ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර බලන්න යමු.

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර බලන්න යමු.

    නෙට් එකේ රවුම් ගහ ගහ ඉන්නකොට ලංකාවේ ප්‍රදීපාගාර ගැන තියෙන තැනක් හම්බවුනා. ඒ ඔක්කොම එකතු කරලා සිංහලෙන් කොටලා දාන්න හිතුනා. මේ තමයි ලංකාවේ සිතියමේ තියෙන විදිහට ප්‍රදීපාගාර ටික. වටේටම මුහුද නිසා ඉතින් වටෙන්ම තියෙන්නත් එපායෑ. මේවා හුගක් හදලා තියෙන්නේ අවුරුදු 100කට 200කට කලින්. ඉතින් සමහරක් ඒවා නම් දැන් වැඩ කරන්නෙත් නෑ. ඒත් ඒවා වල හුගක් ලොකු ඓතිහාසික වටිනාකමක් තියෙනවා. පින්තූර නම් ගත්තේ ජංජාලයෙන්ම තමයි. කතෘ අයිතිය ඔවුන් සතුයි.

    මුලින්ම බලමුකො මේවා තියෙන්නෙ කොහෙද කියලා.

    lighthouse_map_2.jpg


    බේරුවල ප්‍රදීපාගාරය

    86733253.jpg


    මුලින්ම කියන්නේ බෙරුවල ප්‍රදීපාගාරය ගැන, මේකෙ උස මීටර් 34යි, වැඩ ඉවර කරලා තියෙන්නේ 1890 දී. තවමත් ක්‍රියාත්මක වෙනවා. මාරු ක්‍රමයට මෙතන 5 දෙනෙක් වැඩ කරනවලු. හවස 6.30 ඉදන් උදේ 6.30 වෙනකන් මිනිත්තුවකට වතාවක් ආලෝකය නිකුත් කරමින් නාවිකයන්ට / ධීවරයන්ට පාර කියනව කියල තමයි කියන්නේ. උඩට නැග්ගහම ඉර බහින වෙලාවට හරි අපූරුවට මේ වගේ පරිසරය පේනව කියල තමයි කියන්නේ

    86733240.jpg


    මඩකලපුව ප්‍රදීපාගාරය

    02_big.jpg


    මෙතනට නම් මමත් ගිහින් තියෙනවා. උස මීටර් 28යි, තවමත් වැඩ. මේක හදලා තියෙන්නේ 1913දි විතර. කලපුව හරි ලස්සනට පේනවා. මඩකලපුවෙ කිව්වට මේක තියෙන්නේ නගරෙමත් නෙවේ, ටිකක් විතර ඈතින්. කොටි ත්‍රස්තවාදීන් නිසා ටික කලක් අතෑරල දාන්න වුනත් පස්සේ දැන් වැඩ. 2004දි සුනාමි නිසාත් ටිකක් හානි වුනා කියලා තමයි කියන්නේ.

    කොළඹ නව ප්‍රදීපාගාරය

    ColomboPortLighthouse.jpg


    කොළඹ වරායේ දකුණට වෙන්න ගල් බොක්ක කියන තැන තමයි මේක තියෙන්නේ. මේත ක්‍රියා කරවන්නේ වරාය අධිකාරියෙන්. උස මීටර් 34යි, මේක හදලා තියෙන්නේ 1952දි විතර පරණ ප්‍රදීපාගාරය (දැන් චැතම් පාරේ තියෙන ඔරලෝසු කණුව මම හිතන්නේ ) වැඩ නැවැත්තුවහම.

    කොළඹ පරණ ප්‍රදීපාගාරය

    lighthouse.jpg


    මේක කොළඹ තියෙන පැරණිම ස්මාරක වලින් එකක්. චැතම් පාරේ තියෙන්නේ. දැන් නම් වැඩ කරන්නේ නෑ, දැන් මේක ඔරලෝසු කණුවක් විදිහට තමයි තියෙන්නේ. 1829දි වැඩ අවසන් කරලා 1860දී ඔරලෝසුවකුත් එකතු වෙලා තියෙනවා, 1952න් පස්සේ වැඩ නවත්වල තියෙන්නේ ඔය වටේට හැදුන ගොඩනැගිලි නිසා ඒකාර්ය අලුත් ප්‍රදීපාගාරයට පැවරුවට පස්සෙ තමයි.

    කොළඹ දිය කඩන වල ඉදිවුන ප්‍රදීපාගාර

    col_southwest.jpg


    මෙතන ප්‍රදීපාගාර 4ක් තියෙනවා, ඒ උතුරු අන්තයේ, දකුණු අන්තයේ, ඊසාන දිගින් හා නිරිතින් ඉදිවුන ඒවා. මේවා 1907, 1905, 1907, 1903 කාල වල තමයි ඉදි වෙලා තියෙන්නේ. උස සාමාන්‍යයෙන් මීටර් 12ක් 10ක් විතර වගේ තමයි.

    දෙවුන්දර ප්‍රදීපාගාරය

    DSCF5112.jpg


    මීටර 49ක් උස ලංකාවේ උසම ප්‍රදීපාගාරය මේ තියෙන්නේ. 1890 ඉදන් තවමත් ක්‍රියාකාරී එකක්. විදුලි බලය නැති කාලයේ තල්මස් තෙල් වලින් තමයි ආලෝකය උපදවලා තියෙන්නේ. මීදුම තියෙන අවස්තාවලදී ආලෝකයට අමතරව සීනුවකුත් නාද කරනවා කියලා තමයි කියන්නේ. මෙතනටත් සුනාමඉ එනකොට සුළු හානි වෙලා තියෙනවා.


    සාමපුර (සාම්පූර්) ප්‍රදීපාගාරය

    11337222.jpg


    උස මීටර් 32ක් වුන මේක නිම කරලා තියෙන්නේ 1863 දී. පින්තූරය දැක්කහම හිතා ගන්න පුළුවන්නේ මෙක දැන් වැඩ නෑ කියලා. හෙතුව ඉතින් කොටිම තමයි.

    ගාල්ල ප්‍රදීපාගාරය

    DSCF0207.JPG


    උස මීටර් 26.5ක් වුන මේක නිම කරලා තියෙන්නේ 1939 දී. මේක ස්වයංක්‍රීයව පාලනය වෙන එකක්. තියෙන්නේ ගාලු කොටුවේ කෙලවරකට වෙන්න, මම මතනටත් ගිහින් තියෙනවා. මෙතන පහල නාන්න පුළුවන් සුපිරි පොට් එකකුත් තියෙනවා. හැබැයි මට මතක විදිහට මේකට නගින්න නම් දෙන්නේ නෑ.

    ඉතුරු ටික වෙලාවක් තියෙන විදිහට දාන්නම්, ගත්තේ මෙතනින්
     
    Last edited: