ශ්‍රී පාදය වැඳල

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ශ්‍රී පාදය වැඳල

    ලිපිය දිග වැඩි වගේ හිතෙයි....එත් මෙ මොකක්ද වෙන්න යන්නේ.....මේ දිවයින පුවත් පතේ ලිපියේත් මූලික අරමුන ශ්‍රි පාදස්ථානයත් මූල්‍යමය වටිනාකමක් ඇති හොද ඉල්ලම්ක් බව හුවා දැක් වීම....
    සංවාදයට විවෘතයි...................අදහස් ඉදිරිපත් කිරීමත්...නැත්නම් BUMP දමා ඉදිරියට ගැනීමත් වැදගත්

    මගේ පුද්ගලික අදහස මම මෙකට විරුද්දයි....

    3.other_tours_adams_peak_large.jpg

    ----------------------------------------------------------------------

    සමනල කන්දට උඩින් ගිහින්
    ශ්‍රී පාදය වැඳල බහින්න පුළුවන්

    දැන් ශ්‍රීපාද වන්දනා සමය අවසන් වී ඇත. හැම වසරකම උඳුවප් මාසේ පුර පසළොස්‌වක පෝය දිනෙන් පටන් ගෙන ඊළඟ වසරේ වෙසක්‌ පෝයෙන් අවසන් වන මාස 6 තුළ දිවයිනේ මෙන්ම අනිකුත් රටවල බෞද්ධ බැතිමතුන් මෙන්ම සංචාරකයන්ද මෙහි පැමිණ වන්දනා මාන කිරීම මෙන්ම පරිසර අසිරිය විඳ ගැනීමට යන ස්‌ථානයක්‌ ලෙස ශ්‍රී පාදය ගෞරවයට පාත්‍ර වී ඇත.

    ශ්‍රී පාදස්‌ථානයේ පිහිටීම අනුව අනිකුත් කාල සීමාවල වැස්‌ස හා සුළඟ අධික වීම නිසා ගමන අපහසුවත් අනිකුත් පහසුකම් ලබාගැනීමේ දුෂ්කරතාවත් නිසා එම කාලසීමාව තුළ ශ්‍රීපාද කන්ද තරණය සවි ශක්‌තිමත් තරුණයන්ට පවා අවදානමකින් යුක්‌ත වීම නිසා එම ගමන යැමට මැලිවේ. මේ නිසා කාලගුණ යෝග්‍යතාවද සැලකිල්ලට ගෙන ඓතිහාසිකව මෙම ශ්‍රී පාද වන්දනා සමය ඉතා යෝග්‍ය කාලයක්‌ ලෙස සලකා පුද පූජා පැවැත්වීමටත් සමන් දෙව් පිළිරුව වැඩම කිරීමේ හා උත්සව කාලයෙන් පසුව නැවත රත්නපුර සමන් දේවාලය වෙත පිළිරුව වැඩම කිරීමේ පෙරහැර කටයුතුද සංවිධානය වී ඇත. මෙම කාලසීමාව තුළ දහස්‌ සංඛ්‍යාත බෞද්ධ මෙන්ම අන්‍යාගමික බැතිමත්හුද ශ්‍රී පාදස්‌ථානය වැඳපුදාගැනීම සිදු කරනු ලබති.

    ශ්‍රී දළදා මාළිගාව මෙන්ම ශ්‍රී පාදස්‌ථානයද රජුගේ අවධානය ඇතිව පුද පූජා පැවැත්වීම සිදුව ඇති බව පෙනී යයි. ඒ අනුව ශ්‍රී පාදස්‌ථානය නඩත්තුව හා වන්දනාමාන කරන ජනතාවට පහසුකම් සැලසීම සඳහා රජයෙන් වාර්ෂිකව විශාල මුදලක්‌ වැය කොට විශ්‍රාම ශාලා නඩත්තුව, සෞඛ්‍ය පහසුකම් ලබාදීම මාර්ග පහසුව සඳහා පඩි පෙළවල් හා නවාතැන් පොළවල්, ගමනාගමනය පහසුවන පිණිස හොඳින් තනා සකස්‌ කොට විදුලි පහන් ආලෝකය ලබාදීම හා පානීය ජලය ලබාදීම ආදී සේවාවන්ද කරනු ලබයි. එසේම ශ්‍රී පාදස්‌ථානය වැඳ පුදා ගන්නා බැතිමතුන්ට ගමන් පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා වර්තමාන රජයේ අවධානය යොමුව ඇත. 2005 දී එවකට බුද්ධ ශාසන අමාත්‍ය හා අග්‍රාමාත්‍යතුමා ලෙස රත්නසිරි වික්‍රමනායක මහතා අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවක්‌ මඟින් කේබල් කාර් පහසුකම් ලබාදීම සඳහා ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ගන්නා ලදී. එහෙත් මෑතක්‌ වන තෙක්‌ එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇති අතර වර්තමානයේ ජනාධිපතිතුමාගේ අවධානය අනුව මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව උනන්දුව වැඩිවී ඇත. මෙම පහසුකම් වැඩිදියුණු කිරීම මගින් ඇතිවන ආර්ථික හා සමාජයීය ඵලදායීතාව ගැන සොයා බැලිය යුතුය.

    ලංකාවේ සුන්දරත්වය අනුව සංචාරකයන් ඇද ගැනීමට සමත් වුවත් වසර 30 ක කාලයක පැවති ජනවාර්ගික අර්බුද ගැටුම් නිසා යුරෝපා රටවල සංචාරකයන්ට ඒ රටවලින් ලැබෙන උපදෙස්‌ අනුව ඔවුහු ලංකාවේ සංචාරයට මැලිකමක්‌ දක්‌වති. එහෙත් ඉන්දියාව, මියන්මාරය, බංගලිදේශය, තායිලන්තය, චීනය හා ජපානය යන ආසියා රටවල විශේෂයෙන් බෞද්ධ ජනතාව ශ්‍රී ලංකාවේ සංචාරයට කැමැත්තක්‌ දක්‌වන අතර ඔවුනට අවශ්‍ය මූලික පහසුකම් නවාතැන් හා ප්‍රවාහන පහසුකම් සංවිධානය කිරීම අවශ්‍යය. සංචාරක අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සකස්‌ කිරීම පිළිබඳ ප්‍රකාශයට අනුව ලංකාවේ බෞද්ධ ජනතාවට විදේශීය රටවල සංචාරක පහසුකම් ලබාදීමේ ඉඩකඩ ගැන බැලීම සඳහා පත්කළ කමිටු නිර්දේශයන් අනුව ස්‌වදේශිකයන්ට පිටරට සංචාරය සඳහා පහසුකම් සලසනු විනා විදේශිකයන්ට මෙහි සංචාරය සඳහා ඇති ඉඩ කඩ සැලසීම පිළිබඳ අඩු අවධානයක්‌ ඇති බව පෙනී යයි. අඩුම වශයෙන් විදේශීය සංචාරකයන් දශ ලක්‍ෂයක්‌ පමණ ලංකාවේ සංචාරය කළ හොත් එයින් ඇතිවන විදේශීය විනිමය ඉපැයීම හා දේශීය ජනතාවගේ ආදායම් වර්ධනය සඳහා සේවා සැපයීම හා නිෂ්පාදන අලෙවිය තුළින් ලබාගත හැකි ආර්ථික හා සමාජමය ප්‍රතිලාභ ගැන සොයා බැලීම වැදගත්ය. එමෙන්ම සේවා නියුක්‌තිය අතින් දැනට රැකියා අපේක්‍ෂිත බුද්ධිමත් තරුණ පුහුණු ශ්‍රමිකයන් මෙන්ම ග්‍රාමීය රැකියා විරහිත අයට රැකියාවන් සැපයීම පිළිබඳව සලකා බලා කටයුතු කළ යුතුව ඇත. ඉහත සඳහන් කළ රටවල බෞදAධ බැතිමතුන් විශේෂයෙන්ම වයෝවෘද්ධ බැතිමතුන් ලංකාව වැනි රටවල බෞද්ධ සිද්ධස්‌ථාන වැඳපුදා ගැනීම සඳහා කැමැත්තෙන් සිටිති. එමෙන්ම ඔවුන් අත ඉතිරි කරගත් තැන්පත් ධනයක්‌ද ඇත. ශ්‍රී දළදා මාලිගාවට තායිලන්තයෙන් රන් කරඬුවක්‌ පූජා කළ අවස්‌ථාවේ එහි පැමිණි බැතිමතුන් තම කණ කර ආභරණ හා මුදල් පවා පූජා කළ ආකාරයෙන් ඔවුන්ගේ භක්‌තිය පිළිබිඹු වේ. මෙවැනි අය විශාල සංඛ්‍යාවක්‌ තමනට අවස්‌ථාව නොමැතිව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටී. තම මහලු භාවය නිසා ශ්‍රී පාදස්‌ථානය වැඳ පුදා ගැනීමට නොහැකිව සිටින අතර ඒ සඳහා වියදම් කිරීමට කිසිදු මැලිකමක්‌ නොදක්‌වන බව ඉහත උදාහරණයෙන් පෙන්වා දිය හැකිය.

    ශ්‍රීපාදය සඳහා එබඳු කේබල් කාර් ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීමේදී ඒ නිසා දේපළ හෝ රැකියා අහිමිවන අයගෙන් විරුද්ධතාවන් එල්ල වේ. බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා හා බෞද්ධ ජනතාවගෙන් පරිසරවේදීන්ගෙන් විරුද්ධතාවන් ඉදිරිපත් විය හැකිය. මෙම විරෝධතා සැලකිල්ලට ගෙන ආගමට හා පරිසරයට සිදුවිය හැකි හානි පිළිබඳව ඉහත පාර්ශ්වයන් ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගෙන ව්‍යාපෘති වාර්තාව සකස්‌ කළ යුතුය. එසේ වූ විට ගැටලුවකින් තොරව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකිවනු ඇත. මේ සඳහා මෙම පාර්ශ්වයන් දැනුවත් කිරීමට පුළුල් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතුය.

    නේපාලයේ මනකම්මන හින්දු දේවස්‌ථානයේ දැනට සාර්ථක අන්දමින් පවත්වා ගෙන යන කෙබල් කාර් ව්‍යාපෘතිය ආදර්ශයට ගනිමින් එහි අඩුපාඩු හා දුර්වල තැන් ගැන අවබෝධයෙන් යුතුව කුඩා ප්‍රමාණයේ (4 - 6 දක්‌වා යා හැකි) කාමර සහිත කේබල් වාහන යෙදවීම මඟින් නිරන්තර ගමනා ගමන පහසුකම් ලබාදීම කළ හැකිය. ළඟාවීමට ඇති මාර්ග දෙකෙන් වඩාත් ආර්ථික ඵලදායිතාවයෙන් යුත් මාර්ගය තෝරා අඩුම දුරකින් හා අඩුම වියදමකින් තැනීම් කටයුතු නිමකර මහජනයාගේ ප්‍රයෝජනය සඳහා පවරා දීම උචිතය.

    මෙම ව්‍යාපෘතියට අවශ්‍ය වන ප්‍රාග්ධනය ලබාගැනීමට දේශීය හා විදේශීය ආයෝජකයන් උනන්දු කරවීම සඳහා බදු සහන, යන්ත්‍ර සූත්‍ර ආනයනයට පහසුකම් හා තැනීම් නිමවා ක්‍රියාත්මක කිරීමෙන් පසු රජයට පැවරීමේ පදනම යටතේ තැනීමට ගිවිසුම් ගත විය යුතුය. එමෙන්ම දේශීය ආයෝජකයන්ද උනන්දු කරවීමට විදේශීය ආයෝජකයන් සමඟ බද්ධ ව්‍යාපාර පිහිටුවීම උනන්දු කළ යුතුය. (දැනටමත් මේ පිළිබඳව දේශීය හා විදේශීය ආයෝජකයන් කැමැත්ත පල කර ඇත.) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉඩම් ලබාගැනීමේදී හැකිතාක්‌ දුරට කැලෑ ඉඩම් විනාශ වන්නට නොදී ඒවා ආරක්‍ෂා කරමින් රැහැන් ඇදීම කළ යුතුය. එමෙන්ම පුද්ගලික ඉඩම් අත්පත් කර ගැනීමට සිදුවුවහොත් ඒවාට නොපමාව වන්දි මුදල් ලබාදිය යුතුය. පරිසරය ආරක්‍ෂා වන පරිදි හා දැනට ඇති අලංකාරයට හානි නොවන පරිදි තැනීම් කටයුතු කළ යුතුය.

    මහගිරි දඹ දක්‌වා සාමාන්‍ය බෑවුම් හා නැඟීම් අනුවත් නිම්න හා කඳු මුදුන් ඔස්‌සේද ගමන් කරන්නන්ට විඩාවක්‌ ඇති නොවන පරිදි ගමන් කිරීමට පහසුකම් සලසාදිය යුතුය. මහගිරි දඹ සිට මහමළුව දක්‌වා අත්තෝලකයක්‌ (ඔසවනයක්‌) මඟින් ඉහළට යැමටද අවශ්‍ය පරිදි තැනීම් සකස්‌ විය යුතුය. එහි මහජනයාට නැවතී සිටීම සඳහා වේදිකාවක්‌ සකස්‌ විය යුතුය. මෙවැනිම වේදිකාවන් මහමළුවට පහළින්ද ඉදිවිය යුතුය. මෙතැන් සිට උඩමළුව පා ගමනින් යැමට පහසුකම් සලසා දිය යුතුය. මෙම වේදිකාවන් ඉදිකිරීමේදී උඩමළුවේ අලංකාරයට අවහිරයක්‌ නොවිය යුතුය.

    ඉදිරියේදී ක්‍රියාත්මක වන මත්තල අන්තර් ජාතික ගුවන් තොටුපළේ සිට ශ්‍රී පාදස්‌ථානයට යන විදේශ සංචාරකයන්ට මෙන්ම දේශීය සංචාරකයන්ටද පහසු වන ගුවන්තොටුපළක්‌ හැටන් හෝ ආසන්න ප්‍රදේශයක පිහිටු විය යුතුය.

    http://www.divaina.com/2012/05/06/feature19.html

    nanjing-cable-car.jpg
     
    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    උඹ කියලා තියන ඔක්කොම හරි...
    Cable Car හැදුවට සාමාන්‍ය මාර්ගය අනිවාර්‍යෙන් දිගටම නඩත්තු කල යුතුයි...
    මොකද මටනම් අමාරුවෙන් කන්ද නැගලා ශ්‍රී පාදය වැන්දම තමා සතුටක් හිතට දැනෙන්නේ...
    හැබැයි එහෙම නගින්න බැරි අය වෙනුවෙන් Cable Car ක්‍රමයක් අවශ්‍යතාව නම් කාලෙක ඉදන් පවතිනවා...
    :yes: :yes: :yes: :yes: :yes:

    Airport එකක් හදනවා කියන්නේ පොඩි වැඩක් නෙමේ නේ...
    ඊට වඩා හොදයි නේද Helicopter Landing Zone එකක් හදන එක...
    :) :) :) :) :)

    මොනාවා උනත් ගොඩාක් වටින Thread එකක් සහෝ...
    :D :D :D :D :D

    picture.php

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    මුලින්ම ස්තුතියි මේ වගේ තෙරෙඩ් එකක් දැම්මට......

    මට මේ ලිපිය කියවගෙන යද්දි හිතුන දේවල් ‍ටික කියන්නම් මගේ වැරදි තැන් නිවැරදි කරන්න...

    1. ශ්‍රී පාදය කියන පුජනීය ස්ථානය විකුණන් කන්න හදනවා නම් ඒක වැරදී

    2. මහළු උදවියට ශ්‍රී පාදය තරනය කරන්න අමාරු ඒ අනුව කේබල් පද්ධතියක් තිබ්බොත් හොදයි

    3. ශ්‍රී පාද කන්ද කියන තැන ගැජ මැටික් පිරුනු තැනක් වෙනවට මම පෞද්ගලිකව අකමැති,මොකද පරිසරයත් එක්ක බැදිලා ජීවත් වෙන එක තමයි අපේ සංස්කෘතිය.

    4. රටේ ආර්ථිකයට යහපතක් වෙනවා නම් කැමති හැබැයි. ඉවක් බවක් නැතුව හැම දේම විකුණන් කාලා නම් නොවේ....

    5. අනේ මංදා අපේ හිටපු අච්චිලා සීයලා කොච්චර වයස උනත් හති දදා කන්ද නැගලා තියෙනවා ;)

    6. මේ කේබල් පද්ධතිය නිසා පරිසරයට වෙන්න පුලුවන් හානිය නම් එමටයි.. ‍ඒ පිලිබදව සහෝදරයා සටහන් කර තිබ්බා නේ.

    7. කේබල් පද්ධතිය දැම්මට පස්සේ අපේ කට්ටිය බක්තියට වඩා ජොලියට යන්න ගනීද දන්නේ නැහැ

    මම නම් තාම ස්වාධින තීරණයක ඉන්නේ... කේබල් පද්ධතියක් දැම්මොත් වාසියකුත් තියෙනවා අවාසියකුත් තියෙනවා...

    සංවාදය ඉදිරියටම අරන් යමු..
     
    ඔව් ‍ඒකට එකගයි... එයාර් ටැක්සි වගේ හෙලිකොප්ටර් වලින් මගීන් ප්‍රවාහනය කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.....

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මුලින්ම ස්තුතියි මේ වගේ තෙරෙඩ් එකක් දැම්මට......

    මට මේ ලිපිය කියවගෙන යද්දි හිතුන දේවල් ‍ටික කියන්නම් මගේ වැරදි තැන් නිවැරදි කරන්න...

    1. ශ්‍රී පාදය කියන පුජනීය ස්ථානය විකුණන් කන්න හදනවා නම් ඒක වැරදී

    2. මහළු උදවියට ශ්‍රී පාදය තරනය කරන්න අමාරු ඒ අනුව කේබල් පද්ධතියක් තිබ්බොත් හොදයි

    3. ශ්‍රී පාද කන්ද කියන තැන ගැජ මැටික් පිරුනු තැනක් වෙනවට මම පෞද්ගලිකව අකමැති,මොකද පරිසරයත් එක්ක බැදිලා ජීවත් වෙන එක තමයි අපේ සංස්කෘතිය.

    4. රටේ ආර්ථිකයට යහපතක් වෙනවා නම් කැමති හැබැයි. ඉවක් බවක් නැතුව හැම දේම විකුණන් කාලා නම් නොවේ....

    5. අනේ මංදා අපේ හිටපු අච්චිලා සීයලා කොච්චර වයස උනත් හති දදා කන්ද නැගලා තියෙනවා ;)

    6. මේ කේබල් පද්ධතිය නිසා පරිසරයට වෙන්න පුලුවන් හානිය නම් එමටයි.. ‍ඒ පිලිබදව සහෝදරයා සටහන් කර තිබ්බා නේ.

    7. කේබල් පද්ධතිය දැම්මට පස්සේ අපේ කට්ටිය බක්තියට වඩා ජොලියට යන්න ගනීද දන්නේ නැහැ

    මම නම් තාම ස්වාධින තීරණයක ඉන්නේ... කේබල් පද්ධතියක් දැම්මොත් වාසියකුත් තියෙනවා අවාසියකුත් තියෙනවා...

    සංවාදය ඉදිරියටම අරන් යමු..

    Math kiyanne me dewal thama..:yes::yes:
    Dan apita oniwatath wada pahasukam thiyenawa..
    mokada issara minissu sri padhe giye thamange idam kadam liyala deela.. jeewithe nathiwunath kamak nehe kiyala.. e tharamata hithe bhakthiya.. gaurawaya thibuna.. :nerd::nerd: oka thawath lesi karoth godak denekta wandhana gamanak wenuwata trip ekak wenawa.. :dull::dull:

    anika cable car danawa kiyanne e wage dethungunayak ape aya gasa kanawa mokada politics gewila thiyenne dan.. (mathakane nayaka sri padhe nayaka hamuduruwange chande thibunu dawas.. ):baffled::baffled: anika me rate vidhesha vinimaya ihala dann oya wage deyak karanawata wada rate karanna dewal thiyenawa..
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    උඹ කියලා තියන ඔක්කොම හරි...
    Cable Car හැදුවට සාමාන්‍ය මාර්ගය අනිවාර්‍යෙන් දිගටම නඩත්තු කල යුතුයි...
    මොකද මටනම් අමාරුවෙන් කන්ද නැගලා ශ්‍රී පාදය වැන්දම තමා සතුටක් හිතට දැනෙන්නේ...
    හැබැයි එහෙම නගින්න බැරි අය වෙනුවෙන් Cable Car ක්‍රමයක් අවශ්‍යතාව නම් කාලෙක ඉදන් පවතිනවා...
    :yes: :yes: :yes: :yes: :yes:

    Airport එකක් හදනවා කියන්නේ පොඩි වැඩක් නෙමේ නේ...
    ඊට වඩා හොදයි නේද Helicopter Landing Zone එකක් හදන එක...
    :) :) :) :) :)

    මොනාවා උනත් ගොඩාක් වටින Thread එකක් සහෝ...
    :D :D :D :D :D

    picture.php

    කවුරුත් නොහිතන කාරනය තමයි ඇයි...වාරය හා අවාරය කියා දෙයක් තියෙන්නේ කියන එක
    .....එ කෙලෙස් වලින් පිරිච්ච මිනිසුන්ට වෙනම කාලයකුත්...අවාරයෙදි... දේව මන්ඩල වල වැඩවසන දෙවිවරුන්ටත්.....තමයි....
    cable car දැම්මහම අවාරය කියල දෙයක් නැතිව යනවා....මොකද මාස 6ක් ඔයsystem එක shut down කරල තියන්න බැනේ....එ නිස ඒක අවුරුද්ද පුරාම දුවයි.....එතකොට කො දෙවියන්ට අවස්තාවක් සිරිපතුල වන්දනා කරගන්නට......
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    cable car dammoth owaye wadiyen yanne ape wayasaka udawiya newe kiyala mama hithanne, eka nisa owa nathuwata kamak na..
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    cable car dammoth owaye wadiyen yanne ape wayasaka udawiya newe kiyala mama hithanne, eka nisa owa nathuwata kamak na..

    වැඩි මුදලක් අය කරනවානම් නිකම්ම VIP crowd එක්ක හැදෙනවා...කවුරුත් දන්න දෙයක් තමයි වාරය මැදදි,පොය දවසකදි අති විශාල ජනතාවක් පැමිනෙනවා...ඉදිකටුපහනින් පස්සෙ එක පඩියක පැය ගනනක් සිටන් ඉන්න අවස්තාත් එනවා....එ තරමට සෙනග...එතකොට Cable car එකෙන් උඩට යන අයට (එයාලා මුදල් ගෙවලා යන නිසා) මලුවේ භාරව ඉන්න අයට සිද්ද වෙනවා වන්දනා කරන සැමට සම අවස්තාවක් නොදි...විශේෂයක් කරන්න ...cable carවල එන උදවිය වැදලා බහි....පඩි පෙලේ නැගලා එන අයට බලන් ඉන්න වෙවි....:rolleyes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    වැඩි මුදලක් අය කරනවානම් නිකම්ම VIP crowd එක්ක හැදෙනවා...කවුරුත් දන්න දෙයක් තමයි වාරය මැදදි,පොය දවසකදි අති විශාල ජනතාවක් පැමිනෙනවා...ඉදිකටුපහනින් පස්සෙ එක පඩියක පැය ගනනක් සිටන් ඉන්න අවස්තාත් එනවා....එ තරමට සෙනග...එතකොට Cable car එකෙන් උඩට යන අයට (එයාලා මුදල් ගෙවලා යන නිසා) මලුවේ භාරව ඉන්න අයට සිද්ද වෙනවා වන්දනා කරන සැමට සම අවස්තාවක් නොදි...විශේෂයක් කරන්න ...cable carවල එන උදවිය වැදලා බහි....පඩි පෙලේ නැගලා එන අයට බලන් ඉන්න වෙවි....:rolleyes:
    ඔව්, අධික මුදල් ගෙවා පැමිණෙන පිරිස ශ්‍රද්ධාවෙන් පැමිණේවි කියා විශ්වාස කරන්නත් බැහැ,.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේ රටේ අද සිද්ධ වෙන බොහොමයක් දේවල් දේශපාලකයන්ට උවමන විදිහටනේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපේ මතය නිකන් කියමනක් විතරයි.
    එදා මට හිතුන මේ පාර මෙච්චර යන්න අමාරු වෙන එකෙන් අපේ තියෙන භක්තිය ශ්‍රද්ධාව කොච්චර වැඩි වෙනවද කියල. වයසක මිනිස්සු තමයි හුගක්ම හිටියේ. ඒ ය කොහොමහරි මහන්සියෙන් උඩටම නගිනවා. මම දකින විදිහටනම් මෙතන තියෙන්නේ නගින්න අමාරු නිසා cable car දාන්න ඕනේ ප්‍රශ්නයක් නෙවෙඉ.
    තමන්ට සිරිපාදේ නගින්න වෙලාවක් නැත්තම් නගින්නේ නැතුව ඉන්න ඕනේ. අපේ ජීවිත හදාගන්න මෙච්චර අපි ධරිමිකව ජීවත් වෙන බුදු දහම වෙනුවෙන් ඕක නගින එක මහා ලොකු දෙයක් නෙවෙඉ.
    මටත් කියන්න තියෙන්නේ thameera rathnayake සහෝදරයා කියපු දේම තමයි.

    මේකේ අවශ්‍යතාවය තියෙන අයත් ඇති. මට තනියම මේ ගැන තීරණයක් අරන් කරන්න පුලුවන්නම් මම ඔය දේ කරන්නේ නැහැ.
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    :yes::yes::yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර දේවල් ඒ විදියට තිබ්බොත් නරකද
    ඕනම දේකට වැඩි සැප දෙන්න ගියහම එකේ වටිනාකම නැති වෙනවා
    ඒ දේවල් ඒ විදියට තියෙන්න ඕනේ
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    සමහර දේවල් ඒ විදියට තිබ්බොත් නරකද
    ඕනම දේකට වැඩි සැප දෙන්න ගියහම එකේ වටිනාකම නැති වෙනවා
    ඒ දේවල් ඒ විදියට තියෙන්න ඕනේ

    :cool::cool::cool::cool::cool:
    මල් බබා දන්න දේවල් ???
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වරායට containerඑන කොටත් මේවගේ දේවල් කිව්වා කුඩල්ලෝ මෙට්ටේ තියන්න බැනේ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සමහර දේවල් ඒ විදියට තිබ්බොත් නරකද
    ඕනම දේකට වැඩි සැප දෙන්න ගියහම එකේ වටිනාකම නැති වෙනවා
    ඒ දේවල් ඒ විදියට තියෙන්න ඕනේ

    :yes::yes::yes: