ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    සොරි. ඒක ඇත්ත. මම ඒක වෙනස් කරන්නම්. හැබැයි ඒකත් කතා කලයුතු මාහෘකවක් සහොදරයා.. ඉන්ග්‍රීසි බසින් Sri Lanka කියලා ලියලා සින්හලෙන් ශ්‍රි ලන්කා වෙන්නේ කොහොමද? එහෙනම් ලන්කාවේ ඉන්ග්‍රීසීවෙන් ලියන නාමය Shri Lanka විය යුති නොවේද?

    උබ කවද හරි ජනදිපතිවරනෙට ඉල්ලලා ඉංග්‍රීසියෙන් may කියන එක සිංහලෙන් මැයි උනේ කොහොමද එක වෙන්න ඕන මේ නේද කියල එක වෙනස් කරහන්.
    ඊට පස්සෙ ජනමත විචාරණයක් තියල බැරිය උබ කියන විදියට ෂී ලංකාව කාරී පී ලංකාව හරි කරන්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ ත්‍රේඩ් එක දාන්න හිතුවේ කිසිම ආගමක් විවේචනය කරන්නවත්, ආන්ඩුවක් උපහාසයට ලක් කරන්නවත් නෙමෙයි. අද මම දැකපු සිද්දි නිසා. බෞද්ද රටක් නම් රටේ මිනිස්සු බෞද්ද වෙන්න ඔනේ නේද? අඩු තරමේ බහුතරයවත්,

    බෞද්දයෙක් කියන්නේ පන්ච සීලය රකින අයට නේද? එහෙනම් සුරාව සූදූව නීතීගත කරපු රටක් කොහොමද බෞද්ද වෙන්නේ? මගේ ප්‍රශ්නය ඔකයි. මේ එලකිරියේ පත පොත දැනුම තියන අය එමටයි, ඒ නිසා ශිශ්ට සම්පන්න ලෙස ටොයි බයි නැතුව සන්වාදයක් කරනවනම්, අපි කාටත් යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි මේ නිවාඩු දවසේ..

    :lol: පිස්සුද උපන්නේ බෞද්ද කියල තියනවනම් බෞද්ද,

    තව ගුනේ බායි වගේ මහින්දට කඩේ යන්න බලෙන් බෞද්ධ වෙන්න පුළුවන්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලෝකේ මුස්ලිම් බහුතරය රටවල් හැරෙන්නට සියලු රටවල් ආගම් සංකල්පයන් මිනිසුන් මත බලෙන් පටවන අන්තගාමි රටවල් නොවේ . (සෙකුයුලර් ) මිනිස් අයිතිවාසිකම් වලට මුල් තැන් දෙමින් වයවස්තාවන් ගොඩ නැගී ඇත ...

    සුරාව සුදුව කිසිම ආගමක අනුමත කරන්නේ නැත .ආගමේ කතන්දර බලෙන් පැටවීම යනු අන්තගාමිතත්වයයි ..බෞද්ධ බහුතරය , ක්‍රිස්තියානි බහුතරය යන්නෙන් ආගමේ හැටියටම ජිවත්වන පර්ෆෙක්ට් බෞද්දයෝ හෝ පර්ෆෙක්ට් ක්‍රිස්තියානුවෝ යන්න අදහස් නොකරයි ...

    ආගම බලෙන් පැටවූ මුස්ලිම් රටවලම අප හොදින් දන්නා ලෝකේ ප්‍රධාන හෙරොයින් ආpනයනය කරන්නෝය , වඩාත් දියුණු තත්වයන් වල සිටින ඩුබායි කටාර් ලේබනාන් වැනි රටවල් වල නැති පාර්ටියක්ද නැති සුරාවක්ද නැති ක්ලබ් එකක්ද නැත ...එයින් කුරනෙන් කුඩු ක්ලබ් සුරාව අනුමත කරනවා යන්න හෝ ඉන්න ජනතාව මුස්ලිම් නොවේ යන්න අදහස් නොකරයි ....බොහෝ දෙනෙක් පිළිගන්නා දර්ශනය යන්න අදහස් කරයි ..
    ලංකාවේ උන් බිව්වට ලංකාව බෞද්ධ රටක් වෙන්නේ එසේය ....:P
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේකයි ආගමයි ජාතියයි පටලවගන වල්ගේ පාගන් නටන උබ වගේ එකෙක්ට comment එකක් දන්නා නාස්ති කරන වෙලාවත් අපරාදේ,
    හැබයි මෙහෙම ගොන් අතල් ගන්න මිනිස්සු කුලප්පු කරන්න හදන කතාවකට මුකුත් නොකියා යන්න හිත දෙන්නැහැ. මොකද ඊට පස්සේ දකින අනිත් උන් හිතන්නේ තියන comment ටික ගැන විතරනේ.

    එක හින්ද සරලව කෙටියෙන් කියන්නේ බුද්ධ+ආගම කියල එකක් තියනවනම් එක සම්පුර්ණයෙන්ම අපේ ශ්‍රී ලංකික කියන දේශපාලුවෝ කරපු දෙයක් මිස බුද්ධ+ආගම කියල දෙයක් නැහැ.

    තියන්නේ එකම දෙයයි ඒ බෞද්ධ දර්ශනය. බෞද්ධ දර්ශනය ඕන කෙනෙක්ට දකින්න ඇත විදින්න පුළුවන්. එකට ආගම බේදයක් නැහැ.

    ඔව් මේක බෞද්ධ රට. එක අතීතයේ ඉදන් පැවතගෙන එන මතවාදයක් මිසක් දේශපාලුවෝ නම් කරපු දෙයක් නෙමේ. එක නිසා එක කාටවත් නැහැ කියන්න වත් තර්ක කරන්නවත් අයිතියක් නැහැ.

    බෞද්ධ දර්ශනයේදී කාටවත් කිසිම නීතියක් නැහැ.. තිබුනේ ඉල්ලීම් විතරයි. ඉල්ලිමකටත් වැඩ එක තේරුම් කිරීමක්. අරක්කු බිව්වොත් වෙන්නේ මොකක්ක්ද එකෙන් වෙන ඵල විපාක මොනවද, කියන දේවල්.
    මිනි මරන්න උනත් එපා කියල නැහැ එකේ ඵල විපාක තේරුම් කරා ඇරෙන්න.

    එක තේරුම් ගත්තට පස්සෙත් මිනි මරණ එකාට ඕන මරන්නම නම එකේ තරනමක් නැහැ..

    ඔව් බෞද්ධ දර්ශනය තේරුම් ගත්ත කියල එකේ හැටියට ජිවත් උන කියල හැම මිනිහම නිවන් දැකල නැහැනේ. මාර්ග ඵල අවබෝධ කරන නැහැනේ.

    මචන් හොදට පැහැදිලි කරගනින් උබලගේ ආගමේ වගේ දඩුවම් දෙන කලි මෑණියෝ ශිව වගේ දෙවිවරු නැහැ අපි තේරුම් ගත්ත ධර්මයේ, ඉන්නේ පින් කරපු කොතසකුයි පව් කරපු කොටසකුයි.
    අපි බය පින් පව් වලට මිසක් අල්ලාහ් ටවත් ශිවටත් නෙමේ.

    එක නිසා පෝය දවසේත් අරක්කු බොන බෞද්ධ කියාගත්තා මිනිස්සු ගැන උබ කම්පා නොවී තියන වැඩක් පලක් කරගන හිටහන්....
    හොද විග්‍රහයක්. මම බලාපොරොත්තු උනෙත් වැරැද්ද කොතනද කියලා සාකාච්චා කරන්න මිසක් කුනු හර්ප කියාගෙන අපහාස කරවන්න නෙමෙයි. උබ කියන එක ඇත්ත. බෞද්ද දර්ශනේ කියන වචනේ පාවිච්චි නොකලේ මම ඒ නිසයි. මොකද ලන්කාවේ බෞද්ද දර්ශනය පෙන්නෙන්නට නැති නිසා. බෞද්ද දර්ශනය උබ කිව්ව ආකාරයටම කර්ම විපාකය මත, තමුන්ට තමන් හැර වෙන් සරනක් නැත. තමාගේ ගැලවීම තමාමයි කියන සන්කල්පය මත හැදුන එකක්. මම අනික් ත්‍රේඩ් වලත් කියලා තියනවා, ඔනැම කෙනෙකුට බෞද්ද කෙනෙකු විය හැකියි කියලා පන්සල් නොගිහිනුත්. නමුත් මම මෙතන කියන කාරනාව බෞද්ද දර්ශනය හො බුදුන් සරන යැම සම්බන්දව නෙමෙයි. බුදුන්ගේ නිර්මල දර්මයට පටහැනියි නේද ලන්කාවේ මිනිස්සුන්ගේ ක්‍රියාකලාපය සහා ඒ මිනිස්සු බහුතරයක් වෙසෙන රට බෞද්ද රට කියන එක කියන එකයි තර්කය. උබ මේක දේශපාලකයන් අතට බොලේ පාස් කරලා අත හොදා ගන්න දැගලුවට, ඒ දේශපාලකයා කියන එකත් ඉහත මා උපුටු දැක්වූ බෞද්ද පුරවැසියෙක්ම වෙනවා නේද? මොකද ලන්කාවේ දේශපාලකයා කියන කොට්ටාශය ඉන්ග්‍රීසී, පෘතුග්‍රී, හො අරාබි රටවල උන් නෙමෙයි නේ. දන්නා තරමින්. වැරදි නම් ක්යලා දෙන්න.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ කවද හරි ජනදිපතිවරනෙට ඉල්ලලා ඉංග්‍රීසියෙන් may කියන එක සිංහලෙන් මැයි උනේ කොහොමද එක වෙන්න ඕන මේ නේද කියල එක වෙනස් කරහන්.
    ඊට පස්සෙ ජනමත විචාරණයක් තියල බැරිය උබ කියන විදියට ෂී ලංකාව කාරී පී ලංකාව හරි කරන්න.

    ඇත්ත. ඒ කාරනාවේදි මම එකගයි. බුරුමය බර්මා උනානම් ශ්‍රී ලන්කාව සිරි ලන්කාව උනාම මොකො..
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Lankawe constitution ekata anuwa meka Buddhist country ekak (mama danna widiyata)
    majority eka Sinhalese Buddhist .. . dan uba kiyanne ehemai kiyala meke alcohol , cigarette okkoma banned karanna kiyalada ? mulin meka therum ganin , meka Arabiya nemei mehe minissunta nidahasa deela tiyenawa thamanta kamathi widiyata jeevath wenna bona nobana eka minissunge aithiya .. meheta religious laws mukuth oona naha :)
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මිනිස්සුන්ගෙ අදහස්. ඒවා බෞද්ධ රටක මිනිස්සුන්ගෙ අදහස් නෙවේ

    ඇත්ත තමා බන්. නමට බෞද්ධ වුනාට සත්තු මරන් කන, කරටි කැඩෙන්න බොන කලු කොට කැත සිංහලු ඉන්න මේ රට බෞද්ධ රටක් වෙන්නෙ කෝමෙයි?

    හරිම පැහැදිලි ඔබ තුමාගේ අරමුණ අවශ්‍යතාව සහ උවමනාව අරාබිය වගේ ආගම නීතියක් කරලා ආගමෙන් රට පාලනය වෙනවා දකින්න,

    සහෝදරයා ඔබ තුමාට ගැලපෙනම රට අරාබිය..

    අපි කාගෙවත් නීති වලට යට වෙන්නැහැ... නරක දේ කරන මිනිස්සු මර්ධනය කරන්න ඒ කට්ටිය යහමගට ගන්න රටේ මිනිස්සු හදාගත්ත නීතියක් තියනවා.. ආගම ධර්මය එකට ගාවගන්න කිසිම ආසාවක් සහ උවමනාවක් නැහැ.

    බුදු හාමුදුරුවොන්ට ගල් පෙරලුව කියල කවදාවත් දෙව්දත් අබෞධයෙක් කිව්වේ නැහැනේ..
    තේරුම් ගන්න හිතන්න..
    ලැජ්ජා වෙන්න තමුන් ගැන ධර්මය ආගමක් විදියට පිළිපදින එක ගැන.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහ හරක් තර්කයක් නේ ඒක. පෝය දවසට බිව්වොත් පව් අනික් දවස්වලට අවුලක් නෑ කියන එකත් ආගම නෙමෙයි මිනිස්සු හදාගත්ත නීතියක්. ඔව් සමහර බෞද්ධයෝ බොනවා , සූදු කෙළිනවා. ඒ මිනිස්සුන්ගේ තේරීම. මිනිස්සුන්ගේ තේරිම කියන්නෙ ආගමද ? බුද්ධාගමේ ඒවා කරන්න එපා කරොත් මෙහෙම වෙනවා කියලා තියෙනවා ඒත් මට ඕනි නම් මම කරනවා. කොච්චර පින පෙන්නුවත් පව් කරන මිනිස්සුත් ඉන්නවනේ. ඇමරිකාව ක්‍රිස්තියානි රටක් වෙලත් සමලිංගික විවාහ නීතිගත වෙලා තියෙන්නෙ සමහර ප්‍රාන්තවල ?ඒ වගේ තමයි. ආගමේ තියෙන හෑමදේම මිනිස්සු කරන්නෙත් නෑ. රටේ නීතිය (අරාබියේ ඈර) රටේ ආගමික ඈදහිලි අනුව 100% ක් සකස් වෙන්නෙත් නෑ
    ඒක තමයි මිත්‍රයා මගේ තර්කය.. පොයදාට බාර් වහන්නේ බුදු හාමුදුරුවො එදාට බොන්න එපා කිව්ව නිසාවත්, බුදු හාමුදුරුවො කවදාවත් බොන්න එපා කිව්ව නිසාවත් නෙමෙයිනේ.. මම අහන්නේ ඇයි එහෙනම් ඒ නීතිය ආගමත් එක්ක පැටලුවේ.. නිකන්ම මෙහෙම කැලන්ඩරේ දින ටිකක් ලකුනු කරලා මෙන්න මේ දිනවල බාර් වහලා කියලා කියන්න තිබ්බනේ. ඇයි බාර් එක වැහීම ආගමට සම්බන්ද කලේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    popcorn_stephen_colbert.gif
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    එකෙක්වත් මෙතන මරා ගන්න හදනවා නේමේ හරිය

    කොල්ලෙනේ මාත් බෞද්ධයෙක්, මට තෙරන විදියට අපේ රටේ බහුතරයක් බෞද්ධ උප්පෙන්නෙන් විතරයි. ඒකයි ඔය උබලා කියන හැම ප්‍රශ්නෙකටම මුල. මචන්ලා මගේ ආගමේ කිසිම දෙයක් බලෙන් කරන්න කියලා (හොද දෙයක් උනත් නරක දෙයක් උනත් ). බුදු හාමුදුරුවෝ කවදාවත් කියලා නැ මම තමයි ලොක්ක හැම දෙම කරන්න පුලුවන් කලේ තමන් කියලා, උන් වහන්න්සේ කිවුවේ තමන් උපමා කර කිසිම පවක් කරන්න එපා, තමන් තමා ලොකේ ඉන්න බලවත්ම කෙනා, තමන් උත්සහා කලොත් කරන්න බැරි දෙයක් නැ කියලා.
    මචන් ඔය උබලා කියන හැම ප්‍රශ්නෙකටම මුල මේ දර්මය දෙශනා කරලා තියෙන්නේ මිනිස්සුන්ට වීම. මිනිස්සු එකාට එකා වෙනස් බන්. අනික
    බෞද්දයෙක් කියන්නේ උප්පෙන්නේ බෞද්ද කියලා තියන අයට.පන්ච සීලය රකින අයට කියන්නේ සිල්වත් අය කියලා.

    මාත්සින්හල බෞද්ද ජාතිවාදියෙක් තමා මචන්ලා ජාතිවදියෙක් කියන්නේ ආගමේ තියන දෙවල් ඒ විදියටම කරන අයට, ඒ නිසා බෞදද ජාතිවාදියෙක් කවදාවත් මිනිමරන්නේ බෙලිකපන්නේ කැරලිකොලහල ඇතිකර ගන්නේ නැ කොල්ලනේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Lankawe constitution ekata anuwa meka Buddhist country ekak (mama danna widiyata)
    majority eka Sinhalese Buddhist .. . dan uba kiyanne ehemai kiyala meke alcohol , cigarette okkoma banned karanna kiyalada ? mulin meka therum ganin , meka Arabiya nemei mehe minissunta nidahasa deela tiyenawa thamanta kamathi widiyata jeevath wenna bona nobana eka minissunge aithiya .. meheta religious laws mukuth oona naha :)
    පැහැදිලියි ඔබේ තර්කය. මගේ හෙඩිමට ගැලපෙනවනේ ඔයාගේ තර්කෙත්. ඒකම තමා මම අහන්නේ පන්සිල් රකින මනුස්සයා බෞද්දයා නම්, ඒ උන් වෙසන රට බෞද්ද වෙන්න එපැයි.. පන්සිල් පද පහේ එකක් සුරාමේරය ගැන කියවෙනවා නම්. ඒක කැඩුවොත් ඌ බෞද්දයෙක් වෙන්නේ නැනේ. (දැන් කබරයා තලගොයා කරලා කියන්න එපා ඉතුරු පන්සිල් පද 4න් බෞද්ද උන්හැකි කියලා ) එහෙනම් සමස්ත ආර්තික වාර්තා අනුව අරක්කු වලින් රෙකොඩ් තියන මේ රටේ බෞද්ද්යො ඉන්න හැටියක් නැ කියන එකයි. ඒ නිසා ලන්කාවට බෞද්ද රටක් කියන එක ගැලපෙනවද කියන එකයිනේ තර්කය. ඔයා කියන හැටියට මම කොහේවත් කියලා නැ බොන එක වැරදියි හො මේක අරාබිය් වගේ නීතිවලින් හැදිය යුතුයි කියලා. මම කියන්නේ එකසිය ගානට බොන රටේ බෞදහයො බහුතරයක් ඉන්නවා කියන එක සාදාරනද කියලා..
     
    Last edited:

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    හොද විග්‍රහයක්. මම බලාපොරොත්තු උනෙත් වැරැද්ද කොතනද කියලා සාකාච්චා කරන්න මිසක් කුනු හර්ප කියාගෙන අපහාස කරවන්න නෙමෙයි. උබ කියන එක ඇත්ත. බෞද්ද දර්ශනේ කියන වචනේ පාවිච්චි නොකලේ මම ඒ නිසයි. මොකද ලන්කාවේ බෞද්ද දර්ශනය පෙන්නෙන්නට නැති නිසා. බෞද්ද දර්ශනය උබ කිව්ව ආකාරයටම කර්ම විපාකය මත, තමුන්ට තමන් හැර වෙන් සරනක් නැත. තමාගේ ගැලවීම තමාමයි කියන සන්කල්පය මත හැදුන එකක්. මම අනික් ත්‍රේඩ් වලත් කියලා තියනවා, ඔනැම කෙනෙකුට බෞද්ද කෙනෙකු විය හැකියි කියලා පන්සල් නොගිහිනුත්. නමුත් මම මෙතන කියන කාරනාව බෞද්ද දර්ශනය හො බුදුන් සරන යැම සම්බන්දව නෙමෙයි. බුදුන්ගේ නිර්මල දර්මයට පටහැනියි නේද ලන්කාවේ මිනිස්සුන්ගේ ක්‍රියාකලාපය සහා ඒ මිනිස්සු බහුතරයක් වෙසෙන රට බෞද්ද රට කියන එක කියන එකයි තර්කය. උබ මේක දේශපාලකයන් අතට බොලේ පාස් කරලා අත හොදා ගන්න දැගලුවට, ඒ දේශපාලකයා කියන එකත් ඉහත මා උපුටු දැක්වූ බෞද්ද පුරවැසියෙක්ම වෙනවා නේද? මොකද ලන්කාවේ දේශපාලකයා කියන කොට්ටාශය ඉන්ග්‍රීසී, පෘතුග්‍රී, හො අරාබි රටවල උන් නෙමෙයි නේ. දන්නා තරමින්. වැරදි නම් ක්යලා දෙන්න.

    කිසිම බොලේ pass කිරිල්ලක් නැහැ. උපතින් බෞද්ධයෙක් උන පලියට කිසිම පාලකයෙක් බෞද්ධ වෙන්නේ නැහැ මිනිස්සු බෞද්ධ වෙන්නෙත් නැහැ...

    මන් කලිනුත් කිව්වනේ මිනිස්සු කරන්නේ මිනිස්සුන්ට කැමති දේවල්. බෞද්ධ ධර්ශනයේ තියන්නේ හොද සහ නරක කියන දේ තේරුම් ගැනීමට උපකාරයක් මිසක් එකේ තියන හැමදේම මිනිස්සු කරන්න ඕන එකේ එපා කියල තියන හැම දේම නොකළ යුතුයි කියල නැහැ.

    හැබැයි ඒ කරන කියන දේවල් වල ඵල විපාක අදාල පුද්ගලයා විදින්න ඕන.

    මන් කලින් කිව්වා වගේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් විදියට පිළිගන්නේ ඈත අතීතයේ ඉදන්..
    නැතුව මේ කව්රුත් නම් කරපු පලියට මේක බෞද්ධ රට වෙන්නැහැ...

    හැමදේම ආගම දහමත් එක්ක පටලගන්න එපා.
    මේක බෞද්ධ රටක් උනේ අතීතේ මිනිස්සුන්ට එක ඒ විදියට නම් කරන්න ඕන උනි හින්ද..
    දැන් ඉන්න අපේ උත්තමයන්ට පුළුවන් ඕනනම් මේක මුස්ලිම් රටක් කියල නම් කරන්න රටේ මිනිස්සු කැමති නම් ,,
    එක රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව මිසක් උබ මතු කරන්න හදන දේ නෙමේ.

    බුදු දහම යනු නීති සමුදායකින් සමන්විත මිනිසුන් විසින් පිළිපැදිය යුතු තවත් එක ආගමක් නෙමේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එකෙක්වත් මෙතන මරා ගන්න හදනවා නේමේ හරිය

    කොල්ලෙනේ මාත් බෞද්ධයෙක්, මට තෙරන විදියට අපේ රටේ බහුතරයක් බෞද්ධ උප්පෙන්නෙන් විතරයි. ඒකයි ඔය උබලා කියන හැම ප්‍රශ්නෙකටම මුල. මචන්ලා මගේ ආගමේ කිසිම දෙයක් බලෙන් කරන්න කියලා (හොද දෙයක් උනත් නරක දෙයක් උනත් ). බුදු හාමුදුරුවෝ කවදාවත් කියලා නැ මම තමයි ලොක්ක හැම දෙම කරන්න පුලුවන් කලේ තමන් කියලා, උන් වහන්න්සේ කිවුවේ තමන් උපමා කර කිසිම පවක් කරන්න එපා, තමන් තමා ලොකේ ඉන්න බලවත්ම කෙනා, තමන් උත්සහා කලොත් කරන්න බැරි දෙයක් නැ කියලා.
    මචන් ඔය උබලා කියන හැම ප්‍රශ්නෙකටම මුල මේ දර්මය දෙශනා කරලා තියෙන්නේ මිනිස්සුන්ට වීම. මිනිස්සු එකාට එකා වෙනස් බන්. අනික
    බෞද්දයෙක් කියන්නේ උප්පෙන්නේ බෞද්ද කියලා තියන අයට.පන්ච සීලය රකින අයට කියන්නේ සිල්වත් අය කියලා.

    මාත්සින්හල බෞද්ද ජාතිවාදියෙක් තමා මචන්ලා ජාතිවදියෙක් කියන්නේ ආගමේ තියන දෙවල් ඒ විදියටම කරන අයට, ඒ නිසා බෞදද ජාතිවාදියෙක් කවදාවත් මිනිමරන්නේ බෙලිකපන්නේ කැරලිකොලහල ඇතිකර ගන්නේ නැ කොල්ලනේ

    ඒ කියන්නේ අර ඩයලොග් ටීවී එකේ යන බෞද්දයා කියන චැනල් එකේ අරක්කු සිගරට් ඇඩ් එකක් දැම්මත් අවුලක් නැ මොකද සිල්වත් නෙමෙයිනේ බෞද්ද කියන්නේ. බනක් අහන ගමන් උනත් අඩියක් ගැහුවට වැරැද්දක් නැ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඒක තමයි මිත්‍රයා මගේ තර්කය.. පොයදාට බාර් වහන්නේ බුදු හාමුදුරුවො එදාට බොන්න එපා කිව්ව නිසාවත්, බුදු හාමුදුරුවො කවදාවත් බොන්න එපා කිව්ව නිසාවත් නෙමෙයිනේ.. මම අහන්නේ ඇයි එහෙනම් ඒ නීතිය ආගමත් එක්ක පැටලුවේ.. නිකන්ම මෙහෙම කැලන්ඩරේ දින ටිකක් ලකුනු කරලා මෙන්න මේ දිනවල බාර් වහලා කියලා කියන්න තිබ්බනේ. ඇයි බාර් එක වැහීම ආගමට සම්බන්ද කලේ..

    ශ්‍රී ලංකාවේ රජයෙන් බෞද්ද ආගමට විශේෂ ගවුරව කිරීමක් ලෙස සංකේතාත්මකව කරනා දෙයක් මිස බුදුහාමුදුරුවෝ දේශනා කල දෙයක් නොවේ පෝයට බාර් වැසීම යනු :P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ශ්‍රී ලංකාවේ රජයෙන් බෞද්ද ආගමට විශේෂ ගවුරව කිරීමක් ලෙස සංකේතාත්මකව කරනා දෙයක් මිස බුදුහාමුදුරුවෝ දේශනා කල දෙයක් නොවේ පෝයට බාර් වැසීම යනු :P
    ඒ කියන්නේ පොයට බාර් වහන්නේ බුදුහාමුදුරුවන්ට ගරු කරන්නද?
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    පැහැදිලියි ඔබේ තර්කය. මගේ හෙඩිමට ගැලපෙනවනේ ඔයාගේ තර්කෙත්. ඒකම තමා මම අහන්නේ පන්සිල් රකින මනුස්සයා බෞද්දයා නම්, ඒ උන් වෙසන රට බෞද්ද වෙන්න එපැයි.. පන්සිල් පද පහේ එකක් සුරාමේරය ගැන කියවෙනවා නම්. ඒක කැඩුවොත් ඌ බෞද්දයෙක් වෙන්නේ නැනේ. (දැන් කබරයා තලගොයා කරලා කියන්න එපා ඉතුරු පන්සිල් පද 4න් බෞද්ද උන්හැකි කියලා ) එහෙනම් සමස්ත ආර්තික වාර්තා අනුව අරක්කු වලින් රෙකොඩ් තියන මේ රටේ බෞද්ද්යො ඉන්න හැටියක් නැ කියන එකයි. ඒ නිසා ලන්කාවට බෞද්ද රටක් කියන එක ගැලපෙනවද කියන එකයිනේ තර්කය. ඔයා කියන හැටියට මම කොහේවත් කියලා නැ බොන එක වැරදියි හො මේක අරාබිය් වගේ නීතිවලින් හැදිය යුතුයි කියලා. මම කියන්නේ එකසිය ගානට බොන රටේ බෞදහයො බහුතරයක් ඉන්නවා කියන එක සාදාරනද කියලා..

    සම්පුර්ණයෙන් වැරදි අදහසක් ඔයා මතු කරන්නේ.. මන් කලිනුත් තේරුම් කරා බුදු ධහම කිසිම නීතියක් පනවල නැහැ. ඒ වගේම පන්සිල් කියන්නේ සෝවාන් ඵලය කරා ලගාවීමට උපකාර වන මග සහ යහපත් සමාජයක් උදෙසා එයට උපකාරී වන ජිවන රටාවක් විතරයි.(මන් තේරුම් ගත්ත විදියට,)

    පන්සිල් පද පහ කැඩුව කියල ඒ මනුස්සය අබෞධයෙක් වෙන්නෙත් නැහැ පන්සිල් පද පහ රැක්ක කියල ඒ මනුස්සය බෞද්ධ වෙන්නෙත් නැහැ.

    අයෙත් කියනවා මිනිස්සුන්ගේ ජිවන රටාවයි දහමයි රටේ නමයි පටලවගන්න එපා

    රටේ මිනිස්සු ගොඩක් සැරිසරන මේ සමාජ ජාලේ ඔයා බෞද්ධ කියන කොල්ලෝ කුලප්පු කරලා අතල් ගන්න නම් හදන්නේ
    එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ජාති වාදී හැගීම් වැඩි කරන්න නම් හදන්නේ,
    එහෙමත් නැතිනම් ඇත්තටම මේ දේවල් නොදැන නම් කතා කරන්නේ මෙතන මමවත් වෙන කව්රුවත් කියන දේ වත් නෙමේ අහන්න ඕන. තනියම ඒ ගැන හොයාල බලල තේරුම් ගන්න.
    මොකද ඔයා මෙතන කතා කරන වචන වලින් ගොඩක් මිනිස්සුන්ගේ හිත ඉදෙනවා ඒ ඒවගේම කුලප්පු වෙනවා..
    මන් අයෙත් කියන්නම් අපි හැමෝම සෝවාන් වෙලා නැහැනේ.
    එක නිසා මන් කලින් කියපු දේවල් වීම පොදුයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කිසිම බොලේ pass කිරිල්ලක් නැහැ. උපතින් බෞද්ධයෙක් උන පලියට කිසිම පාලකයෙක් බෞද්ධ වෙන්නේ නැහැ මිනිස්සු බෞද්ධ වෙන්නෙත් නැහැ...

    මන් කලිනුත් කිව්වනේ මිනිස්සු කරන්නේ මිනිස්සුන්ට කැමති දේවල්. බෞද්ධ ධර්ශනයේ තියන්නේ හොද සහ නරක කියන දේ තේරුම් ගැනීමට උපකාරයක් මිසක් එකේ තියන හැමදේම මිනිස්සු කරන්න ඕන එකේ එපා කියල තියන හැම දේම නොකළ යුතුයි කියල නැහැ.

    හැබැයි ඒ කරන කියන දේවල් වල ඵල විපාක අදාල පුද්ගලයා විදින්න ඕන.

    මන් කලින් කිව්වා වගේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් විදියට පිළිගන්නේ ඈත අතීතයේ ඉදන්..
    නැතුව මේ කව්රුත් නම් කරපු පලියට මේක බෞද්ධ රට වෙන්නැහැ...

    හැමදේම ආගම දහමත් එක්ක පටලගන්න එපා.
    මේක බෞද්ධ රටක් උනේ අතීතේ මිනිස්සුන්ට එක ඒ විදියට නම් කරන්න ඕන උනි හින්ද..
    දැන් ඉන්න අපේ උත්තමයන්ට පුළුවන් ඕනනම් මේක මුස්ලිම් රටක් කියල නම් කරන්න රටේ මිනිස්සු කැමති නම් ,,
    එක රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව මිසක් උබ මතු කරන්න හදන දේ නෙමේ.

    බුදු දහම යනු නීති සමුදායකින් සමන්විත මිනිසුන් විසින් පිළිපැදිය යුතු තවත් එක ආගමක් නෙමේ..
    එහෙනම් මචන් මිනිස්සු ස්වයන් පාලනයක් යටතේ තමා තමාව පාලනය කරගන්නවා නම් පොයට මස් කඩ වහන එක, බාර් වහන එක, මිනිස්සු කරන්න ඔනේ නීතියට නෙමෙයිනේ. නීතී මගින් පාලනය නොවෙනවානම් අයිතිය තියෙන්න එපැයි මිනිස්සුන්ට එදාට උනත් කැමති නම් බාර් එක ඇරලා මස් කඩේ ඇරලා ඉන්න. මොකද රට බෞද්දනේ.. නීතියෙන් නෙමෙයිනේ පාලනය වෙන්නේ, ස්වයන් විවරනයෙන්නේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සම්පුර්ණයෙන් වැරදි අදහසක් ඔයා මතු කරන්නේ.. මන් කලිනුත් තේරුම් කරා බුදු ධහම කිසිම නීතියක් පනවල නැහැ. ඒ වගේම පන්සිල් කියන්නේ සෝවාන් ඵලය කරා ලගාවීමට උපකාර වන මග සහ යහපත් සමාජයක් උදෙසා එයට උපකාරී වන ජිවන රටාවක් විතරයි.(මන් තේරුම් ගත්ත විදියට,)

    පන්සිල් පද පහ කැඩුව කියල ඒ මනුස්සය අබෞධයෙක් වෙන්නෙත් නැහැ පන්සිල් පද පහ රැක්ක කියල ඒ මනුස්සය බෞද්ධ වෙන්නෙත් නැහැ.

    අයෙත් කියනවා මිනිස්සුන්ගේ ජිවන රටාවයි දහමයි රටේ නමයි පටලවගන්න එපා

    රටේ මිනිස්සු ගොඩක් සැරිසරන මේ සමාජ ජාලේ ඔයා බෞද්ධ කියන කොල්ලෝ කුලප්පු කරලා අතල් ගන්න නම් හදන්නේ
    එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ජාති වාදී හැගීම් වැඩි කරන්න නම් හදන්නේ,
    එහෙමත් නැතිනම් ඇත්තටම මේ දේවල් නොදැන නම් කතා කරන්නේ මෙතන මමවත් වෙන කව්රුවත් කියන දේ වත් නෙමේ අහන්න ඕන. තනියම ඒ ගැන හොයාල බලල තේරුම් ගන්න.
    මොකද ඔයා මෙතන කතා කරන වචන වලින් ගොඩක් මිනිස්සුන්ගේ හිත ඉදෙනවා ඒ ඒවගේම කුලප්පු වෙනවා..
    මන් අයෙත් කියන්නම් අපි හැමෝම සෝවාන් වෙලා නැහැනේ.
    එක නිසා මන් කලින් කියපු දේවල් වීම පොදුයි

    හොද තැනකට ආවේ. ඒ කියන්නේ මිනී මරලාඅ, කසිප්පු බීලා, බඩු ගහලා ඒ ඔක්කොම කරන ගමන් බෞද්ද්ත් වෙලා නිර්වාන් මාර්ගයත් අවබොද කරගත්තැකිද? මම අහන්නේ කරන ගමන්. (නැත්තම් උබ තක්කෙටම අන්ගුලිමාල ඇදවනවා මෙතනට )
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    මේ ත්‍රේඩ් එක දාන්න හිතුවේ කිසිම ආගමක් විවේචනය කරන්නවත්, ආන්ඩුවක් උපහාසයට ලක් කරන්නවත් නෙමෙයි. අද මම දැකපු සිද්දි නිසා. බෞද්ද රටක් නම් රටේ මිනිස්සු බෞද්ද වෙන්න ඔනේ නේද? අඩු තරමේ බහුතරයවත්,

    බෞද්දයෙක් කියන්නේ පන්ච සීලය රකින අයට නේද? එහෙනම් සුරාව සූදූව නීතීගත කරපු රටක් කොහොමද බෞද්ද වෙන්නේ? මගේ ප්‍රශ්නය ඔකයි. මේ එලකිරියේ පත පොත දැනුම තියන අය එමටයි, ඒ නිසා ශිශ්ට සම්පන්න ලෙස ටොයි බයි නැතුව සන්වාදයක් කරනවනම්, අපි කාටත් යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි මේ නිවාඩු දවසේ..

    සුරාව සූදූව විතරක් නෙමෙයිනේ බන් මාළු මස් කන එක :no: