ශ්‍රී ලංකාවේ සර්පයෝ 01-තෙල් කරවලා

maxma25

Member
Feb 14, 2015
44
13
0
ශ්‍රී ලංකාවේ සර්පයෝ 01-තෙල් කරවලා

මේ සර්පයා Elapidae කුළයේ Elapinae කියන උප කුළයට අයිති වෙනවා. මෙයාගේ විද්‍යාත්මක නම Bungarus caeruleus.
තෙල් කරවලා පහතරට වියළි කලාපයේ සහ අතරමැදි කලාප වල බහුලව හමුවෙනවා. අනුරාධපුර, බලංගොඩ, නාච්චදූව, මින්නේරිය, කතරගම, නකල්ස්, පුත්තලම, කුරුණෑගල ආදී ප්‍රදේශ වලින් මෙම සර්පයා හමුවූ බව වාර්තා වෙලා තියෙනවා.
මේ සර්පයා මධ්‍යම ප්‍රමාණයේ සිලින්ඩරාකාර ශරීරයක් දරනවා. ගෙල ශරීරයෙන් පැහැදිලිව වෙන්වෙලා නෑ. කලු පාට කෙටි වලිගයක් තියෙනවා. කලු පාට ශරීරය පුරා සුදු පාට වලලු පිහිටනවා. මේක තමයි මේ සර්පයා හදුනාගන්න තියෙන ප්‍රධානතම ලක්ෂණය. මෙයාලගේ යටි පැත්ත සුදු පාටයි.
හිස දෙපස කුඩා ඇස් පිහිටනවා.
කලිනුත් කිව්වා වගේ මෙයා උග්‍ර විෂ සහිත සර්පයෙක්. තෙල් කරවලෙකුගේ දෂ්ඨනයෙන් පස්සේ සපා කෑ ස්ථානය තදින් ඉදිමෙනවා. සර්ප දෂ්ඨනයෙන් පසු හුස්ම ගැනීම අපහසු වෙනවා. දිව එලියට දැමීම වගේම කථා කරන්නත් අපහසු වෙනවා. තෙල් කරවලෙකුගේ දෂ්ඨනයක් සිදුවූ විගසම නිවරදි ප්‍රථමාධාර ලබා දීම සිදුකර වහාම නිවරදි වෛද්‍ය ප්‍රථිකාර සදහා රෝගියා යොමු කරන්න ඕනි. නැත්නම් මරණය වුවත් සිදු වෙන්න පුලුවන්.
තෙල් කරවලා කියන්නේ නිශාචර සර්පයෙක්. දිවා කල කොළ රොඩු යට සහ පසේ කුහර තුළ වෙසෙනවා. භෞමික සර්පයෙක්.
කුපිත කිරීමකින් තොරව වුවත් පහර දීමට පෙළඹීමේ ස්වාභාවයක් මේ සර්පයා තුළින් දකින්න පුලුවන්.
වැඩුනු තෙල් කරවලෙක් සෙන්ටිමීටර 80 ත් 150 ක්පමණ දිගකට වැඩෙනවා.
මීයන්, ගෙම්බන්, හූනන්, සිකනලුන් විතරක් නෙමෙයි වෙනත් නිර්විෂ කුඩා සර්පයින්ද මෙයාලා ආහාර වශයෙන් ගන්නවා.

Indian+kiret.jpg


uputa ganamki
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තෙල් කරෝලයා නේ ඔකව දුටු තැන සමූහ ඝාතනය කරන්න ඕනී :growl: