මම නන් කියන්නේ Uniform එකේ ඉදලා පොලීසිය වෙනස් කරලා ගන්න ඕනා.. Kit එකේ ඉදන්ම පොලිස් ඩයල් හෙන ගොබ්බ පාටයි..
අර සංඝ කතිකාවත යෝජනා වුනා වගේ පොලිසියට සංගායනාවක් තියෙන්න ඕන.
හැම නිළධාරියෙක්වම සියුම්ව ඉන්ටර්වීව් කරන්න ඕන. පරණ Records චෙක් කරන්න ඕන. අවුල් අයව කෙලින්ම එලියට දාන්න ඕන.
අනිත් එක පුටු රත් කර කර බඩයියල වගේ ඉන්න සංස්කෘතිය වෙනස් කරන්න ඕන.
මම නම් කියන්නේ පොලිසියෙ උන්ටත් හමුදාවට වගේම අමාරු පුහුණුවක් ඇති කරන්න ඕන.
තවත් ඉතින් කරනව නම් පොලිසියෙ අයගෙ පඩිත් වැඩි කරනව නම් හොඳයි. හිඟන පඩි ලැබුනම පගා ගහන්න පෙලඹෙනව.
ටික දවසකින් අලයෙක් නොවී කොන්ද කෙලින් තියන් දේශපාලුවන්ට කඩේ නොගිහින් වැඩ කරන්න, පොලිසියේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕන.
මිනිස්සුන්ගෙත් හිත දිනාගෙන, පොලිස් නිලධාරීන්ගෙත් පෞරුෂය වැඩි කරල රටේ හැමෝටම එක වගේ නීතිය ක්රියාත්මක කරන්න පසුබිම හදන්න ඕන