ශෂී විජේන්ද්‍රගේ කථාව
තරුවක් යනුවෙන් අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ කලා ලොව ඉතාමත් ජනප්‍රිය පුද්ගලයෙකුටයි. අද සමාජය තුල බොහෝ දෙනෙකු තරුවක් වෙන්න ආසයි. මේ නිසා රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය වලින් තරු බිහිකරන වැඩසටහන් බහුල ලෙස දියත් කරනවා. මම අද කථා කරන්නේ කලක් එහෙම තරුවක්ව දිදුලමින් සිටි කෙනෙකු ගැනයි.
ඔබ සියළු දෙනාම ශෂී විජේන්ද්‍ර කියන නම අහලා ඇති. අපේ රටේ හිටපු ජනප්‍රිය සහ ප්‍රතිභාපුර්ණ නළුවෙක් ලෙසයි. ඔබ දන්නවාද දැන් ඔහු කොහෙද කියා? මේ ගැන මමත් දැනගෙන හිටියේ නැහැ. නමුත් පසුගිය කාලයේ මට ඔහු ගැන අසන්නට ලැබුණා. ඒ ඔහු අද මුස්ලිම් වරයෙකු ලෙසින් ඉතාමත් ධාර්මික සහ නිහඬ දිවිපෙවෙතක් ගතකරන බවයි. ඇත්තටම අද ඔහු ඔහුගේ පරණ ජීවිතය ගැන කථා කරන්නවත් කැමති නැහැ. එමෙන්ම තමන් ගැන ප්‍රසිද්ධ වෙනවටත් කැමති නැහැ. නමුත් ඔහුගේ කථාවෙන් ඔබටත් ගතයුතු යමක් තිබෙන බව හිතුණ නිසා කියන්නම්.
අවුෆ් සහ මුනව්වර් යනු මුස්ලිම් පවුලක ඉපදුනු පිරිමි දරුවන් දෙදෙනෙක්. ඒ කාලයේ අද මෙන් නොව තොරතුරු තාක්ෂණය එතරම්ම දියුණු තත්වයක නොතිබුණු නිසා ආගම දහම ගැනද තොරතුරු තිබුණේ අල්පවයි. මේ නිසා මෙම දරුවන් දෙදෙනා හැදී වැඩුනේ දහමින් පෝෂණය වු පරිසරයක නොවේ. ඔවුන් දෙදෙනා යොවුන් වියට එළඹෙන විට නොයෙකුත් ලෞකික දේවල් කරා සිත ඇදී යන්නට වුණා. දෙදෙනාම නවයොවුන් වියේ අලංකාර සිරුරු වලට හිමිකම් කී නිසා සමාජයේ දෑස්ද ඔවුන් වෙත එල්ල වෙමින් තිබුණා. මේ දෙදෙනා තමන්ගේ මාර්ගය ලෙස තෝරාගත්තේ සමාජයේ අනෙකුත් මුස්ලිම් අය තෝරානොගන්නා මාර්ගයක්. එනම් චිත්‍රපට කර්මාන්තයයි.
තමන්ගේ නම් සිංහල සමාජයට නුහුරු නිසා චිත්‍රපට ලොවට එනවා නම් වෙනස් විය යුතු බව ඔවුන් දෙදෙනාටම වැටහී තිබුණා. මේ නිසා අයියා ශෂී විජේන්ද්‍ර ලෙසත් මල්ලී රංග විජේන්ද්‍ර ලෙසත් නම් තබා ගත්තා. ඉන්පසුව ශෂී විජේන්ද්‍ර චිත්‍රපට නළුවෙකු බවට පත්වු අතර රංග විජේන්ද්‍ර නළුකමට වඩා දක්ෂවුයේ නිශ්පාදන සහ අධ්‍යක්ෂණ කටයුතු වලටයි. ඉතාමත් වේගයෙන් චිත්‍රපටවල නමක් දිනාගත් ශෂී විජේන්ද්‍ර සාර්ථක ජනකාන්ත නළුවෙක් බවට පත්වුණා. මෙතැන් පටන් සිංහල සිනමාව තුල තමන්ගේම අනන්‍යතාවයක් සහිත නළුවෙක් ලෙස ඔහු දිගු කලක් වැජඹුනා. ඔහු රඟපෑ චිත්‍රපට ප්‍රමාණය 80 කටත් අධිකයි.
මේ අතර වාරයේ ඔවුන් දෙදෙනා මුස්ලිම් සමාජයෙන් ඉතාමත් ඈතට ගමන් කරමින් සිටියා. ඔවුන්ව පල්ලියේ නාමලේඛනයෙන් පවා ඉවත් කරන්නට නිවේදනය කරලා තිබුණා. මේ දෙදෙනා විවාහ වුයේද මුස්ලිම් නොවන තරුණියන් දෙදෙනෙක්. මෙසේ කලක් මුස්ලිම් සමාජයෙන් වෙන්ව සිටියත් ඔවුන්ගේ යටි සිතේ දෙවිඳුන් ගැන වු විශ්වාසය තිබෙන්නට ඇති. ටික කලක් යනවිට මොවුන් දෙදෙනාට තමන් විසින් මේ ගතකරන ජීවිතයේ නිස්සාර බව වැටහෙන්න පටන් ගත්තා. මුදල් පසුපස හඹා යන මේ ජීවිතය තුල ජනප්‍රියත්වය සම්මාන, රාත්‍රී සාද, යන මෙකී නොකී සියල්ල පසුපස තිබෙන නිස්සාරත්වය ඔවුන්ට අවබෝධ වෙන්න පටන් ගත්තා. දෙදෙනාම මේ නිස්සාර ගමන් මගට නැවතුම් තිත තබන්න තීරණය කළා.
අද ඔවුන් ඉස්ලාමය විසින් පෙන්වා දී තිබෙන අභ්‍යන්තරික ක්ෂාන්තිය සහ සමාදානය අත්විඳිනවා. ඔවුන් තමන් විසින් ගතකළ පරණ ජීවිතය මතක් කිරීමටවත් කැමති නැහැ. මෙම සොයුරන් දෙදෙනාගේ බිරියන් දෙදෙනාද අද ඉතාමත් භක්තිමත් මුස්ලිම් කාන්තාවන්. ඔවුන් දකින කාටවත් මේ එදා සිටි කාන්තාවන් දෙදෙනා යැයි හඳුනා ගැනීමටවත් බැහැ. ඔවුන් අද ඉස්ලාමය පෙන්වා දී තිබෙන මාර්ගයේ හැසිරෙමින් ඉතාමත් සතුටින් සහ සාමයෙන් වෙසෙනවා.