[FONT="]එසේනම් වතින් සාමණේර වත, උපසම්පදා වත ලෙසින් භික්ෂූණ්වහන්සේලාට තිබෙන වතක සිටින්නට පුළුවන්.... නැතිනම් අෂ්ඨාංග වත, නවාංග වත ආදී ලෙස තිබෙන නොයෙක් වත් පුරන අයෙක් සිටින්නට පුළුවන්... ඒ කව්රුන් කුමන වතක සිටියත් සතර අපාගත වීමට හේතු යෙදෙන අවස්ථාවක් කුමන ලෙසකින් හෝ මතුවන්නට අවස්ථාව තිබෙනවා. ඒත් ධර්මාවබෝධය තුලින් සතර අපාගත වීමට හේතු කිසිලෙසකත් නොයෙදෙන තත්වයට පත්වූ විට කුමන වතක සිටියත් නැතත් ඒ පුද්ගලයා තුල ඉහත පෙන්වා දුන් පාරිශුද්ධත්වය තුලින් ලැබෙන පහාන, වේරමණී, චේතනා, සංවර හා අවිතික්කම යන පංච සීලයෙන් යුක්ත වෙනවා. [/FONT]
[FONT="]එනම් සීලය චිත්ත පාරිශුද්ධත්වය තුලින් තමන් තුලම ඇතිවන දෙයක් මිස සිත මට්ටු කරමින් සිතට තදින් අවවාද කරමින් බලහත්කාරයෙන් සිත දමනය කරගෙන සිටින වතක් නොවන බව ඔබගේ නුවණට මේ වන විටත් අවබෝධ වී හමාර බව මට සිතේ. එලෙසින් වත සහ සීලය වෙන්කොට හදුනාගෙන කටයුතු කිරීම මේ ආර්ය මාර්ගය නිවැරදිව පූර්ණය කරගෙන යාමටද ඉතා වැදගත්වෙනවා. පංච දුෂ්චරිතයෙන් වෙන්වන වත ලැබූ පමණින් පංච සීලය ලැබුවා යැයි වැරදි මතයන්ට වැරදි තීරණයන්ට එළඹ නොගෙන තම තමන්ගේ නුවණින්ම කරුණු විමසා බලන්න. මා කියු පමණින් මෙම කාරණා මෙලෙසමයි යැයි නොගෙන තවත් අයෙක් කියූ පමණින් මෙලෙස පෙන්වා දුන් කාරණා ඉවත් නොකොට තම තමන් සතු බුද්ධිමට්ටම මෙහෙයවා සිතන්න... මම නිතර ඉල්ලා සිටින පරිදි විවෘත වූ මනසිකින් සිතන්න... ඔබටත් මේ වෙනස අනිවාර්යෙන්ම අවබෝධ වේවි. [/FONT]
[FONT="]මෙහිදී මම තවත් කරුණක් ඉල්ලා සිටීමට කැමත්තෙමි. එනම් මෙම කරුණු සියල්ලම තම තමන්ගේ නුවණින් විමසා තම තමන්ගේ ආර්ය මාර්ගය පූර්ණය කොටගෙන නිවන් අවබෝධය කරා යාමට සිතාබැලිය හැකි ධර්මයට ගැලපෙනවා යැයි සිතිය හැකි කාරණාවන බව ඔබටම දැනෙනවා ඇත. මේ සියල්ල සදහන් කරනුයේ ඔබ සැමට සිතාබලන්නට සහ නිවන් අවබෝධය කරා ලංවීමට දැඩි අවශ්යාතාවයකින් පෙලෙන ඒ සදහා කටයුතු කරන අයට නැවත නැවත සිතාබලන්නට මිස ලෝකයේ දැනට අප අතර ප්‍රසිද්ධ පොතපතෙහි සදහන් දෑ වෙනස් කිරීමට ඉල්ලා සිටින හෝ වාද කරන තර්ක කරන අවශ්‍යතාවයක් මත නොවන බව සදහන් කල යුතුමය. එලෙසින්ම විභාග ආදිය සමත්වීමට නම් මා මෙන්ම ඔබද පංච සීලය ලෙසින් මෙතෙක් කල් දැනගෙන සිටි පන්සිල් පද 5 ලිවිය යුතු බවත් යථාවබෝධය පිණිස සිතාබලන්නට ඉදිරිපත් කල මෙම කරුණු ඔස්සේ පිළිතුරු ලියා විභාග ආදිය අසමත් වීමට කරුණු යොදා නොගන්නා ලෙසටත් ඉල්ලා සිටිමි. [/FONT]
[FONT="]තම තමන්ගේ අවබෝධය තුලින් නුවණින් විමසා සත්‍යාවබෝධය ලබන පිරිස් බිහීවීම නොබෝ කලකින්ම සිදුවිය හැක්කකි. එහිදී මෙම කරුණු ස්ථීර වීමට හෝ නොවීමට ඉඩ ඇත. එතෙක් තම තමන් බේරාගැනීමට අප කටයුතු කල යුතුමය. ඒ සදහා මේ කරුණු ගැන සිතා බලමින් ලබන අවබෝධය පිටුවහලක් වන බව ඔබටද වැටහෙනවා ඇත.
[/FONT]
[FONT="]එසේනම් මේ ලෞකික ලෝකය තුල සත්‍යාවබෝධයට මග සොයනා ඔබටත් මටත් නිරන්තරයෙන් සමාදන් විය හැකි වතක් ඇත. එනම් පංච දුෂ්චරිතය හෙවත් “සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම සහ මත්පැන් නොබීම” යනාදී දේ තුලින් හැකි උපරිමයෙන් වෙන්වී සිටීමයි. තම තමන්ගේ නුවණින් විමසා ශ්‍රී සද්ධර්මය අසන විට අවබෝධ වන සත්‍යය ධර්මය තුලින් “පාණාතිපාතා පටිවිරතෝ හෝථී - ප්‍රාණඝාතයට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / අදින්නාදානා පටිවිරතෝ හෝථී - සොරකමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝථී - කාමයෙහි වරදවා හැසිරීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / මුසාවාදා පටිවිරතෝ හෝථී - බොරුකීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හෝථී - ප්‍රමාදයට මදයට හේතුවන සුරාවට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ” යන තත්වයන්ට පත්ව උතුම් වූ “පහාන සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං” යන පංච සීලය ලැබීමට ඒ පෙන්වාදුන් සංවරත්වය ලැබීමට විවෘත මනසකින් සත්‍යය අවබෝධය ලැබීමට කටයුතු සිදුකරගන්නා සැමටම හැකිවෙනවා ඇත.
[/FONT]
[FONT="][/FONT]
[FONT="]මම සතුන් නොමරමි[/FONT]
[FONT="]සොරකම් කිසිත් නොකරමි[/FONT]
[FONT="]දුසිරිතෙන් වැළකෙමි[/FONT]
[FONT="]බොරු බසින් මත්පැනින් වැලකෙමි[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නිවැරදිව මෙසේ දිනපතා භාවිතා කොට තමන්ට මෙන්ම බුදු හිමියන්ටද පොරොන්දු වන්න තමන්ව ගලවා ගැනීමට වුවමනා කරන පංච දුෂ්චරිතයෙන් මිදීමට කටයුතු කරනවා කියලා...
[/FONT]
[FONT="]සැනසුම් බුදු දහම් සංවර ලෙස ඒවා [/FONT]
[FONT="]සැනසුම් සිල්ගුණය හැම හදේ පිහිටවා[/FONT]
[FONT="]සැනසුම් සාම සැම සත වෙත විහිදේවා[/FONT]
[FONT="]සැනසුම ලබා සත නිවනින් සැනසේවා![/FONT]