ශ්‍රමදානයක් කරන්න ගිහින් භූමදානයක් කරලා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඕපනායක පොලිස් වසමේ පොල්බොක්ක හල්ලින්න මාර්ගයේදී පැරණි ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදුකල පහරදීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ඕපනායක පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.​

    මරණකරු වයස අවුරුදු 49 ක් වූ හල්ලින්න වත්ත, ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.​

    මරණකරු හා සැකකරු ශ්‍රමදාන කටයුක්තකට සහභාගී වී සිටියදී උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.​

    මෘත ශරීරය කහවත්ත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. වයස අවුරුදු 66 ක් වන ඕපනායක ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඕපනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.​

     
    • Wow
    Reactions: Heshan Daminda