ශිරාස් - Shiraz

siripala

Member
Oct 10, 2006
2,869
442
0
img


img


img


img



46 Stratford Avenue, Colombo 6
Open: 7.30 PM to 11.30 PM
Price Range: 1500+ Rupees
0729294747



ශිරාස් යනු ස්ට්‍රැට්ෆඩ් ඇවනියු වීදියේ පිහිටි ඉරාන ආහාර පිරිනමන අලුත් විශිෂ්ට අවන්හලක්. එය පිහිටා තිබෙන්නේ ගන්ධාර ගොඩනැගිල්ලේ පැරණි උඩුමහලේයි. මේ වනවිට එය විවෘත වන්නේ රාත්‍රී ආහාර සඳහා පමණයි. බුෆේ විලාසිතාවට පිරිනමනු ලබන එහි භෝජන එක් අයෙකුට රු. 1500ක් මිළ වෙනවා. ඒ සමග මස්, බත් හා මෙසේ නමින් හැඳින්වෙන මධ්‍යධරණී කලාපයේ කුඩා දීසි වර්ග විශාල ප්‍රමාණයක් පිරිනැමෙනවා.

ස්ට්‍රැට්ෆඩ් ඇවනියු කියන්නේ කුහුල දනවන වීදියක්. මුලදී එය වැඩිපුරම ගන්ධාර විසින් තමයි අත්පත් කරගෙන තිබුණේ. එය විසිතුරු පැරණි ගෘහභාණ්ඩ ඉහළ මිළට විකුණන තැනක්. ගන්ධාර තවමත් එහි තිබෙනවා. හැබැයි දැන් ඔවුන් සිය අඬු අකුලාගෙන, කුඩා සාප්පු හා කැෆේ චේ, බැරිස්ටා හා අලුත්ම තැන වන ශිරාස් වැනි අවන්හල් කීපයකට ඉඩකඩ දීලා. හැව්ලොක් පාරත්, පාමංකඩත් අතර අවලස්සන ලෙස පිහිටා තිබුණත් ස්ට්‍රැට්ෆඩ් ඇවනියු හරි අපූරු වීදියක්. කෙටූ මිරිස් ගල්, වංගෙඩි මෝල්ගස්, උස ලී කුළුණු, ආකර්ශනීය කිරි කිරි ගාන පඩි පෙළවල් එහි හැමතැනම.

ශිරාස් මේ වීදියේ අලුත්ම පදිංචිකාරයා. මඳ වශයෙන් ආලෝකවත් කරන ලද එතැන හැව්ලොක් පාරේ කලබලකාරී පරිසරයට ඉහළින් පිහිටි සන්සුන් කෙම්බිමක් වැනි තැනක්. එහි තේමාව ගන්ධාරහි පරිසරය සමග හොඳින් පෑහෙනවා. ලී පොළව මත ඝනකම පර්සියානු බුමුතුරුණු අතුරලා. බිත්තිවල පෞරාණික ටයිල් සැරසිලි. හිමිකරු විසින් ගන්නා ලද ඡායාරූප එකතුවක් බිත්තිවල. එහිදී ඇති වන්නේ හරිම අව්‍යාජ හැඟීමක්. ඒ එහි පිසුම්, පිරිනැමුම් කරන හිමිකරුවෝ ඇත්තෙන්ම පර්සියානුවන් වන නිසා වෙන්න ඇති.

ඉරාන ආහාර ගැන මගේ දැනුම ඉතාම සීමිතයි. ඒත්, මෙහිදී භුක්ති වින්දේ අවධානය හා සැලකිල්ල සහිතව පිරිනමනු ලබන හොඳම ආහාර. ඔබට මෙනුපතකින් ආහාර ඇණවුම් කරන්න ලැබෙන්නේ නැහැ. ප්‍රධාන ආහාරය සමග සුප්, පිට්ටා ආදී කෑම පෙළක්ම පිරනැමෙනවා. අප එහි ගිය රාත්‍රියේ ප්‍රධාන ආහාරය වුණේ කෙබාබ්. හිමිකරුවා හා චෙෆ්වර‍යා විය හැකි යයි මා හිතන අයෙක් පැමිණ ඇසුවා අප කැමති මස් වර්ග ගැන. හරක් මස්, හීනියට ලියන ලද බැටළු මස්, කුකුළු ආදී සියලු මස් තිබෙනවා. අනතුරුව කුස්සියට අතුරුදහන් වන ඔහු යළි මතු වන්නේ බිලියඩ් රිටි වගේ දිග කූරුවල අමුණන ලද ලුණු යොදන ලද, රෝස් කළ මස් කුට්ටි සහිත බන්දේසියක් අතින් අරගෙනයි. ඒ හැමෙකක්ම රසයි. ඒ සමග කන්නට කහ බත්, ඩිල් රයිස්, පැස්ටා, බැටළු මස් සමග වම්බටු ව්‍යංජනය ආදී රසයන් රැසක් තිබෙනවා. කුළුබඩු හා රසකාරක ලාංකික අප හුරුපුරුදු වී සිටින රසයන්ට වඩා වෙනස්. හැමදෙයක්ම ටිකක් අතට අහුවෙන තරම් ලොකුයි; ඖෂධීය රසයෙන් යුතුයි. කට දන්නේ නැහැ. අමුතු වුණත්, ඒවා හොඳයි.

එක් අයෙකුට සමස්ත මිළ රු. 1500ක් පමණයි. කෑමට ලැබෙන මස් ප්‍රමාණය අනුව බැලුවාම සාධාරණයි. තව ආරම්භක කෑම වර්ග හා බුෆේ භෝජනයත් සමගනේ. මෙතැන සුන්දර තැනක්. ඒත්, අලුත් නිසා තවම ඔවුන්ට ගනුදෙනුකරුවන් මදි වගේ. යන්න.


Quoted :
Code:
yamu.lk
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උරු මස් තියෙනවාද සිරිපාල? මගෙ ආසම කැම උරු මස් ෆට්ට වල් උරුනම් තවත් ෆට්ට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    img



    මේ මොන උලව්වක්ද?බල්ලෙක් දාපු බෙට්ටක් වගේ.

    කෙබාබ් /කබාබ්:yes: ඔවා එ තරම් ගනන් නැහැ මෙහෙනම් රු 600ක් විතර වෙයි කුකුලෙක්ගෙ මස්ම:rofl:
     

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0