ශිල්පී සිහශක්ති සංගීත කණ්ඩායමේ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Issara jathika rupawahiniye nitharama dakin porak
    ඔව් ඒ දවස් වල රුපවාහිනියේ නිතරම යනවා
    අමාරුවෙන් නේද ඇදගෙන ගියේ පහුගිය ටිකේම.
    ඕනේ instrument එකක් ගහන්න පුලුවං මනුස්සයෙක්
    ඔව් ලෙඩවෙලා හිටියේ.
    සිහශක්ති එකෙ පීස් එකක් ගෙනාව අපේ අයිය
    රුපියල් 95කටද කොහෙද

    හෙන ෆේමස් ඒක

    කවරෙ පොටො එකෙ, වැලි ගොඩක,ඉන්ස්ට්ෘමන්ට්ස් ඔක්කොම ලනුවකින් බැදල, මුන් එක අදිනව
    සිහ සක්ති නෙවෙයි තකොට ශක්ති නම. මේ තියෙන්නේ ඒ කවරේ.
    sddefault.jpg

    ado aparade bn....... RIP :cry:

    methuma goda kalekata kalin kidney damage wela uparima darunu thathweta giya transplant karala yaththam berune. but ithin eth ekka lokuwata weak wela inna aththe.


    ඔව් ලෙඩ වෙලා හිටියේ ගොඩක් පොර.
    වැඩ්ඩෙක්. නිවන් සුව අත්වේවා
    සුපිරි වැඩ කරුවෝ තමයි.
    මට මතකයි ඒ කලෙ මෙන්න මෙ සිංදු ප්ලෙ වෙනවා රූපවාහිනියෙ.



    මෙන්න මෙ සිංදු දෙකත් පොරම තමා සංගීතවත් කරලා තියෙන්නෙ .



    ඔව් ඉසර නිතරම මෙයාලගේ සින්දු play වෙනවා. වෙනස් විදියට සින්දු නිර්මාණය කරපු සෙට් එකක් ඒ දවස් වල.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    කතා දෙකක් නෑ බන් එකෙන්ම පට්ටම පට්ට වැඩ්ඩෙක් තමයි ආනන්ද සර්. එතුමාට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

    උඹලා ශක්ති Band එකේ Live Show බලලා තියෙනවද?
    දවසක් ගැටඹේ ගැහුවා ශක්ති / බ්ලූ ෂැඩොව්ස් Bands දෙකම එක දවසක. ඉස්සර වෙලාම Play කරේ ශක්ති.
    ශක්ති Band එක ගහලා ඉවර උනාට පස්සේ Play කරේ බ්ලූ ෂැඩොව්ස්.
    Bands දෙකේ වෙනස අහසට පොලොව වගේ වෙනස දැනුනා බන් ශක්ති ගහලා ඉවර වෙලා බ්ලූ ෂැඩොව්ස් ගහද්දි.
    ඒ තරම් Quality ශක්ති Band එක Show එක ගහනකොට
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මේ අතුලට හදලා තියන සින්දු වල බීට් කොහොමද ? තනිකරම හෑන් මේඩ් මියුසික් වෙන්න ඇති මේවා සාම්පල් නැතිව කරපු 😀✋
    සිරාවට පොඩි අමුතු කොලිටි එකක් තියෙනවා .
    අර අතලගෙ වගෙ අයගෙ මියුසික්ස් නම් කෘතිම බවක් තෙරෙනවා .
    එත් මෙව්වා එහෙම නෙමෙ මන් හිතන්නෙ .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මෙයාලා සල්ලි පස්සේ ගියා නම් පට්ට සල්ලි කාරයෝ....TV, Radio වැඩසටහන් වල සංගීතය සපයන්න එනවා ඒ කාළේ බෑන්ඩ් වල හිටපු සුපිරි වාදකයින්.හැලහොල්මනක් නෑ, ආවා ගැහුවා, ගියා. මොකද්ද තේරෙන්නේ නැහැ, අවුල? සුපිරි චරිත විදිහට එළියට එන්නේ නැහැ.

    දැන් වස්තිලා show එන්නත් ලක්ශ 11 ක් ගන්නවාලු. මොකද්ද බන් උන්ට ලක්ශ 11 ක් දීලා අහන්න තියෙන්නේ.

    Wellawaya ප්‍රොමිසස් එකේ හිටපු Oscar සුපර් ස්ටාර් එකකට ඇවිත් සිංදු කියනවා. උගේ මයිලක් වත් වටින්නේ නැති පොඩි එකෙක් වන අමලා ජජ් බෝර්ඩ් එකේ.😁
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මෙයාලා සල්ලි පස්සේ ගියා නම් පට්ට සල්ලි කාරයෝ....TV, Radio වැඩසටහන් වල සංගීතය සපයන්න එනවා ඒ කාළේ බෑන්ඩ් වල හිටපු සුපිරි වාදකයින්.හැලහොල්මනක් නෑ, ආවා ගැහුවා, ගියා. මොකද්ද තේරෙන්නේ නැහැ, අවුල? සුපිරි චරිත විදිහට එළියට එන්නේ නැහැ.

    දැන් වස්තිලා show එන්නත් ලක්ශ 11 ක් ගන්නවාලු. මොකද්ද බන් උන්ට ලක්ශ 11 ක් දීලා අහන්න තියෙන්නේ.

    Wellawaya ප්‍රොමිසස් එකේ හිටපු Oscar සුපර් ස්ටාර් එකකට ඇවිත් සිංදු කියනවා. උගේ මයිලක් වත් වටින්නේ නැති පොඩි එකෙක් වන අමලා ජජ් බෝර්ඩ් එකේ.😁
    ලංකාවෙ මන් හිතන්නෙ රසවිඳිම අප්සට් කරපු එක නාලිකාවක් තමා සිරස.
    ඊට පස්සෙ ස්වර්නවාහිනිය.
    සිරසෙ ශුක්‍රානු තමා හිරු එකෙ තියෙන්නෙ පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදියට චොර මට්ටමත් එක්ක.
    සිරසෙන් කාපු ඔළු තමා අපෙ උඹලාගෙ පරපුරවල් වල උන් .
    උන්ගෙ රසවින්දනය හෙන ගහලා තියෙන්නෙ.
    එහෙම කාපු ඔළු තියෙන උන්ට වස්තිලා අමල් පෙරෙරලා වගෙ උන් පොරවල් තමා .
    අපිත් උඩ දාගෙන නව පරපුරෙ කියලා සමහරක් ගායකයොන්ගෙ සිංදු ඇහැව්වාට මේ ආනන්ද පෙරෙරා වගෙ මිනිස්සුන්ගෙ තනු වලට සවන් දෙන කොට හිතෙනවා අරවා මොනවාදත් කියලා .
     
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපහසු, දුෂ්කර වැඩම කළ යුග පුරුෂයකු සෙංකඩගලදී අද (29) අවසන් ගමන් යෑමට නියමිතය. ඔහුගේ නිර්මාණත් පුද්ගලික ජීවිතයත් ගුරු දිවියත් එකකට එකක් නොදෙවෙනුව ඒ අපූරුව කියාපානු ඇත.

    මවුපියන් සංගීත ගුරුන්මවන පවුලක උපන් ආනන්ද පෙරේරා මවුපිය අඩි පාරේ යමින් තෝරා ගත්තේ සංගීත චාරිකාවයි. ඒ එවකටත් මුදල් හදල් යහමින් හරිහම්බ කරන්නට වෙළෙඳ ව්‍යාපාර, වෙනත් රැකී රක්ෂා තිබියදීය.

    එතැන් පටන් අනේකවිධ කම්කටුලු මැද මවුපියන්ගෙන්ම සංගීතය හැදෑරූ ඔහුට සංගීතය පූජනීය විය.

    ‘ගීතයක සංගීත රසය හා අර්ථ රසය ශ්‍රාවකයාගේ මනසට යන්න ඕනෑ. එතැනදී කරන්න යන දේ ගැන අවබෝධය ඉතා වැදගත්. සංගීත සංයෝජනය මෙතැනදී හුඟක් වැදගත්. ජනසංගීතයේ විවිධ ප්‍රභේද තියෙනවා. නිර්මාණයකදී සමහර විට වචන වෙනස් වෙන්න පුළුවන්. නමුත් තනුව වෙනස් කරන්නෙ නැහැ…’

    ‘හොඳ දේවල් රසිකයාට අහන්න සලස්වන්න ඕනෑ…’

    ‘සංගීතය එක පැත්තකින් භාවනාවක්. මිනිසුන් පමණක් නෙවෙයි තිරිසනුන්වත් මේකෙන් පාලනය කරන්න පුළුවන්….’

    ආනන්ද ගමගේ නොයෙක් වර පුවත්පත් සාකච්ඡාවලදී එසේ කීය.

    මේ අපූරු නිර්මාණකරුවා සොහොයුරාත් සමඟ ගැටවර වියේදීම කොළොම්තොටටට මවුපිය හවුහරණින් මිදී එන්නේ සිතකින් නොවේ. ඒ ද සංගීතය පිපාසාවෙනි. ආනන්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි වාදක මඬුල්ලේ දොරගුළු හරවා ගත්තේ එතරම් දුෂ්කරතා මැදිනි.

    ‘මුලින්ම මං වර්ෂ 1973දී සුපර් ජේඩ්ස් සංගීත කණ්ඩායමට බැඳුණා. ඒකේ මගේ මල්ලිත් හිටියා. දවසින් දවස සංගීත දැනුම, පර්යේෂණ කරන්න පුදුමාකාර ආසාවක් මට තිබුණා. තාත්තාටත් හොරෙන් මායි මල්ලියි කොළඹ ඇවිත් 1983 අවුරුද්දේදි විතර ගුවන්විදුලි වාදක මණ්ඩලයට බැඳුණේ…’

    ඔළුවට නොව දෙපයට දැනෙන, එලෝ මෙලෝ නැතිව නට නටා එකිනෙකා ගැටෙන ඝෝෂාකාරී ප්‍රසංග සංගීතයට සමාජයෙන්ම රැවිලි, ගෙරවිලි, මැසිවිලි ගැඟුණේ අද ඊයේ සිට නොවේ. ඒ පිළිබඳ පිළිකුලෙන් ඇතැම් ප්‍රවීණයන් තවදුරටත් ගී නොලියා, තනු නොහදා පසෙකට වුවත් එයින් සමාජයට හරිමඟ පෙන්වා දීමට නොහැකි බවත් නිශ්ශබ්දව සිටිනවාට වඩා හරවත් නව ප්‍රසංග කලාවක් බිහිකර ගැනීමට කටයුතු කළ බවත් ආනන්ද ඇදහීය.

    ‘කණ්ඩායම් සංගීතය අද තියෙන තැනින් මුදා ගන්න ඕනෑ… ’මේ, ආනන්ද පෙරේරා බොහෝ මාධ්‍ය සාකච්ඡාවලදී ගෙනහැර පෑවකි. කතාවට සීමා නොවී ඔහු උපරිමයෙන් ඒ වෙනුවෙන් වැඩ කළේය. අලුත් පරපුරට සංගීත දැනුම බෙදා දීමෙන් තවත් පරම්පරා ගණනාවකට ශාස්ත්‍රීය සංගීතයේ මහිමය උරුම කර දෙන්නට මියෙන තෙක්ම ඔහු ඇපකැප විය.

    ජන නාද රටා බටහිර සංගීත ආභාසය මෙරට සංගීත කලාවට ඇතුළත් කර ගත හැකි බවට ඔහු ක්‍රියාවෙන්ම පෙන්වා දුන්නේය. එහෙත් ඒ නිර්මාණ චාරිකාවේදී අපේ කතානායකයාට දෛවයෙන් එතරම් රුකුල් නොලැබිණි. විටින් විට අකාරුණික ඉරණම ආනන්දට බරපතළ වධ වේදනා ගෙන දුනි. ‘මට හදිසියේම අංශභාග රෝගය වැලඳුණා. එක පැත්තක් පණ නැතුව ගියා. ඒ වෙලාවේ මං ගොඩක් අසරණ වුණා… ’

    ‘මං තිදරු පියෙක්. මං ඒ අයව රැකබලා ගත්තේ සංගීත භාණ්ඩ වාදනය කරලා. මං රෝගී වුණාම ඇතිවූ බය ඒකයි. ’

    ‘මනෝහාරී’ වැනි සංගීත වැඩසටහන් ඔස්සේ ද ඔහු විඳි, දුක් සෝ සුසුම් වුවද ප්‍රතිභාව හරහා දෙනෝදාහක් සිත් සතන් සනසන නිර්මාණ බවට හැරවීය.

    ආනන්ද පෙරේරා කණ්ඩායම් සංගීතයට නව අරුත් දුන් ශක්ති, සිහශක්ති කණ්ඩායම් හරහා මෙරට ප්‍රසංග කලාවට නව මාවත් විවර කර දුන්නෙකි. ‘අවුරුද්දක් පුරා පුහුණුවීම් කටයුතු කරලා දක්ෂයන් කිහිප දෙනකු සමඟයි 1988දී මං ‘ශක්ති’ පිහිටුවා ගත්තේ.

    ඇන්තනී සුරේන්ද්‍ර, හේමපාල ගාල්ලගේ, අශෝක පෙරේරා, සංගීත් වික්‍රමසිංහ, ජයන්ත රත්නායක වැන්නෝ එකට එකම වේදිකාවකට කැඳවා, එක්කර ගනිමින් එතරම් පෙළහරක් පෑම ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇත. ඊට ආනන්ද පෙරේරා සතු ඉහළ නායකත්ව ගුණාංගය හේතු විය.

    මේ මෙහෙවර මැද ගිලන් ඇඳකට වී එක්තැන් වන්නට වූ තවත් අවස්ථා ඔහුට විය.

    මී උණට ගොදුරු වීමෙන් පසුව වකුගඩු අප්‍රාණික වීමකට ලක් වූවිට සහෝදර කලාකරුවන් ඇතුළු ජනතාව කළ උදවුපදවු පිළිබඳ ඔහු නිතර කෘතවේදීත්වය පළ කළේය.

    ‘මිනිහකුට විඳින්න පුළුවන් උපරිම වේදනා මම වින්ඳා… ’ මේ අව්‍යාජ මිනිසා පුවත්පත් සාකච්ඡාවලදී ඇතිතතු දෙවරක් නොසිතා, නොසඟවා හෙළි කළේය. ඒ අනුකම්පාව, ආධාර උපකාර අපේක්ෂාවෙන් නොවේ.

    මැරෙන්න කලින් මගේ එක සින්දුවක් හරි ජාත්‍යන්තර තලයට ගෙනයන්න පුළුවන් වුණොත් මට ඇති…

    මම සංගීත ශිල්පියකු විදියට කවදාවත් සල්ලි පස්සෙ දුවගෙන ගිහින්, කෑදර කමින් සල්ලි හම්බ කළේ නැහැ. මම මගේ වෘත්තිය කවදාවත් පාවා දීලාත් නෑ. මම හම්බ කළේ වෘත්තීය ගරුත්වය රැකෙන විදියට, සංගීතය උතුම් කොට සලකලා, ඒ මගේ හැටි…

    ඉක්මණින් ජනප්‍රිය කරවිය හැකි හරසුන් කලාව වෙනුවට ආනන්ද පෙරේරා හරසුන් කලාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් දිවිය කැප කළේය. ඒ විශාරද ආනන්ද පෙරේරාගේ සැටිය.

    ‘වකුගඩු රෝගීන් බෙලහීන අය නොවේ… ’ මාධ්‍ය සාකච්ඡාවලදී එසේ පැවැසූ විශාරද ආනන්ද පෙරේරා ‘Life Plus’ ආදි ප්‍රසංග හරහා වකුගඩු බද්ධ කළ, රුධිර කාන්දුකරණ කළ පුද්ගලයන් සිය ගණනක් එක්කර ගනිමින් පැවැත්වූ ප්‍රසංග හරහා මහනුවර මහ රෝහලේ වකුගඩු රෝග ඒකකයට ඩයලයිසීස් යන්ත්‍ර ඇතුළු උපකරණ ප්‍රදානයට කටයුතු කළේය.

    රෝග පීඩා විඳිමින් නොසැලී සිටියදී පුතුගේ වියෝවේ පීඩාවත් ආනන්ද පෙරේරාට විඳින්නට සිදු විය.

    ‘පුතාව බේරාගන්න කරන්න පුළුවන් හැමදේම කළා. භාරහාර වුණා. පුද පූජා තිබ්බා. ඒත් අන්තිමේදී එයා අපි හැමෝම දාලා එයාගේ ලෝකෙට ගියා… ’

    ශාස්ත්‍රීය සංගීතයෙන්, බෝධිපූජා ආදි වතාවත් පුරමින් දිවියේ අනියත බව උපේක්ෂාවෙන් විඳගත් විශාරද ආනන්ද පෙරේරාගේ ජීවිතයෙන් උගත හැකි දේ තවත් බොහෝය. තවම ඒ පිළිබඳ ලියැවී නැත.

    මේ වැසිබර සමයකි. අද මහනුවර මහයියාව නිවෙසේ සිට නාගරික සුසානය තෙක් දිවෙන මඟ දිගටත් සීතල පොද වැටෙනු ඇත. ඒ සිහින් සර මැදින් මඟතොට යනෙන දෙනෝදාහක් දෙනා අතුරෙන් ඇතමකු විශාරද ආනන්ද පෙරේරා හඳුනනු ඇත. ඒ අතර අලුත් පරපුරේ ඔහු හඳුනන සමහරු ද සිටිය හැකිය. එහෙත් ඒ කවුරුන් වුවද මේ දිවිය තුළ එක ඇසිල්ලකටවත් විශාරද ආනන්ද පෙරේරාගේ මියුරු තනු විඳි, ඉන් සැනසුණු අය වනු නියතය. එසේම තවත් පරම්පරා ගණනාවකට විඳින්නට විශාරද ආනන්ද පෙරේරා ඉතිරිකර ගිය නිර්මාණ, දැනුම ධන නිදානය අති විශාලය.

    දිණමින
     
    • Like
    Reactions: ex-muslim Ahmed