බිම්මල් කියන්නේ පහසුවෙන් පිලියල කර ගන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක්. අද වෙන කොට මේක සුපිරි ආහාරයක් තත්වයට පත් වෙලා තියෙන්නේ වෙලදපොලේ පවතින අධික මිල නිසා. අද බිම් මල් කිලෝවක වෙළදපොල මිල රුපියල් දෙසිය පනහකට තුන්සියයකට වඩා වැඩියි.
මොනතරම් පෝෂ්‍යදායි ආහාරයක් උනත් බොහෝ දෙනෙක් බිම් මල් ආහාරයට ගන්න මැලි කමක් දක්වන්නේ විෂ සහිත බිම් මල් හදුනා ගන්න තියෙන අපහසුතාවය නිසා.
විෂ සහිත බිම් මල් අදුනාගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා.
ආහාරයට ගැනීමට සුදුසු වගේම ආහාරයට නොගැනිය යුතු බිම්මල් වර්ග ගනනාවක් තියෙනවා...ඒ අතරින් නයි හතු ලෙස හඳුන්වන හතු වර්ගය ඉතා විෂ සහිත බව සඳහන් වෙනවා.....
ඒ වගේ බිම් මලකට කෘමි ආකර්ෂණයක් නැහැ.
ඒ වගේම තද වර්ණයකින් යුක්ත වෙනවා, දුගදක් හමනවා.
මිට අමතරව ළුණු කැබලි සමග තැම්බිමේදී ළුණු දම් පාටට හැරෙනවා.
රිදී හැන්දක් ස්පර්ශ කලොත් හැන්ද කළු පාටට හැරෙනවා.
මේ වගේ ලක්ෂණ පෙන්නනවා නම් ඒ බිම් මල් විෂ සහිත බිම් මල් විදියට අදුන ගන්න පුළුවන්.
නයි බිම් මලකට කෘමි ආකර්ෂණයක් ඇති නිසා, එය ආහාරයට සුදුසු යැයි කෙනෙකු තර්ක කරාවි. ඒත්, මොන මෝඩය ද ඒ බව කාල බලල ඔප්පු කරන්නෙ?
චිර හතු, හීං වැලියව, වේ බිම්මල් මේ ආදී නොයෙක් නාමිකව හටගන්නා වු හතු වර්ග පොළව පලාගෙන මතු වෙද්දී එහි මිනිසාගේ ශරීරයට අහිතවත් භාවයක් ඇති නිසා ගැමියන් මෙම බිම්මල් උණු දියෙන් තම්බා මිරිකා හැර පසුව ආහාරයට ගනු ලබයි. මෙහිද ඇත්තේ පොළවෙන් පිට කරන්නා වු විස භාවයයි. (පොළොවෙහි මතුවෙන සියලුම බිම්මල් වර්ග වල විෂ ප්‍රමාණයක් ඇත.) එහෙත් නිවැරදිව පිස ගැනීමේදී නිරෝගී රසවත් ව්‍යංජනයකි.
නමුත් පිදුරු බිම්මල්, ලේන් හතු ආදී වර්ග විෂ භාවයක් නැත්තේ එහි හට ගැනීම පොළවේ නොවන බැවිනි.
අවවාදයයි!
කිසිම නොදන්නා හතු වර්ගයක් කන්න එපා. හතු වර්ග වල භයානක විෂ තිබිය හැකියි. විශේෂයෙන්ම දීප්තිමත් වර්ණ සහිත කහ රතු නිල් හතු විෂ සහිතයි. විෂ බිම්මල් ආහාරයට ගැනීමෙන් ඇතිවන සංකූලතා තමයි වමනය, බඩේ අමාරුව, කරකැවිල්ල, ඔක්කාරය වගේ දේවල්. එවැනි තත්වයක් ඇති වුවහොත් නම් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි.
පලමු වර තොරා ගැනීමේදී බිම්මල් පිළිබදව දන්නා වැඩිහිටියෙකුගේ උපදෙස් ලබාගන්න උත්සහ කරන්න. තවමත් අප අතර වැඩිහිටියන් ඉන්නවා බිම්මල් හදුනන.