ඔය එකක්වත් නෙමෙයි ප්‍රශ්නේ. අපිට රට බාරදෙන්න හරි හමන් නායකත්වයක් නැහැ, සහ පවතින රජයේ පිස්සු කෙලිල්ල උපරිම වෙනවා විකල්පයක් ගැන හිතන්න වත් ඉඩක් නොතිය.
මොකද ගිලෙන්න ගඟේ ගහගෙන යන මිනිහ තමන්ට දික් කරන කෝටුව කළුවර අත්තක්ද, කොස් අත්තක්ද එහෙම නැත්නම් අඹ අත්තක්ද කියල බල බල ඉන්නෙ නැහැ. එල්ලෙනවා මිසක්.
2015 දී මහින්ද බලය උපරිම අන්දමින් පාවිච්චි කරමින් පිස්සු වැඩ කළා. ඒකට විරුද්ධව මිනිස්සු රනිල් ලට චන්දෙ දුන්න. රනිල මහින්දලට වඩා පිස්සු කෙලිය. එතකොට ඒ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නෙන් ගැලවෙනවා හැර මිනිස්සුන්ට වෙන විකල්පයක් නැහැ. දැන් වෙලා තියෙන්නෙත් ඒකම තමා.
දැන්වත් චන්දෙන් අලුත් මූණු ටිකක් පත්කර ගනින්. මහින්ද නැවත පත්වෙලා පිස්සු කෙලියොත් නැවතත් පෙර පරිදිම ඒ වෙලාවේ මහින්ද පරද්දන්න ඉන්න හොඳම විකල්පයට මිනිස්සු චන්දෙ දෙනවා අනිවාර්යෙන්. මොකද ප්‍රතිපත්ති බල බල හරි මිනිහෙක් තෝරන්න බැරි තරමට පවතින ආණ්ඩුව පිස්සු කෙලිනකොට මිනිස්සුන්ට මොකා ඉල්ලුවත් අනිත් පැත්තට චන්දෙ දෙන්න සිද්ද වෙනවා.
අපේ කරුමයක්ද කොහෙද.