අපේ උරුමය මත නැගී බලව් අව කෙලි කෙලින හැටී.
වර්ෂ 1815 වූ කලී සිංහල ඉතිහාසයේ තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් වූ වසරකි. ඒ ලක් ඉතිහාසයේ පළමු වරට ගිවිසුමක් මගින් සිංහල රාජධානිය ආක්‍රමණිකයාට පවරා දුන් දීන ක්‍රියාව සිදුවූ බැවිනි. ඒ මහනුවර මගුල් මඩුවේදීය. ඉන් දෙසීය වසකට පසු 2015 ද ඒ මගුල් මඩුවේම ආකෘතියක් යට සිංහල රාජධානිය වැනසූ තවත් එක් යුගයක ආක්‍රමණික අළුගෝසුවන් අභිෂේක කරවන්නට යෙදීම දෛවෝපතය.
පළමුවන ෆ්‍රැන්සිස් පාප් තුමාගේ ලංකාගමනයේ මතුපිටින් පෙණෙන මූලික අරමුණ වනාහී ලංකා කතෝලික සභාවේ ඉල්ලීම පරිදි ජුසේවාස් පූජක තැන ශාන්තුවරයට ඔසවා තැබීමය. පාප් තුමාගේ ලංකා ගමනයේ සියළුම උත්සව අවස්ථාවන් සිංහල බෞද්ධ සංස්කෘතිකාංග උපුටා ගනිමින් රග දැක්වීමට පල්ලි ක්‍රියාත්මක වී තිබේ. මෙතෙක් කලක් කරගෙන ආ සිංහල බෞද්ධ සංස්කෘතික මංකොල්ලයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් හෙළ සැරසිලි කලාව යොදා ගනිමින් මහනුවර මගුල් මඩුවේ ආකෘතියට අනුව ගාලුමුවදොර පිටියේ තැනූ වේදිකාවේදී දාහත්වන සියවසේදී මෙරටට පැමිණි ජුසේවාස් නැමති පරංගි ඔත්තුකරුවා 'මුනිවරයට' පත්කිරීමේ දේව යාගය අද පවත්වන්නට යෙදිනි. පල්ලියේ උපුටා ගැනීම් ජුගුප්සාජනකය. එදා වතිකානු පාප්ගේ නියෝගයෙන් පරංගි හේවායන් අතින් ලක්ෂ සංඛ්‍යාත සිංහලුන් දිවි පිදුවේ මේ උත්තම වූ පුණ්‍ය භූමිය වෙනුවෙනි. වසර දහස් ගණනක් තිස්සේ සිය මුතුන් මිත්තන උරුම කරදුන් අගනා බොදු සංස්කෘතිය වෙනුවෙනි. අද සිංහල බෞද්ධ සංස්කෘතියට වෛර කරමින්, සිංහල බෞද්ධ සංස්කෘතිය බිද දැමීමට උගුල් අදිමින් අනිත් පැත්තෙන් සිංහල බෞද්ධ සංස්කෘතියම උපුටා ගනිමින් පරංගීන්ගේ වත්මන් අවතාර මේ පිණුම් ගසන්නේ එදා සිංහලය වෙනුවෙන් උන් අතින් මැරුම් කෑ ලක්ෂ සංඛ්‍යාත සිංහලයන්ගේ මළකදන් මත බව ඔවුන්ට මතක් කළ යුතුය.
අපේ ශිෂ්ටාචාරයේ විනාශය සනිටුහන් කළේත්, සිංහලයා වාර්ගික සංහාරයට කටයුතු කළේත්, අපේ උරුමය නැසූයේත්, අපේ ධනය කොල්ලකෑවේත් පල්ලියේ අණින් වරම් ලත් පරංගි, ලන්සි හා සුදදන් බව යළියළිත් කිවයුතු නොවේ. කොච්චර නම් වෙර දැරූවද, හොදින් නරකින් තුවක්කු කටින් සිංහලකම බෞද්ධකම පාවාදී මිත්‍යාදෘෂ්ටියක් වැළද ගන්නට සිංහලයාට බලපෑම් කළද තවමත් පල්ලියට අපේ රටේ සියයට අටක්වත් පල්ලියට ගෙන්වා ගන්නට බැරිවූ ලැජ්ජාව වසාගන්නට පල්ලිය දරන දුර්වල උත්සහයන් අපි දනිමු.
නුවර පමණක් නොව, සුද්දා විසින් විනාශ කරදැමූ යුග ගණනාවක් වෙනුවෙන් අපි කරන්නේ සිංහලයේ අවසාන රාජධානිය වූ නුවර යුගයේ විෂිශ්ට ආකෘතියක් යට ශිෂ්ටාචාරයේ අළුගෝසුවන් වඩා හිදුවා අභිෂේක කිරීමය. මේ තරම් තවත් දීන මිනිසුන් තවත් ඇත්ද?
“......මිය පරළොව ගොස් 2015 වසර ලබද්දී වසර තුන්සිය පහක් සපිරෙන ජුසේ වාස් නම් පූජක තැන, ‘භාග්ය.වත් මුනිවරයෙකුගේ’ තත්ත්වයට උසස් කිරීමද පාප්වරයාගේ ලංකාගමනයේ එක් අරමුණක් බව සැළවේ. 2013 වසරේ නොවැම්බර් මස 18දා ‘ද ගාඩියන්’ වෙත ලිපියක් සපයන ජෝර්ජ් මොන්බයට් සඳහන් කර තිබූ යමක් සිහිපත් වේ. ඔහු කියන්නේ ඊනියා දේශගවේෂණ සූත්‍රය අනුව පසු කාලීනය ඒ ඒ රාජ්‍ය ක්‍රිස්තියානිකරණය සඳහා යවන ලද පූජකයන් මුණිවරයට පත්කිරීමේදී පල්ලියෙන් විද්‍යාමාන වන නොසැලකිල්ල හා සුපුරුදු වරද කොතනත් සිදුකරන බවය. 18 වන සියවසේදී කැලිෆෝනියාව තුළ වහල් සේවය ස්ථාපනයට, කෘෘර ක්‍රිස්තියානිකරණයට මුළුමනින්ම අනුග්‍රහය දැක්වූ හා කැලිෆෝනියානු ස්වදේශික සංස්කෘතිය සමූල සංහාරය කළාවූ ස්පාඤ්ඤ ෆ්‍රැන්සිස්කන් නිකායේ ජුනිපෙරෝ සේරා පාදිලි තැන ඔහුගේ 300 වන ජන්ම සංවත්සරය යෙදී තිබුණ 2013 වසරේ නොවැම්බරයේ මුණිවරයට උසස් කිරීම එම තත්ත්වයට තවත් උදාහරණයක් පමණක් බව ඔහු කියයි. ජුසේ වාස් පාදිලිතැන මුණිවරයට උසස් කිරීමස ඊටම දෙවෙනි නොවන සංසිද්ධියකි......”

Last edited: