ඕපනායක පොලිස් වසමේ පොල්බොක්ක හල්ලින්න මාර්ගයේදී පැරණි ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදුකල පහරදීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ඕපනායක පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 49 ක් වූ හල්ලින්න වත්ත, ඕපනායක ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා සැකකරු ශ්රමදාන කටයුක්තකට සහභාගී වී සිටියදී උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය කහවත්ත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. වයස අවුරුදු 66 ක් වන ඕපනායක ප්රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඕපනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.