ශ්‍රී ලංකාවේ දරුවන්.............

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ශ්‍රී ලංකාවේ දරුවන්.............

    ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් ලක්ෂ දෙකක් පමණ දෙනා මිටි දරුවන් බව යුනිසෙෆ් ආයතනය පවසනවා. තවත් ලක්ෂ තුනක් පමණ කෘෂ වීමේ තත්ත්වයට මුහුණ දී ඇති අතර තවත් මිලියන හතරක් පමණ දරුවන් නීරක්තියෙන් පෙළෙන බවයි යුනිසෙෆ් ආයතනයේ වෛද්‍ය ගාමිණී ජයකොඩි මහතා පවසන්නේ.



    ජයකොඩි මහතා මේ අදහස් පැවැසුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (13දා) පැවැති පෝෂණය සඳහා වන බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.



    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ගාමිණී ජයකොඩි මහතා පැවසූවේ “මේ වන විට දරුවන් අතර ස්ථූලභාවය දක්නට ලැබෙනවා. මෙයට හේතුව තමයි දරුවන් ක්‍රියාශිලී නොවීම. පාසල් දරුවන්ගෙන් සියයට පහළොවක් පමණ ස්ථූල වීමේ අවදානමට මුහුණ පා තිබෙනවා. උදේ පාසල් යන දරුවා සවස ටියුෂන් පන්තියට යනවා. පස්වරුවේ ගෙදර එන පාසල් දරුවා බිස්කට් පැකට්ටුවක් අතින් ගෙන රූපවාහිනිය ළඟ වාඩි වෙනවා. මේ තත්ත්වය නිසා දරුවන්ට ක්‍රියාශීලී ලෙස ගෙවා දමන්න අවස්ථාව ලැබෙන්නේ නෑ.“

    - Source: http://offair.nethfm.com
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආර්යා මුලින්ම මැරුවෙත් මහත ලමෙක්ව :yes: :yes:
    නීඩ්ල් එක තිබ්බ විතරයි නිකංම බඩ ඇතුලට බැස්ස :baffled: :baffled: