ශ්‍රී ලංකාවට Ebay නතරවීමට පෙර

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ශ්‍රී ලංකාවට Ebay නතරවීමට පෙර

    අදවන විට ඊබේ හරහා ලංකාවට භාණ්ඩ ගෙන්වා ව්‍යාපාර කරන පුද්ගලයන් බොහෝවෙයි. බොහෝ අයිතම වල මිළ අඩුවීමත් බොහෝවිට ගෙන ඒමේ ගාස්තු නොමැතිවීමත් (Shipping Charges) වැඩි ලාභයක් ලැබීමට හේතුවක් වෙයි.

    ඊ බේ වලින් ඕනෑම භාන්ඩයක් මිලදී ගත් පසු එය තැපැල් මගින් ලැබීමට කිසියම් කාලයක් ගතවේ. නමුත් එය දවස් 60කට නොඅඩු විය යුතුය. ඊබේ වලින් හඳුන්වාදී ඇති මිලදීගන්නා ආරක්ෂණය කරන පටිපාටියේදී (Buyer Protection) දවස් 45 ක් ඉකුත්වූ පසු ඒ සඳහා විමසීමක් කළ හැකිය. එය නැවත නැව්ගත කිරීමක් හෝ මුදල් නැවත ලබාගැනීමක් හෝ විය හැකිය.

    ඊ බේ වලදී අතීතයේදී (2011ට විතර කලින්) ලංකාවට ඕනෑම දෙයක් නැව්ගත කරනු ලැබීය. ලංකාවේ ඊබේ පරිශීලකයන් ප්‍රමානය වැඩි වෙත්ම හදවතින්ම ශ්‍රී ලාංකික අපේ අය්යලා පිටරට වෙළෙන්දන්ට පොලු තැබීමට පටන්ගත්තේ ඉහත සඳහන් කල ක්‍රමවේදය අව භාවිතා කිරීමෙනි. ඇතැමුන් භාන්ඩය ලැබුනත් නැතත් වෙලෙන්දාගෙන් නැවත මුදල් ලබාගත්හ. (Refund) ඇතැමුන් භාන්ඩය නොලැබුන බව කියා දෙක දෙක ගෙන්වාගත්හ.

    මෙය තව දුරටත් ඉවසා සිටිය නොහැකි සෙලර්ස්ලා ලංකාවට නැවුගත කිරීම ප්‍රතික්ෂේප කළහ. බොහෝ භාන්ඩ වල විස්තරවල ඉතාමත් පැහැදිලිව Does Not Ship to Sri Lanka යනුවෙන් අදටත් දක්වා තිබේ.

    කාලය මෙසේ ගෙවී යද්දී මීලඟට ඇතිවූයේ ලංකාවේ තැපැල් ප්‍රමාදයයි. වරෙක සිංගප්පූරුවෙන් ඇනවුම් කල භාණ්ඩයකට ශ්‍රී ලංකාවේ තැපෑලෙන් තැපැල් මුද්‍රාව වැදීතිබුනේ ඉන් හරියටම දින දෙකකට පසුවය. නමුත් එය නිවසට ලැබෙන විට මුද්‍රාවෙන් දින 5ක් ගෙවීගොස් තිබුනි. සිංගප්පූරුවේ සිට සැතපුම් දහස්ගනනක් ගෙවා දිනකින් ලංකාවට ආ භාන්ඩය කොළඹ සිට සැතපුම් 12ක් දුරින් ඇති නිවසට ඒමට දින 5ක් ගොස් තිබුනි.

    ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවට ලියුම් ප්‍රමාදව බෙදා දීම හා ලියුම්/භාන්ඩ නැති කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ඉතිහාසයක් තිබේ. ඊ බේ ලංකාවේ ජනප්‍රිය වීමත් සමගම නිවසට ගෙන එන ලියුම් වල වෙනසක් බොහෝ තැපැල් සේවකයන් අත් දකින්නට ඇත. කුඩා මුද්‍රා තැබූ ලියුම් කවර තුල කුමක් හෝ සුරුකුත්තමක් අඩංගු යයි ඔවුන් තීරණය කරන්නට ඇත. එක ගෙදරකට ඒ වාගේ ලියුම් 5-6ක් යන විට එකක් දෙකක් අඩුවුනාට එච්චර ගානක් නැතැයි ඔවුන් සිතන්නට ඇත.

    මේ නිසා නොලැබෙන භාන්ඩ වෙනුවෙන් නැවත මුදල් ලබාගැනීම නිසාත් Seller ratings ලබා නොදීම නිසා අමාරුවේ වැටුනේ භාන්ඩය නැව්ගත කල වෙලෙන්දාමය. බඩුත් නැති කරගෙන අමතරව ලාභය මෙන්ම භාන්ඩ පිරිවැයද ආපසු ගැණුම් කරුට ගෙවන්නට සිදුවීමෙන් පාඩු විඳින්නේ ඔහුය. ඉතින් ඔවුන් නැවතත් ලංකාවට භාණ්ඩ එවන්නේ නැතිය.

    තවමත් ලංකාවට නැව්ගත කරන වෙලෙන්දන් දැන් කරන්නේ Tracking Number එකක් ලබාදීමයි. මෙය ඇත්තෙන්ම සාර්ථක ක්‍රමයක් විය. (ඉස්සරත් තරමක් ගනන් භාන්ඩ වලට 20$< Tracking Number තිබූ නමුත් දැන් 1$ භාන්ඩ වලටත් මෙය ලබාගත හැකිය). භාණ්ඩය ඇත්තටම ඇත්තේ කොහිදැයි වෙළෙන්දාට මෙන්ම ගැනුම් කරුටද මෙමගින් බලාගත හැකිය.

    දැන් ප්‍රශ්නය ඇත්තේ ලංකාවට ගෙන ආ භාන්ඩය කෝ යන ප්‍රශ්නයයි. ඇතැම්විට අස්ථාන ගතවන්නට ඇත. නැත්තම් මේක බහිරවයාගේ වැඩකි.

    මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරීන් නිසා දැන් නැවතත් ඊ බේ අර්බුධයක් හටගැනීමට පටන්ගෙන තිබේ.
    කුමක් හෝ හේතුවක් නිසා ඊ බේ වෙලෙන්දන්ගෙන් ලාංකික ගැනුම්කරුවන් කොන්වේ. තවත් ටික කාලයක් මෙය මෙලෙසම සිදුවුවහොත් ඊ බේ නතරවනු ඇත


    උපුටාගැනීම සම්පුර්ණයෙන්ම FB 1ken ... පොඩ්ඩක් සංස්කරණය කරන ලදී ... FB නැති අයට Help 1kak වෙයි කියල හිතනවා
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    උපුටාගැනීම සම්පුර්ණයෙන්ම FB 1ken ... පොඩ්ඩක් සංස්කරණය කරන ලදී ... FB නැති අයට Help 1kak වෙයි කියල හිතනවා
     

    After Dark

    Junior member
  • Sep 21, 2015
    155
    16
    18
    මං මුලාවී...
    මමනම් දැන් රිස්ක් එකක් තියාගෙන තමයි බඩු ගන්නේ
    ආවේ නැතිනම් රීෆන්ඩ් කරන්න යන්නෑ
    පාඩුව දරාගන්න පුළුවන් ගානට ඒව විතරයි ගෙන්නන්නේ
    හැබැයි එක බඩුවක්වත් තාම නැති උනේ නෑ
    මාස ගානක් ගිහින් හරි ගෙදරට එනවා
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Langakadi idan mokakhari aulak thiyanawa. Order karapu ewa awe nahane masa gaanak giyath. Issara 2,3 weeks yanakota enawa.
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මමනම් දැන් රිස්ක් එකක් තියාගෙන තමයි බඩු ගන්නේ
    ආවේ නැතිනම් රීෆන්ඩ් කරන්න යන්නෑ
    පාඩුව දරාගන්න පුළුවන් ගානට ඒව විතරයි ගෙන්නන්නේ
    හැබැයි එක බඩුවක්වත් තාම නැති උනේ නෑ
    මාස ගානක් ගිහින් හරි ගෙදරට එනවා

    mage items walata tracking numbers hv machan... (2 mnth late items)
    tracking number 1ka click karama,


    Note : Tracking information may be transmitted with a delay. Please check back later to view updated information.

    oya message 1ka enawa... Post office 1kata Call karala baluwoth Information 1kak ganna puluwan wei d ???
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    TRACKING no එකක් තියෙනවා නම් එක ips LIGHT එකෙන් TRACK කරලා බලන්න ලංකාවට ඇවිල්ලද කියලා ..ඇවිල්ලා නම් ඔයාගේ ලගම ප්‍රධාන තැපැල් කන්තෝරුවෙන් ගිහිල්ල විමසන්න ...එහෙම කරලාත් සතියක් දෙකක් ගිහිල්ලත් නම් ආයේ ගිහිල්ලා බලන්න ..එතකොට එයාලා පාර්සල් අංශයට කතා කරලා බලනවා පාර්සලයට මොකද උනේ කියලා ...ලංකාවට ඇවිල්ලා නම් විතරයි මේක පරික්ෂා කරන්න පුළුවන්...
    ..පාර්සල් එන ප්‍රමාණය වැඩි වීමත් \ හැම එකක්ම පරික්ෂා කිරීමට උපරිම උත්සහ ගැනීමත් නිසා වෙනදට වඩා දැන් පරක්කු වෙනවා ..
     
    Last edited: