෙන් දඬුවම් නොලබා සිටීම කෙරෙහි අපගේ සැළකිල්ල මෙන්ම එවැනි ක්‍රියාවල නියුතුවූවන් වගවීම ප්‍රවර්ධනයට අපගේ ඇති සහයෝගය සම්බන්ධයෙන් අප දී ඇති වැදගත්කම අවධාරණය කෙරෙනවා." යැයි එම දෙපාර්තමේන්තුව කියා සිටී.

    එසේම, "මානව හිමිකම් ප්‍රවර්ධනය කරන ලෙසත්, යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයට වගකිවයුත්තන් වගවීමේ රඳවන ලෙසත්, ආරක්ෂක ක්ෂේත්‍රයේ වැඩිදියුණුව හා යුක්තිය හා සංහිදියාව කරා යාමේ අනෙකුත් කැපවීම් රඳවාගන්නා ලෙසත් අප ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා." යනුවෙන්ද පවසයි.

    ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කරගැනීමට එක්සත් ජනපදය තවදුරටත් කැපවී ඇතැයි පවසන රාජ්‍ය දෙපාර්තමේන්තුව, පවතින හා මතුවෙමින් ඇති තර්ජනවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා හැඩගැස්වීමට සහය දෙන බවද කියා සිටී.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එවක මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු 19 වෙනිදා ය.

    එම පත්කිරීම සම්බන්ධයෙන් සිය "දැඩි අවධානය" යොමුවී ඇතැයි අමෙරිකා එක්සත් ජනපදය එදින පැවසු අතර කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, "විශේෂයෙන් සංහිඳියාව හා සමාජ සමගිය සඳහා වන අවශ්‍යතාව අතිශය වැදගත් වන අවස්ථාවක, අදාළ පත්වීම ශ්‍රී ලංකාවේ කීර්තිනාමය, යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් හෑල්ලුවට ලක් කරයි," යනුවෙනි.

    ඊට පසුදින එනම් අගෝස්තු 20 වෙනිදා රටවල් හයක දූත මණ්ඩලවල එකඟතාව ඇතිව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ යුරෝපා සංගමය, මේ පියවර නිසා "සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳව ගැටලු මතුවන බව" පැවසීය.

    එසේ මතුවෙමින් ආ ජාත්‍යන්තර ප්‍රතිචාරවලට පිළිතුරක් දෙමින් අගෝස්තු 20 වෙනිදා නිවේදනයක් නිකුත් කළ විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ, "විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවක්" බවය.

    "චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කනගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ" යනුවෙන් ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

    BBC
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔන්න අැමරිකාවෙ වැඩ. සරත් පොන්සේක ජනපති පට්ටමට පෙරේතකමේ කියපු සුදු කොඩි කථාවේ ප්‍රථිපල තමා මේ‍..අන්තිමට යුධ හමුදාපති උන ඵයා බේරුණා අනිත් අය මාට්ටු උනා..

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔන්න අැමරිකාවෙ වැඩ. සරත් පොන්සේක ජනපති පට්ටමට පෙරේතකමේ කියපු සුදු කොඩි කථාවේ ප්‍රථිපල තමා මේ‍..අන්තිමට යුධ හමුදාපති උන ඵයා බේරුණා අනිත් අය මාට්ටු උනා..

    :angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,898
    1
    58,177
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ අනුව විදේශ නිලධාරින් බරපතල මානව හිමිකම් කඩකිරීම් හෝ සැලකිය යුතු දූෂණවල යෙදී ඇතැයි යන්න ගැන විශ්වාසදායී තොරතුරු රාජ්‍ය ලේකම්වරයා සතු වන විට එවැනි පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ එක්සත් ජනපදයට ඇතුළුවීමට සුදුසුකම් නොලබති. එම නීති ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රාජ්‍ය ලේකම්වරයා විසින් ප්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව නම් කරනු ලැබේ. ඒ අනුව, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට අමතරව ඔහුගේ පවුලේ සාමාජිකයෝ ද නම් කරනු ලැබ සිටිති.

    ශවේන්ද්‍රට ඇමරිකාවට යන්න බැරි උනාම පාඩුද:confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ශවේන්ද්‍රට ඇමරිකාවට යන්න බැරි උනාම පාඩුද:confused:

    නෑ පාඩු නෑ උට හොඳ වැඩේ. උඹ වගේ උන්ට මේ වගේ දේවල් වෙද්දි මාර සතුටක් දැනෙනවනෙ. දැන් උඹට පුලුවන් ශවේන්ද්‍ර වෙනුවට ඇමරිකාවෙ ගිහිං ලංකාව වෙනුවෙන් කතාකරන්න.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දැන් ගෝටා කියන්නේ ඇමරිකානුවෙක්.බැසිල් කියන්නෙත් ඇමරිකානුවෙක්.එහෙම රටක ශවෙන්දරට දාන තහංචිය මොකක්ද? ඒකා ඇමරිකාවට යන්න හේතුවක් නෑ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    නෑ පාඩු නෑ උට හොඳ වැඩේ. උඹ වගේ උන්ට මේ වගේ දේවල් වෙද්දි මාර සතුටක් දැනෙනවනෙ. දැන් උඹට පුලුවන් ශවේන්ද්‍ර වෙනුවට ඇමරිකාවෙ ගිහිං ලංකාව වෙනුවෙන් කතාකරන්න.

    :yes:ජෙප්පො නේ..අමු කුහක අදහස් තියෙන්නෙ..මුං ගෙවල් වල අහල පහළ උන් ඵක්ක කොහොම ඉන්නවද මංද..:rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,898
    1
    58,177
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes:ජෙප්පො නේ..අමු කුහක අදහස් තියෙන්නෙ..මුං ගෙවල් වල අහල පහළ උන් ඵක්ක කොහොම ඉන්නවද මංද..:rofl:

    හඳුන්නෙත්තිගෙ ත්‍රෙඩ් එකෙන් පස්සෙ මම ජෙප්පා උනානෙ:dull:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :yes:ජෙප්පො නේ..අමු කුහක අදහස් තියෙන්නෙ..මුං ගෙවල් වල අහල පහළ උන් ඵක්ක කොහොම ඉන්නවද මංද..:rofl:

    ඈයි උබ හදුනගේ කතාව ඈහුවේ නෑද්ද? ගෙවල් ලග එවුන් තමා ජෙප්පන්ට කන්න බොන්න අදින්න දෙන්නේ, ළමයි හදලා දෙන්නේ...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඈයි උබ හදුනගේ කතාව ඈහුවේ නෑද්ද? ගෙවල් ලග එවුන් තමා ජෙප්පන්ට කන්න බොන්න අදින්න දෙන්නේ, ළමයි හදලා දෙන්නේ...

    :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න අැමරිකාවෙ වැඩ. සරත් පොන්සේක ජනපති පට්ටමට පෙරේතකමේ කියපු සුදු කොඩි කථාවේ ප්‍රථිපල තමා මේ‍..අන්තිමට යුධ හමුදාපති උන ඵයා බේරුණා අනිත් අය මාට්ටු උනා..

    සිරාවට අනේ මන්ද මේ මනුස්සය බල තන්හාවට කරපු වින්නැහියක් :angry:
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    ඔන්න අැමරිකාවෙ වැඩ. සරත් පොන්සේක ජනපති පට්ටමට පෙරේතකමේ කියපු සුදු කොඩි කථාවේ ප්‍රථිපල තමා මේ‍..අන්තිමට යුධ හමුදාපති උන ඵයා බේරුණා අනිත් අය මාට්ටු උනා..

    ඕවා නෙවේ. උන් කරන්නේ උන්ට ඕන දේවල්. උන්ට හොඳ උන් නියමයි. අනිත් උන් එපා.
    එච්චර. ඔතන කිසිම ලොජික් එකක් නෑ.
    දැන් ශරියා නිතිය තියන සෞදි අරාබියේ මානව හිමිකම් බරපතල විදිහට කඩ වෙන්නේ නැද්ද?

    අරාබියේ මානව හිමිකම් බරපතල විදිහට කඩ වෙන්නේ දැන් අවුරුදු දහස් ගානක ඉඳන්.
    ලංකාවේ මේ යුද්දයක් තිබ්බේ පොඩි කාලයයි. අපේ යුද්දෙදි මානව හිමිකම් කඩ වෙලා යුද අපරාද වෙලා තියනවා.
    මේ ලෝකේ යුද අපරාද නොවුණු කිසිම රටක හමුදාවක් ඇතැයි මම හිතනේ නෑ.

    ඒ යුද අපරාද list එකේ උඩින්ම ඉන්න ඕන ඇමරිකාව.
    රතු ඉන්දියානුවන් සමුල ඝාතනය කල දවස් වල ඉඳන් මෙක්සිකෝවේ සිවිල් යුද්ධ, දෙවන ලෝක යුද්දයේ දී, විශේෂයෙන්ම ජපානෙට පරමාණු බෝම්බ දාල අහිංසක මිනිස්සු දාස් ගානක් මරුවා.
    දෙවන ලෝක යුද්දේ ඉඳන් මේ වෙනකන් ඇමරිකාව හැම කලෙකදිම මොකක් හරි රටක් එක්ක යුද්ධ කරනවා.
    වියට්නාමය සෝමාලියාව මැදපෙරදිග රටවල් සිරියාව ... හෙන ලිස්ට් එකක්.

    අහිංසක මිනිස්සු මිලියන ගානක් ඇමරිකාව මේ වෙද්දී මරලා තියනවා.

    කෝ මානව හිමිකම්?

    අරාබිය කොච්චර මිනිස්සු මරලා ඇද්ද? කෝ මානව හිමිකම්?

    යටත් විජිත කාලේදී එංගලන්තය යුධ අපරාද වලින් මිලියන ගානක් මිනිස්සු මරලා ඇති.

    ඇමරිකාව කරන්නේ උන්ට ඕන දේ. එච්චරයි. ඒවාට හේතු ලොජික් ඔක්කොම බයිලා.
     
    Last edited:

    • Like
    Reactions: Pessimist