ශ්‍රී ලාංකික ඔබ............
ශ්‍රී ලාංකික ඔබ........
ඔබ ඒදන් උයන ගැන අසා තිබෙනවද ? ශුද්ධවූ බයිබලයේ සඳහන් පරිදි ඒදන් උයන යනු සියළුම ආශ්චර්යයෙන් පිරිපුන් ගස් - වැල්,පළතුරු, සියොතුන් ඈ සියල්ලන්ගෙන් සපිරි, එපමනක් නොව සිත්කළු ගංගා, දිය ඇළි සහ සුන්දර කඳු ගැට වලින් සපිරිනු මනුෂ්‍ය වාසයට උපරිම තෝතැන්නක් වූ අති සුන්දර උයනක්...
අපේ මාතෘ භූමියත් එවන් අති සුන්දර ස්වාභාවික සෞන්ධර්යයෙන් සපිරිනු දිවයිනක්. ඉන්දියන් සාගරයේ මුතුඇටය නමින් යමෙක් හැඳින්වුවත්, ඇත්තටම මෙයත් ඒදන් උයනක්......
එය තවත් ප්‍රත්‍යක්ෂ වන්නේ ඉතාම කුඩා භූමි ප්‍රදේශයක් තුල විවිධාකාරවූ දේශගුණික තත්වයන් සේම විවිධාකාරවු ජෛව විශේෂයන් ගෙන් ගහනවූ වනාන්තර සහ සත්ත්ව විශේෂයන් සොබා දහමෙන්ම අපට උරුම වී ඇති නිසාත් ය.
මේ අසමසම දිවයින පිළිබඳව අපට සතුටු විය හැකි දේ බොහොමයි.
එනමුත් මෑත ඉතිහාසයේ අප දිවයිනට සොබා දහමේ අකාරුනික වීම් වලට මුහුන දෙන්න සිදුවුනා. ඒ නායයෑම්, ගංවතුර, සහ සුනාමි වැනි තත්ත්වයන් නිසා.
එපමනක් නොව දේශපාලනමය වශයෙන් අපට බැට කෑමට සහ විවිධ සූරාකෑම්වලට හසුවූ අවස්ථාද නැත්තේ නොවේ. ශාපලත් යුද්ධය නිමා වුවත්..හුදෙක් අද ජීවන යුද්ධය හා ගැටෙනවුන් බොහොමැයි.
එබැවින් මගෙ එළකිරි සහෝදරය - සහෝදරිය..
ඔබ ඔබෙ හිතට එකඟව මේ රටෙ ජීවත්වන්නෙ අවන්කවම සතුටින්ද ?
ඔබ ශ්‍රී ලාංකිකයෙකු වී ඉපදීම ගැන සතුටුවෙනවාද ?
ඔබ වෙනත් රටක ඉපදුනානම්....... කියා සිතෙන්නේ නැද්ද....
අවංකව අදහස් දක්වන්න.
ස්තුතියි.....
tp