ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්වය ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාතිපති ජූලි චෝන්ග් පවසන්නේ සාමකාමී ලෙස විරෝධතාවල නිරත වීමට සහ ප්රජාතන්ත්රවාදී ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ශ්‍රී ලාංකිකකයින්ට ඇති බවයි. ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය ගැන පරීක්ෂාවෙන් පසුවන බවත් ඉදිරි දිනවලදී සියළු පාර්ශවයන් වෙතින් සාමකාමී තත්වයක් අපෙක්ෂා කරන බවත් අමෙරිකානු තානාපතිවරිය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හැනා සින්ගර් හම්ඩි ද පවතින තත්වය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඇය පවසන්නේ මෙරට වර්ධනය වන තත්වයන් පිළිබද අධීක්ෂණයෙන් පසුවන බවයි. සියළු පාර්ශවයන් වෙතින් සංයමයක් බලාපොරොත්තු වන බවද ඇය වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.
යුරෝපා කොමිසමේ මෙරට කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාව තුළ හදිසි තත්වයක් ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි. සියළුම පුරවැසියන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරක්ෂිත කරන ලෙස ශ්‍රී ලංකා බළධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටින බවයි එම කාර්යාලය නිකුත් කළ ට්විටර් සටහනක දැක්වෙනනේ.
ඇඳිරිනීතිය නොතකා යක්කල විරෝධතාවය -
මෙරට සිටින ජර්මන් තානාපති හොල්ගර් සීබුට් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය පිළිබඳව ට්වීට් සටහනක් තබා තිබෙනවා. ඔහු එහි පවසන්නේ මෙරට තුළ හදිසි තත්වයක් ඇතැයි යන්න සත්‍යයක් බවයි. එහෙත් එය තව තවත් ව්‍යාකුල නොකළ යුතු බවයි තානාපතිවරයා සඳහන් කරන්නේ.
“ඇත්ත, ලංකාවේ හි හදිසි අවස්ථාවක් තිබේ. කෙසේ වෙතත්, හේතුව සහ ඵලය ව්‍යාකූල නොකරමු. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙළපාලි යන මිනිසුන් හදිසි අවස්ථාවක් නොවේ. ඔවුන් පාරට ගෙන එන්නේ හදිසි තත්වයකදී යි” යනු ජර්මන් තානාපතිවරයාගේ ට්වීට් සටහනයි.
Last edited: