ශ්‍රී ලංකාවේ ආහාරයට ගත හැකි ස්වභාවික බිම්මල් වර්ග...👇👇👇🍄

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    බිම්මල් කියන්නේ පහසුවෙන් පිලියල කර ගන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක්‌. අද වෙන කොට මේක සුපිරි ආහාරයක්‌ තත්වයට පත් වෙලා තියෙන්නේ වෙලදපොලේ පවතින අධික මිල නිසා. අද බිම් මල් කිලෝවක වෙළදපොල මිල රුපියල් දෙසිය පනහකට තුන්සියයකට වඩා වැඩියි.

    මොනතරම් පෝෂ්‍යදායි ආහාරයක්‌ උනත් බොහෝ දෙනෙක් බිම් මල් ආහාරයට ගන්න මැලි කමක් දක්වන්නේ විෂ සහිත බිම් මල් හදුනා ගන්න තියෙන අපහසුතාවය නිසා.

    විෂ සහිත බිම් මල් අදුනාගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා.

    ආහාරයට ගැනීමට සුදුසු වගේම ආහාරයට නොගැනිය යුතු බිම්මල් වර්ග ගනනාවක් තියෙනවා...ඒ අතරින් නයි හතු ලෙස හඳුන්වන හතු වර්ගය ඉතා විෂ සහිත බව සඳහන් වෙනවා.....

    ඒ වගේ බිම් මලකට කෘමි ආකර්ෂණයක් නැහැ.
    ඒ වගේම තද වර්ණයකින් යුක්ත වෙනවා, දුගදක් හමනවා.

    මිට අමතරව ළුණු කැබලි සමග තැම්බිමේදී ළුණු දම් පාටට හැරෙනවා.
    රිදී හැන්දක් ස්පර්ශ කලොත් හැන්ද කළු පාටට හැරෙනවා.
    මේ වගේ ලක්ෂණ පෙන්නනවා නම් ඒ බිම් මල් විෂ සහිත බිම් මල් විදියට අදුන ගන්න පුළුවන්.

    නයි බිම් මලකට කෘමි ආකර්ෂණයක් ඇති නිසා, එය ආහාරයට සුදුසු යැයි කෙනෙකු තර්ක කරාවි. ඒත්, මොන මෝඩය ද ඒ බව කාල බලල ඔප්පු කරන්නෙ?

    චිර හතු, හීං වැලියව, වේ බිම්මල් මේ ආදී නොයෙක්‌ නාමිකව හටගන්නා වු හතු වර්ග පොළව පලාගෙන මතු වෙද්දී එහි මිනිසාගේ ශරීරයට අහිතවත් භාවයක්‌ ඇති නිසා ගැමියන් මෙම බිම්මල් උණු දියෙන් තම්බා මිරිකා හැර පසුව ආහාරයට ගනු ලබයි. මෙහිද ඇත්තේ පොළවෙන් පිට කරන්නා වු විස භාවයයි. (පොළොවෙහි මතුවෙන සියලුම බිම්මල් වර්ග වල විෂ ප්‍රමාණයක්‌ ඇත.) එහෙත් නිවැරදිව පිස ගැනීමේදී නිරෝගී රසවත් ව්‍යංජනයකි.

    නමුත් පිදුරු බිම්මල්, ලේන් හතු ආදී වර්ග විෂ භාවයක්‌ නැත්තේ එහි හට ගැනීම පොළවේ නොවන බැවිනි.

    🔴අවවාදයයි!

    කිසිම නොදන්නා හතු වර්ගයක් කන්න එපා. හතු වර්ග වල භයානක විෂ තිබිය හැකියි. විශේෂයෙන්ම දීප්තිමත් වර්ණ සහිත කහ රතු නිල් හතු විෂ සහිතයි. විෂ බිම්මල් ආහාරයට ගැනීමෙන් ඇතිවන සංකූලතා තමයි වමනය, බඩේ අමාරුව, කරකැවිල්ල, ඔක්කාරය වගේ දේවල්. එවැනි තත්වයක් ඇති වුවහොත් නම් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි.

    පලමු වර තොරා ගැනීමේදී බිම්මල් පිළිබදව දන්නා වැඩිහිටියෙකුගේ උපදෙස් ලබාගන්න උත්සහ කරන්න. තවමත් ‍අප අතර වැඩිහිටියන් ඉන්නවා බිම්මල් හදුනන.

    FB_IMG_1599139526604.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    අපි කැලේ තිබිල කඩන් ඇවිත් කන හතු ජාතියක් තියනවා අතුරු හතු කියලා, තද රතු/තැඹිලි පාටක් තියෙන්නෙ. යට පැත්ත සුදු පාටයි
    ඕව තියන කාලෙ ගමේ එවුන් ගෝනි ගනන් කඩන් එනවා කැලේ ගිහින්, විකුනන්නෙ කිලෝ එක 300-400 වගේ.
    පට්ටම රහයි, මම ඒ තරම් රස වෙන හතු වර්ගයක් කාල නැහැ, ඉඳලෝලුත් රහයි

    අතුරු හතු වල පොටෝ එකක් අමාරුවෙන් හොයා ගත්තා

    20170520_143224.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලේන් හතු බැදුම... ඒක මතක් කරන් බත් පිගන් 2,3ක් කත හැකි..
    පිදුරු හතු කරෝලා දාල බැදුම.....
    වැලි හතු හොද්ද පොල් කිර් ටිකක් දාලා...
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ලේන් හතු බැදුම... ඒක මතක් කරන් බත් පිගන් 2,3ක් කත හැකි..
    පිදුරු හතු කරෝලා දාල බැදුම.....
    වැලි හතු හොද්ද පොල් කිර් ටිකක් දාලා...
    අයියේ බොලාලැයි ගෙදර එන්නද , මන් ඔය එක හත්තක්වත් කාලා නෑ .. :cry::cry::cry::cry:
    පිදුරුහතු තෙල් දාලා කාලා තියෙනවා .. ඉද්ලොලු කාලා තියෙනවා


    පැකට් හතු මොනාද එතකොට ???
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අයියේ බොලාලැයි ගෙදර එන්නද , මන් ඔය එක හත්තක්වත් කාලා නෑ .. :cry::cry::cry::cry:
    පිදුරුහතු තෙල් දාලා කාලා තියෙනවා .. ඉද්ලොලු කාලා තියෙනවා


    පැකට් හතු මොනාද එතකොට ???
    යද්දි අපිවත් එක්ක පලයන් මලේ
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඊබේවල හතු බීජ තියනවා. ඒවා ටිකක් ගෙන්න ගනින්. ලී මඩුවකින් ලී කුඩු ටිකක් ගෙනත් පොලිතින්න් මලු 2ක් පුරවාල ඒවගේ හිල් විදලා ඇට ටික දාන්න. සමහර අය කියනවා කළුවර ඕනි කියලා හතු හැදෙන්න. එහෙම කළුවරක් ඕනි නැ. ගාරාජ් එකක, දර මඩුවක වගේ තැනක මේවා තියන්න පුළුවන්. කැමති අය ට්‍රයි කරන්න. යූටිබ් එකේ වැඩි විස්තර තියනවා.

    ලීටර් 1.5 මෙගා බෝතලයක් විදියට ලීකුඩූ පුරවපු එකකින් ඵලදාව ගෑම් 250ක් විතර දවසට කඩන්න පුලුවන්.