ශ්‍රී සද්ධර්මය සත්‍යක්ද ?

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ශ්‍රී සද්ධර්මය සත්‍යක්ද ?(මාර්ග පල ලැබීම බ#

    මන් මේ කියන්න යන්නේ ඔබේ ජිවිතයට සම්බන්ධ මාතෘකාවක් ගැනය.

    ඇත්තෙන්ම ශ්‍රී සද්ධර්මය සත්‍යද අසත්‍යද බව ඔබට අවබෝධ වෙන කාරණයක් කියන්නම්.මෙය මගේ අත්දැකීමකි.කුමක්ද මේ ශ්‍රී සද්ධර්මය? සරලව කිව්වොත් හේතු පල දහමයි.නමුත් මෙය ඉතා ගැබුරු වූ දෙයක්.හේතු පල දහම යනු සරලව කිව්වොත් යමක් ඇති උනාද ඒ දෙය අනිවාර්යෙන් ඒ හේතුන් නිරෝධ වීමෙන් විනාශ වෙනවා.කාට හරි කියන්න පුලුවන්ද මේ ලෝකේ විනාශ නොවෙන දෙයක් ඔබේ නුවනින් කල්පනා කරන්න නැ.කොහෙවත් හොයා ගන්න බැ එහෙම දෙයක්.හිතන්න ඔබේ ශරීරය එය ගින්නෙන් විනාශ වෙන්න පුළුවන් ලෙඩ රෝග වලින් විනාශ වෙන්න පුළුවන් ජලයෙන් විනාශ වෙන්න පුලුවන්න.මේ ලෝකයේ කිසියම් ලෙඩ රෝගයක් ඇද්ද ඒ සියල්ලගෙන්ම මේ කයට වැළදෙන්න පුළුවන්.

    ඉතින් අපිට හොදටම පැහැදිලි මේ ලෝකයේ සැම දෙයක්ම අභාවයට යනවා.ඔබ අසා කරන දෙයක් වෙද්ද ඒ දෙය විනාශ වීමට යන්නේ බොහෝ විට ක්ෂණයක්.ඔබ මේ දක්වා කියක් දේවල් මට අයිතියි කියලා තියාගෙන එක කැඩිලා ගියාම අයින් කරන්න ඇද්ද.ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය පන දෙන්න වගේ සිටිමින් ඔබ අත්හැර යන්න ඇතිද.පසුගිය සුනාමියෙන් යුද්දයෙන් ඒ මිනිස්සු හම්බු කරපු සැම දෙයක්ම නැති උනා.ඉතින් මේ ලෝකයේ එක් සත්‍යක් තමයි අනිත්‍යතාව.මෙය කතා කිරීමට ලැජ්ජා හා නිතරම සිදුවන දෙයක්.අනිත් සත්‍ය කුමක්ද එය ඔබ ආශා කරපු දෙය නැති වීමේ ස්වභාවය නිසා ඇතිවන මානසික තත්වය.එයට අපි දුක කියලා කියනවා.අපි ජීවිතය කොටස් දෙකකට ගත්තොත් දුක හා සතුට කියලා , අපි වැඩියෙන් විදින්නේ හා විදෙව්වේ දුකද සතුටද ,කලපනා කරලා බැලුවොත් පෙනෙයි අපි විදලා තියෙන්නේ වැඩියෙන් දුක.සැප විදලා කියලා අපි පොඩි සැප වින්දනයක් විදිනවා තමයි,නමුත් එම සැප වින්දනය වෙනස්වන ස්භාවයකින් යුක්ත නිසා අපිට දුක් වින්දනය විදින්න සිදු වෙනවා.ඇයි අපිට මේක පෙන්නේ නැත්තේ ඒ දුක් වින්දනය වහන්න අපි තව සැප වින්දනයක් හොයනවා.ඒ සැප වින්දනය දුක් වින්දනයක් උනාම තව සැප වින්දනයක් හොයනවා.ටිකක් විවෘත මනසකින් කල්පනා කලොත් අපිට එක පේන දෙයක්. ඉතින් මේකෙන් අපිට පේනවා අපේ ජිවිතයේ කිසිම වින්දනයක් දෙයක් අපිට ඕනේ ලෙස තබා ගන්න බෑ.කාට හරි කියන්න පුලුවන්ද මෙය බොරුවක් කියලා කාටවත් කියන්න බැ.

    හොදයි අපි හිතමු අපි වාහනයක් ගත්තා කියලා.ඇයි අපිට වාහනයක් ඕනේ වෙන්නේ බස් එකේ කට්ට කන්නේ නැතුව හොද සැප පහසුවට පාරේ යන්න.ඒ සැපපහසුව මුලින්ම අපි සිතේ සිතිවිල්ලකින් මනසින් දැක්කා.මට මෙහෙම යන්න පුළුවන් මට මෙහෙම වින්දනයක් විදින්න පුළුවන් කියලා.හැබයි එම වාහනය ඔබේ කියලා සිතුවත් කාලයත් සමග දිරලා විනාශ වෙනවා නේද.(මන් කියන්නෑ වාහන ගන්න එපා කියලා).ඊට පස්සේ දුකක් හිතට එනවා.අපි වාහනයක් අරන් කරන්නේ මොකද්ද ශරීරයට සැප වින්දනයක් විදීමයි.මෙන්න මේ වින්දනය කියන්නේ මොකද්ද ශරීරයේ වින්දනය කියන්නේ මේ කයත්,පහසත්,කයේ විඥ්ඥානයත් එකට එකතු වීමෙන් ලැබූ අවස්ථාව. කයේ විඥ්ඥානය කිව්වේ කය හා පහස එකට එකතුවීමෙන් අපි ලබන අත්දැකීම. කයේ විඥ්ඥානයන් අත් දකින අවස්ථාව සිතට එන්නේ සුභ වශයෙන්.ඒ කයත්,පහසත්,විඥ්ඥානයත් එකට එකතු උනාම ඇතිවන අවස්ථාව වින්දනය ලෙසත්,ඒ ආශාව පස්සේ එත් එක්කම ඇති වෙනවා.ඒ ආශාවත් කාලයක් ගියාම ඒ හේතු නිරුද්ධ වීමෙන් නැතිවෙනවා.අපි කැමකට අසා කරනවා කිව්වොත් අසා කරන්නේ එහි රසයට එයයි විඥ්ඥානය(පැණිරස,තිත්ත රස,අබුල් රස යනාදී).ඔන්න හේතුන්ගේ ඇතිවීම හා නැතිවීම හේතුව තමයි පහස ලැබීම එහි පලය ආශා කිරීම එහි නිරෝධය තමා වස්තුවට ඇති කැමැත්ත වෙනස් වී නැති වීම.ඔය ලෙස ඇසයි,රුපයි, ඇසහි විඥ්ඥානයත් එක්ක එකතු වෙලා ඒ වින්දනයට ආශා කරනවා.නාසයයි,සුවදයි,නාසයේ විඥ්ඥානයත් එක්ක එකතුවෙලා ඒ දෙයට ආශා කරනවා.කනයි,ශබ්දයි,කනේ විඥ්ඥානයත් එක්ක එකතු වෙලා ඒ වින්දනයට ආශා කරනවා.දිවයි,රසයි,දිවේ විඥ්ඥානයත් එක්ක එකතුවෙලා ඒ වින්දනයට ආශා කරනවා.මනසයි,සිතිවිලියි,මනසේ විඥ්ඥානයත් එකක් එකතුවෙලා ඒකට ආශා කරනවා.

    මේ කයේ විඥ්ඥානය ,දිවේ විඥ්ඥානය,ඇසෙ විඥ්ඥානය,නාසයේ විඥ්ඥානය,මනසේ විඥ්ඥානයකයේ විඥ්ඥානය තිබ්බේ නැත්තන් මිනිස්සු කිසිම දෙයට අසා කරයිද නැ.මේ ආශාවේ මුල් බීජය තිබ්බේ නැත්තං ලෝකයේ මිනිස්සු,සත්තු,ගොඩනැගිලි,වාහන මුකුත් නැ.මෙන්න මේ ධර්මය පිළිබදව ඉන්ද්‍රියක් වශයෙන් වඩුනහම ,ඒ කෙනාට තමන් ආශා කරපු දෙය නැති උනා කියලා මහා දුකක් දොම්නසක් ඇති වෙන්නේ නැ නේද.මෙය නුවනින් විමස විමසා පසුව එම ධර්මය ඉන්ද්‍රියක් වශයෙන් වැඩෙනවා.මේ ධර්මය පිළිබද සැකය නැති වෙනවා.තමා යෙයි හැගීම හා තමා සතු ආත්මයක් යෙයි හැගීම නැතිවෙනවා.ඉතින් ඒ කෙනා කවදාවත් දුකෙන් සැලෙන් නේ නැ.ඉතින් පසුව ඔහුට විශාලා නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා මන් ධර්මය අවබෝධ කලා කියලා.මුළු ජිවිතයම වෙනස් වෙන්න ගන්නවා.එහෙම කෙනෙකුට බුදු රජාණන් වාහන්සේ පිළිබද දැඩි ශ්‍රද්ධාවක් ඇති වෙනවා.මොකද තමා තුලින් දැකපු සත්‍ය(ධර්මය) උන් වහන්සේ දේශනා කළ නිසා ඒ වගේම එම පුද්ගලයා අරහත් හා ශ්‍රවක වන්සේලගේ සග ගුණ තේරෙනවා.එය වඩ වඩාත් පැහැදෙනවා එහි පලමු අවස්ථාව සොතාපත්ති මග්ගග්යි.මේ ධර්මය අවබෝධ වී නිවැරදි දැක්මක් ඇතිව වාසය කරද්දී ඔහුගේ සීලය සම්පුරණ වෙනවා, දැන් ඔහුට ප්‍රත්‍යක්ෂ වෙනවා මන් නිවන් මාර්ගයට පැමිණි ඇති බව එය සෝවාන් පලයයි.මේ අවස්ථාවේදී පේනවා තමා මෙච්චර කාලයක් කලේ ආශාවන් පස්සේ ඇවිදීම කියලා.ඔහු දුක් ගොඩක් අවසන් කලා කියලත් පහදිමෙන්ම ඇති වෙනවා.ඔහු නැවත කවදාවත් සීලය කිලිටි කරගන්නේ නැ.මොකද ධර්මය අවබෝධ උනාම තේරෙනවා ඕවා පුහු වැඩ කියලා.යමෙක් ධර්මය දකිනවා කියලා කියන්නේ මේ තමා තුලින් ලෝකය දැකීම.යමෙක් ධර්මය දකිනම් හේ බුදු රජාණන් වහන්සේ දකිනවා කියන්නේ මේකට.ඔහුට බුදුරජාණන් වහන්සේගේ ගුණ තේරෙන නිසා.ඒ කෙනාට කව්රුත් බැන්නත් ගැහුවත් කලින් හිටිය වගේ දුකක් ඇති වෙන්නේ නැ එක ඉක්මනින් නැති වෙන දෙයක් කියලා දකින නිසා.ඒ වගේම ඔහුට දුකක් හෝ සැපක් හෝ සමව දරාගැනීමේ හැකියාව ඇති වෙනවා.ඒ වගේම සත්‍ය ඤාණය ඇති වෙනවා.යමක ඇති වීම හා නැති වීමේ ආදීනවය හොදින් දකිනවා.ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පුජා වට තැන දෙනවා.ඉතින් , ඒ කෙනාගේ ජීවිතය කොච්චර ලස්සන වෙයිද.මේ දෙය ලබා ගැනීම අද කලයේ ඇත්තෙන්ම දුෂ්කරයි.මෙය ප්‍රාර්ථනයක් කලාට ලැබෙන්නේ නැ.අනපනසති භාවනාව පැය භාගයක්වත් වඩා ඇස,කන,නාසය,දිව,කය,මනස හා එහි උපදානස්කන්දයත්,එහි අදිනවයත් දකින්න ඕනේ(මන් භාවනාව කියන්නෑ මේ අවසත්තාවේ එක දීර්ග නිසා).නොපසු බසන්නා වීර්ය තියෙන්න ඕනේ.සමහර විට ප්‍රතිපලය මාසෙකින් දෙකකින් තුනකින් ඊටත් වැඩි වෙන්න පුළුවන්.මොකද ඒ ඒ පුද්ගලයා ගෙ අවබෝධ ශක්තිය වෙනස් නිසා එක කියන්න බැ.නමුත් එය අනිවාර්යෙන් ම කළ හැකි දෙයක්.ඉතින් කව්ද කියන්නේ ශ්‍රී සද්ධර්මය බොරුවක් කියලා?මෙය කරන්න බැ හෝ වෙන්නේ නැ කියලා.
    නමෝ බුද්ධය !!!
     
    Last edited:

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Dan ithin ohoma thamai titles danna wenne. Pase dai budu rajanan wahanse hitiyada kiyala.
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Kiyawala thamai damme, Title eka negative minded saddarmaya gana dannathi kena meka sakayen kiyawanne. Anika akalika, ehipassika bududahama kohoma asathya wennada ehema danna hondana. Post eka hondai waradak hithanna epa (alima-gatima ha loka dharmaya practically pahadala thiyanawa).