අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට නිකුත් කර තිබෙනවා.
ඇමරිකාවේ වොෂින්ටනය මූලස්ථානය කරගත් ‘ඇමසන්’ ආයතනයේ amazon.com වෙබ් අඩවිය ඇමරිකානු ඩොලර් දොළහකට එය මිලකර තිබෙනවා.
අන්තර්ජාලය මගින් ලොව පුරා භාණ්ඩ විකුණන මෙම ආයතනය සිංගප්පූරුවේ සිට මෙම පාපිස්න ලොව පුරා බෙදා හැරීම කරන අතර මෙරටට එවීම සඳහා ඇමරිකානු ඩොලර් 9.20ක නැව් ගාස්තුවක්ද අයකරන බව සඳහන් කර තිබෙනවා.
ඇමසන් සමාගමේ වාර්ෂික පිරිවැටුම ඇමරිකානු ඩොලර් බිලියන 21 ඉක්මවන අතර සේවකයින් දොළොස් ලක්ෂ අනූඅටදාහක් එම ආයතනයේ සේවය කරනවා.
මෙය ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිකුත් කරන්නේ නම් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන අවශ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් කළ විමසීමකදී පැවසුවේ. (Colombo Times)