ශ්‍රී_ලාංකික_වෛද්‍යවරු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ශ්‍රී_ලාංකික_වෛද්‍යවරු

බාහිර සැත්කමකින් තොරව තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරු








බාහිර කැපුමකින් තොරව මුඛ මාර්ගයෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමක් සාර්ථකව නිමකිරීමට කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍ය කණඩායමක් සමත් වූහ.


මෙවැනි ආකාරයකට සැත්කමක් ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය බව සැත්කම සිදු කළ කණ්ඩායමේ ප්‍රධානී වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් බීබීසී සිංහල සේවයට පැවසීය.


"මෙය මෙවැන්නක් ලංකාවෙ සිදු කළ ප්‍රථම අවස්ථාව. ආසියාවෙ මධ්‍යස්ථාන දෙක තුනක පමණක් මීට කළින් මේ ආකාරයට සැත්කම කරල තිබෙනවා," කුලියාපිටිය මූලික රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ වීශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.



_99940580_399a7703.jpg


බ්‍රහස්පතින්දා (පෙබරවාරි 08) පෙරවරු 09.30ට පමණ ආරම්භ වූ මේ සැත්කම දහවල් 12.30 ට පමණ අවසන් කෙරින.


කුලියාපිටිය උඩුබද්දාව නැවකඩ ප්‍රදේශයේ පදිංචි, හැට හැවිරිදි ඩබ්ලිව් ඒ රන්ජනී ශ්‍රියාලතා වෙනුවෙන් සිදු කළ ශල්‍යකර්මය ඉතා සාර්ථකව නිම කෙරුණු බව කුලියාපිටිය මූලික රෝහලේ වීශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.





කිසිම කැපුමකින් තොරව සැත්කම සිදුකිරීම හේතුවෙන් ශරීරයට කිසිදු බාහිර කැළලක් ඉතිරි නොවීම ද එහි විශේෂත්වයකි.
"බාහිර කැපුමක් නොමැති නිසා රෝගියාට සමාජගතවීමේදී ගැටළු පැන නගින්නෙ නෑ."


මිට අමතරව අඩු අවදානම සහ සැත්කම හේතුවෙන් බාහිර තුවාල නොමැතිවීම නිසා රෝගියා ඉක්මනින් ප්‍රකෘති තත්ත්වයට පත්වීම මෙම ශල්‍යකර්ම ක්‍රමවේදයේ විශේෂත්වයන්ය.



_99940578_399a7693.jpg


"යුරෝපීය රටවල මෙම ශල්‍ය ක්‍රමවේදය ජනප්‍රියයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නොවුනට ආසියාතික රටවලත් මෙය ජනප්‍රිය වෙමින් පවතිනව."
මේ දක්වා ශ්‍රී ලංකාවේ මෙවැනි සැත්කම් සිදු නොකිරීමට ප්‍රධාන හේතුව අවශ්‍ය උපකරණ හිඟ වීම බව විශ්වාස කෙරේ. එහෙත් ඉදිරියේදී මෙවැනි සැත්කම් සිදුකිරීම ජනප්‍රිය වියහැකි බව වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් වැඩිදුරටත් පැවසිය.


පස්වරු හතර පමණ වන විට රෝගියාගේ තත්වය ඉතා යහපත් බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.