ශ්‍රී ලංකාවේ මහා භූ කම්පනයක් ! සුරියවැවෙනš

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    ශ්‍රී ලංකාවේ මහා භූ කම්පනයක් ! සුරියවැවෙනš

    ශ්‍රී ලංකාවේ මහා භූ කම්පනයක් ! සුරියවැවෙන් ගිනි කන්දක් !
    භූ විද්‍යාඥක් සහ අනාවැකිකරුවෙකු අනතුරු අගවයි
    2015-05-14 10:14:47



    ඉදිරියේදී ශ්‍රී ලංකාවට භූ කම්පන අවදානමක් ඇති විය හැකි බව මහාචාර්ය සී. බී. දිසානායක මහතා පවසන අතර, අනාවැකිකරුවෙකු වන ඉන්දික විජේවර්ධන මහතා පවසන්නේ භූ කම්පන පමණක් නොව ගිනි කන්දක්ද මතු වීමේ අවධානමක් ඉදිරියේදී ඇතිවී හැකි බවයි.

    ඉදිරි කාල සීමාව තුලදී දැවැන්ත භූ කම්පනයක් ඇතිවන බව මහාචාර්ය සී. බී. දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් පළකර තිබෙනවා. ඔහු පවසන ආකාරයට ඉන්දියානු සහ ඔස්‌ට්‍රේ‍ලියානු භූ තලය ආශ්‍රිතව අස්ථායි භූ තල කලාපයක් නිර්මාණය වීමයි මෙයට හේතුව වී ඇත්තේ. අළුතින් ඇතිවූ වූ මෙම භූ තල විභේදන කලාපය ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 500ක් 700ක් පමණ දුරකින් පිහිටා තිබෙනවා. එම නිසා මෙමගින් ශ්‍රී ලංකාව දැඩි අවධානම් තත්වයක පවතිනවා.

    මහාචාර්යවරයා පවසන පරිදි භූ තල කලාප නිර්මාණය වීමට ආරම්භ වන්නේ මිට අවුරුදු මිලියන 50කට පමණ පෙර සිටයි. විශාල ප්‍රදේශයක් පුරා ඉරි තලා යාමෙන් අස්ථායි භූ තල කලාපයක් නිර්මාණය වේ. දැනටම ඉන්දියානු - ඕස්ට්‍රේලියානු භූ තලයේ ඉරි තැලීම ආරම්භ වී ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් සදහන් කළා. මධ්‍යම කදුකරයේ සිදුවන නායයෑම් සදහා මෙයින් දැඩි බලපෑමක් ඇතිවන බවද පවසා සිටියා. මේ දැවැන්ත භූ කම්පනයට මුහුණ දීම සදහා දැන් සිටම සුදානම් වියයුතු බව මහාචාර්ය සී. බී. දිසානායක මහතා පවසනවා.

    මේ අතර අනාවැකිකරුවෙකු වන ඉන්දික විජේවර්ධන මහතා පවසන්නේ ඉදිරි මාස තුනක කාලය ඇතුළත ඉන්දියාව ආශ්‍රිතව තවත් භූ කම්පන දෙකක් සිදුවන බවයි. මේ චලනයන් නිසා කිසිම බෞද්ධ ස්ථානයකට හානියක් නොවන බවද ඔහු සදහන් කළා. ඉදිරියේදී සිදුවීමට නියමිත භූ කම්පනය නේපාලයට කිලෝමීටර් 300 - 250 අතර ප්‍රදේශයක සිදුවනු ඇති බවට ඔහු අනාවැකි පළකරනවා.

    එම සිදුවීමෙන් පසු ශ්‍රී ලංකාවේද භූ කම්පනයක් සිදුවන අතර සූරියවැව උණුදිය පොකුණු පිහිටි ප්‍රදේශයේ සිට වැලිමඩ ප්‍රදේශය දක්වා සෙන්ටිමීටර් 3ක නලයක ප්‍රමාණයෙන් ගිනි කන්දක් හටගන්නා බවත් එයින් කිසිම කෙනෙකුට හානියක් සිදුනොවන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.

    භූ කම්පන ඇතිවීමට ඉඩ ඇති ප්‍රදේශ වලින් ලබා ගන්නා පස් සාම්පල් පරික්ෂා කිරීමත්, අළුයම් කාලයේදී පසෙන් නිකුත් වන ශබ්දයට කන්දිමෙන් මේ නිගමන වලට එළඹෙන බව පවසනවා. මේ භූ චලන සිදුවන දින ඉදිරියේදී මාධ්‍ය වෙත දැනුම් දීමට කටයුතු කරන බවද ඔහු පවසනවා.






    http://offair.nethfm.com/article/19016
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනාවැකි කියන්න බැරි දෙයක් ඔක. කාලගුනේ වගේ නෙමෙයි. එහෙම කියන්න පුලුවන්නම් නේපාලෙට එහෙම වෙන්නේ නැ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    සුරියවැව ගිනිකන්දක් මතු උනා කියන්නේ මැදමුලනත් ලාව වලට යටවෙනවා ඉක්මනට මහින්දව ගේමු
     

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    සුරියවැව ගිනිකන්දක් මතු උනා කියන්නේ මැදමුලනත් ලාව වලට යටවෙනවා ඉක්මනට මහින්දව ගේමු

    තොගෙ අම්මගෙත් මාසෙකට සැරයක් ගාව ගලනව නේද පොන්නයා
     
    • Like
    Reactions: kinkon

    Similar threads