ශ්‍රී ලංකාවේ කුල සංවිධානයේ යථාර්ථය

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    120602660_221073886026331_2312047262727256103_n.jpg


    ලෝකයේ අන් රටවල් හා සසඳා බලන කල ශ්‍රී ලංකාව දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇති රටකි.ස්වදේශිකයන් මෙන්ම විදේශිකයන් අතින්ද ලියැවුණු ලංකා ඉතිහාසය පිලිබඳ තොරතුරු ඇතුලත් ග්‍රන්ථයන් බොහෝය.ලංකාවට ඉතා සමීප ලෝකයේ විශාලම ජනගහනයක් ඇති ප්‍රබල රටක් වන ඉන්දියාවේ සංස්කෘතික ආභාෂයන් ශ්‍රී ලංකාවේ බහුතර ජන කොට්ඨාසය වන සිංහලයන්ගේ සංස්කෘතිය පෝෂණය වීමටද විශාල වශයෙන් බලපා ඇත.මූලිකව බෞද්ධ දර්ශණයට අමතරව නොයෙකුත් සංස්කෘතික බලපෑම් භාරතයෙන් ලංකාවට ලැබී ඇති අතර මනුෂ්‍යයින් අතර උසස් හෝ පහත් කමක් දනවන්න්නේ යැයිද තමන් සහ පරපුර යම් විශේෂිත ජනකොටසට අයත් යැයිද සමහර මනුෂ්‍යයින් විසින් විශ්වාස කරන කුලයද මින් එක් සාධකයකි.සිංහල ශබ්දකෝෂය කුලය යන වදනට දී ඇති අරුත් වන්නේ 1. කෙනෙකුට උපතින් ලැබෙන වංශය,ගෝත්‍රය,පරම්පරාව, 2.පවුල, කුටුම්භය, ගෙදර, 3.සමූහය, කණ්ඩායම,ගණය, පංතිය, 3.(ජාතිය හෝ ගෝත්‍රය මුල් කරගෙන කරන) අපහාසය, නින්දාව, 4.ආචාර්ය පරම්පරාව, ගුරු පිරිස, ගුරුකුලය යන්නයි.

    ලංකාවට බුදු සමය ලැබීමට පෙරද යක්ෂ,නාග,දේව,රාක්ෂ යනුවෙන් කුල සතරක් පැවති බැව් මහාවංශ ටීකාවේ සඳහන් වේ.මේවා එකම සමාජයක අන්නෝන්‍ය සංස්කෘතික අනන්‍යතාවන් පිලිඹිඹුවෙන් වැඩෙන කුලයන්ට වඩා ගෝත්‍ර හෝ ජනවර්ග ලෙස හැඳින්වූව හොත් වඩා උචිතය.මන්දයත් ඒ ඒ ගෝත්‍ර අතර පැහැදිලි බෙදීම් තිබුණු බවට මහවැලි ගං තීරයෙහි " මහානාගවන" නම් වූ නාග ගෝත්‍රිකයින්ට අයත් උද්‍යානයක් යක්ෂ ගෝත්‍රිකයන් විසින් ආක්‍රමණය කිරීම නිසා ඇතිවූ ගැටුමක් සංසිඳවීමට බුදුන් වහන්සේ මහියංගණයට පැමිණීම මහාවංශයේ සඳහන් වීම උදාහරණයකි.බුදුන් දවස භාරතයේ බ්‍රාහ්මණ,ක්ෂත්‍රීය,වෛශ්‍ය,ශුද්‍ර යනුවෙන් කුල බෙදීමක් පැවති අතර උසස්ම කුලය බ්‍රාහ්මණයන් හෙවත් බමුණන් විසින් ආගමික කටයුතුද ක්ෂත්‍රීය කුලිකයින් රාජ්‍ය පාළනයද,වෛශ්‍ය කුලිකයින් වෙලඳාමද, ශුද්‍රයින් විසින් කම්කරු ශ්‍රේණියේ කටයුතුද සිදුකරන ලදී.බ්‍රාහ්මණයන්
    යනු උත්තම කුලයක් බවට ඔවුන් විසින්ම දෙසූ අතර
    බ්‍රාහ්මණ ධර්මයට අනුව මිනිසා මහා බ්‍රහ්මයාගේ නිර්මාණයකි. ඒ අනුව බ්‍රාහ්මණ වංශය බ්‍රහ්මයාගේ මුඛයෙන්ද ක්ෂත්‍රියයා බාහුවෙන් ද ,වෛශ්‍යයා නාභියෙන්ද, ශුද්‍රයා පාදයෙන් ද බිහිවූයේ වෙයි. බ්‍රාහ්මණයා සෑම අතින්ම පාරිශුද්ධ වූ අතර අනෙක් අය ඊට පහත්ය. ශුද්‍රයන් යනුවෙන් හැඳීන්වූ කොටස කෙතරම් පහත් තත්වයක ලා සැලකුවේ ද යත් නිදහසේ ආගම ඇදහීම වැනි මානව අයිතිවාසිකම් පවා අහිමි කර තිබිණි.මෙම කුල බෙදීම් වලට කිසිසේත් නොබිඳිය හැකි තර්කයක් ඉදිරිපත් කලේ ගෞතම බුදු රජාණන් වහන්සේය.උන්වහන්සේගේ තර්කය වූයේ

    "නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රහ්මණෝ කම්මනා වසලෝ හෝතී - කම්මනා හෝති බ්‍රාහ්මණෝ" යන්නයි.මෙහි අර්ථයට අනුව කෙනෙකු උපතින් වසළයෙකු හෝ බ්‍රාහ්මණයෙකු නොවේ.කෙනෙක් වසළයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නෙ ඔහුගේ ක්‍රියාව අනුව පමණි.

    මෙය බමුණු ඉගැන්වීම් වලට මරු පහරක් වූ අතර බුද්ධිමතුන්ට පිළිගත යුත්තක්ම විය.තවදුරටත් මේ සම්බන්ධව මත පලකල උන්වහන්සේ මජ්ජිම නිකායේ වාසෙට්ඨ සූත්‍රයෙහිදී

    "යථා එතාසු ජාතිසු ලිංගං ජාතිමයං පුථු
    එවං නත්ථි මනුස්සෙසු ලිංගං ජාති මයං පුථු”

    යනුවෙන් දෙසූහ.මෙයින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ජීව විද්‍යාත්මක සත්‍යතාවයකි. ජීව විද්‍යාවට අනුව විවිධ සත්ව හා ශාක කොට්ඨාශයන්හි ලක්ෂණ විශේලේෂණය කරන විට සතුන් මෙන් මිනිසා ගේ විවිධ ජාතීන් දැක්විය නොහැක. මිනිසා කෙබඳු ස්වරුපයන්ගෙන් යුක්ත වූවත් එකම ජීව විශේෂයකි. එම නිසා මිනිසුන් අතර ජාති භේදවාදයක් පවතින්නේ නම් ජීව විද්‍යාත්මක පදනමක් මත උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කලහ.තවද ආචාර විද්‍යාත්මකව සලකන විට මිනිසුන් අතර ඔවුන්ගේ උප්පත්තියට අනුව ජාති, වර්ග, වශයෙන් ප්‍රභේදයක් ඇති කළ නොහැකි බව ඉතාමත් පැහැදිලිව පෙන්වා දී ඇත. ඒ බව වාසෙට්ඨ සූත්‍රයේ හි දක්වා ඇත්තේ මෙසේය.

    “සමඤ්ඤා හෙසා ලොකස්මිං නාමගොත්තං පකප්පිතං
    සමුච්ච සමුදාගතං තත්ථ තත්ථ පකපපිතං”

    සහ ලේ නෑ ආදින් විසින් කරන ලද නාම ගෝත්‍රයක් ඇද්ද එය ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයක් පමණි. බොහෝ කාලයක් තුළ පාරම්පරිකව පැවත එන බැඳීම මුල්කොට ගෙන ඒ ඒ තන්හි උපන් කල්හි කරන ලද නාමගෝත්‍රය සම්මතයක් පමණි. එය නොදන්නාහු ජාතියෙන් බ්‍රාහ්මණ යයි කියති.

    ශ්‍රීමත් ආනන්ද කුමාරස්වාමි විසින් මධ්‍යකාලීන සිංහල කලා ග්‍රන්ථයේ දහනවවන සහ විසිවන සියවස් මාරුව ආසන්න සමයෙහි පැවතියේ යැයි අනුමාන කල හැකි කුල 27ක් දක්වා ඇත. ගොවි,සලාගම,කඹුරු,වඩු,හන්නාලි,රදා,ඇම්බැට්‍ට,සොම්මාර,දුරාව,කුම්බකාර,බඩහැල,කරාව,වැදි,බෙරවා,හකුරු,හුණු,පන්න,යමන්නෝ,වෙල්වඩු,ගහල,පදු,මාලාකාර,කින්නර,රොඩී,ඔලී,ඉන්ද්‍රජාල සහ චන්ඩාල යනු එම කුලයන්‍ ය.නිදහස් අධ්‍යාපන පනත,ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වීම,වර්ෂ 1956 දේශපාලන පෙරළිය සහ විවෘත ආර්ථික සම්ප්‍රදාය ආදී සාධක කීපයක ඇවෑමෙන් වර්තමානයේ කුල කිහිපයක් පමණක් තිරය පිටුපස සහ පුවත්පත් හා අන්තර්ජාල මංගල යෝජනා තීරයන්හී හඳුනාගත හැකිය.

    ගොවි කුලය(රදල සහ පට්ටිකාර)
    කරාවේ කුලය
    සලාගම කුලය
    දුරාව කුලය
    දේව කුලය
    රදා කුලය
    විශ්ව කුලය
    නැකති කුලය
    කුඹල් කුලය
    පණික්කි කුලය
    හුණු කුලය
    රන්කරු කුලය

    මේ විවිධවූ කුලයන් බිහිවීමේ මූලය ලෙස ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී අශෝක රජුගේ අනුග්‍රහයෙන් ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ලක්දිවට වැඩමවීම සමග බොධියේ අභිවෘද්ධිය පිණිස සංඝමිත්තා තෙරණිය සමග කුඹුරු, ලෝකුරු, ස්වර්ණකාර,වඩු,සිත්තර ආදී කුලයන්ගෙන් සමන්විත අටලොස් කුලයක පිරිසක් පැමිණීම සැලකිය හැකිය.මෙම කුලයන් යනු විවිධ ක්ෂේත්‍රයන්හී නිපුනවූ දුරයන් හෙවත් සමාජ සංවර්ධනයට අත්‍යාවශ්‍ය කාර්මික ශ්‍රේණීන් ය. එසේම මින් බොහොමයක් බ්‍රාහ්මණ වංශිකයන්ය.මෙම පිරිසෙහි පාරම්පරික විකාශනය තුලින් විවිධ වූ කුලයන් ලංකාවේ ඇතිවීම සිදුවූ බැව් අනුමාන කල හැකිය.බෞද්ධ දර්ශණය මත පදනම්ව මේ පැමිණි පිරිස තුල කුල භේදයක් නොතිබුනත් පසුකාලීනව ඔවුන්ගේ පාරම්පරික විකාශනය තුල බෞද්ධ දර්ශණයේ බලපෑම අවම වීමෙන් සහ පසුකාලීනව ඇතිවූ භාරතීය සංස්කෘතික බලපෑම් හේතුවෙන් කුල බෙදීම් තීව්ර වූවා වියහැකිය.


    එසේම මේ සියළු කුලයන් අතරින් ගොවි කුලය උසස් බව සිංහල සමාජ සම්මතයයි.ශ්‍රීමත් ටිකිරි බණ්ඩා පානබොක්කේ අදිකාරම්ගේ නීති නිගණ්ඩුව ග්‍රන්ථයට අනුව ගොවි වංශය යනු විවිධවූ ස්‍ථර එකොලහකින් සෑදුනකි.එනම්.

    බණ්ඩාරවරු
    පට්ටිකාර
    වීරමේස්ත්‍රිකාර
    පොරෝකාර
    කූණම්කාර
    ඇත්වල පණික්කියෝ
    මල්කාර
    කුට්ටන්වල ඇත්තෝ
    බලිගත් ගමයෝ
    ගත්කරු
    තිඹිල්ලෝ

    යනුවෙනි.ගොවි කුලය තුලද බණ්ඩාරවරු හෙවත් රජුගේ බදු අයකිරීමේ බලයැති රදලයන් උසස් කොට සැලකූ අතර සෙසු උප කුල නවයම පට්ටිකාර මූලික කුලයට අයත් විය.බණ්ඩාරවරු ලෙස හැඳින්වූ රදලයන් භාරතයෙන් සංක්‍රමණය වූවන්ගෙන් පැවැත එන්නන් වන අතර සංස්කෘත භාෂාවෙන් බිහිවූ බණ්ඩාර යන නාමය භාවිතා කලේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් යැපෙන්නන් උදෙසා බව අධිනීතිඥ ඊ.ඩබ්ලිව් පෙරේරාගේ "අලකේෂ්වර" නැමති ශාස්ත්‍රීය ලිපියේ සඳහන්ව ඇත.ද්‍රවිඩ ජාතික බණ්ඩාරවරුන්ගේ නාමය වන්නේ "පණ්ඩාරම්" හෝ "පන්ටාරම්" යන්නය.ගොවි කුලය බමුණු ,ක්ෂත්‍රීය,වෛශ්‍ය යන කුලිකයන් ලංකාවේ ගොවි කුලයට උකහාගැනීමෙන් පෝෂණය වුවකි.මේ මූලාශ්‍රය තීව්ර කරන යෝග රත්නාකරයේ සඳහන් කවියකි මේ.

    රජ බමුණු වෙලඳ ය
    උපන් කුල මෙලෙස ය
    ගොවි වංශ මේ සතර ය
    එයින් වියබැව් උපත තියුණු ය

    උඩරට රාජධානිය ප්‍රමුඛ කොටගත් සිංහල රදල කුලයේ වංශාධිපතීන් බොහොමයක් භාරතයෙන් සංක්‍රමණය වූ බ්‍රාහ්මණ වංශිකයන්ගෙන් පැවත එන්නන් වේ.සංඝමිත්තා තෙරණිය සමග පැමිණි පිරිසෙන් සෝලංගිරි බ්‍රාහ්මණ පරපුරෙන් කන්ද උඩරට හුලංගමුව පරපුරද , ශ්‍රී විෂ්ණු බ්‍රාහ්මණ පරපුරෙන් රත්වත්තේ පරපුරද, ශ්‍රී රාම බ්‍රාහ්මණ පරපුරෙන් අළුවිහාරේ පරපුරද ආරම්භ වී ඇත.ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන්ගේ "ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ" පර්‍යේෂණ ග්‍රන්ථයේ උඩරට බ්‍රාහ්මණ පරම්පරා 58ක් ගැන සඳහන් කොට ඇති අතර සිංහල බෞද්ධයන් ලෙස ප්‍රකට පරම්පරාවන් කීපයක නම් පමණක් මෙහි දක්වා ඇත.
     
    Last edited:

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    120221568_221073829359670_8976541291808866877_n.jpg


    කැප්පෙටිපොළ - ශ්‍රී වික්‍රමසේකර බ්‍රාහ්මණ පරපුර
    දුණුවිල - රාජදිවාකර බ්‍රාහ්මණ පරපුර
    අමුණුගම - රාජනායක බ්‍රාහ්මණ පරපුර
    පිළිමතලව්වේ - අරාවේ ශිවමුණි බ්‍රාහ්මණ පරපුර
    කිරිඇල්ල - විජයසුන්දර බ්‍රාහ්මණ පරපුර
    මහවල ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍තැන්නේ - සබරගමුවේ බ්‍රාහ්මණ පරපුර
    අලගියවන්න - හිස්සැල්ලේ ධර්මධජ බ්‍රාහ්මණ පරපුර
    කොබ්බෑකඩුව - රාජකරුණා බ්‍රාහ්මණ පරපුර
    උනම්බුවේ - රාජපක්ෂ බ්‍රාහ්මණ පරපුර
    එල්ලාවල - වීරසිංහ බ්‍රාහ්මණ පරපුර
    මාරපන - රාජගුරු බ්‍රාහ්මණ පරපුර
    මොලමුරේ - විජය රක්ෂිත රාජකරුණා බ්‍රාහ්මණ පරපුර
    නුගවෙල - රාජකරුණා විජයසිංහ බ්‍රාහ්මණ පරපුර
    මීදෙණිය - ඒකනායක විජයසූරිය බ්‍රාහ්මණ පරපුර
    මුත්තෙට්ටුවගම - රාජගිරි කුලසේකර බ්‍රාහ්මණ පරපුර
    පානබොක්කේ - භූපති භූවනසේකර රාජ පුරෝහිත බ්‍රාහ්මණ පරපුර

    මෙම බ්‍රාහ්මණ මූල නාමයන් වර්තමාන පරම්පරාවල කෙටිවූ නම් අතර සොයාගැනීමට අපහසු වුවත් ඔවුන්ගේ මුතුන්මිත්තනගේ දිගු නම් වල රැඳී සිට ඇත.වර්තමානයේ උඩරට මෙන්ම පහතරටද බොහෝ වාසගම් වල මුලය වන්නේද ඉහත අප විසින් දක්වා ඇති බ්‍රාහ්මණ නාමයන්‍ ය

    දෙවියන් සතුටු කිරීමට භාවනානුයෝගීව වැඩවිසූ බ්‍රාහ්මණයන් එදා හැඳින්වූයේ මුණිවරුන් ලෙසය.මෙම මුණිවරුන්ගේ දරුවන් ඔවුන්ව හැඳින්වීමේදී තම පියාගේ නාමය භාවිතාකොට ඇති හෙයින් වර්තමානයේද මුණි යන බ්‍රාහ්මණ නාමය ලංකාවේ බොහෝ පහතරට වාසගම්වල විශේෂයෙන් සලාගම කුලයේ වාසගම්වල ඇත.ප්‍රසිද්ධ කීපයක් නම්

    වීරමුණි බ්‍රාහ්මණ පරපුර
    ගරුමුණි බ්‍රාහ්මණ පරපුර
    ඔබිනාමුණි බ්‍රාහ්මණ පරපුර
    හොඳමුණි බ්‍රාහ්මණ පරපුර
    නම්මුණි බ්‍රාහ්මණ පරපුර
    මුතුමුණි බ්‍රාහ්මණ පරපුර
    වලිමුණි බ්‍රාහ්මණ පරපුර
    එදිරිමුණි බ්‍රාහ්මණ පරපුර
    ගුණමුණි බ්‍රාහ්මණ පරපුර
    කරුණාමුණි බ්‍රාහ්මණ පරපුර
    ඉසුරුමුණි බ්‍රාහ්මණ පරපුර

    එමෙන්ම

    කළුහත් බ්‍රාහ්මණ පරපුර
    නන් එදිරි බ්‍රාහ්මණ පරපුර
    හීතක බ්‍රාහ්මණ පරපුර
    හල්ජෝති බ්‍රාහ්මණ පරපුර
    හඳුන්නෙත්ති බ්‍රාහ්මණ පරපුර
    දේවනෙත්ති බ්‍රාහ්මණ පරපුර
    ගුණනෙත්ති බ්‍රාහ්මණ පරපුර
    ජයනෙත්ති බ්‍රාහ්මණ පරපුර

    සහ වෙනත් කුලවලට අයත්

    සපුතන්ත්‍රි , මල්ලවතන්ත්‍රී, වාසලතන්ත්‍රි , කළුතන්ත්‍රී, වටුතන්ත්‍රී, වඩුගතන්ත්‍රී යන වාසගම්ද බ්‍රාහ්මණ පරම්පරාවල මුලයන්‍ ය.

    ලංකාවේ කෞරව හෙවත් කරාවේ වංශිකයන් ගේ මූලය භාරතයේ කුරු රාජ්‍යයයි.ඔවුන් රාජ්‍ය පාළනයටද සම්බන්ධවවූ ක්ෂත්‍රීය වංශිකයන්ය.බුදුන් වහන්සේ දම් දෙසීම පිණිස කීපවරක්ම කුරු රටට වැඩමකල බැව් ධර්ම ග්‍රන්ථයන් හී සඳහන් වේ.කරාව වංශිකයන්ය අතර බහුලව භාවිතාවන කුරුකුලසුරිය යන වාසගමද ක්ෂත්‍රීය නාමයකි.රාම රාවණ සංග්‍රාමයෙන් පසු රාමගේ අණින්
    භාරතයේ කුරු රටින් ලංකාවට පැමිණි කෞරව ක්ෂත්‍රීය කුමාරවරුන් පදිංචි වූ භුමිය කුරු රට යනුවෙන් හැඳින්වූ බවට ප්‍රවාදයක් ඇති අතර වර්තමානයේ එම පෙදෙස අලුත් කුරු කෝරළය, පරණ කුරු කෝරළය යනුවෙන් කුරු යන නාමය සහිතව හඳුන්වයි.ඉංග්‍රීසින්ට එරෙහිව වර්ෂ 1848 කැරැල්ලේදී දිවිදුන් ජාතික වීරයෙකු වන වීර පුරන්අප්පු හෙවත් වීර හැන්නැදිගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දුද කෞරව වංශියකයෙකි.මහා දානපති චාර්ල්ස් හෙන්රි ද සොයිසා මෙන්ම ශ්‍රිමත් ජේම්ස් පීරිස් සහ දානපතිණී සෙලෙස්තිනා ඩයස්(පානදුරේ කේතුමතී රෝහල ඇතුළු තවත් විශාල පරිත්‍යාග) මැතිණියද කරාව කුලයට අයත්‍ ය.

    සලාගම බ්‍රාහ්මණ පරපුර

    සලාගම හෙවත් සාලියග්‍රාම වංශිකයන් ද භාරතයෙන් සංක්‍රමණය වූ බ්‍රාහ්මණයන් ගෙන් පැවත එන්නන්ය.ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ලංකාවට වැඩමවීමත් සමග පැමිණි භාරතයේ ශාලිග්‍රාමයේ බ්‍රාහ්මණ වංශිකයන් මෙරට පදිංචිවූ බවද කියැවෙන මුත් වරින් වර ශාලිග්‍රාම බමුණන් ලංකාවට පැමිණිබවට අපමණ මූලාශ්‍ර ඇත.සලාගම නන්එදිරි කොඩියේ කථාන්තරය ඉන් එකකි.(විස්තර සඳහා ඡායාරූප ඇමිණුම බලන්න).සලාගම බ්‍රාහ්මණ වංශික පෙලපත් නාම අප විසින් ඉහත දක්වා ඇත.සලාගම කුලය බ්‍රාහ්මණ වංශිකයන් ප්‍රමුඛව

    හේවාපන්න
    කුරුඳු පන්න
    ඌලියක්කාර
    පණිවිඩකාර
    අගම්පොඩි

    යනුවෙන් උප කුල පහකි.ලන්දේසි යුගයේ හෝ ඊටත් පෙර සිටම ලංකාවේ කුරුඳු නිෂ්පාදනය බ්‍රාහ්මණ වංශික සලාගම ප්‍රභූන් අත පැවතින.බලපිටියේ මහා කප්පිණ වලව්වේ ඒඩ්‍රියන් ද ආබ්‍රෙව් රාජපක්ෂ, මීගමුවේ මැග්ඩලීන් වලව්වේ ජෝන් ද සිල්වා රාජපක්ෂ වැනි සලාගම ප්‍රභූන් කතරගම සිට පුත්තලම
    දක්වා මුහුදුබඩ කුරුඳු වගාව පාළනය කලෝය.මහා කප්පිණ වලව් පෙලපත වැනි බ්‍රාහ්මණ සලාගම ප්‍රභූන්ගේ පෙලපත් උඩරට බ්‍රාහ්මණ රදල ප්‍රභූන්ගේ ඉතිහාසය තරමටම පැරණිය.තවද ආර්ථික වශයෙන් උඩරට රජුටත් වඩා සමෘද්ධියක් සලාගම ප්‍රභූන් කුරුඳු වෙලඳාම හරහා අත්පත් කොටගෙන සිටියහ.ලන්දේසි ඉංග්‍රීසි යුගවල කුරුඳු වගාවේ ආදායම් පාළනය කල මහබද්දේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ලෙස සලාගම බ්‍රාහ්මණ වංශික ප්‍රභූන් ක්‍රියාකොට ඇති අතර බලපිටියේ මහා කප්පිණ වලව්වේ මහ මුදලි ඒඩ්‍රියන් ද ආබ්‍රෙව් රාජපක්ෂ , මීගමුවේ මැග්ඩලීන් වලව්වේ මුදලි ජෝන් ද සිල්වා රාජපක්ෂ වැන්නන් කුරුඳු අක්කර දහස් ගණන්වල වතුයායන් පාළනය කොට ඇත.කප්පිණ වලව්වේ සැම්සන් ද ආබ්‍රෙව් රාජපක්ෂ මුදලිගේ පුත් ටියුඩර් රාජපක්ෂ මීගමුවේ මැග්ඩලීන් වලව්වේ මුදලි ජෝන් ද සිල්වා රාජපක්ෂගේ දියණිය ප්‍රාන්සස් ලිලී රාජපක්ෂ හා වූ විවාහයට දායාද වශයෙන් තිලිණ කල මීගමුවේ අක්කර දහසක කදිරාන වත්ත වාසල මුදලි ටියුඩර් රාජපක්ෂ විසින් කටුනායක ගුවන්තොටුපළ ගොඩනැගීම සඳහා පරිත්‍යාග කරන ලදී.සලාගම වංශික මහා දානපති ශ්‍රිමත් අර්නස්ට් ද සිල්වා වැන්නන් වර්තමානයේ රජයක් විසින් සිදුකරන අන්දමේ මහා ව්‍යාපෘති තම පුද්ගලික ධනයෙන් සිදුකොට ඇත.

    වර්ෂ 1630දී රන්දෙණිවෙලේදී පෘතුගීසි යුද සෙනෙවි දොන් කොන්ස්තන්තීනු ද සා මරණයට පත්කොට එම සටන ජයග්‍රහණය කිරීම හේතුවෙන් සලාගම බ්‍රාහ්මණ වංශික බලපිටියේ බ්‍රාහ්මණ වත්ත වලව්වේ දොන් නන්දිරිස් විජේසේකර මුදලිගේ පුත් දොන් කොස්මෝ විජේසේකර වික්‍රමසිංහ කුලතුංග යුද්ධ මුදලි තුමන්ට සෙනරත් රජු විසින් ඌව පලාතේ කටුගහ වලව්වේ නින්දගම ප්‍රධානය කල අතර එම පරපුරෙන් පැවත එන ඇහැලේපොල නිලමේ උඩරට රාජධානියේ ප්‍රතිරාජ තත්වයටම උසස් ප්‍රභූවරයකු බවට පත්විය.පෘතුගීසි පාලන අවදිය වනවිට ලංකාවේ උඩරට රදල බ්‍රාහ්මණ ප්‍රජාව සහ වැලිතොට (බලපිටිය) සලාගම බ්‍රාහ්මණ ප්‍රජාව අතර උස් හෝ පහත් මට්ටමේ කුල භේදයක් නොතිබූ බවට සාක්ෂියකි දොන් කොස්මෝ විජේසේකර මුදලිගේ විවාහය සහ එම පරම්පරාව.එම පරම්පරාවේ විකාශනය .සම්බන්ධ රූ සටහනක් සඳහා ඡායාරූප ඇමිණුම බලන්න.

    දුරාවේ කුලයද ලංකා ඉතිහාසයේ උසස් කුලයකි.දුරාව යන වදනේ අරුත ගත්කල ධූර දරන්නා යන අදහසක් පැනනැගෙන අතර දුරාව කුලයේ ඇති උප කුල වලින් ගම්‍ය වන්නේ දුරාව කුලිකයින් අතීතයේදී අධිකරණ,වෛද්‍ය,රාජ්‍ය නිලධාරි,හමුදා,ගුරු ආදී වෘත්තීන්හී නියැලී සිටි බවය.දුරාවේ කුලයද ලංකා ඉතිහාසයේ උසස් කුලයකි.දුරාව යන වදනේ අරුත ගත්කල ධූර දරන්නා යන අදහසක් පැනනැගෙන අතර දුරාව කුලයේ ඇති උප කුල වලින් ගම්‍ය වන්නේ දුරාව කුලිකයින් අතීතයේදී විවිධ වෘත්තීන්හී නියැලී සිටි බවය.දුර යන වචනයේ මූලය විමසන කල ද්‍රවිඩ භාෂාවෙන් දුරෙයි යනුවෙන් හැඳින්වෙන්නේ මහත්මයා, රදලයා කුමාරයා ශ්‍රීමතා යනුවෙනි.ලංකාවේ දමිල ඌරුවක් ඇතිව භාවිතාවන දොරේ යන වචනයද දුරෙයි යන්නේම බිඳීයාමකි.තෙලිඟු භාෂාවෙන්ද දොරව,දුරාව,ධුරාව යන වචනවලින් හැඟවෙන්නේ කඳවුරක සේවයේ නියුක්තිකයා හෝ හේවායින් දස දෙනෙකුගේ ප්‍රධානියා යන්නය.සිංහල භාෂාවේද ධූරය යන වදනින් හැඟවෙන්නේ නිලතලයක් දරන බවය.මේ පදරුත් විමසා බලන කල දුරාව යන වචනයේ තේරුම ධූර දරන්නා වන අතර දුරාව කුලිකයන් අතර දස දුරාවේ නමින් උපකුල දහයක් ඇත.දහදුරාව යන වචනයද සිංහල ජනවහරට එක්වී ඇත්තේ මේ ආශයෙනි.දුරාව වංශයේ උප කුල දහය මෙලෙසින්‍ ය.

    අන්නානි - දණ්ඩනායක හෙවත් අධිකරණ ධූර
    බන්නානි - ගජනායක ධූර
    ඒනාදි - සේනාධිපති ධූර
    මගුල් - රාජකීය ධූර
    සිදත්තු - වෛද්‍යාචාර ධූර
    විදත්තු - ශාස්ත්‍රාචාර්‍ය ධූර
    අලිබද්දු - වසම්කාර ධූර
    මලිබද්දු - කෝවිල් සහ දේවාල කපු ධූර
    පට්ටි - ගෝපාල ධූර
    පොරවකාර - යුද්ධ භට
     
    Last edited:

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    120562783_221073929359660_5044446813502528696_n.jpg


    යනුවෙනි.දුරාවේ වංශික ප්‍රභූන්ට පාවිච්චියට අවසර තිබූ අඩයාලම් සිංහ කොඩිය සිංහල රජවරුන්ද පාවිච්චි කොට ඇත.තවද දුරාවේ උපකුලයක් වන ගජනායක දුරාවටද ඇත් කොඩිය නමින් ඔවුන්ටම ආවේණික කොඩියක්ද තිබී ඇත.මහා පඬු කුමාරතුංග මුණිදාස, ලංකාවේ නිදහස් අරගලයට උරදුන් රාජනීතිඥ ඊ.ඩබ්ලිව් පෙරේරා ,ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ අනුපමේය සේවයක් කල දේශමාන්‍ය එන්.යූ ජයවර්ධන, සිනමා නළු විජය කුමාරණතුංගයන්ද සම්භාවනීය දුරාවේ වංශිකයන්ය.
    නවම්දන්නා කුලය හෙවත් විශ්ව කුලයද ලංකාවේ සම්භාවනීය කුලයකි.කාර්මික ශ්‍රේණීන්ගෙන් වැදගත්ම කුලයක් වූ විශව කුල ආදීතමයින් ලී වැඩ, ඇඳුම් ආයිත්තම්,කැති පිහියා ,පොරෝ, නගුල් ආදී කෘෂිකාර්මික ආයුධ වර්ගද , දුණු, කඩු තෝමර වැනි සටන් ආයුධද නිපැයීමේ නිපුණයන් වූහ.සීගිරිය ආදී ලෝපතල හෙල ඉංජිනේරු නිර්මාණයන් පසුපස සිටියේ විශ්වකුල කාර්මික ශිල්පීන් සහ කලාකරුවන් බව නොරහසකි.පෙර රජ දවස මාලිගා, යුධ බලකොටු ආදී ගෘහ සහ වාස්තු නිර්මාණ , කළුගල සහ ලෝහ පිලිම ඇඹීම,රන් රිදී කාසි නිෂ්පාදනය ආදියද විශ්ව කුලයෙන්ම නිමවිය.ලංකාවේ ජල විදුලියේ පියා ලෙස හැඳින්වෙන ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම විදුලි ඉංජිනේරුවරයෙකු වූ ඩී.ජේ විමලසුරේන්ද්‍ර මහතා විශ්ව වංශිකයෙකි.

    අඩු කුලයක් ලෙස හැඳින්වී ලංකාවේ කුල පීඩනයට ලක්ව සිටියද බත්ගම කුලයද යක්ෂ ගෝත්‍රිකයන්ට සම්බන්ධ ඉපැරැණි හෙල වෙදකමේ උරුමය ඇති ලංකාවේ දිගු ඉතිහාසයකට උරුමකම් කියන කුලයකි.යටත් විජිත පාළනයට පෙර බත්ගම් කුලය පදු නමින් හැදින්වීය.මෙම නාමය කාර්‍ය නියමයක් නැති හෙවත් පරද්දුර යන වචනයේ බිඳීයාමකි.
    අතීත රජුන් තැනූ මහා වාරි කර්මාන්ත, අහස සිඹි දාගැබ් ආදී සුවිසල් නිර්මාණ පසුපස වූ ශ්‍රම බලකාය වූයේ බත්ගම් කුලිකයන්ය.වර්තමාන කුල ධූරාවලියේ පහත් කුලයක් ලෙස සැලකූවද අනුරාධපුර රාජධානි යුගයේදී බලත්ත කුලය නමින්වූ ඇමතිවරු, සෙන්පතිවරු, ඉංජිනේරුවන් වැනි ප්‍රභූන්ගෙන් සමන්විත උසස් කුලයක්ව පැවති බත්ගම් කුලය මහනුවර රාජධානි යුගයේදී
    වූ කුල පෙරලියෙන් පහත් කුලයක් බවට පත්වී ඇත.
    සාම්ප්‍රදායිකව මහනුවර යුගයේදී මෙම කුලයට පැවරුණු රාජකාරී අතර ප්‍රභූන් ගමන්ගත් දෝලා හා පැලැක්කි ඔසවාගෙන යාම, පෙරහැරවල කොඩි රැගෙන යාම, යුද සේවා වලට සහභාගී වීම, යපස් ගැරීම ආදිය ඇතුලත්ය.
    ඉහත අප සඳහන් කල කුලයන් සම්බන්ධව ඉදිරිපත් කල කරුණු මෙන්ම ඉතිරි කුලයන්ගේද විකාශනය හා ඉතිහාසය සම්බන්ධව තොරතුරු බොහෝය.නමුත් ඒවා සාකච්ඡා කිරීම දිගු ලිපියකට නිමිති වේ.

    යටත් විජිත පාලනයෙන් පසු නිදහස් ලංකාව පාලනය කල බොහෝ පවුල් වලටද භාරතීය මූලයක් ඇති ඔවුන්ගේ ඉතිහාසය විමසද්දී සනාථ වේ.මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන්ගේ පරපුරද කුළවර්ධන බ්‍රාහ්මණ පරපුරෙන් පැවත එන්නකි.එතුමාගේ සීයා කුළවර්ධන සේනානායක මුදියන්සේ රාලහාමිලාගේ දොන් බර්තොලමෙව්ස් සේනානායකයි.සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස්
    බණ්ඩාරනායක හෙවත් එස්.ඩබ්ලිව්.ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ පරපුර පැවත එන්නේද බ්‍රාහ්මණ වංශික මූලයකිනි.(සමහර තැන්වල මෙය ද්‍රවිඩ ලෙසද අර්ථ දක්වා ඇත). සබරගමුවේ මහ සමන් දේවාලයේ ඇති ශිලා ලිපියක දැක්වෙන්නේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ සමයේදී එනම් ක්‍රි.ව 1253ට ආසන්න කාලයේදී සබරගමුවේ මහ සමන් දේවාලය ගොඩනැගූ
    ආර්‍ය කාමදේව නැමැත්තෙකුගේ මුණුපුරෙකු ලෙස හැඳින්වෙන නීල පෙරුමාල් ශ්‍රී පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේදී එනම් ක්‍රි.ව 1454දී පමණ එවකට ගරාවැටී තිබූ සබරගමුවේ මහ සමන් දේවාලය පිලිසකර කොට යලි ගොඩනැංවූ බවත් ඔහු කල සේවය ඇගයීමක් ලෙස රජු විසින් ඔහුට බණ්ඩාරනායක යන නාමය ලබාදී දේවාලයේ ප්‍රධාන පූජකයා බවට පත්කල බවත් තවදුරටත් දේවාලයේ බස්නායක නිළමේ තනතුර එම පරපුරෙන් පැවත එන්නන්ට හිමිවිය යුතු බවට රාජ ආඥාවක් පැනවූ බවත්ය. බණ්ඩාරනායක පරපුරේ මුල් වාසගම කළුකපුගේ යන්න වන අතර එය නීලපෙරුමාල් යන වදනේ සිංහල අර්ථ නිරූපණයයි.ලන්දේසි සහ ඉංග්‍රීසි යටත් විජිත යුගයන්හී එම පාලනයන්ට දේශීය ප්‍රභූන් වශයෙන් සහය පලකොට මුදලි තනතුරු හෙබවූ ක්‍රිස්තියානි ලබ්ධිකයින් වූ තම පෙලපත් නාමයන්ට විවිධවූ නම්බු නාමද එක්කොටගත් බණ්ඩාරනායක පවුලේ අගමැති සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාගේ පියා වන මහමුදලි සොලමන් ඩයස්ගේ සම්පූර්ණ නම වන්නේ දොන් සොලමන් ඩයස් අබේවික්‍රම ජයතිලක සෙනෙවිරත්න රජකුමරුන් කඩුකැරළු බණ්ඩාරනායක යන්නයි.

    ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජූනියස් රිච්ඩ් ජයවර්ධන මහතාගේ පෙලපතද ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරලබඩ චෙට්ටියාර් හෙවත් සිංහල උසුරුවේ හෙට්ටි නමින් හැඳින්වෙන ඉන්දීය මූලයකින් පැවත එන්නකි.ජයවර්ධන පරපුරේ ලිඛිත ඉතිහාසයේ ප්‍රසිද්ධම ප්‍රථමයා වන වර්ෂ 1768දී සහෝදරයන් තිදෙනෙකු සහ සහෝදරියකගෙන් සමන්විත පවුලක උපන් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන හෙවත් තම්බි (තෝම්බි යන්නේ සිංහල වාචික බිඳීයාමකි.තම්බි හෙවත් මුස්ලිම් යන්න ගම්‍ය නොවේ) මුදලිගේ පියා හංවැල්ලට ආසන්න වෙල්ගම නම් ග්‍රාමයේ දෝන ඇසෙන්ෂියා ජයවර්ධන නැමති කාන්තාවක හා විවාපත්වී එම කාන්තාවගේ පෙළපත් නාමය වූ ජයවර්ධන යන නම පාවිච්චියට ගත්තේ බුලත්ගේ දොන් ඒඩ්‍රියන් ජයවර්ධන නම් විය.විසිවන ශතවර්ෂයේ අගභාගය වනතෙක්ම ලංකාවේ ජීවත්වූ බවට සාක්ෂි තිබෙන ඩ්‍රීබර්ග් නම් බර්ගර් ජාතික පවුලේ මුතුන්මිත්තතෙකු වන දහඅටවැනි සියවසේදී ජර්මනියේ සිට ලංකාවට පැමිණි කර්නල් ඩයිඩ්‍රිච් කාල් වොන් ඩ්‍රීබර්ග් ගේ නිවසේ වයස 14-15 තරම් ලාබාල අවදියේ මෙහෙකාර කමකට බැඳුනු කනිෂ්ඨ දොන් ඒඩ්‍රියන් නිසිවිය පිරුණු පසු කර්නල් ඩ්‍රීබර්ග් විසින් ලන්දේසි ලස්කිරිඥ්ඥ සේනාවේ ආරච්චි පදවියකට පත්කලේය.පසුව ලන්දේසි හමුදාවේ චරපුරුෂයෙකු ලෙසද සේවය කල ඒඩ්‍රියන් ලන්දේසීන්ට ඔත්තු සපයනු පිණිස ඉංග්‍රීසි හමුදාවට එක්විය.මෙහිදී ඔහුගේ ප්‍රතිචරපුරුෂ භාවය ඔප්පුවූ නිසාවෙන් හිස ගසා දැමීමට නියම විය.නමුත් එහිදී තම ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කල ඒඩ්‍රියන් ඉංග්‍රීසි හමුදාවට එක්වී සිංහලේ අවසන් රජුවූ කන්නසාමි හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට යටත්කර දීමටද පුරෝගාමී විය.යටත් විජිත පාලන අවදියේ හින්දු ආගමෙන් රෙපරමාදු ආගමේ ඕලන්ද සභාවටද, ඕලන්ද සභාවෙන් එංගලන්ත සභාවටද , එංගලන්ත සභාවෙන් ලංකා සභාවටද මාරුවු ක්‍රිස්තියානීන් වූ ජයවර්ධන පරපුර අවසානයේ බෞද්ධයන් බවට පත්විය.

    බණ්ඩාරනායක පරපුර හා විවාහයන්ගෙන් බැඳී ලංකාවට නිදහස ලැබීමට පෙර බ්‍රිතාන්‍ය යටත් විජිතයේ දේශීය ප්‍රභූන් ලෙස ලංකාවේ පාලනයට සම්බන්ධවූ ප්‍රබල පවුලකි ඔබේසේකර පවුල.ඔබේසේකර පරපුර පැවත එන්නේ වර්ෂ 1637 දී පමණ ලංකාවට ගොඩබැසි පෘතුගීසි ජාතික නාවිකයෙකු වන ඔවන් ෆර්නැන්ඩස් ගෙනි.තවමත් නිරුපද්‍රිතව පවතින අහංගම කතළුවේ අටදාහේ වලව්ව ඔබේසේකර පරපුරේ තිඹිරිගෙයයි.ලංකාවට පැමිණ දේශීය ප්‍රභූ පවුලක කාන්තාවක සමග විවාහවූ ෆර්නැන්ඩස් ගාල්ලේ විහාරස්‌ථානයක ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් ඔහුට සිංහල නමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.ස්වාමීන් වහන්සේ විසින් ඔහුට ලබාදුන් නාමය වන්නේ ඔබේසේකර යන්නයි.ලංකාවේ දේශපාලන , ආර්ථික ක්ෂේත්‍රයන්හී මහ ඉඩක් ලැබූ ක්‍රිස්තියානි ආගමිකයන්ව සිට වර්තමානයේ බෞද්ධයන්ද වී සිංහල සමාජයේ මිශ්‍රවී සිටින ඔබේසේකර පරපුරේ ආරම්භය එයයි.

    වර්තමානයේ පවත්නා සිංහල වාසගම් බිහිවීමේ මූලය ලෙස හේතු කීපයක් හැඳිනගත හැකිය.ඉන් එකක් නම් පෙර රජ දවස තිබූ තනතුරු ආශ්‍රිතව බිහිවූ වාසගම්‍ ය. අප්පුහාමිලාගේ හෝ හාමිගේ යන වාසගම් වලට මුල්වී ඇත්තේ රජවාසල ආරක්ෂක නිලධාරීන් වූ අප්පුහාමි තනතුරයි.පතිරන්නැහේ යනුවෙන් හැඳින්වූයේ රජුගේ දෝලාවන් ඔසවාගෙන යන්නන් ය . කෝරාලගේ හෝ ලාගේ යන වාසගම කෝරලයක් හෙවත් පත්තුවක් භාර නිලධාරියාගේ නමින් සෑදී ඇත රාල යන වචනයද යම් කර්තව්‍යයක් භාරව සිටි ප්‍රධානියකුගේ ව්‍යවහාර නාමයකි.අදිකාරම්,නිලමේ,මුහන්දිරම්,මුදියන්සේ,විදානේ,ආරච්චි යන වාසගම් වලට මූලාශ්‍රවී ඇත්තේද රජවාසල තනතුරු නාමයන් ය.තම පියාගේ නම තම නම අගට යොදාගෙන වාසගමක් ලෙස පරිහරණයද වර්තමානයේ දක්නට ලැබෙන අතර වර්තමානයේ භාවිතා වන පැරණි යැයි සැලකෙන වාසගම් වල මූලයද තම නම අගට හෝ මුලට තම පියාගේ නම යොදාගත් මුතුන්මිත්තන් විය හැකිය.තම මුතුන්මිත්තනගේ ගමේ නම සහ මව්ගේ නම පවා සමහර වාසගම් වලට පාදකවී ඇත.
    පහතරට බහුලව භාවිතාවන සිල්වා,පෙරේරා,සොයිසා,ප්‍රනාන්දු,මෙන්ඩිස් වැනි වාසගම්ද අල්මේදා, අල්විස්,බොතේජු ,පර්ඩිනන්ඩ්,ඩයස්,මෙල්,ලිවේරා,නුගේරා,පිගේරා,සිගේරා,චිකේරා,සිංඥෝ,පිංඥෝ,කූංඥෝ වැනි වාසගම්ද පෘතුගීසීන් ප්‍රමුඛ යටත්විජිත බලපෑමෙන් ඇතිවු වාසගම්‍ ය.

    ඔවුන් පෘතුගීසින් හෝ ලන්දේසීන්ගෙන්පැවතගෙන එන්නන් බව මෙයින් අදහස් නොවේ.දහනවවන ශතවර්ෂයේ ඉංග්‍රීසි පාලනයේ බලපෑමත් සමග පහතරට පවුල්වල මෙන්ම උඩරට රදල පවුල්ද ඉංග්‍රීසි නම් පාවිච්චි කරන්නට විය.ඉන්පසු ටිකිරි බණ්ඩා ටියුඩර් බ්‍රේබෲක් වී මැනිකා මොනිකා වූ අවස්ථාද නැත්තේ නොවේ.
     
    Last edited:

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    1.jpg


    සෑම මනුෂ්‍යයෙකුම උප්පත්තියෙන් එක හා සමානය.ජන්මය යනු මිනිසුන් මනින මිම්මක් නොවේ.මානවයා යුගයෙන් යුගය පසුකොට ඇත්තේ සමාන ගමන් මගකය.එනයින් බලන කල මනුෂ්‍යාගේ ප්‍රවේණි උරුමය අප කාටත් සමවන අතර ඉපැරැණි පරපුරකින් පැවත එන අභිමානීය ජන්ම උරුමයක් අප කාහටත් ඇත.උඩරට රදල රාජකීය රුධිරයක් හෝ පහතරට හීනකුල වසල රුධිරයක් පැවතීමට නොහැකි බැව්ද ලංකාවේ සියළුම කුලිකයන් අප්පා, බාප්පාගෙ දරුවන් වැනි යයිද ඉහත තොරතුරු අධ්‍යයනය කරද්දී ඔබට වැටහෙනු ඇත.අප කාහටත් අපගේ පරම්පරාවන් ගැන දැනුමක් ඇත්තේ වසර සියයක් හෝ දෙසියයක් වැනි කාලයක් පමණි.එයද බොහෝවිට වැඩිහිටියන් විමසීමෙන් ලද තොරතුරුය.ඉන් එහා අපගේ මුතුන්මිත්තන් කුමන කුලයකට, ජාතියකට අයත්ද ඔවුන් කිනම් ආගමක් ඇදහුවේද යන්න සොයාගැනීමට අපහසු හෙයින් නිරවද්‍යතාවයෙන් තොර උපකල්පනයන් මත පිහිටා අප අන්‍යයන්ගෙන් උසස් ය වෙනස් ය යන්න කල්පනා කිරීම අණුවන කමකි. ඉහත පෙලපත් විස්තර අප දක්වා ඇත්තේ ඔවුන්ගේ අතීතය ගෙනහැර දක්වා කිසිවෙකුට නිගරු කිරීමට නොව යථාර්ථය පෙන්වා දීමටය.හීන යැයි උසස් යැයි සම්මත කුලයන්වල සාමාජිකයන් සහ පහත් යැයි සම්මත කුලවල සාමාජිකයන් අතර සමාජ පැවතුම්හී යම් වෙනස්කමක් දක්නට ඇත්තේ නම් එය උසස් කුලයන්හී රාජකීය රුධිරය නිසා ඇතිවූ වෙනස්කමක් නොව හීනකුල සාමාජිකයන්ට පාරම්පරිකව සම අයිතිවාසිකම් නොලැබීම හේතුවෙන් ඇතිවූ පෝෂණ,අධ්‍යාපන හෝ වෙනත් පෞරුෂ ඌනතාවයන් විය හැකිය.යුරෝපීය හෝ වෙනත් බටහිර රටවල දෙමාපියන් විසින් දරුකමට ලබාගන්නා ලංකාවේ දුගී පවුල්වල(බොහෝවිට හීන යැයි සම්මත කුලවලද විය හැකිය) දරුවන් උසස්,හීන කුල වෙනස්කමකින් තොරව එම රටවල් වල ඇති උසස් සමාජ අයිතිවාසිකම් වල සාරය උරාගනිමින් ලංකාවේ සමාජ ආර්ථික තත්වයන්ට සාපේක්ෂව උසස් ආකාරයෙන් හැදී වැඩීම මෙයට නිදසුනකි.

    සිංහල බෞද්ධ සමාජයට මග පෙන්විය යුතු ගුරු දෙවියන් වන සංඝ සමාජයද කුලභේදය තදින්ම පැතිරී ඇති සංස්ථාවක් වේ.ගිහියන් තුළ නොපවතින සිංහල භික්ෂූන් අතරේ පමණක් පවතින මහා සහ කුඩා නිකාය, පාර්ශව,සංඝ සභා ආදී වශයෙන් වූ මේ කුලවාදී බෙදීම සංඝ සමාජයේ පතුලටම මුල් බැස ඇත්තේය. තමන් විශ්වාස කරන තම ශාස්තෘන් වහන්සේ වූ තිලෝගුරු බුදු පියාණන්ගේ ධර්මයට පරම විරුද්ධ වූ සිංහල සංඝ සමාජයේ මේ හැසිරීම ප්‍රශ්න නොකෙරී වසර සියගණනක් තිස්සේ යහතින් පවතින්නේය.බෞද්ධයන් වශයෙන් සංඝ රත්නය වන්දනා කරන කිසිවකුටත් එය ප්‍රශ්න කිරීමට ධෛර්යයක්,ආත්ම විශ්වාසයක් හෝ උවමනාවකුදු නැති බව කටුක සත්‍යයකි.උසස්ම යැයි සම්මත කුලයේ මහානායක ස්වාමීන් වහන්සේලා වැඩම කරන යම් උත්සවයකට අනෙකුත් කුලවත් නිකායවල මහානායක ස්වාමීන් වහන්සේලා වැඩමවත් නම් ඉහල කුල සංඝයාට උස් අසුන් පැනවීම සංවිධායක මණ්ඩලය විසින් සිදුකරනු ලබයි.

    සිසිර කුමාර මාණික්කාරච්චි විසින් පද රචනය කොට හින්දි ගීත තනුවකට අනුව ඒ.ජේ කරීම් විසින් ගායනා කල මෙම ගීතය කුල භේදයේ යථාර්ථය මැනවින් හෙලිකරයි.

    අඩු කුලේ කියාලා අසරණයා
    මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා
    වංසේ කුල භේදේ නී ලොවේ
    නොම වේ බමුණා හෝ වසලයා

    පුහු මානය හර්දේ පුරවන්නේ
    දස පාප ක්‍රියාවේ පැටලෙන්නේ ...//
    යුතුකම් සුසිරී මඟ නොම දන්නේ
    ඔහු නොවෙද මෙ ලෝකේ වසලයා

    එක ලේ මස නහරින් බැඳුණු තදේ
    මුළු ජීවිත කාලේ විඳින වදේ ..//
    අවසානෙහිදී මරු සමග ඇ‍ඳේ
    මෙය නොදැන සිටින්නේ වසලයා

    බලේ දැක මුදලේ කුලේ රිංගා යාද අකුලේ යන කියමන සනාථ කරමින් මුදල් ඉහතටම පැමිණ ඇති වර්තමාන සමාජයේ මුදලේ බලය නිසාම සම්ප්‍රදායික කුල වෙනස්කම් දියාරුවීයාම යම් ධනාත්මක ගතියකි.නමුත් සිරගෙදර සිටියයුතු අපරාධකරුවන් බොහොමයක් මහජන චන්දයෙන් පත්ව පාර්ලිමේන්තුවේ නීති සැකසීමට සම්බන්ධ වන වර්තමානයේ දේශපාලනය සහ මුදල් සංයෝගීවූ කුප්‍රකට නවතම කුල ක්‍රමයක් ඇත්තේය.පීඩිතයා විසින් පීඩකයා ඔසවා තබන නව වැඩවසම් ක්‍රමයක් යාවත්කාලීනව ඇත්තේය.
    අපගේ තර්කයට අනුව මහජන මුදලින් යැපෙමින් මහජනයාවම පීඩනයට පත්කරන නව්‍ය බ්‍රාහ්මණ වංශික දේශපාලකයා වසලයෙකි.තම දෑතේ වීර්‍යෙන් කසල ශෝධනය කර රටටද සේවයක් කොට අඹුදරුවන් සුරකිනා සෞඛ්‍ය කම්කරු සැඬොලා රටට ණය නැති ශ්‍රේෂ්ඨයෙකි.

    මෙම ලිපියට මූලාශ්‍රවූ ග්‍රන්ථ සහ වෙබ් අඩවි

    ශ්‍රී ලංකාවේ කුල සංයුතිය - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර අභිනන්දන
    තම්බි මුදලි සහ නීල පෙරුමාල් - ජේම්ස් ටී රත්නම්
    ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
    ලංකා දේශපාලනයේ කුල අභියෝග - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
    කන්ද උඩරට සමාජ සංවිධානය සහ ප්‍රභූවරු - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

    බුදුන් වහන්සේ කියා ඇති විදියට අපි බ්‍රාහ්මණයෙක් වාසලයෙක් වෙන්නේ අපි ඉපදුණ තැනින් නෙමෙයි. අපේ ක්‍රියාවෙන්. අවාසනාවකට මේ කුල භේදය පෙර තරම්ම නොවුණත් අදටත් යම් පමණකින් හරි අපේ රටේ ජනතාව අතර දකින්න තියනවා. එය අනාගතයේදී නැත්තටම නැති වේවි කියලා අපි බලාපොරොත්තු තබාගනිමු.

    FB එකෙන් උපුටා ගත්තේමී​
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,337
    8,699
    113
    ලන්කාවෙ දැන් තියෙනෙ තමන්ට හිතවත් දෙයක් කරන එකා කුලවත්. තමන්ට වරදක් කරන එකා 'අඩු කුලේ පර හැත්ත' කියලා බනින මෝඩ කුල ක්‍රමයක්.
    ඒකනෙ ඉස්සර රාජපක්ශලා හෙන කුලවත් වෙලා දැන් අඩු කුලේ වෙලා තියෙන්නෙ. :lol:
     
    Last edited:

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    බුදුන් වහන්සේ කියා ඇති විදියට අපි බ්‍රාහ්මණයෙක් වාසලයෙක් වෙන්නේ අපි ඉපදුණ තැනින් නෙමෙයි. අපේ ක්‍රියාවෙන්.
    ඒක ඇත්ත, බලපන් මහා පාරේ අපේ උන් හැසිරෙන හැටි දැන්. සමහර විට ඔකුන් අපි දන්නේ නැති උනාට ඉහල කුළවල වෙන්න ඇති, ඒත් පොඩි කාලේ ඉදන් හැදිලා තියෙන විදිහට තමයි මිනිස්සු පස්සේ කාලෙකදිත් ජීවත් වන්නේ, ඔය ජාතක කතාවක් තියෙන්නේ කුරුල්ලෝ දෙන්නෙක් ගැනත්., එක කුරුල්ලක් හොරුන් රැලකටත් අනිත් කුරුල්ලා සදාරන විදිහට ජීවත්වෙන පව්ලකටත් ගිහින් මොකක්ද දිග කතාවක් මට මතක නැහැ ඔක්කොම ටික bla bla bla......, මිනිස්සු ඉතින් ඔහොම තමා, ආයේ හදන්න බැහැ
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    යතාර්ථය නම් කවුරුත් ඉහල කුලෙ නැහැ
    කොයි කවුරුත් පටන් ගන්නෙ බොහොම පොඩි අඩු කුලෙ පුද්ගලයෙක්ගෙන් .බල පෙරලි වෙද්දි කුලෙ උඩට යනව පහල යනවා.
    ඔය අපෙ රටවල් වලට යටත්විජිත සමයෙ ආපු සමහරක් විදේශිකයොත් ඒ රටවල් වල පහල ස්ටේටස් එකක් තිබ්බ උන්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලන්කාවෙ දැන් තියෙනෙ තමන්ට හිතවත් දෙයක් කරන එකා කුලවත්. තමන්ට වරදක් කරන එකා 'අඩු කුලේ පර හැත්ත' කියලා බනින මෝඩ කුල ක්‍රමයක්.
    ඒකනෙ ඉස්සර රාජපක්ශලා හෙන කුලවත් වෙලා දැන් අඩු කුලේ වෙලා තියෙන්නෙ. :lol:
    රාජපක්ශ -> රජාට පක්ෂ -> රජාට පුක දීගෙන ඉඳපු එවුන්
     
    • Haha
    Reactions: SK29

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අපි දන්න රාජපක්ශ පරම්පරාවත් ලොකු කුරුදු ඉඩම් තිබුණ උන්ද? නැත්නම් පස්සෙ දාගත්ත එකක්ද (ඒකත් හොරකම් කරලා)