ශ්‍රිලංකන්ට_සම්මානයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ශ්‍රිලංකන්ට_සම්මානයක්

වෙලාවට වැඩකරන ලොව හොඳම ගුවන් සේවාව ලෙස ශ්‍රිලංකන්ට සම්මානයක්



Screen-Shot-2018-01-28-at-11.31.37-pm-770x458.png





ලෝකයේ වැඩි වශයෙන්ම නියමිත වේලාවට ගුවන් ගමන් මෙහෙයුම් සිදුකළ ගුවන් සේවය ලෙස 'ශ්‍රීලංකන් ගුවන් සේවය පළමු තැන දිනා ගනිමින් ලෝක සම්මානයට පාත්‍ර වී තිබේ. ලෝකයේ ගුවන් ගමන් දත්ත විශ්ලේෂණය කිරීමේ ආයතනය විසින් 2016 සැප්තැම්බර් මාසය මුල් කරගනිමින් පැවැත්වූ නිරීක්ෂණවලදී ගෝලීය ගුවන් සේවා සහ ප්‍රධාන ගුවන් සේවා කාණ්ඩ යටතේ 'ශ්‍රීලන්කන්' ගුවන් සේවය මෙම ජයග්‍රහණ හිමි කරගෙන තිබේ. මෙම ගුවන් ගමන්

විශ්ලේෂණ ආයතනය යුරෝපය, උතුරු ඇමරිකාව, ආසියාව, මැද පෙරදිග, දකුණු ඇමෙරිකාව යන කලාපීය ප්‍රදේශවල ක්‍රියාත්මක ලෝකයේ විශාලතම සහ ගෞරවනීය ගුවන් සේවා, ගෝලීය ගුවන් සේවා, ප්‍රධාන ගුවන් සේවා, කලාපීය ගුවන් සේවා සහ පිරිමැසුම් ගුවන් සේවා යන කාණ්ඩ යටතේ විශ්ලේෂණය කර තිබේ.

එහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය ගෝලීය ගුවන් සේවා කාණ්ඩය යටතේ නිසි වේලාවට ගුවන් ගමන් මෙහෙයුම් සිදු කිරීම වෙනුවෙන් 91.37%ක විශ්ලේෂණ ලකුණු ප්‍රතිශතයක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානයට පත් වී තිබේ. දෙවැනි ස්ථානයට පත්වී ඇත්තේ 86.74ක විශ්ලේෂණය ලකුණු ප්‍රතිශතයක් ලබා ගත් ඇමෙරිකාවේ ඩෙල්ට ගුවන් සේවය වන අතර, තෙවැනි ස්ථානයට විලේෂණ ලකුණු 86.61%ක ප්‍රතිශතයක් ලබාගත් ජපානයේ ANA ගුවන් සේවය හිමි කරගෙන තිබේ. මීට අමතරව ප්‍රධාන ගුවන් සේවා කාණ්ඩය යටතේ එම ආයතනය මඟින් සිදුකළ විශ්ලේෂණවලදීත් 'ශ්‍රීලන්කන්' ගුවන් සේවය ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති අතර දෙවැනි ස්ථානය ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවයත්, එහි තුන් වැනි ස්ථානය ජපානයේ ANA ගුවන් සේවයත් දිනා ගෙන තිබේ.

2018 සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවය ක්‍රියාත්මක කළ 'පියාසැරීමට සුදානම්' අඛණ්ඩ කාර්යය සාධන ක්‍රියාවලිය මඟින් ලොව පුරා පාරිභෝගික සේවා වැඩිදියුණු කර ගැනීම මෙම ජයග්‍රහණවලට මුල් වූ බව මෙම ගුවන් සේවා ආයතනික සන්නිවේදන ආංශය පෙන්වා දෙයි. ශ්‍රීලන්කන් ගුවන් සේවය වන් වර්ල්ඩ් ගුවන් ගමන් සේවා ජාලය සමඟ එක් වෙමින්, කොළඹ මුල්කර ගනිමින් රටවල් 48ක ගමනාන්ත 114ක් කරා සිය ගුවන් මෙහෙයුම් නියමිත වේලාවට සිදු කරමින් සිටියි.
 

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Sri lankan එක විතරක් නෙවේ බන්, දැන් ලංකාවෙ පොලිස්සියත් ගොඩක් ඉක්මනටම වැඩ කරනව බන්.. දැන් ඇප ලබාදීමේ එක්දින සේවාවකුත් තියනව බන්..




    xOiSzYP.png
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Sri lankan එක විතරක් නෙවේ බන්, දැන් ලංකාවෙ පොලිස්සියත් ගොඩක් ඉක්මනටම වැඩ කරනව බන්.. දැන් ඇප ලබාදීමේ එක්දින සේවාවකුත් තියනව බන්..




    xOiSzYP.png






    ඇයි බන් ගලබොඩ ඇත්තේ හාමුදුරුවන්ටත් පැය කිහිපයක් ඇතුලත ඇප හම්බ උනේ. පස්සේ ඇපීල් කරාටත් පස්සේ අවසාන තීන්දුවෙන් තමා සිර දඩුවම් ලැබුනේ. නිකන් මොකෙක් හරි එකෙක් දාන දෙයක් ඔහේ ගෙනල්ලා පේස්ට් කලාට පොරක් වෙන්න නම් අමාරුයි බන්.
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Sri lankan එක විතරක් නෙවේ බන්, දැන් ලංකාවෙ පොලිස්සියත් ගොඩක් ඉක්මනටම වැඩ කරනව බන්.. දැන් ඇප ලබාදීමේ එක්දින සේවාවකුත් තියනව බන්..

    ඇප දෙන්නේ පොලිසියෙන් නෙවෙයි... උසාවියෙන් ඇප නියම කලාට පස්සේ තමයි ඇප දෙන්න පුඵවන්
     

    Similar threads