ශාන්ත ජුසේ වාස් තුමා ~ ශ්‍රි ලංකාවේ ප්‍රථම &#3

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ශාන්ත ජුසේ වාස් තුමා ~ ශ්‍රි ලංකාවේ ප්‍රථම 

    ශාන්ත ජුසේ වාස් තුමා

    ශ්‍රි ලංකාවේ ප්‍රථම සාන්තුවරයාණෝ

    පසුගිය දා ෆ්‍රැන්සිස් පාප්තුමා අතින් සාන්තුවරයට ඔසවනු ලෑබු ජුසේ වාස් පියතුමා ගැන විස්තරයක් තමයි මේ.


    SRI_LANKA_(F)_0116_-_Trecentenario_apostolo_dello_sri_lanka.jpg


    වර්තමානයේ සාන්තුවර භාවය ලබාදී ඇති ශාන්ත ජුසේ වාස් තුමා ජීවතුන් අතර සිටියදී ජුසේ වාස් නම් පියතුමෙකි. CO, (කොංකනී: භොක්තිවොන්ත් ජුසේ වාස්), උපත 1651 අප්‍රේල් 21 දිනදී බෙනාලින් හිදී (පෘතුගීසි ඉන්දියාවේ ගෝවහිදී) සහ මරණය 1711 ජනවාරි 16 දිනදී සෙංකඩගලදී , යනු ඔරතෝරියානු පූජාප්‍රසාදි වහන්සේ වරයෙකු සහ ලංකාවේ (වර්තමානයේ ශ්‍රී ලංකාව) ධර්මදූතයාණන් වහන්සේ වරයෙකු විය.

    වාස් පියතුමා ලක්දිව පැමිණියේ එම දිවයිනේ කොටසක ලන්දේසි යටත්විජිතයක් තිබූ යුගයේදී වන අතර, එම කාලය තුලදී කැල්වින්වාදය යටත් විජිතයේ නිල ආගම ලෙසින් ප්‍රකාශයට පත් කර තිබුණි. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සහ සක්‍රමේන්තුද රැගෙන යමින් සෙයිලාන් ලන්දේසි යටත්විජිතයේ රහසිගතව සිටි කතෝලිකයන් සමූහ වෙත එතුමා ගමන් කලේය. එතුමාගේ ධර්මදූත මෙහෙයයෙහිදී පසුකාලීනව මහනුවර රාජධානියෙහි වාසස්ථානය ලැබීමට එතුමාට හැකිවූ අතර, නිදහස් ලෙස කටයුතු කිරීමට එතුමාට එහිදී හැකි විය. එතුමාගේ මරණය සිදු වන විට, දිවයිනෙහි කතෝලික සභාව ප්‍රතිසංස්කරණය කිරීමට වාස් පියතුමාට හැකිව තිබුණි.

    අධික මහන්සියෙන් එතුමා විසින් කල මෙම සේවය නිසා, ලංකාවේ අපෝස්තුළුවරයා ලෙසින් වාස් පියතුමා හැඳින්වෙයි. 1995 ජනවාරි 21 දිනදී, දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් කොළඹදී එතුමා භාග්‍යවන්ත ධූරයට ඔසවන ලදි.

    2015 වසරේ ජනවාරි 14 දින ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේදී එතුමා ශුද්ධවරභාවයට ඔසවනු ලැබීය.



    ඉදිරියට . . . .
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මුල් කාලය


    දරුවන් හයදෙනෙකුගෙන් යුතු පවුලක තුන්වන දරුවා ලෙස 1651 අප්‍රේල් 21 දින ඉන්දියවේ බෙනවෙලුම් නැමැති ගමේ ක්‍රිස්ටෝපර් වාස් සහ මරිය මිරැන්ඩා යන බ්‍රාහ්මණ පවුලට දාව ජෝශප් නම් දරුවා උපත ලැබීය. උපතින් දින 8කට පසුව බෙනවෙලුම්හි ස්නාවක ජුවාම් තුමන්ගේ දෙව්මැදුරේදි ජසින්කෝ පෙරෙයිරා පියතුමන් අතින් බව්තීස්ම කරන ලදි.

    සන්කොවාලේ ප්‍රාථමික පාසලෙන් මූලිඛ අධ්‍යාපනය හැදෑරු මෙතුමා එහිදී පෘතුගීසි භාෂාව පිළිබඳ අධ්‍යාපනය ලැබීය. පසුව බෙනවෙලුම්හි මහා විදුහලෙන් ලතින් භාෂාව පිළිබඳ ඉගෙන ගැනීමට එතුමාට හැකිවිය. ජෝශප්ගේ දක්ෂකම් දුටු ඔහුගේ පියා වැඩිදුර අධ්‍යාපනය සඳහා ගෝව විශ්වවිද්‍යාලයට යවනු ලැබීය.තවද ජේසු නිකායික පාසලක්වු සා.පාවුලු විද්‍යාලයෙන් සමජ විද්‍යාව හා අලංකාර විද්‍යාවද, ගෝවේ ඇක්වයිනාස් දෙව්සත්හලට ඇතුලුව දර්ශණවාදය හා දේව ධර්මය පිළිබඳව හැදෑරීය. 1675 දී පැවිදි දිවියට ඇතුලත්වු මෙතුමා 1676 දී අති උතුම් අන්තෝනියෝ බ්‍රන්ඩාට් අගරදගුරුතුමන් අතින් පූජකවරය ලැබීය.

    පූජකවරය ලබා කෙටි කලකින් සිගන්නකු ආකාරයෙන් පයට පාවහන් නොමැති හිස් දෙපතුලෙන්ම ජීවත් වන්නට විය. එහිදී එතුමා දක්ෂ ලෙස ධර්මය දේශණා කරමින්ද, ජනතාවට පාපොච්ඡාරණය වැනි ප්‍රසාද නිධාන දානය කරමින්ද සිදුකල සේවය නිසා ඉතා කෙටි කලකින් සැමගෙම ගෞරවාදරයට පාත්‍ර වන්නට විය. තවද එතුමා සෙන්කොලේ ප්‍රදේශයේ අනාගත පුජක පුතුන්ගේ ප්‍රයෝජනය සඳහා දෙව්සත්හලක්ද විවෘත කරන ලදි.



    4690004405_7685d3108b_z.jpg


    මේ එතුමා කුඩා කළ සිටි නිවස

    ඉදිරියට . . . .
     
    Last edited:
    • Like
    Reactions: ruwan_rathnayaka

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කැනරාවේ සේවය

    මේ සමයේදි ලක්දිව ලන්දෙසීන් විසින් කතෝලික ජනයාට ඇතිකරන පීඩනය පිලිබඳව මෙතුමාට දැනගැනීමට ලැබුනි. ජුසේ වාස් පියතුමා ලක්දිවට පැමිණීමට ශේෂ්ඨයින්ගෙන් අවසර ඉල්ලු නමුත් එතුමාට යෑමට අවසර ලබුනේ ඊට අසල පිහිටි කැනරාවටය(කර්නාටක ප්‍රදේශය).මෙලෙස ජුසේවාස් පියතුමාව කැනරාව වෙත යොමුකරනු ලබන්නේ පෘතුගීසින් යටතේ බිහිවූ ධර්මදූත කණ්ඩායමත් (පූද්‍රෝආදු) වතිකානයේ පාප්තුමාගේ ධර්මදූත කණ්ඩායමත් (ප්‍රොපගැන්ඩා ෆිඩේ) අතර ඇතිවූ ගැටුමක් විසදීම සඳහාය. එම වකවානුවේදී ශුද්ධාසනය විසින් අලුතෙන් සොයාගන්න ලද රටවල ධර්මදූත කටයුතු කෙරෙහි යම් යම් බලතල ඔවුන්ටම ලබාදී තිබුනි. මෙම ක්‍රමය පූද්‍රෝආදු ක්‍රමය ලෙස හැදින්වේ. මෙම ගැටලුව ඇතිවන්නේ වතිකානයෙන් තෝමස් ද කස්ත්‍රො යන රදගුරුතුමාට මීසම් කිහිපයක නායකයෙකු ලෙස උසස්වීමක් ලැබීමත්, එම උසස්වීම පළාතේ අගරදගුරුතුමා ප්‍රතික්ෂේප කිරීමත් සමඟය . එහි පැමිණි ජුසේවාස් පියතුමාට දැකගත හැකිවන්නේ දෙකඩවී වෙන්වීගිය කතෝලික සභාවක්ය.නීතිමය පියවරක් ගැනීමේ අරමුණින් ජුසේ වාස් පියතුමාව කැනරාවට එවනු ලැබූවත් එතුමා යොමුවන්නේ සාමකාමී විසඳුමක් ලබාගැනීම සඳහායි.

    ඉදිරියට . . .
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ලක්දිව සේවය

    1681 සිට 1684 දක්වා කැනරාවේ සේවයේ යෙදි සිටි මෙතුමා ලක්දිව තත්ත්වය සොය බලමින් ලංකාවට පය තැබිය හැකි ක්‍රමයක් සොයමින් සිටියහ. වසර ගණනක් පුරාවට පියාතුමකුගේ අධ්‍යාත්මික ආධාරය ලබා නොතිබු ලක්දිව කතෝලික ජනතාව වෙත ජුසේ වාස් පියතුමාගේ දයාව හා කරුණාව හිමි විය. පාවහන් රහිතව, වැරහැලි ඇදගත් යාචකයකු විලාශයෙන්1687මාර්තු මස අගදී ඉන්දියාවෙ තූත්තූකුඩියට ජුසේ වාස් පියතුමා පැමිණියේ ලංකාව බලා පැමිණීමේ අරමුණ ඇතිවය. නැවක නැගී ලක්දිව බලා ගමන්ගත් මෙතුමාට මුහුද මැදදී කුනාටු තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවුය. රළ පහරින් යාත්‍රාව ආපදාවනට ගොදුරු වූ හෙයින් දින 3ක මුහුදු ගමන දින 30ක් දක්වා දීර්ඝ විය. අවසානයේ 1687දී ජුසේ වාස් පියතුමා සහ එතුමන්ගේ සහයක ජෝන් ශ්‍රි ලංකාවේ මන්නාරම් වෙරලට ගොඩබසින ලදි. එසේ ගොඩබසින ලද්දේ ජීවත්ව සිටි කෙනෙකුට වඩා මළ කෙනෙකුගේ ස්වභාවය අතුව බව සඳහන් වේ.

