අට පාරක් ගිහින් තියේ. ඉදිරියටත් යන්නේ ශ්‍රී ලංකන්ම තමා.
මම නම් එහෙම දැකලා නෑ. නමුත් සිංහලෙන් කතා කලහම ඉංග්‍රීසියෙන් උත්තර දීපු වෙලාවල් තියෙනව. ඒ වෙලාවට මම ස්ංහලෙන් උත්තර දෙනකල් ආපහු ඒ දේම අහනව. එතකොට ලස්සනට ඔය සිංහලෙන් කතා කොරන්නෙ. ඉංග්‍රීසි අවශ්යම නම් විතරයි මම ඉංග්‍රිසි කතා කරන්නෙ. උන් ඒක දැනගත්තොත් (අහල පහල ඉන්න සුද්දො සුද්දියො එක්ක කතා කලොත් ඇහෙනවනේ), එතන ඉඳන් උන්ගෙන් රෙස්පෙක්ට්. ඒක නම් පිස්සුවක් තමා. ඒත් ඉතිං අපේ රටේ පරගැති මානසිකත්වේ නැති කරල දානකල් ඕව ගැන මොකුත් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්ණේ තියෙනව.
සමහර වෙලාවට සර්ව් කරන්න පරක්කු වෙනව. ඒව නම් කොයි එයා ලයින් එකෙත් වෙනව. කෑම දෙන වෙලාවට කොහොමත් උන් බිසී. සමහර ෆ්ලයිට් වල නම් වතුර ගන්න පොඩි ටැප් එකක් තියෙනව එකොනොමි ක්ලාස් කොමන් ඒරියා එකේ. එතනම කඩදාසි කෝප්පත් තියේ. තමන්ටම අරන් බොන්න පුළුවන්. ඒක අපේ ගොඩක් අය දන්නෙ නෑ. නැත්තං 'ඇටෙන්ඩන්ට් කෝල්' බටන් එක ඔබලා, ගුවන් සෙවිකාව අවහම වතුර ඉල්ලපන්. වතුර ගෙනාවට පස්සෙ 'ඇටෙන්ඩන්ට් කෝල්' ඉන්ඩිකේටරේ ඕෆ් කරන්න. එතකොට උන්ට වෙන වැඩක් නිසා අමතක වුනත්, මතක් වෙන්න ඉන්ඩිකේටරයක් තියෙනව. ගොඩක් අය ඔය වගේ පුන්චි දේවල් නොදන්න නිසා අපහසුවට පත් වෙනව ඇති. ඒකට කාටවත් බනින්නෙ නැතුව තමන්ගේ අඩුපාඩු හදාගමු. එතකොට හරි.
බ්ලැන්කට් එකක් දෙනවනේ කොට්ටෙ එක්කම. තවත් බ්ලැන්කට් ඕනෙ නම් අර කිව්ව වගේ 'ඇටෙන්ඩන්ට් කෝල්' බටන් එක ඔබලා ඉල්ලන්න. හැබයි ගේනකල් ඔෆ් කරන්න එපා.
ග්‍රවුන්ඩ් ස්ටාෆ් නම් තව හොඳ වෙන්න ඕන තමා. නමුත් ඩුබායි වගේ එයාපෝට් වල ඉන්න ඉංදියන් සක්කිලින්ට වඩා ලංකාවෙ ග්‍රවුන්ඩ් ස්ටාෆ් හොඳයි.
අඬන්නෙ නැතුව ඔන්ලයින් චෙකින් කරපන් බං. උඹට ඕනෙ සීට් එක තෝරගන්න පුළුවන්නේ. හොඳ සීට් ඔක්කොම වගේ ඔන්ලියින් චෙකින් වලින් යනවා. එහෙම නොකලම, උඹලට හම්බෙන්නේ ඉතුරු සීට් වලින් එකක් තමා. ඔන්ලයින් චෙකින් කරන්න පුළුවන් ගමනට පැය 24කට කලින්. පෝලිම් නෑ, බැගෙජ් චෙකින් කලා, රජා වගේ ගේමක් නැතුව යන්න පුලුවන්.
http://www.srilankan.com/olci
කාටවත් බනින්නෙ නැතුව තමන්ගේ අඩුපාඩු හදාගමු. එතකොට හරි.
Issue ekak thiyenawa machan unge obvious. They dont treat sri lankans equally.
Nehe machan most of them are in a big seen syndrome.
Blankets dennehe machan kotteth ekka. Blanket denne wenama sri lankan airline eke. Umba middle east travel kalada ?
Atendent call button eka ebuwama machan, passenger anuwa response eka wenas. Samaharunta baninawa i have seen machan.
Online checkin karanawa machan. I travel very frequently.
Exit rows are not available in online check in machan, may be you have not noticed it.