ශ්‍රීලංකා සම්භවය ඇති පිටරට ක්‍රිකට් ක්‍ර

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ශ්‍රීලංකා සම්භවය ඇති පිටරට ක්‍රිකට් ක්‍ර

    ඩේව් වට්මෝර්

    images


    ශ්‍රී ලංකාව ලෝක කුසලානයක් වෙත ගෙන ගිය පුහුණුකරු ඩේවනල් වට්මෝර් එහෙම නැත්නම් ඩැව් වට්මෝර් ශ්‍රී ලංකාවේ ඉපදුනු කෙනෙක් කියලා නොදන්න අය ගොඩක් ඇති මම හිතන්නේ.. ඉපදුනා විතරක් නෙමෙයි ඔහු කොලඹ රාජකීය විදුහට ගිහිල්ල තියෙන්නේ.. ඔහු ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙන්නේ 1962 දී.. ඒ "සිංහල පමණයි" පනත රාජකීය විදුහලට අදාල වීමත් සමග..
    ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 7කටත් එක්දින තරඟයකටත් සහභාගි වෙලා තියෙනවා..
    නමුත් මුලු ලෝකයම ඔහුගේ හස්කම් හඳුනාගත්තේ දක්ෂ පුහුණුකරුවෙක් විදියට..

    page-break-01.jpg

    මයිකල් බෙවන්

    015171.jpg


    ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කල මයිකල් බෙවන් ශ්‍රී ලාංකික සම්භවය සහිත ක්‍රීඩකයෙක්.. ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින තරඟ 232ක් ක්‍රීඩා කර තිබෙනවා.. ඔහුගේ ඉනිමක සාමාන්‍යය 53.58ක් ඔහු ක්‍රීඩා කල කාලයේ හොඳම ඉනිම අවසන් කරන්නකු ලෙසින් නමක් දිනාගෙන සිටියා..

    page-break-01.jpg


    දිමිත්‍රි මැස්කරේනස්

    dimitri-mascarenhas3.jpg


    එංගලන්තයට ක්‍රීඩා කල දිමිත්‍රි මැස්කරේනස් ද ශ්‍රී ලාංකික සම්භවය සහිත ක්‍රීඩකයෙක්.. ඔහුගේ දෙමව්පියන් ශ්‍රී ලාංකික භාරත ප්‍රජාවට අයත් බව සදහන්..
    දිමිත්‍රි මැස්කරේනස් ගැන බොහෝ දෙනාට මතක තිබෙන්නේ ඔහු ඉන්දියාවේ යුවරාජ් සිංට එරෙහිව පිට පිටම එල්ල කල 6 පහරවල් 5 නිසා..

    page-break-01.jpg


    ඈශ්ටන් අගාර්

    AshtonAgarOut.jpg


    ශ්‍රී ලාංකික මවකට දාව උපන් ඈශ්ටන් අගාර් මේ වන විට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 2කට ක්‍රීඩා කර තිබෙනවා.. ඔහුට ට්ද්විතීය ටෙස්ට් වාර්ථාව ගිලිහී යන්නේ ලකුණු 2කින්.. ඒ තම මංගල ටෙස්ට් තරඟයේදී නොම්මර 11 පිතිකරු ලෙස පැමින ශතකයක් වාර්ථා කිරීමේ අවස්ථාව.. ඔහු මංගල ඉනිමේදි ලකුණු 98කට දැවී යනවා..
    ඔහු ජාතික කණ්ඩායමට තෝරා ගැනීමෙන් පසුව ඔහුගේ මව විසින් ඔහුව මෙල්බර්න් නුවර බෞද්ධ පන්සලක් වෙත රැගෙන ගොස් එහි නායක හිමි නම වන පූජ්‍ය විජිත හිමි ලවා පිරිත් නූලක් බන්දවා තිබෙනවා...


    page-break-01.jpg


    රාජේන්ද්‍ර චන්ද්‍රිකා

    rajendra-Chandrika.jpg


    මෑතකදි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එක්වූ ආරම්භක පිතිකරුවෙක් වූ රාජේන්ද්‍ර චන්ද්‍රිකා ද ශ්‍රී ලාංකික සම්භවය සහිත ක්‍රීඩකයෙක්..

    page-break-01.jpg


    හොඳ නම් තව කාට හරි බලන්න බම්ප් එකක් දාලා යන්න..
    ජය වේවා!