ශ්‍රීලංකාවේ පොල් අපනයනය ආදායම (2015-2025) 🥥🌴 USD 1 Billion+ 🇱🇰

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    IMG_2488.png

    2025 වසර තුළ ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම ඩොලර් බිලියනය පසු කරයි.

    2015 සිට 2025 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයේ සැලකිය යුතු වෙනස්කම් සහ වර්ධන ප්‍රවණතා දැකගත හැකිව තිබේ. 2015 වසරේදී ශ්‍රී ලංකාවෙන් ලැබුණු පොල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 450කට ආසන්න වූ අතර, එය ඊළඟ වසරවලදී කාලික ලෙස අඩුවීම් හා නැවත ඉහළ යෑම් දක්නට ලැබුණි.

    2018 සිට 2020 දක්වා කාලය තුළ පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 311 සිට 345 දක්වා පරාසයක පැවතුනි. 2024 වසරේදී ශ්‍රී ලංකාවේ පොල් අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 416ක් ලෙස වාර්තා වී තිබේ.

    විශේෂයෙන්ම 2025 වසරේදී (ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ) පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් බිලියන 1 ඉක්මවා යාම විශේෂ අවධානයට ලක්විය යුතු කරුණකි.

    මෙම විශාල වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වර්ජින් පොල් තෙල්, පොල් කිරි, පොල් කුඩු, කොයර් සහ ඇක්ටිවේටඩ් කාබන් වැනි වටිනාකම වැඩි කළ නිෂ්පාදන සඳහා ලෝක වෙළඳපොළේ ඉහළ ඉල්ලුමයි. විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මෙම ප්‍රවණතාවය දිගටම පවත්වා ගත හැකි නම්, ඉදිරි වසරවලදී පොල් කර්මාන්තය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස තවත් ශක්තිමත් වීමට හැකි බවයි.

    මූලාශ්‍ර: ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL), Coconut Development Authority - Link

    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    උට්ටො පොල් බෑය 100 යි කන්න ටිකකුත් තියපල්ලා සේරම රට ඇරලා හරියන් නැ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    මොනවද අයිසේ මේ වේස වැඩ.
    එක නුලක් පච උනාම, එකට දුකින් තව නූලක් දාන්නෙ 😉
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    කන්න තියන පොල් ටික පටෝලා 😑
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    View attachment 261387

    2025 වසර තුළ ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම ඩොලර් බිලියනය පසු කරයි.

    2015 සිට 2025 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයේ සැලකිය යුතු වෙනස්කම් සහ වර්ධන ප්‍රවණතා දැකගත හැකිව තිබේ. 2015 වසරේදී ශ්‍රී ලංකාවෙන් ලැබුණු පොල් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 450කට ආසන්න වූ අතර, එය ඊළඟ වසරවලදී කාලික ලෙස අඩුවීම් හා නැවත ඉහළ යෑම් දක්නට ලැබුණි.

    2018 සිට 2020 දක්වා කාලය තුළ පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 311 සිට 345 දක්වා පරාසයක පැවතුනි. 2024 වසරේදී ශ්‍රී ලංකාවේ පොල් අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 416ක් ලෙස වාර්තා වී තිබේ.

    විශේෂයෙන්ම 2025 වසරේදී (ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ) පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් බිලියන 1 ඉක්මවා යාම විශේෂ අවධානයට ලක්විය යුතු කරුණකි.

    මෙම විශාල වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වර්ජින් පොල් තෙල්, පොල් කිරි, පොල් කුඩු, කොයර් සහ ඇක්ටිවේටඩ් කාබන් වැනි වටිනාකම වැඩි කළ නිෂ්පාදන සඳහා ලෝක වෙළඳපොළේ ඉහළ ඉල්ලුමයි. විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මෙම ප්‍රවණතාවය දිගටම පවත්වා ගත හැකි නම්, ඉදිරි වසරවලදී පොල් කර්මාන්තය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස තවත් ශක්තිමත් වීමට හැකි බවයි.

    මූලාශ්‍ර: ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL), Coconut Development Authority - Link
    Over 1 Bil? හොදයිනේ. Last year IT-BPM sector එකෙනුත් ඇවිල්ල තිබුනේ 1.5-1.7 Bil range එකේ :baffled:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,163
    13,875
    113
    35
    Spain
    "2025 වසර තුළ ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම ඩොලර් බිලියනය පසු කරයි."

    පකෝ ඩොලර් බිලියනයක් කියන්නේ මහා විශාල මුදලක්.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    යකෝ එහෙට යවන්න කලින් ලංකාව ඇතුලේ supply එක balance කරලා ඉන්න ඕන. බලපන් පොල් ගෙඩියක ගාන. ඇත්තටම එච්චර ගානක් දෙන්න ඕන නෑ පොල් වලට. ඕක වෙලා තියෙන්නෙම ඔය export සින් එක නිසාමයි. gov එකක් දැනගන්න ඕන ඒවාට limit දල හරියට balance කරන්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    Bar chart eke 2015 indan 2024 bars tika 2n bedala andela tiyenne…Umbalath kerima pachoris la 🫠
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,163
    13,875
    113
    35
    Spain
    අනුරගෙ වැඩ
    යසයි, අවුරුද්දෙන් පලදාව දෙන පොල් වවල පොල් අස්වැන්නත් ඇරන් අගය වැඩි කරන ෆැක්ටරි ටිකත් හදල. යසයි වැඩේ, අවුරුද්දක් ගිහින් මෙම නම් අවුරුදු 5න මොනා වෙයිද?

    cole sprouse GIF
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    යසයි, අවුරුද්දෙන් පලදාව දෙන පොල් වවල පොල් අස්වැන්නත් ඇරන් අගය වැඩි කරන ෆැක්ටරි ටිකත් හදල. යසයි වැඩේ, අවුරුද්දක් ගිහින් මෙම නම් අවුරුදු 5න මොනා වෙයිද?

    cole sprouse GIF
    2024 ට වඩා අඩු උනානන් ඔහොම කියයිද...කුහක නොවී අගය කරන්න
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,163
    13,875
    113
    35
    Spain
    2024 ට වඩා අඩු උනානන් ඔහොම කියයිද...කුහක නොවී අගය කරන්න
    ඇයි මන් උඩ කමෙන්ට් කරලා අගේ කරලා තියෙන්නෙ? මන් කියන්නේ මේක කලෙක්ටිව් එෆෝට් එකක් මිසක් ගෝත ළප කොටා ගේ වැඩක් නෙවෙයි.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    කන්න තියෙන පොල්තෙල් බැරල් ගනන් රට පටවලා.. බොරපාටට තියෙන බොරතෙල් ගෙන්නන රටක් මේක - ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ
     
    • Haha
    Reactions: ElaBaba

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඇයි මන් උඩ කමෙන්ට් කරලා අගේ කරලා තියෙන්නෙ? මන් කියන්නේ මේක කලෙක්ටිව් එෆෝට් එකක් මිසක් ගෝත ළප කොටා ගේ වැඩක් නෙවෙයි.
    ලපකොටා තමා මූලිකත්වය අරගෙන කට්ටිය ලව්ව වැඩ කරවන්නෙ...ලපකොටා තමා බැටලු එඩේරානෝ....එතුම තමා ගයිඩ් කරන්නෙ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,163
    13,875
    113
    35
    Spain
    ලපකොටා තමා මූලිකත්වය අරගෙන කට්ටිය ලව්ව වැඩ කරවන්නෙ...ලපකොටා තමා බැටලු එඩේරානෝ....එතුම තමා ගයිඩ් කරන්නෙ
    එතකොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියල හාපු හෑමත් ඔය එඬේරාණෝ මූලිකත්වය ඇරන් කරපු වැඩක්ද?
     
    • Haha
    Reactions: Candid-B