ශ්‍රි ලංකාවේ ක්‍රිකට් අනාගතය
දකුණු අප්‍රිකාණු සංචාරය දැන් නිමවී තිබේ. ලංකාවේ ක්‍රිකට් යන්නේ කොයිබටද යන්න දැන්නම් කිසිවෙකුටත් සිතා ගත නොහොකිය. ඒ මන්ද යත් මුළු දකුණු අප්‍රිකාණු සංචාරය පුරාම අපි සියල්ලෝම දැක්කේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ දක්ෂකම් පමණි. තරුණ කිසිදු ක්‍රීඩකයෙකු එකදු ශතකයක් වත් ලබා ගැනීමට මෙම සංචාරයේදී අපොහසත් විය. සියළුම තරැණ ක්‍රිඩකයෝ දියාරු තරග රටාවක් පෙන්නුම් කලේය. එය ලංකාවේ ක්‍රිකට් වලට අනාගතයේ ඇතිවිය හැකි බරපතල පසු බෑමක් විය හැකිය.
එක්දින නායකයාගේ පටන් සියළුම තරුණ ක්රිඩකයේ මෙසේ අසාර්ථක වන්නේ ඇයි. ?
මට නම් පෙනී යන අන්දමට මෙම සියළුම තරුණ ක්‍රිඩකයෝ මීට වසරකට එකහමාරකට පමණ කලින් ඉතා හොදින් පන්දුවට පහර දෙමින් තමන්ගේ දක්ෂකමින් කණ්ඩායමට ඇතුලත් උනු ක්රිඩකයෝය. දන්නා තරමින් එකදු ක්රිඩකයෙකුවත් පන්දම් අල්ලා කණ්ඩායමට රිංගා ගෙන නැත. එසේනම් මොවුන්ගේ දක්ෂකම් වලට සිදු වුයේ කුමක්ද? මැතිවුස් ඉතා හොදින් පන්දුවට පහර දෙමින් ඕස්ටේ්රලියාවට අමතක නොවන පාඩමක් ඉගෙන්නුවේද ඔහුයි. දිනේෂ් චන්දිමාල්ද එසේමය ඔහුද ටීම් එකට ඇතුලත් වී ඔහුගේ 4 වන එක්දින තරගයෙන් ශතකයක් ලබා ගනිමින් ඉතා සාර්ථක ක්‍රිඩකයෙකුගේ තරග රටාවක් පෙන්නම් කලේය. තිරිමාන්නද එසේමය ඔහුද ටීම් එකට ඇතුලත් වුන මුල් කාලයේ විකට්ටුවේ රැදී සිටිමින් වේගයෙන් ලකුණු රැස් කල හැකි බවක් පෙන්නුම් කලේය. මේ සියළුම සිදුවීම හරහා ඔවුන් කණ්ඩායමේ නිත්‍ය ක්‍රිඩකයෝ බවට පත්විය.
එසේ නම් මොවුන්ගේ දක්ෂකම් වලට සිදු වුයේ කුමක්ද?
හෙනහුරා පත් වන්නේ දැන්ය................... එනම් මාවත් අතපත්තු ලංකාවේ පිතිකරැ පුහුණු කරු තණතුරට පත් වීමය.............
මොහුගේ ආගමනයත් සමග කිසිදු තරුණ ක්‍රීඩයකු සාර්ථක වුයේ නැත. සාර්ථක වු එකම ක්‍රීඩකයා වුයේ තිසර පේරේරා පමණි. ඔහුද සාර්ථක වුයේ ඔහුගේම ක්‍රමයකට පිත්ත හසුරවන නිසාය. මින් අනතුරැව සියළුම තරුණ ක්‍රීඩකයෝ කිසිදු සාර්ථක වේගවත් පහරක් එල්ල කිරිමට උත්සාහ කරනවාවත් අපට දැක ගැනීමට නොහැකි විය. සියළුම තරුණයෝ එල්ල කරන්න උත්සාහ කලේ දුර්වල පහරවල්ය ................ කොටින්ම කියතොත් ඔවුන් මීට අවුරුදු එකමාරකට කලින් එල්ල කල කිසිදු හයේ පහරක් අපට දැක ගැනීමට නොහැකි විය. එල්ල කලේ වැලේ වැල් නැති පහරවල්ය. එක්කො මෙලෝ රහක් නැතිව එක තැන උඩ ගසා අවුට් වෙයි.
මාවත් අතපත්ත යනු නායකත්වයේ සිටියදි තමන්ගේ ස්ථානය අහිමිවු ක්‍රීඩකයෙකි. ඔහුට ස්ථානය අහිමි වන්නේද ඔහුගේ දුර්වල පිතිකරනය නිසාය. ආබධයට ලක්ව කණ්ඩායමෙන් ඉවත් වුවද ඔහු සුව වී එන විට ඔහුට දෙන්නට කණ්ඩායමේ ස්ථානයක් නොමැති විය. එසේ වුයේ ඔහුගේ දුර්වල පිති කරණය නිසාය නමුත් ඔහු තාක්ෂණික ක්‍රීඩකයෙකු බව අප පිලිගත යුතුය. එහෙත් දැන් ක්‍රිකට් තාක්ෂණය සමග ජවයෙන් ක්‍රීඩකල යුතු කාලයයි. ඒ සදහා මාවන් අතපත්තුගේ පුහුණු පිතකරණය හරියන්නේ නැත. වෙනත් සාර්ථක පුහුණු කරුවෙකු යෙදවීමට කාලය පැමිණ ඇත. නැතිනම් තව තවත් ලංකාවේ ක්‍රිකට් වල පල්ලට යෑම වැලැක්විය නොහැකිය. මේ සදහා බලධරයන්ගේ නෙත් විවර වෙන්න කියලා කට්ටිය මේක කියවලා බම්ප් කරලා උඩට ගන්න
ටයිප් කරලා අත රිදෙනවා මචංලා මේක මගේ පුද්ගලික මතය මේ ගැන උබලගේ අදහසත් දාපල්ල බලන්න