ශ්‍රි ලංකාවේ ක්‍රිකට් අනාගතය

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ශ්‍රි ලංකාවේ ක්‍රිකට් අනාගතය

    දකුණු අප්‍රිකාණු සංචාරය දැන් නිමවී තිබේ. ලංකාවේ ක්‍රිකට් යන්නේ කොයිබටද යන්න දැන්නම් කිසිවෙකුටත් සිතා ගත නොහොකිය. ඒ මන්ද යත් මුළු දකුණු අප්‍රිකාණු සංචාරය පුරාම අපි සියල්ලෝම දැක්කේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ දක්ෂකම් පමණි. තරුණ කිසිදු ක්‍රීඩකයෙකු එකදු ශතකයක් වත් ලබා ගැනීමට මෙම සංචාරයේදී අපොහසත් විය. සියළුම තරැණ ක්‍රිඩකයෝ දියාරු තරග රටාවක් පෙන්නුම් කලේය. එය ලංකාවේ ක්‍රිකට් වලට අනාගතයේ ඇතිවිය හැකි බරපතල පසු බෑමක් විය හැකිය.

    එක්දින නායකයාගේ පටන් සියළුම තරුණ ක්‍රිඩකයේ මෙසේ අසාර්ථක වන්නේ ඇයි. ?

    මට නම් පෙනී යන අන්දමට මෙම සියළුම තරුණ ක්‍රිඩකයෝ මීට වසරකට එකහමාරකට පමණ කලින් ඉතා හොදින් පන්දුවට පහර දෙමින් තමන්ගේ දක්ෂකමින් කණ්ඩායමට ඇතුලත් උනු ක්‍රිඩකයෝය. දන්නා තරමින් එකදු ක්‍රිඩකයෙකුවත් පන්දම් අල්ලා කණ්ඩායමට රිංගා ගෙන නැත. එසේනම් මොවුන්ගේ දක්ෂකම් වලට සිදු වුයේ කුමක්ද? මැතිවුස් ඉතා හොදින් පන්දුවට පහර දෙමින් ඕස්ටේ්‍රලියාවට අමතක නොවන පාඩමක් ඉගෙන්නුවේද ඔහුයි. දිනේෂ් චන්දිමාල්ද එසේමය ඔහුද ටීම් එකට ඇතුලත් වී ඔහුගේ 4 වන එක්දින තරගයෙන් ශතකයක් ලබා ගනිමින් ඉතා සාර්ථක ක්‍රිඩකයෙකුගේ තරග රටාවක් පෙන්නම් කලේය. තිරිමාන්නද එසේමය ඔහුද ටීම් එකට ඇතුලත් වුන මුල් කාලයේ විකට්ටුවේ රැදී සිටිමින් වේගයෙන් ලකුණු රැස් කල හැකි බවක් පෙන්නුම් කලේය. මේ සියළුම සිදුවීම හරහා ඔවුන් කණ්ඩායමේ නිත්‍ය ක්‍රිඩකයෝ බවට පත්විය.

    එසේ නම් මොවුන්ගේ දක්ෂකම් වලට සිදු වුයේ කුමක්ද?

    හෙනහුරා පත් වන්නේ දැන්ය................... එනම් මාවත් අතපත්තු ලංකාවේ පිතිකරැ පුහුණු කරු තණතුරට පත් වීමය.............

    මොහුගේ ආගමනයත් සමග කිසිදු තරුණ ක්‍රීඩයකු සාර්ථක වුයේ නැත. සාර්ථක වු එකම ක්‍රීඩකයා වුයේ තිසර පේරේරා පමණි. ඔහුද සාර්ථක වුයේ ඔහුගේම ක්‍රමයකට පිත්ත හසුරවන නිසාය. මින් අනතුරැව සියළුම තරුණ ක්‍රීඩකයෝ කිසිදු සාර්ථක වේගවත් පහරක් එල්ල කිරිමට උත්සාහ කරනවාවත් අපට දැක ගැනීමට නොහැකි විය. සියළුම තරුණයෝ එල්ල කරන්න උත්සාහ කලේ දුර්වල පහරවල්ය ................ කොටින්ම කියතොත් ඔවුන් මීට අවුරුදු එකමාරකට කලින් එල්ල කල කිසිදු හයේ පහරක් අපට දැක ගැනීමට නොහැකි විය. එල්ල කලේ වැලේ වැල් නැති පහරවල්ය. එක්කො මෙලෝ රහක් නැතිව එක තැන උඩ ගසා අවුට් වෙයි.

    මාවත් අතපත්ත යනු නායකත්වයේ සිටියදි තමන්ගේ ස්ථානය අහිමිවු ක්‍රීඩකයෙකි. ඔහුට ස්ථානය අහිමි වන්නේද ඔහුගේ දුර්වල පිතිකරනය නිසාය. ආබධයට ලක්ව කණ්ඩායමෙන් ඉවත් වුවද ඔහු සුව වී එන විට ඔහුට දෙන්නට කණ්ඩායමේ ස්ථානයක් නොමැති විය. එසේ වුයේ ඔහුගේ දුර්වල පිති කරණය නිසාය නමුත් ඔහු තාක්ෂණික ක්‍රීඩකයෙකු බව අප පිලිගත යුතුය. එහෙත් දැන් ක්‍රිකට් තාක්ෂණය සමග ජවයෙන් ක්‍රීඩකල යුතු කාලයයි. ඒ සදහා මාවන් අතපත්තුගේ පුහුණු පිතකරණය හරියන්නේ නැත. වෙනත් සාර්ථක පුහුණු කරුවෙකු යෙදවීමට කාලය පැමිණ ඇත. නැතිනම් තව තවත් ලංකාවේ ක්‍රිකට් වල පල්ලට යෑම වැලැක්විය නොහැකිය. මේ සදහා බලධරයන්ගේ නෙත් විවර වෙන්න කියලා කට්ටිය මේක කියවලා බම්ප් කරලා උඩට ගන්න

    ටයිප් කරලා අත රිදෙනවා මචංලා මේක මගේ පුද්ගලික මතය මේ ගැන උබලගේ අදහසත් දාපල්ල බලන්න
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    issara gahuwe athal ekata dan gahanne salli walata...economy down wenakota ohoma tamai ban...man nan world cup ekek passe tama eka match ekak hariyata baluwe ne....
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    atapaththuwa ta yara 30 ehata udin gaha ganna be 'dan e lede chandimal tai thirimannata i bo wela oka thamai mewata waga kiyanna one
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ලක් ටිකක් මදියි

    මින් අනතුරැව සියළුම තරුණ ක්‍රීඩකයෝ කිසිදු සාර්ථක වේගවත් පහරක් එල්ල කිරිමට උත්සාහ කරනවාවත් අපට දැක ගැනීමට නොහැකි විය. සියළුම තරුණයෝ එල්ල කරන්න උත්සාහ කලේ දුර්වල පහරවල්ය ................ කොටින්ම කියතොත් ඔවුන් මීට අවුරුදු එකමාරකට කලින් එල්ල කල කිසිදු හයේ පහරක් අපට දැක ගැනීමට නොහැකි විය. එල්ල කලේ වැලේ වැල් නැති පහරවල්ය. එක්කො මෙලෝ රහක් නැතිව එක තැන උඩ ගසා අවුට් වෙයි.

    එහෙම්මම කියන්න එපා මචං කුසල් ජනිත්ගෙ හැකියාව තියනව පොරට ලක් එක ටිකක් මදියි
     
    Last edited:

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    එහෙම්මම කියන්න එපා මචං කුසල් ජනිත්ගෙ හැකියාව තියනව පොරට ලක් එක ටිකක් මදියි

    අනිවා මචං කුසල් තමයි මගේ ආසම ක්‍රිඩකයා දැන් ඒකා සෙල්ලම් කරනවා බලන්න ආසයි හරියට ජයසුරිය නැවත ආවා වගේ. ඇත්තටම මම හිතුවා ඒකා මේ ටුවර් එක ගොඩ දා ගනි කියලා අඩු ගානේ ඊයේ මැච් එකවත්..... ඒකා අවුට් උනේ ගහන්න ගිහිල්ලනේ බන්... මම මේ ගොඩක් කථා කලේ මේ ලෑල්ල දාන උන් ගැන. උන් බෝල ටිකත් කාලා එක තැන උඩ ගහලා යනවා
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    එහෙම්මම කියන්න එපා මචං කුසල් ජනිත්ගෙ හැකියාව තියනව පොරට ලක් එක ටිකක් මදියි

    -----Kusal bat karana time ekedi Sanath Jayasuriya mathak venawa. Kusal good batsman kenek. Thawa poddak IVASIMA [PATIENCE] tikak develop kara gatthoth , Kusal world famous batsman kenek venawamai.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අනිවාරයෙන්ම අපේ බැටින් කෝච් වෙනස් වෙන්නම ඕනෙ. මාවන් හොදයි ටෙස් බැටින් කෝච්ට. ලංකාව තාම ගහන්නෙ අසූ ගනන් අනූ ගනන් වල ක්‍රිකට්. ඒත් ක්‍රිකට් දැන් අලුත්. මූලිකම දේ තමයි පහරදීම. බලන්න ඉන්දියාව. අන්තිම ක්‍රීඩකයට වෙනකම් ගහන්න පුලුවන්. අපේ අන්තිම තියා 3, 4, ක්‍රීඩකයෙකුට යාර 30 ට උඩින් ගහන්නපුලුවන්ද? කුසල් තිසර හොදට හදන්න පුලුවන් ක්‍රීඩකයො දෙන්නෙක්. කොහොම උනත් දැන්වත් ඇස් ඇරල ක්‍රීඩාව නගාසිටුවන්න ඕනෙ.
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    අනිවාරයෙන්ම අපේ බැටින් කෝච් වෙනස් වෙන්නම ඕනෙ. මාවන් හොදයි ටෙස් බැටින් කෝච්ට. ලංකාව තාම ගහන්නෙ අසූ ගනන් අනූ ගනන් වල ක්‍රිකට්. ඒත් ක්‍රිකට් දැන් අලුත්. මූලිකම දේ තමයි පහරදීම. බලන්න ඉන්දියාව. අන්තිම ක්‍රීඩකයට වෙනකම් ගහන්න පුලුවන්. අපේ අන්තිම තියා 3, 4, ක්‍රීඩකයෙකුට යාර 30 ට උඩින් ගහන්නපුලුවන්ද? කුසල් තිසර හොදට හදන්න පුලුවන් ක්‍රීඩකයො දෙන්නෙක්. කොහොම උනත් දැන්වත් ඇස් ඇරල ක්‍රීඩාව නගාසිටුවන්න ඕනෙ.

    :yes: :yes: :yes: :yes:
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    oka ehema case ekak newei machan.. me podi ewunge oluwa hadaganna one inning ekak build karanna puluwan widiyata...

    Thisata T20 mul match 2kema apu gaman pissa wage gahanna giya, eha patte hodata gaha gaha inna sangata single ekak dala dene nathuwa u gahanna gihin wade kawa...

    bt eye match eke miniha oluwa hadagena... bat karanna awit Dilshanta singale eka dala eta passe gahuwa paarawal tika...

    ekai ban wenna one... Mun dan match gahuwa wadiy ekadigatama... dan tikak rest ekak aragena waradi tika hadagena hodata set wela ei bayawenna epa...
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඒ් දවස් වල කියපුවා අපි.....................
    මාවන් දැන් පොර ටෝක් දුන්නට එතනින් පස්සේ තමයි වලපල්ලට ගියේ........
     
    • Like
    Reactions: හෙනයා

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    උබල වගේ උන්ට තමා නියම ක්‍රිකට් ෆෑන්ස්ල කියන්නේ දැන් ඉන්නේ 2000 පස්සේ අනාථයෝ නෙමේ දෙයක් පේනවා කලින්ම රෙස්පෙක්ට්
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඒ් දවස් වල කියපුවා අපි.....................
    මාවන් දැන් පොර ටෝක් දුන්නට එතනින් පස්සේ තමයි වලපල්ලට ගියේ........
    මේ ඩිල්ෂාන් Captain කරන කාලේ අනිත් උන් කකුලෙන් ඇද්දා නැත්නම් ඒ කාලේ Team එක හොඳයි, නැත්නම් 2014 එකපාරටම හොඳ වෙන්න බැනේ. මට මතක විදියට 2014 තමයි ලංකාව හොඳටම සෙල්ලම් කලේ 🙄
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මේ ඩිල්ෂාන් Captain කරන කාලේ අනිත් උන් කකුලෙන් ඇද්දා නැත්නම් ඒ කාලේ Team එක හොඳයි, නැත්නම් 2014 එකපාරටම හොඳ වෙන්න බැනේ. මට මතක විදියට 2014 තමයි ලංකාව හොඳටම සෙල්ලම් කලේ 🙄
    https://elakiri.com/threads/කාළකණ්ණි-මැතිවුස්.1490428/

    https://elakiri.com/threads/ශ්‍රී-ලංකා-ක්‍රිකට්-නායකායා.1563702/
    දිල්ෂාන් කැප්ටන් කාලේ ටීම් එකම කෙටේව්වේ මැතිවුස් ඒක හැමෝම දන්න රහසක්
     
    • Like
    Reactions: Chimpanzee Putha