    මේ වන විට ලක්දිව තුළ පෘතුගීසි ආදිපත්‍ය බිඳවැටී වසර 40ක් පමණ ගතවී තිබුණි. පෘතුගීසීන්ගෙන් පසුව ලක්දිව මුහුදුබඩ පළාත් සියල්ලක්ම පාහේ පාලනය කරනු ලැබුවේ ලන්දේසීන් විසිනි. ලන්දේසීන්ගේ පරම අභිප්‍රාය වී තිබුනේ තම වෙළද කටයුතු සිදු කරනවාත් සමඟ පාලන ප්‍රදේෂ පුරාවට කැල්වින් ආගම ප්‍රචලිත කිරීමය. මේ සඳහා ඔවුන් දැඩි ආක්‍රමණශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට විය. කැල්වින් දහමට ජනතාව බලෙන් හරවාගන්නා ලද අතර කැල්වින් දහම හැර වෙනත් ආගම් අදහන්නන්ට විරුද්ධව දැඩි ක්‍රියාමර්ග අනුගමනය කරන්නට විය. මෙහිදී වඩිපුරම දුක්ගැහැට විදින්නට සිදු වූයේ කතෝලිකයන්ටය. [2]කතෝලික ආගම ඇදහීම තහනම් කරන්නට විය.කතෝලික දහම අදහන්නකුට දඩුවම් ලෙස මියයනතුරු ලන්දේසි බලකොටුවල වැඩ කිරීමට සිදුවිය.කතෝලික පියතුමකුට රැකවරනය දුන් අයගේ දේපල රාජසන්තක කරන ලදුව එම පුද්ගලයන්ට විරුද්ධව දඩුවම් ක්‍රියාත්මක කරන්නට විය.දේවස්ථාන ගිනිබත් කරන ලදි. ප්‍රතිමා ප්‍රසිද්ධියේම කඩාබිද දමන ලදි. පාරම්පරික කතෝලිකයන්ව බලෙන් ඔවුන්ගේ දේවස්ථානවලට රැගෙනයන ලදි. ඔවුන්ගේ දරුවන්ට රෙපරමාදු පාසල්වල බලෙන් කැල්වින් දහම උගන්වන්නට විය. මේ කාලයේදි යාපනය , මන්නාරම, පුත්තලම මීගමුව හා කොළඹ ප්‍රදේශවල කතෝලිකයන්ට විශ්වාසය වෙනුවෙන් තම ජීවිත පූජා කරන්නට සිදුවිය. ප්‍රාණ පරිත්‍යාගීන්ගේ රුධීරයෙන් ශුද්ධවූ කතෝලික සභාව තව තවත් ශක්තිමත් වන්නට විය. ලේඛනවලට අනුව පෘතුගීසි සමය අවසාන වන විට ශ්‍රී ලංකාව තුළ කතෝලිකයන් 200,000 පමණ ජීවත්ව සිට ඇත. නමුත් ජුසේවාස් පියතුමා ශ්‍රී ලංකාවට පයතබන විට ඉන් 10,000ක් පමණක් සොයාගත හැකිව තිබුණි. බෝහෝ කතෝලිකයන් පිරිසක් වනාන්තරවලට පලාගොස් තිබුණි. තවත් පිරිසක් රහසින් ආගම අදහා ඇත. තවත් පිරිසක් ලන්දේසි පාලනයට බියෙන් කැල්වින් ආගම වැලදගෙන ඇත.


    1511042_837436772969752_6770127575496794404_n.jpg




    ඉදිරියට . . .
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    යාපනයේ සේවය

    1687 අප්‍රේල් මාසයේ ජුසේවාස් පියතුමා යාපනයට සේන්දු විය .ඒ යාපනයේ කොළඹතුරෙයි නම් ස්ථානයෙනි. අදටත් එම ස්ථානයේ ජුසේවාස් පියතුමාගේ පිළිරුවක් පිහිටා ඇත. එසේ පැමිණි එතුමා ගෙයක් අසල මඩුවක ලගුම් ගත්තේය. එතැන් පටන් ජපමාලයක් (කොන්තයක්) කරේ දමාගෙන රහසින් කතෝලිකයන් සොයා ගමන්ගත්තේය. ජපමාලයක් (කොන්තයක්)කරේ දමගෙන යන බැවින් ලන්දේසි බටයන් විටක සිතුවේ එතුමන් මානසික ලෙඩෙකු කියාය. විටක සන්නාසියකු විලසින්ද, විටක කරවල වෙළෙන්දකු විලසින්ද , විටක කත්කරුවකු විලසින්ද විවිධ වෙස් ගනිමින් ජුසේ වාස් පියතුමා හා හිතවත් ජෝන් ගෙයින් ගෙට ගමන් කළෝය. ඔවුන්ගේ අරමුණ ලන්දේසි පාලනයට බියෙන් සැඟවී සිටින කතෝලිකයන් සොයාගැනීම විය. කිතුණු පවුලක් ලෙස නොපැහැදිලිව අවධාරණය කරහත් පසු ඔවුන්ටද ළකුණක් වන ලෙස ජුසේ වාස් පියතුමා තම ඉනෙහි සඟවාගත් කුරුසිය ප්‍රදර්ශණය කරයි. තමා ඉදිරියේ සිටින්නේ අන් කවරකුත් නොව කතෝලික පියතුමකු බව දැනගත් ඔවුන් ප්‍රීතියෙන් පිනා යයි. ඔවුන් සමඟ මද වෙලාවක් නැවතී යාච්ඤාකොට ඔවුන්ට අවශ්‍ය අධ්‍යාත්මික පෝෂණය ලබාදී එනම් දිව්‍ය සත්ප්‍රසාදය, පාපොච්ඡාරණය වැනි ප්‍රසාධ නිධාන දානය කොට එම ස්ථානයෙන් නික්ම යයි.

