ශ්‍රී ලංකාව ඉන්දියාවය යාකෙරෙන පාලමක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් මුහුදු පාලමක් සහ මුහුදු උමං මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ඉන්දීය මාර්ගස්ථ මගි ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය නිතින් ගඩ්කාරි පවසයි.
ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු සීමාවන් අතර දුර කිලෝමීටර් 23 ක් පමණ වන බැවින් ඒ අතර මුහුදු පාලමක් ඉදිකිරීමට හැකියාව පවතින බව ඔහු පෙන්වාදෙයි. මෙහිදී අමංමාර්ගයක් ඉදිකිරීම තුල පෝක් සමුද්‍ර සන්ධිය හරහා සිදුකරන නාවික කටයුතු වලට බාධාවක් නොමැතිව මෙම මාර්ගයේ ප්‍රවාහන කටයුතු සිදුකල හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ ඉන්දියාව අතර බස් රථ සේවා ආරම්භ කිරීම සහ මෝටර් රථ ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඉන්දිය ප්‍රවාහන අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු පාලමක් සහ මුහුදු උමං මාර්ගයක් ඉදිකිරීමෙන් සාර්ක් රටවල මාර්ග හා ප්‍රවාහන ජාලය වැඩි දියුණු වන බව නිටින් ගඩ්කාරි පවසයි.
පෝක් සමුද්‍ර සන්දිය හරහා මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට මුදල් ප්‍රතිපාදන සහ පූර්ව ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවට මේ වන විටත් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
එම ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 23 ක මුදලක් වැය වනු ඇති බවට මේ වන විට තක්සේරු කර ඇති අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් ඉදිකරන මාර්ගය ඉදිරියේදී මියන්මාරය හරහා තායිලන්තය දක්වා පුළුල් කිරීමට ද අපේක්ෂා කරන බව නිතින් ගඩ්කාරි ප්‍රකාශ කර තිබේ
Source http://www.lankagossipgirlnewslk.com/2015/06/bridge-to-connect-india-to-sri-lanka.html

Thailand walin Ausi walatath wage haduwa nam hari
ethakota indian aya mehe ei

මේ තියෙන්නේ පහල පොටෝ එකේ විස්තරේ .. 