ශීතකරණය කළමණාකරණය
ඉස්සර නම් එහෙමත් ගේක තමා ශීතකරණයක් තිබ්බෙ. සීතලට වතුර බොන්න ගුරුලේත්තුව තිබ්බ වගේ කුස්සියේ අනෙකුත් දේවල් කල් තියාගන්න නොයෙක් උපක්‍රම අපේ පරණ පරම්පරාව දැනන් හිටිය. ඒ වගේම එදිනෙදා අවශ්‍ය මස් මාළු එදිනෙදාම මිලදී ගත්ත, පලා ටික උනත් වත්තෙ පිටියෙන් අළුතෙන්ම කඩාගත්ත.
දැන් තත්ත්වෙ ඊට හාත්පසින්ම වෙනස්. හැම ගෙදරකම ෆ්‍රිජ් එකක් තියෙනව. කාර්යබහුල ජීවන රටාවත් එක්ක එළවළු, මාළු ටික විතරක් නෙවෙයි හුඟක් වෙලාවට දවස් දෙක තුනකට උයල ෆ්‍රිජ් එකේ දාගෙන රත් කරන් කන තත්ත්වෙකට බොහෝ දෙනෙක් පත් වෙලා. හැබැයි මේ තරම් වැඩ ගන්න ෆ්‍රිජ් එකට හුඟ දෙනෙක් දක්වන්නෙ කුඩම්මගෙ සැලකිල්ලක්. නිසි පිලිවෙලකට බඩු අතුරා නැති පිරිසිදු නොකල ෆ්‍රිජ් අපි බොහෝවිට දකිනව. ෆ්‍රිජ් එක ඇරියම ඒකෙ ඇතුලෙ දාන්න ඕන ඒවයි එපා ඒවයි ඔක්කොම තියෙනව. අනිවා අපි අද මේ කියන්න හදන්නෙ නිවසක තියෙන ෆ්‍රිජ් එකක් කොහොමද පිලිවෙලකට තියාගන්නෙ කියන එක කියල දෙන්න. පිලිවෙලකට තියෙන ෆ්‍රිජ් එකක් ඔබේ කාලය ඉතුරු කරනව විතරක් නෙවෙයි විදුලි බිලටත් විශාල බලපෑමක් කරන නිසාම මේ විදියට අස් කරගන්න පොඩි වෙලාවක් වෙන් කරගන්න එකෙන් ඔබට වාසියක් මිසක පාඩුවක් නම් වෙන්නෙ නෑ.
1. පහසුවෙන් පිරිසිදු කරගන්න
ෆ්‍රිජ් එක ඉතින් ගෙදර ගෘහණිය විතරක්ම නෙවෙයිනෙ පාවිච්චි කරන්නෙ. පොඩි දරුවන් වතුර බොන්න බීම බොන්න නිතරම ෆ්‍රිජ් එක අරිනව. එහෙම වෙලාවක් ඇතුලෙ තියෙන භාජනේක ඇති දෙයක් පෙරලෙන්න හැලෙන්න ඉඩ වැඩියි. එහෙම වෙලාවක මුල ඉඳන්ම ඒ තට්ටුව සොදන්නයි පිහිදන්නයි කාලය වැය කරන්න වෙනව. එහෙම නැතුව හැම තට්ටුවකටම ක්ලින්ග් රැප් හෝ ප්ලාස්ටික් මැට්ස් දාල තිබ්බ නම් ඔබට ඉවත් කරන්න තියෙන්නෙ ඒක විතරයි.
2. ප්ලාස්ටික් භාජන ටිකක් ගන්න
ඔබ නිතරම නොයෙක් හොදි මාළු ෆ්‍රිජ් එකේ තැන්පත් කරන කෙනෙක් නම් හොඳින් වැසිය හැකි පියන් සහිත ප්ලාස්ටික් පෙට්ටි ටිකක් ලඟ තබා ගන්න. එක උඩ එක ඇසිරිය හැකි අයිස්ක්‍රීම් පෙට්ටි වගේ හතරැස් පෙට්ටි නම් වඩාත් ඉඩ ඉතිරි වෙනව. ඔබ ෆ්‍රිජ් එකට දාන ඕනෑම හොදි වැනි දියර සහිත දෙයක් (සුප් එකක් වැනි දෙයක්) මේ වගෙ පෙට්ටියකට දාල තදින් වහල තියන එක වඩා සුදුසුයි. එයින් ෆ්‍රිජ් එක ඇතුල හොදි වල සුවඳ රැදීම නැති වෙනව, ඔබ කල්තබාගන්න ආහාරයේ නැවුම් බව රැකෙනව විතරක් නෙවෙයි ඔබේ විදුලි බිලත් ඉතිරි වෙනව.
3. මස් මාළු අධිශීතකරණයට
බොහෝ නිවෙස් වලින් අයිස් කැටයක් දාල වතුර හෝ බීම වීදුරුවක් දුන්නම එකෙන් එන්නෙ මාළු පිලී ගඳක්. මේකට හේතුව නිසි පිලිවෙලකට මස් මාළු අසුරන්න නොදන්නකම. මස් හෝ මාළු නිවසට ගෙනාවම එක වේලකට සරිලන ප්‍රමාණ වෙන් කරන්න. ඒවා ප්ලාස්ටික් පෙට්ටි හෝ ඝණකම ප්ලාස්ටික් මලු වල වෙන වෙනම අසුර ගන්න. අවශ්‍ය නම් ලේබල් කරන්න. ඔක්කොම මස් ටික අයිස් යන්න එළියෙන් තියල නැවත ෆ්‍රීසර් එකට දාන්න අවශ්‍ය වෙන්නෙ නෑ වගේම ෆ්‍රීසර් එක ඇතුල මස් මාළු වල ගඳ රැඳෙන්නෙත් නැහැ.
4. සතියට සැරයක් අස් කරන්න
මොන තරම් හිතුවත් ඕන කරන දේවල් විතරයි ෆ්‍රිජ් එකට දාන්නෙ කියල දවසකින් දෙකකින් පස්සෙ විසි කරන්න ඕන දේවල් ෆ්‍රිජ් එක ඇතුලෙ සති ගණන් තියෙනව. මේවා නිසා ෆ්‍රිජ් එකේ ඉඩ ඇහිරෙනව. අවශ්‍ය දෙයක් දාන්නත් ඉඩ හදාගන්න අමාරුයි. ඒ වගේම නිතර පාවිච්චියක් නැති නිසාම කල් ඉකුත් වෙලා කියල අමතක වුන දේවලුත් ෆ්‍රිජ් එකකින් හොයාගන්න එක අමාරු නෑ ලංකාවෙ නම්. මේ නිසා සතියකට වතාවක් අනිවාර්යෙන් ෆ්‍රිජ් එකේ අනවශ්‍ය දේවල් ඉවත් කරන්න වෙලාවක් වෙන් කරගන්න. පරණ වෙච්ච එළවලු වගේ දේවල් තියාගෙන වැඩක් නැහැනෙ. ඒ දේවල් ඉවත් කරල දාන්න.
5. භාණ්ඩ ඇසිරීම
දොරෙන් පටන් ගමු. ෆ්‍රිජ් එකේ දොරේ උඩම තියෙන්නෙ බිත්තර අසුරන්න ඉඩක්. හැබැයි දොරේ බිත්තර අසුරනවට වඩා බිත්තර වල නැවුම් බව පවත්වාගන්න නම් ෆ්‍රිජ් එකේ ඇතුලෙ තට්ටුවක බිත්තර අසුරණය පිටින්ම තියන එක සුදුසුයි කියලයි සොයාගැනීම් වලින් කියන්නෙ. මේකට හේතුව දොරේ පවතින උශ්ණත්වය ඒකාකාරී නොවීම. ෆ්‍රෙශ් මිල්ක් හෝ වෙනත් කිරි ආහාරත් දොරේ අසුරන එකෙන් වැඩි කාලයක් නැවුම් බව තියාගන්න බැහැ.
පළතුරු සහ එළවළු එකට අසුරන්න එපා. පළතුරු වෙන වෙනම අසුරා ෆ්‍රිජ් එකේ පහල කොටසේ දෙවනි තට්ටුවේත් එළවළු ඒ සඳහා වෙන් වූ බකට් එකේ වෙන වෙනම අසුරා ගන්න.
අසුරන බඩු අතර ඉඩක් තබන්න. සිසිලස ගලායාමට ඉඩ නැති වෙන තරම් ෆ්‍රිජ් එක පිරවීමෙන් ඔබ ෆ්‍රිජ් එකක් භාවිතා කරන අරමුණ ඉශ්ඨ නොවෙන්න පුළුවන්. ආහාර ඉක්මණින් නරක් වීමට මෙය හේතුවක්.
ඉක්මණින් අවසන් කලයුතු ආහාර ද්‍රව්‍ය ෆ්‍රිජ් එකේ ඇතුලටම නොදා පෙනෙන මානයක ඉදිරියෙන් තබාගන්න. අමතකවීම් නිසා ආහාර අපතේ යන්න පුළුවන් වගේම අනවශ්‍ය ලෙස ෆ්‍රිජ් එක තුල ඉඩ ඇහිරෙන්න පුළුවන්.
සෝස් වර්ග වැනි දේවල් වල විනාකිරි අඩංගු බැවින් සාමාන්‍ය සීතලක් තිබීම ප්‍රමාණවත්. ඒ නිසා එවැනි ද්‍රව්‍ය ෆ්‍රිජ් එකේ දොරෙහි අසුරාගන්න. වතුර බෝතල්, බීම වර්ග දොරේ අසුරන්න.
6. නැවුම් සුවඳක් රඳව ගන්න
නිතරම පිරිසිදු කරල තියාගත්තත් සමහර වෙලාවට ෆ්‍රිජ් එකේ නැවුම් සුවඳ නැති වෙලා යන්න පුළුවන්. ඒ ගතිය නැති කරල නැවුම් සුවඳක් තියාගන්න නම් බේකින්ග් සෝඩා හෝ කෝපි කුඩු පොඩි තැටියකට දාල ෆ්‍රිජ් එක ඇතුලෙන් තියන්න. අනවශ්‍ය දුඟද නැති කරල නැවුම් බවකින් ෆ්‍රිජ් එක පුරවාලන්න එය සමත්.
7. මෙන්න මේ දේවල් ෆ්‍රිජ් එකේ දාන්න
ෆ්‍රිජ් එක කළමණාකරණය කරගන්නව වගේම මෙන්න මේ දේත් ඔයාලට වැදගත් වෙයි. ෆ්‍රිජ් එකේ අපි නොදාන ඒත් දැමිය යුතු දේවල්. මේ ටික දැක්කම නම් ඔයාලට පුදුමත් හිතෙයි.
ඉටිපන්දම්
මේක නම් අහලත් ඇති. පොලිතින් එකකින් හෝ ෆොයිල් එකකින් ඔතාගත්තු ඉටිපන්දම් ශීතකරණයේ දාල තියන එකෙන් ඒවා වැඩි කාලයක් දැල්වෙනව.
තිරිඟු පිටි
කල් ඉකුත් වෙන දිනය ලං නොවීම තිරිඟු පිටි නරක් වෙන්න තියෙන ඉඩ වැඩි බව අපේ ගෘහණියන් දන්නව ඇතිනෙ. වාතය නොයන විදියට හොඳට එයාටයිට් බාජනේක දාම පිටි ටික ෆ්‍රිජ් එකෙන් තියන්න. වැඩි කාලයක් පිටි වල නැවුම් බව රැකෙනව.
නේල් පොලිශ්
“අපෝ ෆිජ් එකේ දැම්මොත් ගල් වෙයිනෙ” කියල හිතුන නේද? එහෙම හිතුවට නේල් පොලිශ් ගල් වෙන්නෙ හිරු එළිය සහ උශ්ණත්වය වැඩි උනාම. නේල් පොලිශ් ශීතකරණයේ තියන්න. වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
ඇට වර්ග
ආමන්ඩ්, රටකජු, කජු වගේ දේවල් වාතය ඇතුල් නොවන බෝතල් වල දාල හොඳින් වහල ෆ්‍රිජ් එක තියන්න. සාමාන්‍ය කාමර උශ්ණත්වයේ මාස් 3ක් තියාගන්න පුළුවන් නම් ශීතකරණයේ මාස 6ක් තියාගන්න පුළුවන්.
මොයිස්චරයිසර්
“කන බොන ඒවා මදිවට ඇඟේ ගාන ඒවත් ෆ්‍රිජ් එකේ දාන්න පිස්සුද” හිතුන නේද මෙහෙම? ලංකාව වගේ උශ්ණ රටක ඇඟේ ගාන ක්‍රීම් එක ෆ්‍රිජ් එක දාල ගන්න එකෙන් ඔබට ලැබෙන්නෙ සහනයක්. රස්නෙට තෙල් වගේ වෙච්ච ක්‍රීම් එකක් නැතුව ස්මූත්වට ඇඟේ ගාන්න පුළුවන් විතරක් නෙවෙයි රස්නෙ දවසක සීතලට ක්‍රීම් ටිකක් ගාගන්න එක උණුසුමෙන් පොඩි සහනයක් ලබාගන්නත් උදව් වෙනව.
8. මේවා නම් ෆ්‍රිජ් එකේ දාන්න එපා
මෙන්න මේ දේවල් දාන්න එපා කියලයි කියන්නෙ. බලන්න මේවයින් කීයක් ඔයාලගෙ ෆ්‍රිජ් එකේ තියෙනවද කියල.
කෙසෙල්
කෙසෙල් ගෙනාවම ඉක්මණට කළු වෙලා යන නිසා සමහරු කෙසෙල් ෆ්‍රිජ් එකේ දානව. හැබැයි එහෙම දාන එකෙන් කෙසෙල් වල පෝශණයට හානි වෙන්න පුළුවන් වගේම බාගෙට ඉදුණු කෙසෙල් නම් හොඳින් ඉදීම ප්‍රමාද වෙනව.
අල
අලත් සමහරු කල් තියාගන්න කියල අනිත් එලවළු එක්කම ෆ්‍රිජ් එකට දානව. මේක කොහෙත්ම සුදුසු වැඩක් නෙවෙයි. සීතල නිරාවරනය වීමෙන් අල වල ඇති පිශ්ඨය ඉක්මණින්ම ග්ලූකෝස් බවට පත් වීම සිදු වෙන්න පුළුවන්. ඒක සෞඛ්‍යට හිතකර නෑ.
තක්කලි
තක්කලි ෆ්‍රිජ් එකේ දාන්න එපා කියන්නෙ තක්කලි වල තියෙන රස වෙනස් වෙන්න පුළුවන් නිසා. ඔබ තක්කලි වලින් බලාපොරොත්තු වෙන රසය ලබාගන්න නම් තක්කලි ෆ්‍රිජ් එකේ නොදා සාමාන්‍ය කාමර උශ්ණත්වයේ තියන්න.
මී පැණි
මී පැණි වලට කූඹි වහනව කියල ඒක ෆ්‍රිජ් එකේ නම් දාන්න එපා. මී පැණි කියන්නෙ කොහොමත් ස්වභාවිකවම කල් පවතින ගුණය සහිත දෙයක්. ෆ්‍රිජ් එක දැමීමෙන් එහි ඩංගු ග්ලූකෝස් ගුණය නිසා මී පැණි ටික හයි වෙන්න බලනව. ඒ නිසා මී පැණි ෆ්‍රිජ් එකේ දාන්න එපා.
සමහර පලතුරු
කෙසෙල් වගේමඇපල්, අඹ, පීච්, කිවි, කොමඩු වගේ පලතුරු වල පෝශණයට ෆ්‍රිජ් එකේ දැමීමෙන් හානි වෙන්න පුළුවන්. කපපු කොටසක් දවසකට පස්සෙ වගේ පාවිච්චි කරන්න ෆ්‍රිජ් එකේ දැම්මට කමක් නෑ. හැබැයි හොඳින් ආවරණය කරල තියන්න.
Source : aniwa.lk
හොදයිනම් බම්ප් එකක් දාල යන්න
ශීතකරණය කළමණාකරණය කරන්න මේ ටිප්ස් 8න් දැනගන්න

Last edited:

+