    මේ වන විට යාපනයේ ලන්දේසි අණ දෙන්නා ලෙස කටයුතු කරන ලද්දේ ඒඩ්‍රියන් වෑන් රීඩ් නම් පාලකයෙක්. ඔහු යාපනයේ කතෝලිකයන්ට විරුද්ධව කෲර පාලනයක් ගෙන ගිය පාලකයෙක් විය.

    මේ අයුරින් දින ගතවන්නට විය. ජුසේවාස් පියතුමා ශ්‍රී ලංකාවේ ගතකරන පළමු නත්තල උදාවිය. ඒ වර්ෂ 1689දිය. යාපන කතෝලිකයන්ගේ ධෛර්‍ය කොපමණද කියතොත් යාපනය පුරා ස්ථාන 8ක දෙව මෙහෙයන් සංවිධානය වන්නට විය. දිව්‍ය පූජාව ආරම්භ කිරීමට පෙර ජනතාව හමු වී ඔවුන් සමඟ සුහදව කතා කිරීමටත් දහම් කරුණු සාකච්ඡා කරන්නටත් එතුමා කාලය වැය කළේය. ඔවුන් හට පාපෝච්ඡාරනය අතුලු ප්‍රසාද නිධාන දානය කිරීමටත් එතුමා අමතක කළේ නැත.පසුව නත්තල් දිව්‍ය යාගය ආරම්භවිය. වසර ගනනාවකට පසුව දිව්‍ය පූජාවකට සහභාගිවන මෙම ජනතාව තුල තිබුනේ දැඩි භක්තියකි. වැඩිහිටියන් පියතුමකු දකින්නේ වසර තිහකටත් අධික කාලයකට පසුවය. කුඩා දරුවන්ට මෙය ආගන්තුක, නුපුරුදු අත්දැකීමක් විය. වසර ගණනකට පසුව තමන් ලැබූ මෙම ප්‍රීතිමත් නත්තල පිළිබඳව සියල්ලෝම දෙවියන්ට ප්‍රසංසා කළහ. කෙසේ නමුත් සුදුවූයේ නොසිතු සිදුවීමකි. ද්‍රෝහියකුගේ පාවාදීමකට අනුව හදිසියේම ලන්දේසීන් එම ස්ථානය වටලන්නට විය. ඔවුන්ගේ අරමුණ වී තිබුනේ රහසින්ම් යාපනයේ සැරිසරන පූජකතුමන් අල්ලා ගැනීමය. කිසිවකුටත් එතනින් පැනයාමට නොහැකි විය. ජනතාවගේ විලාප හඬ මැද ඔවුන් පූජාසනයත් එම ස්ථානයේ තිබුනු සියලු දෙත් විනාශ කරන්නට විය. කාන්තාවන්ගේ ඇදුම් ඉරාදමා ඔවුන් නිරුවත් කරන ලදි. මෙසේ අල්ලගත් 300කට අධික පිරිස යාපනය කොටුව වෙත රැගෙන යන ලදි. නමුත් ඔවුන් සෙවූ පුද්ගලයා ඔවුන් හමු වුනේ නැත. ජුසේවාස් පියතුමා එම ස්ථානයෙන් ගැලවීගෝස් තිබුණි. දැඩි රැකවල් දමා තිබූ මෙම ස්ථානයෙන් එතුමන් ගැලවී ගියේ කෙසේදැයි යන්න අදටත් අභිරහසක්. සමහර පිරිස් එය එතුමන් අතින් සිදු වූ ප්‍රාතිහාර්‍යක් හැටියටත් සිල්ලලේ වැසියන් විශ්වාස කරයි.

    අල්ලාගන්නා ලද කතෝලිකයන් යදම්වලින් බැද මුගුරුවලින් පහරදී යාපනය බලකොටුව වෙත රැගෙන යන ලදි. ජුසේවාස් පියතුමන්ට රහසින් නවාතැන් දුන් පේද්‍රොට නැවතත් කැල්වින් ආගමට හැරෙන ලෙස ලන්දේසීන් ඉල්ලූහ. ඔහුට කේක් හා වයින් ලබාදී තව තවත් ඔහුට පෙරැත්ත කළද එකම කතෝලික ශුද්ධවු සභාව කෙරෙහි තම විශ්වාසය පේද්‍රො නොබියව ප්‍රකාශ කළේය. කෝපයට පත් ලන්දේසීන් ඔහුට මැරෙන්තුරු පහරදෙන්නට විය. ඔවුන්ගේ පහර දරාගතනොහැකි පේද්‍රෝ මිය ගියේය. තවත් 4දෙනෙකු යදම්වලින් බැද යාපනය බලකොටුව ප්‍රතිසංස්කරණය කිරීමේ බරපතල වැඩවලට යොදවන ලදි. අවසානයේ ඔවුන්ද මිය ගියෝය. ලන්දේසීන් පියතුමන් සොයා ගම් නියම්ගම් පීරන්නට විය. මේ අයුරින් තත්වය කෙමින් කෙමින් දරුණු වත්ම යාපනයේ කතෝලිකයෝ ජුසේවාස් පියතුමාවත් ජෝන්වත් පුත්තලමට පිටත් කර හරින ලදි. ඒ වන විට පුත්තලම කන්ද උඩරට රජ්‍යට අයිතිව පැවතුනි. එබැවින් පුත්තල්මේ වාසය කිරීම වාස් පියතුමාගේ ආරක්ෂාවට හේතු විය.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    පුත්තලමේ හා සත් කෝරලයේ සේවය


    වර්ෂ 1640 කතෝලිකයින්ගේ කේන්ද්‍රස්ථානය වන මීගමුව ලන්දේසි අතට පත්වීමෙන් පසු පනස් වසරක් පුරාවට කතෝලික පූජකයකු නොමැතිකමින් පුත්තලමේ කතෝලික වැසියො පීඩා විදින්නට විය. ජේසු නිකායික පියතුමන්ලා පුත්තලමේ කතෝලිකයන්ගේ සහයට පැමිණියත් එලෙස පැමිණි පියවරුන්වත් ලන්දේසීන් විසින් මරාදමා තිබුණි. එසේ නැතහොත් පිටුවහල් කර තිබුණි. බොහෝ කතෝලිකයන් ප්‍රසාද ස්නාපනය (බව්තීස්මය) ලබා තිබුනද දිව්‍ය පූජවකට සහභාගි වූ කාලයක් මතක නැති තරම් විය. එවැනි සමයක් තුළ ඔවුන් අතරට පැමිණි ජුසේවස් පියතුමන්ව ඉතාමත් ආදරයෙන් ඔවුන් අතරට පිළිගන්නා ලදි.

    1690 දී පුත්තලමේ පදිංචියට ගිය ජුසේ වාස් පියතුමාට වසරක් තුළදී පුත්තලමේ කතෝලික ජනතාව නගා සිටුවීමෙහිලා විශාල වැඩ කොටසක් ඉටු කිරීමට හැකිවිය. පුත්තලම ප්‍රදේශයේ ජේසු නිකායික පියවරුන් ගොඩනැගූ දේවස්ථාන මෙතුමාගේ සේවාව සඳහා මනා පිටුවහලක් විය. තවද කතෝලික පියතුමකු නොමැති අවස්ථාවලදී අධ්‍යාත්මික කටයුතු කරගෙන යෑම සඳහා අන්නාවිවරුන් පත්කරන ලදි. විශේෂයෙන්ම කල්පිටිය, හලාවත, මුන්නේෂ්වරම්, කම්මල, මාදම්පේ, මාරවිල, කටුනේරිය, ඇටියාවල, මාකඳුර හා මැටියන්ගහ යන ප්‍රදේශවලට එතුමන්ගේ සේවය වඩාත් ඵලදායි විය. ජුසේවාස් පියතුමන් 1690 අගෝස්තු 15 වැනි දින ඔරතෝරියානු නිකායේ ප්‍රධාන පියතුමා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ඛේදනීය තත්වය පිළිබඳව දැනුවත් කරන ලදි.

    එතුමන් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති කල්පිටිය අර්ධද්වීපයේ ග්‍රාමීය පෙදෙස්වලටද තම සේවය ලබා දෙන්නට අමතක නොකලේය. විශේෂයෙන්ම මුක්කුවාර්වරු ජීවත්වූ මාන්තිව්, නාවක්කුඩා, හා මාන්පුරි ප්‍රදේශවලටද එතුමන්ගේ සේවය හිමිවිය.වන්නි ප්‍රදේශයේ ගල්ගමුව ග්‍රාමයේ ජීවත්වන මිනිසුන් වනඅලින්ගෙන් හා සර්පයන්ගෙන් සිදුවන කරදර හේතුවෙන් බොහෝ දුක්ගැහැට විඳින්නට සිදුවිය. ජුසේවාස් පියතුමා එම ස්ථානයේ ලි කුරුසියක් සිටවූ අතර අදටත් එම ග්‍රාමය වන සතුන්ගෙන් ආරක්ෂාවී තිබෙන බව ගම්මුන් විශ්වාස කරයි. එදා ජුසේ වාස් මුනිතුමා මෙලෙස පලු ගස යට කළුවර කුරුසිය සිටවන විට තවත් ප්‍රාර්ථනයක් කළේය. එනම් අනාගතයේදීවත් කිසිම කතෝලික පූජක තුමකු සර්ප දෂ්ටනයකින් මිය නොයේවා කියාය. සර්ප දෂ්ටනයකින් මියගිය කතෝලික පියතුමකු ගැන අද වනතුරුත් වාර්තා වී නැත.සියවස් ගණනාවක් ජනතාව එම කුරුසිය අසල ඉටිපන්දම් දැල්වීම නිසා එය අර්ධ වශයෙන් පිළිස්සි කළු පැහැවී තිබුණි. එවකට කුරුණෑගල රදගුරුතුමන් මෙම කුරුසිය සංරක්ෂණයට පියවර ගෙන ඇති අතර ජුසේවාස් පියතුමන්ගේ ප්‍රතිමාවක් එම ස්ථානයේ ස්ථාපිත කර ඇත. එම පෙදෙස දැන් හඳුන්වන්නේ “ජුසේ වාස් පුරය” යනුවෙනි.මේවන විට එම කුරුසිය විශේෂ කුටියක පිහිටුවා ඇත. කුරුණෑගල රදගුරු පදවියේ ජනතාව අද දවස දක්වා මෙම දේවස්ථානයේ ජුසේවාස් පියතුමාගේ වාර්ෂික මංගල්‍යය ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි. පුත්තලමේ සිට කම්මල දක්වා විහිදී ඇති සත්කෝරළය එවකට ලන්දේසි පාලනයට අයිතිව තිබූ ප්‍රදේශයකි. සත්කෝරළය පුත්තලමට වඩා බහුලව කතෝලිකයන් ජීවත්වූ ප්‍රදේශයකි. ජුසේවාස් පියතුමා මහනුවර බලා යෑමට පෙර මෙම ප්‍රදේශවලටද පැමිණ ඇත. ඒ වසර 40කට පසු මෙහි පැමිණි ප්‍රථම පියතුමා ලෙසය. මීට පෙර පුත්තලමට සේවය සඳහා පැමිණි කතෝලික පියවරුන් මෙම ප්‍රදේශවලට පමිණියත් ලන්දේසින් විසින් ඔවුන්ව වධබන්ධනවලට පමුණුවා රටින් පිටුවහල් කොට තිබුණි. කොළඹ කොමාන්ඩරිය යටතේ පාලනය වූ මෙම ප්‍රදේශවල පවතින අවදානම තේරුම්ගත් ජුසේවාස් පියතුමා සහ ජෝන් කන්ද උඩරට බලා යාමට සූදානන්ම් විය.

    ඉදිරියට . . .
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කන්ද උඩරට සේවය

    17වන සියවස වන විට ශ්‍රී ලංකාවේ අගනගරය වූයේ කන්ද උඩරට ප්‍රදේශයයි. ලන්දේසි පාලන ප්‍රදේශවල තිබුණු අවදානම හැරුනුකොට කන්ද උඩරට යෑම සඳහා බලපැ අනෙකුත් හේතුව වන්නේ ඇන්ටෝනියෝ සූසා නම් පෘතුගීසි ජාතිකයකුගෙන් එතූමාට ආරාධනාවක් ලැබීමයි. ඇන්ටෝනියෝ සූසා නුවර ප්‍රදේශයේ ජීවත්වූ පුද්ගලයෙක් විය.ඔහු නිතරම වෙළදාම් කටයුතු සඳහා පුත්තලමට ආ ගිය කෙනෙකි. ඔහු ජුසේවාස් පියතුමා මුණගැසී කන්ද උඩරට විශාල කතෝලික බැතිමතුන් පිරිසක් සිටින බවත් ජනතාවගේ ආගමික කටයුතු ඉටුකර දීමට උඩරට සැපත්වන ලෙස ඉල්ලා සිටියේය. එමෙන්ම ඔහු උඩරට රාජකීය අධිකරණයේ නිලධාරියෙකු හඳුනන බවත් ඔහු හරහා උඩරට පමිණීමට රජුගේ අවසරය ලබාගත හැකි බවත් පවසන ලදි.

    මෙම කාල වකවානුව වන විට ජුවාම් ද බ්‍රැගන්සා නම් පියතුමෙක් පුත්තලමේ මුක්කුවාර්වරු ජීවත්වූ ප්‍රදේශවල සේවය කර ඇත. ජුසේවාස් පියතුමාගේ අරමුණ වූයේ එතුමන්ව යවා කන්ද උඩරට ආරක්ෂාකාරීව අතුල්විය හැකි ක්‍රමයක් සෙවීමයි. හදිසියේම එතුමන් රෝගාතුර වූ බැවින් ජුසේවාස් පියතුමන්ට වෙනත් විකල්පයක් නොවීය. එතුමන් 1690 අගෝස්තු මස ගෝවේ තම ප්‍රධානීන්ට යවන ලද ලිපියකත් මෙය වැඩිදුරටත් සඳහන් වේ. පුත්තලමේ සිට නුවරට සැතපුම් 80ක් පමණ වෙයි. එලෙස ගමන්කළවිට හමුවන වෑඋඩ ප්‍රදේශයේ උඩරට රාජධානියට ඇතුල්වීම සඳහා වන කඩවතක් පිහිටා ඇත. එතැන් සිට තවත් සැතපුම් 18ක් නුවරට ළඟා වීම සඳහා ගමන් කළ යුතුව තිබුණි. ඇන්ටෝනියෝ සූසාගේ නිවස පිහිටියේද වෑඋඩ බැවින් පියතුමාට එහිදී ඔහු හමුවිය. තමන්ගේ නිවසට ජුසේ වාස් පියතුමන්ව ආදරයෙන් පිලිගන්නා සුසා එතුමන්ට තම නිවසේ නවාතැන් පහසුකම් සලස්වා උඩරට අධිකරණයේ සේවය කරන තම හිතවතා සොයා මහනුවරට පියත්විය. ඒ පියතුමාට නුවරට ඇතුළුවීමට අවසර ලබාගැනීම පිළිබඳව එම නිලධාරියා සමඟ සකච්ඡා කිරිම



    10430473_334457770091390_7243680710023944653_n.jpg


    ඉදිරියට . . .
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඉඩෝරයේදී වැසි ලබාදෙයි

    1696දි මහනුවර ප්‍රදේශය පුරාම දැඩි නියං තත්වයක් ඇතිවන්නට විය. ගොවි ජනතාව බොහෝ දුක් මහන්සියෙන් කළ වගාවන් පාළුවන්නට පටන්ගත්තේය.සතුන්ට බීමට ජලය නොමැතිව මිය යන්නට විය. ඉඩෝර කාලය එන්න එන්නම දරුනු වන්නට විය. එය කෙතරම් දරුණුවුවාද කියතොත් මහනුවර රජතුමාටද මෙය මහත් ගැටලුවක් විය. රජතුමාද මේ නියඟයෙන් රට බේරාගැනීමට හැකි හැමදේම සිදුකරන ලෙස තම නිලධාරීනට උපදෙස් දෙන්නට විය. සිදුකල කිසිදු කටයුත්තක් සාර්ථක නොවීය. එන්න එන්නම ඉඩෝරය දරුනු වන්නට විය. තමන් අදහන දෙවියන්ට යාච්ඤාකර වර්ෂාව ලබාදෙන ලෙස වාස් පියතුමාගෙන් රජතුමා ඉල්ලා සිටියේය. රජුටත් ජනතාවටත් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ලෙස උපදෙස් දුන් වාස් පියතුමා අධික මර්ධන ක්‍රියාවලින් පසු රජමාලිගාව ඉදිරිපිට කුරුසියක් තැබු පීඨයක් තබා දනින් වැටී සියල්ල කළ හැකි දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නට පටන් ගත්තේය. මද වෙලාවකට පසු එම ස්ථානයට මහා වර්ෂාවක් ඇද හලෙන්නට විය. නමුත් එතුමාට හෝ පූජාසනයට හෝ එකදු වැහි බින්දුවක් පතිත නොවැටුනේය. මෙම සිද්ධිය 1745දී ලිස්බන් නඟරයේ පලකරන ලද වාර්ථාවකද සඳහන් විය. මෙම සිදුවීමෙන් පසු රජතුමාත් ජනතාවත් වාස් පියතුමා කෙරෙහි දැඩි ගෞරවයක් හා කරුණාවක් දක්වන්නට විය. එපමනකදු නොව මහනුවර ප්‍රදේශයේ ආගමික කටයුතු නිදහස්ව කරගෙන යෑමට එතුමාට පූර්ණ අනුග්‍රහය හිමිවිය. රජුගේ අවසරය ඇතිව ගෝවෙන් තව පියතුමන්ලා කන්ද උඩරටට ගෙන්වා ගැනීමටත් වාස් පියතුමාට හැකිවිය.

    Mudipu%20shrine%2022sep14%2010.jpg

    ඉදිරියට . . .
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මරණයෙන් පසු

    ජුසේ වාස් පියතුමන්ගේ ශුද්ධවන්තභාවය ගැන ශ්‍රී ලංකාව, ඉන්දියාවේ ගෝව පමණක් නොව පෘතුගාලය ආදි යුරෝපා රටවල ද අවධානය යොමුවිය.

    ශුද්ධවරයට එසවීම

    එතුමන්ගේ ස්වර්ගස්තවිමෙන් වර්ෂ දෙකකට පසුව එනම් 1713දි ඉන්දියාවේ කොචීන්හි රදගුරු අති උතුම් දොම්පේදෝ පචෙකෝ හිමිපාණන් විසින් ජුසේ වාස් පියතුමාව ශුද්ධවරයෙකු ලෙස ප්‍රකාශ කිරීමට සුදුසු බවට යෝජනා කරන ලද අතර ජුසේ වාස් පියතුමන්ව ශුද්ධවරයට එසවීමේ මුලික කටයුතු ආරම්භ කළේය. එවකට ශ්‍රී ලංකාවේ කතෝලික සභාව පාලනය කරනු ලැබුවේ එතුමන් විසිනි. නමුත් එම රදගුරු තුමා ස්වර්ගස්ථ වූයෙන් එම කටයුතු මදක් අඩාල විය. නැවතත් 1737 දී කොචින්හී රදගුරු අති උතුම් ප්‍රැන්සිස්කෝ ද වස්කොන්වෙල්ලෙස් හිමිපාණන් විසින් එම වැඩකටයුතු නැවතත් ආරම්භ කලත් නැවත ජුසේ වාස් පියතුමාගේ ජන්ම භූමිය වූ ගෝවේ, රදගුරු මතේවුස් ඔලිවේරා සේවියර් හිමි විසින් 1928 දී ජුසේ වාස් පියතුමා භාග්‍යවරයට එසැවීමේ කාර්යය නිල වශයෙන් ආරම්භ කරන ලදි.ශුද්ධවරයකදී අපේක්ෂා කරන හාස්කම්ද සිදුවන්නට විය.එහෙත් ශුද්ධවරයට එසවීම සඳහා අත්‍යවශ්‍ය විධිවිධාන ක්‍රියාත්මක නොවීම හේතුවෙන් 14 වන බෙනඩික්ට් පාප්තුමන් විසින් ශුද්ධවරයට එසවීමේ ක්‍රියාවලිය නවතා දමන ලදී.කෙසේ නමුත් නැවතත් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව එම ක්‍රියාවලිය නැවත ආරම්භ කරන ලදී.

    1954 දී ජුසේ වාස් පියතුමන්ව භාග්‍යවරයට ඔසවන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල රදගුරුතුමන්ලාගේ අත්සනින් යුතු ලියවිල්ලක් 12 වන පියුස් පාප්තුමා වෙත ඉදිරිපත් කරන ලදී. එමෙන්ම 1976 දී ශ්‍රී ලංකාවේ අති උතුම් බෙන්ජමින් කුරේ කාදිනල් හිමිපාණන් විසින් 6 වන පාවුළු පාප් තුමන් වෙත නැවතත් ආයාචනයක් කරන ලදී. 1955දී හලාවත රදගුරු අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරු හිමිපානන් විසින් ජුසේවාස් පියතුමන්ව විගසින් භාග්‍යවරයට ඔසවන ලෙස ඉල්ලා ශ්‍රී ලාංකික කතෝලිකයින් 62,000ක අත්සනින් යුතු ලිපියක් එවකට වූ පාප්වහන්සේ වෙත බාරදෙන ලදී. 1970දී කොළඹ අගරදගුරු අති උතුම් තෝමස් කාර්දිනල් කුරේ හිමිපාණන්ගේ මූලිකත්වයෙන් මේ පිළිබඳව කටයුතු කිරීමේ මූලික වගකීම ජුසේවාස් පියතුමා ස්වර්ගස්ථ වූ මහනුවර ප්‍රදේශය බාර මහනුවර රදගුරු පදවියට බාර දුනි. වසර කීපයක් පමා වී හෝ ජුසේවාස් තුමාගේ ශුද්ධවර භාවය පිළිගත් විශ්ව කතෝලික සභාව 1995දි ජුසේ වාස් පියතුමන් භාග්‍යවරයට ඔසවන බවට නිවේදනය කළේය.

    ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයෙහි ඇරයුම පරිදි මෙරටට සපැමිණි අති උතුම් දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් විසින් 1995 ජනවාරි 21 දින කොළඹ ගාලු මුවදොර පිටියේදී ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් අබියස ජුසේ වාස් පියතුමා ශ්‍රී ලංකාවේ භාග්‍යවරයාණන් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී එතුමන්ට 'ලංකාවේ අපෝස්තුළුවරයා' (Apostle of Ceylon) යන විරුදාවලිය පිරිනමන ලදී.


    ශුද්ධවරයට එසවීම

    2014 සැප්තැම්බර් 17 දින වතිකානුව විසින් භාග්‍යවන්ත ජුසේ වාස් පියතුමන්ව ශුද්ධවරයට ඔසවනු ලබන බව නිළ වශයෙන් නිවේදනය කළේය. එම සුවිශේෂී කාර්ය සිදුවුයේ 2015 ජනවාරි 13 සිට 15 දක්වා යෙදී තිබු අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරේදිය. 2015 ජනවාරි 15වන දින කොළඹ ගාලු මුවෝදර පිටියේ පැවත්වු විශේෂ දිව්‍ය පුජා යාගයේදී ලක්ෂ සංඛ්‍යාත ජනාතාවගේ යාච්ඤා හඬ මැද ජුසේ වාස් පියතුමන්ව ශුද්ධවරයට ඔසවන ලදී.

    10384478_334775073392993_2090733930983948460_n.jpg

    උපුටා ගැනීම : විකිපිඩියා
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Machan Saint kenek karanawa kiyanne mokakda bun?

    කතෝලික සභාවේ ආරම්භක කාලයේ දී ආගමික විශ්වාසය වෙනුවෙන් ජීවිතය පූජා කළ ප්‍රාණ පරිත්‍යාගිවරුන් සහ ජීවත්ව සිටියේදී ශුද්ධවන්තව කල් ගෙවූවෝ මරණයක් සමඟ ම සාන්තුවරයන් වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබූහ. කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා ක්‍රිස්තු වර්ෂ තුන්සිය දහතුනේ දී සිය අධිරාජ්‍යයේ කිතු දහම ඇදැහීමට නිදහස ලබාදීමත් සමඟ ආගම වෙනුවෙන් ජිවිතය පරිත්‍යාග කළ අය භූමිදාන කළ ස්ථානවල දෙවි මැඳුරු ඉඳිකර ඔවුන් සමරා මංගල්‍යය ද පවත්වන ලදි. එහිදී විවිධ බලපෑම් මත ශුද්ධවන්ත ජිවිතය ගත නොකළ අය ද සාන්තුවරයන් වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබූහ.

    එවැනි දෝෂ සහගත තත්ත්වයන් මඟ හරවා ගැනීම සඳහා නවවැනි ග්‍රෙගරි පාප්තුමන් විසින් සාන්තුවරයකු වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සඳහා අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියාදාමයක් ප්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව සාන්තුවරයට ඔසවන තැනැත්තාගේ ජීවිතය පිළිබඳව ඉතා ක්‍රමවත් පරීක්ෂණයක් සිදුකළ යුතුය. එසේම එම සාන්තුවරයට එසවීමට අපේක්ෂිත පුද්ගලයාගේ මැදිහත්කමින් ඔප්පු කළ හැකි ප්‍රාතිහාර්ය සිදුවී තිබිය යුතුය.

    ජුසේ වාස් තුමා කල එක ප්‍රාතිහාර්යක් නම් මුළු ලංකාවටම වසර එකා හමාරක් වැසි නැතිව සිටියදි.වැස්ස ලබා ගැනීමට විමලධර්ම්සූරිය රජතුමා නුවර පෙරහැර තුන් පාරක් පැවැත්තුවා.එයිනුත් කිසිම ප්‍රතිපලයක් නැති නිසා.සිරගත් කර සිටි ජුසේ වාස පියතුමාට පැවසුවා ඔබගේ දෙවියන්ටවත් කියල බලන්න.

    ඉන් පසුව ජුසේ වාස් පියතුමා දවස් කිහිපයක් දුශ්කරක් ක්‍රියාකරලා එළිමහන් ස්තානයක සදාගත් අල්තාරක ඉදිරි පිට දෙවියන් යැද්දා.ඉන් සුළු වේලාවකට පසුඉඩෝරය නිමා කරමින් මහ වැසි ඇද හැලෙන්න ගත්තා.මෙහිදි සිදුවුන හාස්කම නම මුළු ලංකාවටම වහිද්දි ජුසේ වාස්පියතුමා සිටි ස්තානයවත් එතුමාවවත් වැහි බිදකින්වත් තේමුනේ නැහැ.



    Mudipu%20shrine%2022sep14%2010.jpg