ශ්‍රී ලංකාවේ සර්පයෝ 02-මහවාලක්කඩියා

maxma25

Member
Feb 14, 2015
44
13
0
ශ්‍රී ලංකාවේ සර්පයෝ 02-මහවාලක්කඩියා

අද අපි කතා කරන්න යන්නේ මුහුදු සර්පයෙක් ගැන. මෙයා තමයි මහවාලක්කඩියා එහෙමත් නැත්නම් Stoke's Sea Snake කියලා ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වන සර්පයා. මෙයා උග්‍ර විෂ සහිත සර්පයෙක්. Astrotia stokesii කියන විද්‍යාත්මක නමින් හදුන්වන මේ සර්පයා මෙන්න මේ විදිහට ජෛව විද්‍යාත්මකව වර්ගීකරණය කරන්න පුලුවන්.

Kingdom : Animalia

Phylum : Chordata

Class : Reptilia

Order : Squamata

Suborder : Serpentes

Family : Hydrophiidae

Genus : Astrotia

Species : A. stokesii

Binomial name : Astrotia stokesii (Gray, 1846)

ශ්‍රී ලංකාවේ උතුරු, බස්නාහිර, වයඹ සහ දකුණු වෙරළබඩ ආශ්‍රිත මුහුදේ වගේම ගැඹුරු මුහුදේ දීත් මේ සර්පයාව හම්බුවෙනවා. ලංකාව වගේම ගල්ෆ් මුහුදු තීරය ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, පැපුවා නිව්ගිනියාව, පිලිපීනය, ඔස්ට්‍රේලියාවේ උතුරු හා නැගෙනහිර වෙරල තීරය, චීන මුහුද ආශ්‍රිත වෙරල තීරයෙනුත් මෙයාව බහුලව හම්බුවෙනවා.

මේ සර්පයා අනෙක් මුහුදු සර්පයින්ට සාපේක්ෂව තරමක් විශාල ශරීරයකට උරුමකම් කියනවා. ඒත් අනෙක් මුහුදු සර්පයින් තරම් දිගට වැඩෙන්නේ නෑ. කෙටි ශරීරයක් තමයි මෙයාට තියෙන්නේ. විශාල හිසක් තියෙනවා. ශරීරය තරමක් පැතලි ස්වාභාවයක් ගන්නවා. මුහුදු ජලයේ වැඩි වෙලාවක් ජීවත් වෙන් නිසා මෙයාගේ ශරීරගේ ගොඩක් වෙලාවට ඇල්ගී වර්ග , කුඩා බෙල්ලන් සවිවෙලා ඉන්නවා දැක ගන්න පුලුවන්.

කුඩා කාලයේදී මේ සර්පයාගේ ශරීරය පෘෂ්ඨීයව සුදු, කහ, හෝ දුඹුරු පාටක් ගන්නවා. කලු හෝ තද දුඹුරු පාට වලලු 24ත් 34ත් අතර සංඛ්‍යාවක් ශරීරය දිගේ පිහිටලා තියෙනවා. ඇතැම් වෙලාවට මේ වලලු අතර කුඩා තිත් දැක ගන්න පුලුවන්. හොදින් වැඩුනු සර්පයෙක් ගේ ශරීරය දුඹුරු පැහැයට හුරු පැහැයක් ගන්නවා. උදර ප්‍රදේශය සුදු පැහැයක් ගන්නවා.

මහවාලක්කඩියා ඇතැම් වෙලාවට විශාල කණ්ඩායම් ලෙසට මුහුදේදී හමුවෙනවා. මෙයා සෙමින් සංචරණය කරන සර්පයෙක්. ඒත් තරමක් ආක්‍රමණශීලී සර්පයෙක්.

අන්ඩ ජලාබුජ සර්පයෙක් වෙන මහවාලක්කඩියා එක් ප්‍රඡනන සමයකදී ජනිතයින් 12ක් පමණ මෙලොවට බිහිකරනවා. උපතේදී 300mm පමණ දිගකින් යුක්ත වුවත් මේ සර්පයා 1 /1.5m පමණ දිගකට වර්ධනය වෙනවා.


මේ සර්පයා මුහුදු පත්ලේ ආහාර මත යැපෙනවා. මහවාලක්කඩියා රතු දත්ත පොතේ Least Concern (LC) කාණ්ඩය යටතේ වර්ග කර තියෙනවා. මුහුදේදී ධීවරයත්ගේ දැල් වලට හසුවීම වර්තමානයේ මේ සර්පයාට ඇති ප්‍රබලතම තර්ජනය බවට පත්වෙලා තියෙනවා.