ශ්‍රී ලංකා ගිනි නිවීම් සේවය
අපේ රටේ සමහර ආයතන තියෙනව රටේ මිනිස්සු වැඩිය නොදන්නා නමුත් බොහොම වටිනා සේවයක් නිහඩවම ලබා දෙන. ශ්‍රී ලංකා ගිනි නිවීම් සේවය කියන්නේ ඒ වගේ ආයතනයක්. මුලින්ම පොඩ්ඩක් ඉතිහාසය හොයල බලමු. අපේ රටේ ගිනි නිවන හමුදාව ගොඩක් පරණ අතීතයක් තියන තැනක්. බ්‍රිතාන්‍ය පාලන සමයේ තම මුලින්ම මෙහෙම එකක් පටන් ගත්තේ. ඒ 1892 දී කොළඹ ගිනි නිවීම් සේවය විදියට . ඒ කාලේ ගොඩක් ම සුළු ජාතිකයන් තම මේකේ සේවය කලේ. මුස්ලිම් සහ බර්ගර් අය ප්‍රධාන වශයෙන්. ලෝක යුද්ද කාලේ කොළඹට බෝම්බ දාපු අවස්ථාවල ඇති උන ගිනි ගැනීම් සහ ජීවිත බේරා ගැනීමේ කටයුතු වලට ප්‍රධාන වශයෙන්ම මැදිහත් උනේ මේගොල්ලෝ තමා.
මෑත ඉතිහාසයේ ගිනි නිවන හමුදාව මුහුණ දුන්න ලොකුම අභියෝගය ආවේ 1996 ජනවාරි 31. කොළඹ කොටුවේ පිහිටි මහ බැංකු ගොඩනැගිල්ලට එල්ල උන ත්‍රස්ත ප්‍රහාරය කාටත් මතක ඇති.
ඒ අවස්ථාවවේ ගිනි නිවන හමුදාවේ නිලදාරීන් ක්‍රියාත්මක වෙලා ගොඩනැගිලි වල හිර වෙලා හිටපු සිය ගණනින් බෙර ගත්තා. සියලු දෙනා එක දිගට දවස් ගණන් වැඩ කරලා තමා අන්තිමට ගිනි නිවාගෙන තත්ත්වය පාලනය කර ගත්තේ. ඒ කාලේ කොළඹ ගිනි නිවීම් සේවය අයිති උනේ කොළොඹ මහ නගර සභාවට. නමුත් රටේ පවතී තත්වය නිසා ඒ කාලේ හිටපු රජය ගිනි නිවීම් සේවය ගුවන් හමුදාව යටතට පත් කලා. කොළොන්නාවේ තෙල් ටැංකි වල මහ ගින්න ඇති උනෙත් මේ කළෙම තමා.
පස්සේ ගිනි නිවීම් සේවය නැවත කොළොඹ මහ නගර සභාව යටතට පැවරුන. ලඟකදී ඉඳල ගිනි නිවීම් සේවය ප්‍රතිසංවිධානය කරන්න පටන් අරන් තියෙන්නේ නෙදර්ලන්ත රජයේ ආධාරය ඇතිව පළාත් පාලන අමාත්‍යංශය මගින්. ඒ අනුව ලංකාවේ ප්‍රධාන නගර 18 ක ගිනි නිවීම් අංශ දැනට පිහිටුවල තියනවා. මෙතනදී කියන්න ඕනේ මහනුවර, යාපනේ වගේ නගර වල මුල ඉඳන්ම ගිනි නිවීම් අංශ තිබුන බව. කොළොඹ ගිනි නිවීම් සේවය යටතේ ප්‍රධාන වශයෙන් කොටුව, හෙට්ටියාවත්ත, ග්‍රෑන්ඩ්පාස් , ටවුන්හෝල් වගේ ගිනි නිවීම් සේවා මධ්‍යස්ථාන පාලනය වෙනවා. ප්‍රධාන මූලස්ථානය තියන්නේ කොළොඹ 10 ඩාර්ලි පාරේ. කෝට්ටේ, දෙහිවල-ගල්කිස්ස, මොරටුව කොළොඹ අවට තියන අනිත් ගිනි නිවීම් සේවා මධ්‍යස්ථාන .
ප්‍රාදේශීය වශයෙන් ලංකාවේ හැම මහ නගර සභා සහ නගර සභාවකටම තමන්ගේම ගිනි නිවීම් අංශයක් තියනවා. අපේ ගුවන් , නාවික හමුදා වලට ඔවුන්ගේම විශේෂ ගිනි නිවීම් ඒකක තිබෙනවා . ගුවන් තොටුපල, වරාය සහ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන , අපනයන ප්‍රවර්ධන මධ්‍යස්ථාන (බියගම, කටුනායක ) වලටත් තමන්ගේම ගිනි නිවීම් ඒකක තිබෙනවා. 110 දුරකථන අංකයෙන් අවශ්‍ය මොහොතකදී මේ අයගේ සේවය ලබා ගන්න පුළුවන්. හදිසි ගිලන් රථ සේවා ලබාදීමත් මේගොල්ලන්ගේ රාජකාරියේ කොටසක් වෙනවා. ගිනි ගැනීම් විතරක් නෙවෙයි වෛද්‍ය හදිසි අවස්ථා, ස්වභාවික විපත්, හදිසි අනතුරු, සතුන් බේරා ගැනීම, ප්‍රථමාධාර ලබා දීම, අනතුරු ගැන ජනතාව දැනුවත් කිරීම, ගොඩනැගිලි සදහා ගිනි ආරක්ෂණ සහතික දීම වගේ කටයුතු රැසක් ගිනි නිවීම් සේවා මධ්‍යස්ථාන වලින් සිදු කරනවා. අපේ රටේ ගිනි නිවීම් පුහුණු මධ්‍යස්ථානය තියෙන්නේ වැල්ලවත්තේ රොක්සි ගාර්ඩන්ස් වල.
අපේ රටේ ගිනි නිවීම් සේවා දියුණු රටවල් වගේ රට පුරාම පැතිරිලා නැහැ. ප්‍රධාන නගර ආශ්‍රිතව තම තියෙන්නේ. දියුණු රටවල් ඒ කියන්නේ ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල ගිනි නිවීම් සේවා පවතින්නේ ස්වෙච්චා (voluntary ) සේවා සපයන ආයතන හැටියට. ඒ කියන්නේ ගමේම මිනිස්සු තමා පුහුණු වෙලා අවශ්‍යතාවය අනුව සේවය සපයන්නේ . ගිනි නිවීම් සේවයේ වටිනාකම රටේ ආරක්ෂක හමුදාවක් තරන්ම වැදගත්. ගිනි නිවන භටයෙකු වීම හමුදා භටයෙකු වීමටත් වඩා අමාරු කාර්යයක් වෙන්නේ පුහුණුව බොහොම අමාරු නිසා. ඉඩ ලැබුණු හැම අවස්ථාවකම ඔවුන්ගේ සේවය අගය කරන්න අතපසු කරන්න එපා. ඔවුන් කරන්නේ බොහොම අමාරු රාජකාරියක්.

Last edited: