ශිෂ්‍යත්ව විභාගය යථාර්තය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ශිෂ්‍යත්ව විභාගය යථාර්තය

    ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරනවා යැයි කියු විගස කඩියෝ කෑවා වගේ දගලන්නේ ගමේ දුක්විදින දරුවන්ගේ දෙමාපියන් නොවේ.. තමන්ගේ දරුවන් අනාගතේ දවසක නම ගිය පාසලකට ඇතුලත් කරගැනීමට නොලැබේයැයි කල් තියා සිත් තැවුලට පත් පුද්ගලයන් බව පෙනෙන්නට තිබේ...

    ඔවුන් වැඩි බරක් තබා ඇත්තේ නම ගිය පාසලක කීර්ති නාමය නිසා උසස් තැන් වලට ප්‍රවිශ්ඨ වූ අතලොස්ස මත විනා ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වන 80% පමණ දැයේ දුවා දරුවන් පිළිබදව නොවේ.. ඒ 80% වූ දුවා දරුවන් අර කියන උසස් පාසලක කිර්ති නාමයද නොමැතිව අනාගතය වෙනුවෙන් සටන් වැදිය යුතුව ඇත. එනයින් සමස්ථ සමාජය, විභාගයක් මගින්ම බෙදා වෙන් කර අවසානය...

    උසස් අධ්‍යාපන ක්‍රමයන් පවතින රටවල නිර්දෙශ වලට අනුව කුඩා ළමා මනසට නොගැලපෙන වාගේම තරගකාරී ජීවන රටාවකට කුඩා කල සිට යොමු කිරිමේ ආදිනව අතලොස්සක් උසස් පාසල් වලට තේරීමට වඩා බරපතල කාරණාවකි. උසස් ආචාර ධර්ම, එ⁣දිනෙදා ජීවිතයට වැදගත් වන කාරණ ඉගැන්විය යුතු කාල පරිච්ජේදයක උගන්වන්නේ බොහෝ ළමුන්ට ඔරොත්තු නොදෙන සිලබස් එකකි.! එම සිලබස් එක ආවරණය කර තම දරුවා අවම පරිසාධන මට්ටමට ඉහලින් ගෙන ඒමට නම් බොහෝ දෙමාපියන්ට සිදුවන්නේ දීවා රෑ නොබලා වෙහෙසවීමටය.. දරුවා උසස් පාසලකට සුදුසුකම් ලැබුවොත් එය ජැක්පොට් එකකි. බැරිඋනොත් නැවතත් සිටි තැනටමය.. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය එක්තරා ආකාර සූදුවකි.!

    මා ශිෂ්‍යත්වයට පෙනී සිටි පාසලේ ළමුන් 32 ක් අතරින් එදා සමත් වූයේ දෙදෙනෙකි, ළමුන් 20 දෙනෙක් පමණ විභාගයට මුහුණ දීමට සුදුසු මානසික මට්ටමකවත් නොසිටියහ, එවා ලකුණු මගින්ම සනාථ විය. අනෙක් අතට ළමා මන්දපෝෂණයෙන් පෙලන බහුතරයක් ළමො සිටිනා රටක මෙවන් බරසාර ඉලක්කයක් යනු ඇමකි. ඇමක් පෙන්වා අනාගතය ගොඩ දැමීමට මෙය හොද අවස්ථාවක් යැයි පැවසීමට "සූදුවක්" යන වචනයද හොද මදිය... ඇත්ත වශයෙන්ම මෙය යහපත් සමාජ ක්‍රමයකට හානියකි. පිලිතුරු අවශ්‍ය තැනට පරිභාහිරින් පිලිතුරු හොයන ක්‍රමවේදයකි.!

    එම නිසා අප මේ මොහොතේ සටන් කල යුතු වන්නේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් නොව තම හැකියාවට අනූරූපව දක්ෂතා වර්ධනය කරගත හැකිවන අ්ද්‍යාපන රටාවකටය, එවන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වලටය... උසස් පාසල නිසා පිලිගැනීම් ලැබෙන ක්‍රමය වෙනුවට තමන්ගේ දක්ෂතාවයට පිලිගැනීමක් ලැබෙන ක්‍රමයක් ඇති කල යුතුව ඇත. ශිෂ්‍යත්වය නම් සූදුවට දැයේ දුවා දරුවන් ලංසු තබනු වෙනුවට දක්ෂතා වලින් පරපූර්ණ, ආත්ම අභිමානයෙන් යුත් පුරවැසියන් සමුදායක් බිහිවන්නේ එතැනින් බවයි මගේ විශ්වාසය.!!

    source https://www.facebook.com/photo.php?fbid=2113312342119663&set=a.646428228808089&type=3&theater
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මා ශිෂ්‍යත්වයට පෙනී සිටි පාසලේ ළමුන් 32 ක් අතරින් එදා සමත් වූයේ දෙදෙනෙකි


    ඈ බන් ළමයි 32ක නියදියකින්ද මෙහෙම නිගමනයකට ආවේ ??