ශිෂ්‍යත්වයෙන් රට ගිය ජ‘පුර කථිකාචාර්යවරු

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ශිෂ්‍යත්වයෙන් රට ගිය ජ‘පුර කථිකාචාර්යවරු

    ශිෂ්‍යත්වයෙන් රට ගිය ජ‘පුර කථිකාචාර්යවරු 38ක් අතුරුදන් - සරසවියට කෝටි 8ක පාඩුවක්



    ශිෂ්‍යත්ව ලබා විදේශ රටවලට ගොස් සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් 38 දෙනෙකු ආගිය අතක් නැතැයි එම විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
    මේ පිරිසෙන් වැඩි දෙනෙකු සහාය කථිකාචාර්යවරුන් බව වාර්තා වන අතර විශ්වවිද්‍යාලයෙන් පිරිනැමුණු විශේෂ දීමනා හා වැටුප් ද ලබමින් මොවුන් විදේශයන් හි අධ්‍යාපන කටයුතුවල යෙදී සිටියදී මෙසේ අතුරුදන් වී ඇත.
    මේ පිරිස විශ්වවිද්‍යාලය සමඟ අස්සන් කෙරුණු බැදුම්කර ගිවිසුම කඩ කිරිම නිසා විශ්වවිද්‍යාලයට රුපියල් අට කෝටි විසි ලක්ෂ අසු එක් දහස් පනස් හතරක පමණ පාඩුවක් සිදුවී ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.
    මේ කථිකාචාර්යවරුන්ට හා ඔවුන්ගේ ඇපකරුවන්ට විශ්වවිද්‍යාලය සහ නීතිපති දෙපාර්තමේන්තුව මගින් වරින් වර එන්තරවාසි යොමු කර ඇතත් සමහර ලිපි සඳහා මේ වන තෙක් පිළිතුරක් හෝ ලැබී නැතැයි වාර්තා වෙයි.
    තවත් සමහර එන්තරවාසී හැරෙන තැපෑලෙන් විශ්වවිද්‍යාලයට ආපසු ලැබී ඇත.
    කෙසේවෙතත් ආගිය අතක් නැතිව සිටින මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරිමට හැකියාව ඇත්දැයි නීතිපතිවරුන්ගෙන් උපදෙස් ගැනීමට කටයුතු කරගෙනයන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වසන්ත පෙරේරා මහතා සඳහන් කළේය.
    මොවුන් ආගිය අතක් නැති බව හෙළිවිමෙන් පසුව ඔවුනට ගෙවීම නැවැත්වු බවද ලේඛකාධිකාරිවරයා පැවසී ය.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උන්ගේ ඉඩම් යාන වාහන් රජයට පවරගන්න
    පුරවැසි බාවය අහිමි කරන්න
    මුල්‍ය වන්චාකර්වුන් ලෙස ඉන්ටර්පෝල් database එකට ඇතුල් කරන්න
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Agreement ekakata sign kra nh yannem.....msc/phd complete kre naththam,iwra unata passe lankawata awe naththam course fz and uni eke losses ayakaragannawa....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උන්ගේ ඉඩම් යාන වාහන් රජයට පවරගන්න
    පුරවැසි බාවය අහිමි කරන්න
    මුල්‍ය වන්චාකර්වුන් ලෙස ඉන්ටර්පෝල් database එකට ඇතුල් කරන්න