ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු කෘත්‍රීම වෙරළ තීරය අද ( 15දා ) විවෘත විය. ඒ කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේදීය. ඒ අනුව අද සිට මෙම කෘත්‍රිම වෙරළතීරය නැරඹීම සඳහා මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයන්ටද නොමිළේ අවස්ථාව හිමිවේ. මීට පෙර පෝර්ට් සිටි සංකීර්ණ තුළ ඉදිවූ ඇවිදින මංතීරුව ජනතාවට විවෘත කර තිබුණි. ඊට ආසන්නයේම අද විවෘත වූ මෙම කෘතීම වෙරළ තීරයද මෙරට ජනතාවට නවමු අත්දැකීමක් එක් කරනු ඇත. මෙම කෘතීම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක්ද මහජනතාවට විවෘත කර තිබේ. කෘත්‍රීම වෙරළ තීරයේ දිය නෑමට සහ ජල ක්‍රීඩා සිදුකර විනෝද වීමට දෙස් විදෙස් ලොකු කුඩා සැමට අවස්තාව හිමිවනු ඇත.


