ශ්‍රීලනිප නායකත්වය යළි මහින්දට ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශ්‍රීලනිප නායකත්වය යළි මහින්දට ?

    අද දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබූයේ ඉදිරි ජනපතිවරණයේදී ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේ ඡන්ද සහායද ඇතිව පොහොට්ටුව ලකුණින් තරග කිරීම යන අනන්‍යතාවය මහින්දගේ පිලට ලබාදෙමිනි.
    පසුකාලීන මැතිවරණ වලදී
    පුටුව යන පොදු ලකුණකින් ශ්‍රීලනිප හා ශ්‍රී පොජපෙ එක්වන බවද දන්වා තිබිණි. නමුත් මෙම පක්ෂ දෙක එක්කාසුවීමේ සංසිද්ධිය බැසිල් මහින්ද ඇතුළු පිරිසගේ උපායකට අනුව ශ්‍රීලනිපය තමන් නතු කරගැනීමේ පූර්ව සැලැස්මකට අනුව ක්‍රීයාත්මකවී අද දින එහි සාර්ථකත්වයේ ජයග්‍රහණය ලබාගත් අවස්ථාවක් බව අභ්‍යන්තර දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.

    අද ගිවිසුම් ගත දිනයේ මහින්ද ගෝඨාභය හෝ මෛත්‍රී එම අවස්ථාවට පෙනී සිටියේ නැති අතර ගෝලබාලයින් ලවා අත්සන් තබාගෙන මෙම එකතුවීම සටහන් කෙරිණි.
    උත්සවය අවස්ථාවේ බැසිල් කියා සිටියේ 'මහින්දගේ ෆර්ස්ට් ලව් එක

    ඒ කියන්නේ ප්‍රථම ප්‍රේමය තමා ශ්‍රීලනිප ඒක ඕනම කියල කියලා තිබුණා.' ලෙසිනි. මීට කලකට පෙර මහින්ද සුළග රැස්වීම් මාලාව අතර මහින්ද කියා තිබුනේ 'ශ්‍රීලනිප පාක්ෂිකයින් කියන්නෙ පක්ෂ කාර්යාල ලකුණ නෙමේ හදවතේ සටහන් වෙලා තියන දෙයක් ඒ සියල්ලන් මා වටා ඉන්නවා' යනුවෙනි.

    මෙසේ බලද්දී 2015 ජනපති වූ වේලාවේ සිට තමන් වෙතින් මෛත්‍රී පැහැරගත් මහින්දගේ ප්‍රථම ප්‍රේමය ඔහු යළි දිනාගෙන ඇත.
    ඔහු එය අතහැර දියාරු කර දමනු ඇතිද යන්න ඊළග පැනයයි.
    මේ වනවිට බල අර්බුදයක ගිලී ගොඩ එන්නට බැරිව තීරණයක් ගන්නට බැරිව පැත්තකට ගොස් සිටින ශ්‍රීලනිප හිටපු සභාපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේනට මෙම ජනපතිවරණයෙන් පසු ගෝඨාභය දින්නත් නැතත් පක්ෂය තුළ නායකත්වය රදවා ගැනීමට හැකියාවක් නොලැබෙන අතර මෛත්‍රිපාල වටා පිරිස ඒක රාශී වනු ඇතිදැයි සැක සහිතය. මෙම වාසිය තුළ මහින්දට හැර කිසිවෙකුට එම පක්ෂයේ බලය ලබාගන්නට මතු හැකියාවක් නැත.

    ශ්‍රීලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහය දැක්වීමට තීරණය කිරීමත් ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රීලනීපයට නායකයකු නොමැති වීමත් යන කරුණු මුල් කරගෙන යළිත් ශ්‍රීලනිපයේ නායකත්වය මහින්ද රාජපක්ෂ වෙත ලබා දීමට ශ්‍රීලනීපයේ ජ්‍යෙෂ්ඨයින්ද උනන්දුවී තිබේ.
    මේ වන විට පොදු ජන පෙරමුනේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ කටයුුතු කළත් එම පක්ෂයේ අයිතිකරු ලෙස බැසිල් රාජපක්ෂ කටයුතු කරයි. ඒ අනුව එම පක්ෂයේ නිල නොවන නායකයා වන්නේ බැසිල් රාජපක්ෂය.
    ඉතිහාසයක් තිබෙන පක්ෂයක් මෙන්ම ජනතාව අතර හොද පිළිගැනීමක් ගත හැකි සංකේතයක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බල අරගලයේදී පරාජයට පත්වූ පසු මහින්ද එය කරට ගනු ඇතිය යන්න අනුමානයයි.

    මේ අතර

    දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රීලනීපයේ නායකත්වය බාර ගැනීමෙන් සිදු වූයේ ශ්‍රීලනීපය මුළුමනින්ම විනාශ කර දැමීමක් බවය. ශ්‍රීලනීපය විනාශ කර දමා පොදුජන පෙරමුණ පෙරමුණ ගොඩ නැංවීමට අවශ්‍ය පහසුකම් සැලසීමද සිරිසේන විසින් සිදු කෙරුණු කටයුත්තක් බව ඔවුන් පෙන්වා දෙයි..

    කෙසේ නමුත් මේ තත්වයන් යටතේ ශ්‍රී ලනීපයට උරුමකම් කියන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුලු කණ්ඩායම් මහින්ද රාජපක්ෂට යළි ශ්‍රීලනීපයේ නායකත්වය හිමි කරදීමට එකම බාධාව විය හැකි වුවත් එය ජය ගැනීම මහින්ද පිලට ගැටලුවක් නොවනු ඇත.

    මෙවර ජනපතිවරණයට ඇප මුදල් තැන්පත්කිරීමට ඉක්මණින් ඉස්සරවී ගෝඨාභයගේ නම පොහොට්ටුව ඉදිරියේ සටහන් කරන්නේද එයම නීතිමය ගැටලුවක් යයි කියමින් වෙනත් ලකුණකට යන්නට බැරි බව හගවන්නේද මහින්ද බැසිල් ප්‍රමුඛ පිරිසගේ පූර්ව සැලැස්මකට අනුවය. අවසානයේ ශ්‍රීලනිපය පාවාදෙන තැනට මෛත්‍රීට කටයුතු කරන්නට අකමැත්තෙන් මෙන් සිදු විය.

    අද ගිවිසුම්ගත අවස්ථාවේ මහලේකම් දයාසිරි ජයසේකර කියා සිටියේ තමන් මෙම ගිවිසුමට එකඟ වූයේ බොහෝ සාකච්ඡාවට පවත්වා විවිධ කෝණ වලින් ගැටලුව නිරාකාරණයට උත්සාහ ගැනීමෙන් පසුව බවයි. පක්ෂ දෙකේම අදහස්වල නොගැළපීම් නැති නිසා එය පහසු වූ බවද ඔහු කීය. නමුත් සත්‍ය ලෙසම සිදුවූයේ දයාසිරි ඇතුළු පිරිස පරාජය වීමය. මෙම තීරණය නොගෙන බැරි තැනට පොහොට්ටුව කටයුතු සලස්වා එම පක්ෂය තමන් නතුකර ඇති බව හදුනාගන්නට ලැබේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙම තීරණය නොගෙන බැරි තැනට පොහොට්ටුව කටයුතු සලස්වා එම පක්ෂය තමන් නතුකර ඇති බව හදුනාගන්නට ලැබේ.

    එහෙම නොකලනම් පජාතවෙනවා, වෙනම අපේක්ෂකයෙක් දැම්මනම් නානව... කොහොම වුනත් රටට මේ උන විනාශයට මෛත්‍රීත් දායක නූනා කියල කියලාම කියන්න බෑ...
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    f0wq9pL.jpg
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඔය දිගෙත් වැඩිපුර තියන දිගයක් නෙමෙයි . ඔතනින් තමා කන කොකා අඩන්නේ වැඩිම අවුරුදු 2 දුවයි එකත් අලු යට ගිනි වගේ