ශ්‍රී ලංකාවේ පළමු සමලිංගික චිත්‍රපටය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ශ්‍රී ලංකාවේ පළමු සමලිංගික චිත්‍රපටය

    dadfafs.jpg



    ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය බව එහි අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් පවසයි.

    චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතය ලෙස සමලිංගික චරිතයක් පෙනී සිටීම සහ සමලිංගික චරිත සම්බන්ධයෙන් චිත්‍රපටය හරහා ගොඩ නගන යහපත් ආකල්පය යන නිර්ණායක මුල් කර ගනිමින් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ බිහි වූ පළමු සමලිංගික චිත්‍රපටය ලෙස හැඳින්විය හැකි බව සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේය.

    ‘සමකාමී චරිතයක් හෙළා දකින කෘතියක් සමකාමී සිනමා කෘතියක් හැටියට සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සිනමා උළෙලවල් වල සලකන්නේ නැහැ. ඒ නිර්වචනයේ පිහිටා බැලුවොත් ෆ්‍රැන්ජිපැනි කියන්නේ ලංකාවේ මුල්ම වතාවට සමකාමී ආදරයක් ගැන කතා කරන චිත්‍රපටය කියලා කියන්න පුළුවන්’ අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් පැවසුවේය.

    නමුත් ‘මලට නොඑන බඹරු’ සහ ‘තනි තටුවෙන් පියාඹන්න’ වැනි සමලිංගික චරිත හෝ එවැනි තේමාවක් සහිත චිත්‍රපට මීට පෙර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

    මිනිසුන්ට ආදරය කිරීමට ඇති අයිතිය පෙන්වා දීමේ අරමුණින් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය නිර්මාණය කළ බව ලේඛක විසාකේස චන්ද්‍රසේකරම් පැවසුවේය.

    ‘සමකාමී වචනේ පාවිච්චි කරන්නෙම අපි මේක ලිංගිකත්වයෙන්, ලිංගික සම්බන්ධතාවලින් එහා යන දෙයක්. පුද්ගලයින් එකිනෙකා කෙරෙහි ආදරයක් ඇති වෙනවා. දෙවනුව මේක ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කතාවක්. මොකද අපිට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයකට යන්න බැහැ සුළුතරයකගේ මතය සහ අභිලාෂයන් අමතක කර දාලා සහ ඒවාට කන් නොදී’ ඔහු සඳහන් කළේය.

    ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය රංගන ශිල්පීන් සොයා ගැනීම සහ චිත්‍රපටය යම් කිසි වාරණයකට හෝ තහනමකට ලක් වේවිද යන්න සම්බන්ධයෙන් තමන්ට ගැට‍ළු පැවති බවත් සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේය.

    ‘මේ චිත්‍රපටයේ තේමාව ගැන දැන ගත්ත ගමන් සහ චිත්‍රපටයේ පිටපත කියවපු ගමන් බොහෝ දෙනෙක් කිව්වා කොහෙත්ම බැහැ කියලා. සමහර අය මුලින් එකඟ වෙලා පස්සේ අතහැරලා දැම්මා’ ඔහු පැවසීය.

    සුන් පතිරණ, ජෙහාන් ශ්‍රී කාන්ත් සහ යශෝධා රසඳුනි යන කලා ශිල්පීහු ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතියට රංගනයෙන් දායක වෙති.

    ‘ඒ තිදෙනා ලොකු අභියෝගයක් භාර ගත්තේ. මොකද ඒක ඉදිරියට ඒගොල්ලන්ගේ වෘත්තීය ජීවිතේට බලපාන්න පුළුවන් කියන ප්‍රශ්නය දැන දැන තමයි ඒගොල්ලෝ ඒ චරිත භාර ගත්තේ. නමුත් මම හිතනවා ඒගොල්ලෝ ඉතා ඉහළ මට්ටමේ දායකත්වයක් දුන්නා කියලා ඒකට’ විසාකේස චන්ද්‍රසේකරම් කියා සිටියේය.

    මේ අතර චිත්‍රපටය රූගත කිරීමේදී බොහොමයක් ශ්‍රී ලාංකික සිනමාකරුවන් මුහුණ දෙන ගැට‍ළුවකට තමාටද මුහුණ දීමට සිදු වූ බව ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතියේ නිෂ්පාදකවරයා සඳහන් කළේය.

    ‘සමහර තැන්වලදී පහුගිය යුද කාලයත් එක්ක ඇතිවෙච්ච දේවල් නිසා මිලිටරිකරණයක් සිදු වෙලා තියනවා. කොළඹ ඇතැම් ස්ථානයකට ගිහිල්ලා කැමරාවක් ලෑස්ති කර ගත්ත ගමන් සිවිල් ඇදුමෙන් ඉන්න පොලිස් නිලධාරීන් ඇවිත් ප්‍රශ්න කරනවා. ඒවගේ ප්‍රශ්න ගණනාවකුත් අපට ආවා.’ ඔහු කියා සිටියේය.

    ශ්‍රී ලංකාවේ බොහොමයක් සිනමාහල් තුළ ඩිජිටල් ප්‍රක්ෂේපන යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය අවශ්‍ය ආකාරයට සකසා තිර ගත කිරීම ඇතුළු ප්‍රචාරක කටයුතු සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදු වන බැවින් ඒ සඳහා අනුග්‍රාහකයෙක් සොයා ගත යුතු බවත් ඔහු පැවසුවේය.

    ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය ශ්‍රී ලංකාවේ තිර ගත් කිරීමට පෙර ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් සඳහන් කළේ.

    ‘අනික් අතට ලංකාවේ ජනතාව සහ ප්‍රේක්ෂකයා කෙරෙහි විශ්වාසයක් තබලා තියනවා ඒගොල්ලෝ මේක ඉතාමත් යහපත්ව හා සාධනීය ලෙස පිළිගනියි කියලා. මොකද ඒගොල්ලෝ මේක හඳුන ගනියි මේක තමන්ගේම දරුවන්ගේ තමාගේම සහෝදරයන් හා සමාන පිරිසකගේ අයිතිවාසිකම් ගැන කතා කරන කෘතියක් කියලා’ ඔහු කියා සිටියේය.

    ලන්ඩන් සිනමා උළෙලේ දින තුනක් තිර ගත වූ ‘ෆ්‍රැන්ජිපැනි’ සිනමා කෘතිය, මැඩ්රිඩ් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොදම විදෙස් සිනමා කෘතිය සහ හොදම විදෙස් අධ්‍යක්ෂණයට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ බවත් සිනමා අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් වැඩිදුරටත් කියා සිටියේය.


    – BBC
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තෝම හොයාගෙන මෙතන ලින්ක් එකත් දාල අප්පිරියයි කියල අපිට කියනවා :frown:
    රිදොගෙනහ් දුවගෙනහ් ඇවිල්ලා :lol::lol::lol:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඇයි බං මේ හැම රෙද්දටම හාමුදුරු චරිත පටලගන්නේ? හැම චාටර් ෆිල්ම් එකකම බුද්ධාගමත් ගාවගෙන තියෙනවා.....
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මම හිතන්නේ මීට කලින් ගොඩක් ෆිල්ම් තිබිලා තියනවා සමලිංගිකත්වය නිරුපනය කරපු චිත්‍රපටි ලංකාවේ, නමුත් මේක වෙන්න ඇති සම්පුර්ණයෙන්ම සමලිංගිකත්වය තේමාව කර ගත්ත චිතරපටය එහම් නේද.?