ශීලය ගැන කතා කරමු.

viduransi

Member
Mar 23, 2010
5
3
0
43
Kelaniya
[FONT=&quot]එසේනම් වතින් සාමණේර වත, උපසම්පදා වත ලෙසින් භික්ෂූණ්වහන්සේලාට තිබෙන වතක සිටින්නට පුළුවන්.... නැතිනම් අෂ්ඨාංග වත, නවාංග වත ආදී ලෙස තිබෙන ‍නොයෙක් වත් පුරන අයෙක් සිටින්නට පුළුවන්... ඒ කව්රුන් කුමන වතක සිටියත් සතර අපාගත වීමට හේතු යෙදෙන අවස්ථාවක් කුමන ලෙසකින් හෝ මතුවන්නට අවස්ථාව තිබෙනවා. ඒත් ධර්මාවබෝධය තුලින් සතර අපාගත වීමට හේතු කිසිලෙසකත් නොයෙදෙන තත්වයට පත්වූ විට කුමන වතක සිටියත් නැතත් ඒ පුද්ගලයා තුල ඉහත පෙන්වා දුන් පාරිශුද්ධත්වය තුලින් ලැබෙන පහාන, වේරමණී, චේතනා, සංවර හා අවිතික්කම යන පංච සීලයෙන් යුක්ත වෙනවා. [/FONT]

[FONT=&quot]එනම් සීලය චිත්ත පාරිශුද්ධත්වය තුලින් තමන් තුලම ඇතිවන දෙයක් මිස සිත මට්ටු කරමින් සිතට තදින් අවවාද කරමින් බලහත්කාරයෙන් සිත දමනය කරගෙන සිටින වතක් නොවන බව ඔබගේ නුවණට මේ වන විටත් අවබෝධ වී හමාර බව මට සිතේ. එලෙසින් වත සහ සීලය වෙන්කොට හදුනාගෙන කටයුතු කිරීම මේ ආර්ය මාර්ගය නිවැරදිව පූර්ණය කරගෙන යාමටද ඉතා වැදගත්වෙනවා. පංච දුෂ්චරිතයෙන් වෙන්වන වත ලැබූ පමණින් පංච සීලය ලැබුවා යැයි වැරදි මතයන්ට වැරදි තීරණයන්ට එළඹ නොගෙන තම තමන්ගේ නුවණින්ම කරුණු විමසා බලන්න. මා කියු පමණින් මෙම කාරණා මෙලෙසමයි යැයි නොගෙන තවත් ‍අයෙක් කියූ පමණින් මෙලෙස පෙන්වා දුන් කාරණා ඉවත් නොකොට තම තමන් සතු බුද්ධිමට්ටම මෙහෙයවා සිතන්න... මම නිතර ඉල්ලා සිටින පරිදි විවෘත වූ මනසිකින් සිතන්න... ඔබටත් මේ වෙනස අනිවාර්යෙන්ම අවබෝධ වේවි. [/FONT]
[FONT=&quot]මෙහිදී මම තවත් කරුණක් ඉල්ලා සිටීමට කැමත්තෙමි. එනම් මෙම කරුණු සියල්ලම තම තමන්ගේ නුවණින් විමසා තම තමන්ගේ ආර්ය මාර්ගය පූර්ණය කොටගෙන නිවන් අවබෝධය කරා යාමට සිතාබැලිය හැකි ධර්මයට ගැලපෙනවා යැයි සිතිය හැකි කාරණාවන බව ඔබටම දැනෙනවා ඇත. මේ සියල්ල සදහන් කරනුයේ ඔබ සැමට සිතාබලන්නට සහ නිවන් අවබෝධය කරා ලංවීමට දැඩි අවශ්‍යාතාවයකින් පෙලෙන ඒ සදහා කටයුතු කරන අයට නැවත නැවත සිතාබලන්නට ‍මිස ලෝකයේ දැනට අප අතර ප්‍රසිද්ධ පොත‍පතෙහි සදහන් දෑ වෙනස් කිරීමට ඉල්ලා සිටින හෝ වාද කරන තර්ක කරන අවශ්‍යතාවයක් මත නොවන බව සදහන් කල යුතුමය. එලෙසින්ම විභාග ආදිය සමත්වීමට නම් මා මෙන්ම ඔබද පංච සීලය ලෙසින් මෙතෙක් කල් දැනගෙන සිටි පන්සිල් පද 5 ලිවිය යුතු බවත් යථාවබෝධය ‍පිණිස සිතාබලන්නට ඉදිරිපත් කල මෙම කරුණු ඔස්සේ පිළිතුරු ලියා විභාග ආදිය අසමත් වීමට කරුණු යොදා‍ ‍නොගන්නා ලෙසටත් ඉල්ලා සිටිමි. [/FONT]
[FONT=&quot]තම තමන්ගේ අවබෝධය තුලින් නුවණින් විමසා සත්‍යාවබෝධය ලබන පිරිස් බිහීවීම නොබෝ කලකින්ම සිදුවිය හැක්කකි. එහිදී මෙ‍ම කරුණු ස්ථීර වීමට හෝ නොවීමට ඉඩ ඇත. එතෙක් තම තමන් බේරාගැනීමට අප කටයුතු කල යුතුමය. ඒ සදහා මේ කරුණු ගැන සිතා බලමින් ලබන අවබෝධය පිටුවහලක් වන බව ඔබටද වැටහෙනවා ඇත.
[/FONT]

[FONT=&quot]එසේනම් මේ ලෞකික ලෝකය තුල සත්‍යාවබෝධයට මග සොයනා ඔබටත් මටත් නිරන්තරයෙන් සමාදන් විය හැකි වතක් ඇත. එනම් පංච දුෂ්චරිතය හෙවත් “සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම සහ මත්පැන් නොබීම”‍ යනාදී දේ තුලින් හැකි උපරිමයෙන් වෙන්වී සිටීමයි. තම තමන්ගේ නුවණින් විමසා ශ්‍රී සද්ධර්මය අසන විට අවබෝධ වන සත්‍යය ධර්මය තුලින් “පාණාතිපාතා පටිවිර‍තෝ හෝථී - ප්‍රාණඝාතයට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / අදින්නාදානා පටිවිර‍තෝ හෝථී - සොරකමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / කාමේසු මිච්ඡාචාරා පටිවිර‍තෝ හෝථී - කාමයෙහි වරදවා හැසිරීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / මුසාවාදා පටිවිර‍තෝ හෝථී - බොරුකීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිර‍තෝ හෝථී - ප්‍රමාදයට මදයට හේතුවන සුරාවට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ” යන තත්වයන්ට පත්ව උතුම් වූ “පහාන සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං” යන පංච සීලය ලැබීමට ඒ පෙන්වාදුන් සංවරත්වය ලැබීමට විවෘත මනසකින් සත්‍යය අවබෝධය ලැබීමට කටයුතු සිදුකරගන්නා සැමටම හැකිවෙනවා ඇත.
[/FONT]


[FONT=&quot][/FONT]
[FONT=&quot]මම සතුන් නොමරමි[/FONT]
[FONT=&quot]සොරකම් කිසිත් නොකරමි[/FONT]
[FONT=&quot]දුසිරිතෙන් වැළකෙමි[/FONT]
[FONT=&quot]බොරු බසින් මත්පැනින් වැලකෙමි[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]නිවැරදිව මෙසේ දිනපතා භාවිතා කොට තමන්ට මෙන්ම බුදු හිමියන්ටද පොරොන්දු වන්න තමන්ව ගලවා ගැනීමට වුවමනා කරන පංච දුෂ්චරිතයෙන් මිදීමට කටයුතු කරනවා කියලා...
[/FONT]


[FONT=&quot]සැනසුම් බුදු දහම් සංවර ලෙස ඒවා [/FONT]
[FONT=&quot]සැනසුම් සිල්ගුණය හැම හදේ පිහිටවා[/FONT]
[FONT=&quot]සැනසුම් සාම සැම සත වෙත විහිදේවා[/FONT]
[FONT=&quot]සැනසුම ලබා සත නිවනින් සැනසේවා![/FONT]
[FONT=&quot]:D[/FONT]
 
  • Like
Reactions: shammee

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
තමාගේ ගව රංචුවෙහි සිටින ගවයින් ගණන මෙතෙකැයි නොදන්නා පුද්ගලයාට ගවරංචුව රැකගත නොහැක.
එපරිද්දෙන්ම සීලය නොදන්නා වු පුද්ගලයාට සංවර බව ආරක්ෂාකරගත නොහැකිය.
 
  • Like
Reactions: sudunone

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ පර පණ ‍නැසීමෙන් වෙන්ව, පර පණ ‍නැසීම අතහැර, බහා තැබූ දඩු මුගුරු ඇතිව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතිව, පාපයට ලජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියළු ප්‍රාණ භූතයන් කෙරෙහි සිතානුකම්පාවෙන් වාසය කරන්නේය. උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද පර පණ ‍නැසීමෙන් වෙන්ව, පර පණ ‍නැසීම අතහැර, බහා තැබූ දඩු මුගුරු ඇතිව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතිව, පාපයට ලජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියළු ප්‍රාණ භූතයන් කෙරෙහි සිතානුකම්පාවෙන් වාසය කරමි මේ මාගේ පළවෙනි සික්ඛාවයි”

“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ නොදුන්දේ ගැනීමෙන් වෙන්ව, නොදුන්දේ ගැන්ම අතහැර, දෙන දෙයක්ම ගන්නේ, දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු වූ ආත්ම පරිහරණයකින් යුක්තව වාසය කරන්නේමය. උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද නොදුන්දේ ගැනීමෙන් වෙන්ව, නොදුන්දේ ගැන්ම අතහැර, දෙන දෙයක්ම ගන්නේ, දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු වූ ආත්ම පරිහරණයකින් යුක්තව වාසය කරමි මේ මාගේ දෙවෙනි සික්ඛාවයි”

මෙලෙසින් සිල් වත සමාදන් වීමට වෙනස්කොට ගෙන ඇත්තේ “අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යන නියමාකාර සික්ඛා පදයයි. එය පොහෝදිනට සමාදන් වන බව සිල් සමාදන් වීමට යන ඇත්තන් දන්නවා විය හැක.

(සුරාව මේරය - මදයට හේතුවන ප්‍රමාදයට හේතුවන ලොව අල්ලාගැනීමට හේතුවන සුරාවක් තියෙනවා මේරයක් තියෙනවා. සුරා නම් සරාගය නැමැති අර්ථ දෙයි. මේරා නම් මිහිරියාව නැමැති අර්ථ දෙයි. සරාගික වන්නේ මොනවා තුලින්ද? ලස්සන රූප දැක, මිහිර හඩ අසා, ගන්ධ, රස හා ස්පර්ශ යන පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන පංච කාමයෙන් සරාගික වෙනවා. එම පංච කාමයන් තුලින් රාගික සිතක් ඇතිකරගෙන එහි මිහිරියාවට පත්වූ විට මේ කියන්නා වූ සුරාවෙන් මේරයෙන් මත්වෙනවා. එලෙස මත්වීම තුලින් ‍නිවනින් සිත ඈත්ව යනවා. ලෝකය කොච්චර ආශ්වාදද කොච්චර ලස්සනද කියලා ලෝකයටම ඇලී සිටින්න සිතෙනවා. එලෙසින් නිවනට ප්‍රමාදය ඇතිවී ලෝකය තුලම ඇලෙනවා. එය සුරා මේරය මජ්ජපමාදට්ඨානා තුලින් පෙන්වා දුන්නා.)මේ කියන්නා වූ සුරාවෙන් මේරයෙන් වෙන්ව ප්‍රමාදයට හේතුවන සුරාව මේරය අතහැ‍ර අප්‍රමාදීව නිවන් අවබෝධ කල සේක! උන්වහන්සේ අනුගමනය කරන්නාවූ මමද සුරාවෙන් මේරයෙන් වෙන්ව ප්‍රමාදයට හේතුවන සුරාව මේරය අතහැ‍ර අප්‍රමාදීව නිවන් අවබෝධ කරමි මෙය මාගේ පස්වෙනි සික්ඛාවයි.”


මේ ආකාරයට පන් සිල් පද විග්‍රහ කර තිබෙනවා දුටුවේ පලමු වතාවටයි. මෙසේ විග්‍රහ වන සූත්‍රයේ නම ඔබට සදහන් කල හැකිද? එසේ සූත්‍රයක අඩංගු නොවේ නම් මෙම විග්‍රහ කිරීම් ඇති ග්‍රන්තය කුමක්ද? එසේ සදහන් වනවා නම් එය බොහෝ දෙනෙකුට හිත සුව පිනිස හේතු වන පිනකි. තෙරුවන් සරනයි
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
තමාගේ ගව රංචුවෙහි සිටින ගවයින් ගණන මෙතෙකැයි නොදන්නා පුද්ගලයාට ගවරංචුව රැකගත නොහැක.
එපරිද්දෙන්ම සීලය නොදන්නා වු පුද්ගලයාට සංවර බව ආරක්ෂාකරගත නොහැකිය.

:yes:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ධර්මය විකෘති කරමින් වැරදි මත ප්‍රචාරය කරන පිරිස් ඇති බැවින් සූත්‍ර නිවැරදිව හදාරා, එහි ඇති ආකාරයටම ඉදිරිපත් කරන, තමන්ගෙ පෞද්ගලික මති මතාන්තර ධර්මය වශයෙන් නොදක්වන කළ්‍යාණමිත්‍රයන් වහන්සේලාගෙන්ම ධර්මය ඉගෙන ගැනීම ඉතා සුදුසුයි.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ධර්මය විකෘති කරමින් වැරදි මත ප්‍රචාරය කරන පිරිස් ඇති බැවින් සූත්‍ර නිවැරදිව හදාරා, එහි ඇති ආකාරයටම ඉදිරිපත් කරන, තමන්ගෙ පෞද්ගලික මති මතාන්තර ධර්මය වශයෙන් නොදක්වන කළ්‍යාණමිත්‍රයන් වහන්සේලාගෙන්ම ධර්මය ඉගෙන ගැනීම ඉතා සුදුසුයි.

:yes::yes:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
"ඒ ඒ සත්ත්වයන්ගේ පුද්ගලයන්ගේ ප්‍රකෘති ස්වභාවයෝ ශීල නම් වෙති" - මෙතන හරි, හොඳට බලන්න, "ප්‍රකෘති ස්වභවයෝ" කියන වචනය ඒකිව්වෙ .. කිසිම පාලනයකින් තොරව ඉබේම වෙන එකක් (සංවරත්වය) .. පාලනයෙන් රකින (වෘත, වත) එකක් නෙමේ.

මේක නිසා තමයි බුදුපියාණන් වහන්සේ, මේ උතුම් දහම පොත්වල ලියා තැබීම අනුමත නොකලේ. එක තැනක බණ දේශණා කරන විට අධිෂ්ඨාන කලේ "වචනය අමතක වේවා අදහස වැටහේවා" කියලා. "අදහසයි" වටින්නෙ :)
එහෙම කොහෙද තියෙන්නෙ? මම අහල තියෙන විදිහටනම් ඔහොම සිද්දියක් වුණේ යස කුල පුත්‍රයට විතරයි- ඔහු බණ පදයක් මතක තබා ගෙන ඒ වෙනුවෙන් පියාගෙන් මුදලක් ලැබීමේ අරමුණින් බණ අහන්න ආ නිසා. මේ සුවිශේෂී අවස්ථාවක්. එහෙම නැතුව ධර්මය වචනයෙන්ම මතක තබා ගැනීම ප්‍රතික්ෂේප කළේ නැහැ. එක් එක් පුද්ගලයාගේ හැකියාව මත එක වරම තේරුම් ගන්නත් පුලුවන්; නැවත නැවත සිහි කර සාකච්ඡා කර තේරුම් ගැනීම අවශය වෙන්නත් පුලුවන්. ඉතින් එක පාරටම 'අදහස' මතක තියාගන්නව කියල මතක තියා ගන්නෙ ඒ මොහොතේ තමුන්ට තේරුණු අදහස- එය වැරදි වෙන්නත් පුලුවන්. පසුව සිහි කරනවිට ඒ වැරදි අදහසම කොපමණ සිහි කළත් වැඩක් නැහැ. නමුත් වචනය මතක තියෙනවනම්, සටහන් කර තියෙනවනම් දේශකයාණන් අදහස් කළ දේ තේරුම් ගන්න එය උපකාර වෙනවා. එය ධර්මයට විතරක් නෙවෙයි, වෙනත් දෙයටත් පොදුයි.
ධර්මය වචන මාත්‍රයෙන් රැකී තිබුණු නිසා තමයි ධර්ම සංගායනාවන්හිදී විග්‍රහ කර බලා පාලි වචනවල නිවැරදි තේරුම් සාකච්ඡා කරන්නට පුලුවන් වුණේ. එහෙම නැතුව එක් එක්කෙනාගෙ පෞද්ගලික අදහස්, මතිමතාන්තරනම් රැකගෙන ආවෙ ධර්මය ඉතිරි වෙන්නෙ නෑ.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
[FONT=&quot]එසේනම් පන්සිල් මෙලෙසින් දැනගත් අපට පංච ශික්ෂා ලෙසින් හදුන්වන්නේ මොනවාද යන්න පිලිබදවත් අවබෝධ කරගත යුතුයි... මොකද දැනටමත් අපේ නිවන් අවබෝධයට බාධාවක් වන ආකාරයේ පුරුදු කීපයකට අප යොමුවී සිටින නිසා...
[/FONT]

[FONT=&quot]පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි[/FONT]

[FONT=&quot]“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ පර පණ ‍නැසීමෙන් වෙන්ව, පර පණ ‍නැසීම අතහැර, බහා තැබූ දඩු මුගුරු ඇතිව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතිව, පාපයට ලජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියළු ප්‍රාණ භූතයන් කෙරෙහි සිතානුකම්පාවෙන් වාසය කරන්නේය. උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද පර පණ ‍නැසීමෙන් වෙන්ව, පර පණ ‍නැසීම අතහැර, බහා තැබූ දඩු මුගුරු ඇතිව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතිව, පාපයට ලජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියළු ප්‍රාණ භූතයන් කෙරෙහි සිතානුකම්පාවෙන් වාසය කරමි මේ මාගේ පළවෙනි සික්ඛාවයි” [/FONT]

[FONT=&quot]එසේනම් සතුන් නොමරා සිටිමින් පමණක් “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යන සික්ඛා පදය මම හරියට රැක්කා කිව්වොත් එය ‍කොතරම් නිවැරදිද? [/FONT]

[FONT=&quot]අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි[/FONT]

[FONT=&quot]“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ නොදුන්දේ ගැනීමෙන් වෙන්ව, නොදුන්දේ ගැන්ම අතහැර, දෙන දෙයක්ම ගන්නේ, දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු වූ ආත්ම පරිහරණයකින් යුක්තව වාසය කරන්නේමය. උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද නොදුන්දේ ගැනීමෙන් වෙන්ව, නොදුන්දේ ගැන්ම අතහැර, දෙන දෙයක්ම ගන්නේ, දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු වූ ආත්ම පරිහරණයකින් යුක්තව වාසය කරමි මේ මාගේ දෙවෙනි සික්ඛාවයි” [/FONT]

[FONT=&quot]මෙයින් අදහස්‍වන්නේ සොරකම් කිරීමෙන් වැලකී සිටීම පමණක් නොවන බව ඔබටම දැන් වැටහෙනවා ඇත. කෙටියෙන් කිවහොත් මෙලෙසින් සික්ඛා පදය සමාදන් වූ විට තමන් පානය කරන තේ පානය පවා තමාට අන් අයෙක් විසින් දුන්නොත් පමණක් ගත යුතුය. බත් ආදී ආහාරයක් පවා අන් අයෙක් විසින් බෙදා පිලිගැන්වුවොත් පමණයි නේද ගත යුත්තේ? දෙන දෙයක්ම ගන්නේ, දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු වූ ආත්ම පරිහරණයකින් යුක්තව වාසය කරන අයෙකුට පමණයි නේද මේ කියන දෙවෙනි සික්ඛා පදය නොකැඩී නොබිදී ආරක්ෂා කල හැකි වන්නේ? [/FONT]
[FONT=&quot]සොරකම් නොකොට අන්සතුදේ නොගෙන ඕනෑම අයෙකුට සිටින්න පුළුවන්. එහෙත් “අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි” ලෙසින් දෙවෙනි සික්ඛා පදය සමාදන් වන පුද්ගලයා සමග ඒ ඇත්තාට ඇප උපස්ථානය සදහාද යමෙක්අසලින්ම සිටිය යුතු නොවන්නේද? වන්දනාමාන කරමින් පූජා සිතින් පිලිගන්වන ඇත්තෙක් අසලම සිටිය යුතුයි නේද? එසේනම් පොහොය දිනට සුදුවතක් හැදගෙන උතුරු සළුව දරාගෙන ‍පන්සලට ගොස් සමාදන් වන වතහි පිහිටන විට සිදුවනවා නේද? “නොදුන්දේ ගැන්ම අතහැර, දෙන දෙයක්ම ගන්නේ, දුන්දේම බලාපොරොත්තු ඇතිව පිරිසිදු වූ ආත්ම පරිහරණයකින් යුක්තව වාසය කරන්න” හැකි අවස්ථාවක් නේද ඒ උදාවන අවස්ථාව? සාමාන්‍ය එදිනෙදා කටයුතු සිදුකරන දිනයක මෙම සික්ඛා පදය සමාදන්වී ඔබට සිටීමට හැකිද කියා ඔබේම නුවණින් සිතා බලන්න.[/FONT]

[FONT=&quot]කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි [/FONT]

[FONT=&quot]මෙලෙසින් සිල් වත සමාදන් වීමට වෙනස්කොට ගෙන ඇත්තේ “අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යන නියමාකාර සික්ඛා පදයයි. එය පොහෝදිනට සමාදන් වන බව සිල් සමාදන් වීමට යන ඇත්තන් දන්නවා විය හැක.[/FONT]

[FONT=&quot]“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියාව අතහැර, බ්‍රහ්මචාරී වූයේ නීච වූ කාම ධර්මයන්ගෙන් වෙන්වූ උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයන්ගෙන් යුතුව වාසය කරන්නේමය. උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද බ්‍රහ්මචරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියාව අතහැර, බ්‍රහ්මචාරී වූයේ නීච වූ කාම ධර්මයන්ගෙන් වෙන්වූ උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයන්ගෙන් යුතුව වාසය කරමි මේ මාගේ තෙවෙනි සික්ඛාවයි” [/FONT]

[FONT=&quot]මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි [/FONT]

[FONT=&quot]“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ මුසාවාදයෙන් වෙන්ව මුසාවාදය අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගලපා කථා කරන කථා ඇතිව සත්‍යවාදීව වාසය කරන්නේමය. උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද මුසාවාදයෙන් වෙන්ව මුසාවාදය අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගලපා කථා කරන කථා ඇතිව සත්‍යවාදීව වාසය කරමි මේ මාගේ හතරවෙනි සික්ඛාවයි.”[/FONT]

[FONT=&quot]සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි [/FONT]

[FONT=&quot]“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ [/FONT][FONT=&quot](සුරාව මේරය - මදයට හේතුවන ප්‍රමාදයට හේතුවන ලොව අල්ලාගැනීමට හේතුවන සුරාවක් තියෙනවා මේරයක් තියෙනවා. සුරා නම් සරාගය නැමැති අර්ථ දෙයි. මේරා නම් මිහිරියාව නැමැති අර්ථ දෙයි. සරාගික වන්නේ මොනවා තුලින්ද? ලස්සන රූප දැක, මිහිර හඩ අසා, ගන්ධ, රස හා ස්පර්ශ යන පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන පංච කාමයෙන් සරාගික වෙනවා. එම පංච කාමයන් තුලින් රාගික සිතක් ඇතිකරගෙන එහි මිහිරියාවට පත්වූ විට මේ කියන්නා වූ සුරාවෙන් මේරයෙන් මත්වෙනවා. එලෙස මත්වීම තුලින් ‍නිවනින් සිත ඈත්ව යනවා. ලෝකය කොච්චර ආශ්වාදද කොච්චර ලස්සනද කියලා ලෝකයටම ඇලී සිටින්න සිතෙනවා. එලෙසින් නිවනට ප්‍රමාදය ඇතිවී ලෝකය තුලම ඇලෙනවා. එය සුරා මේරය මජ්ජපමාදට්ඨානා තුලින් පෙන්වා දුන්නා.)[/FONT][FONT=&quot]මේ කියන්නා වූ සුරාවෙන් මේරයෙන් වෙන්ව ප්‍රමාදයට හේතුවන සුරාව මේරය අතහැ‍ර අප්‍රමාදීව නිවන් අවබෝධ කල සේක! උන්වහන්සේ අනුගමනය කරන්නාවූ මමද සුරාවෙන් මේරයෙන් වෙන්ව ප්‍රමාදයට හේතුවන සුරාව මේරය අතහැ‍ර අප්‍රමාදීව නිවන් අවබෝධ කරමි මෙය මාගේ පස්වෙනි සික්ඛාවයි.”[/FONT]

[FONT=&quot]මෙන්න මේ ලෙසින් ය‍ම් අයෙක් මෙම පංච සික්ඛා සමාදන් විය යුතුයි. එහෙත් එලෙසින් මෙම සික්ඛා පද 5 සමාදන් වීමට හැකිවන්නේ පෙර සදහන් කල ආකාරයකට පොහෝදිනයක හෝ වෙනත් දිනයක පන්සලකට හෝ වෙනත් සුදුස් ස්ථානයක තමන්ගේ ඇප උපස්ථාන සදහා තවත් අයෙක් අසල සිටින විට පමණක් බව ඔබටම වැටහෙනවා ඇති. එසේත් නොමැති නම් මේ ආර්ය මාර්ගය පූර්ණය කිරීමට මාර්ගයට පිවිසි ඇත්තන් හට පවා තම තමන්ගේ කටයුතු සමග ගැටීමේදී මේ සික්ඛා පදයන් බිදී යන අවස්ථා උදාවීම සාමාන්‍ය දෙයක් බව ඔබටම වැටහෙනවා ඇති. එනම් එලෙසින් අපට සමාදන් විය නොහැකි වතක් අනුගමනය කරමින් මම පන්සිල් රකිනවා යැයි කියමින් සිටීම කොතරම් සුදුසුද යන්න දැන් ඔබේම නැණ නුවණින් ඔබටම විමසා බැලීමට අවස්ථාවක් උදා‍වී ඇත. [/FONT]

මේ විදිහට දැක්වෙන සූත්‍රය කියන්නකො. මොකද, පංචශීලය ගිහියන්ට අනුගමනය කළ නොහැකි ශීලයක් බව හැඟවීමට ඔබ දැඩි උත්සාහයක නිරත වෙන බව තමයි අපට පෙනෙන්නෙ
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
කෙළෙසුන් නිවා සැනසුම උදා කර ගන්නා ක්‍රමය පෙන්වා දුන් එකම ශාස්තෘවරයාණෝ බුදු හිමියන්ය. ඒ සඳහා යායුතු මාර්ගය උන් වහන්සේ විසින් පෙන්වා වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. යම් හෙයකින් මේ මග කෙනෙකුට යා නොහැකි තත්ත්වයක් තිබුණානම් උන්වහන්සේ ඒ බව නොවළහා පවසනු නොඅනුමානය. නමුත් අවසානය දක්වාම උන් වහන්සේ ගේ අනුශාසනය වූයේ නොපමාව මේ මග ගමන් ගන්නා ලෙසයි.

මේ ධර්මය දේශනා කළේ දැනටමත් කෙළෙසුන් කෙරෙන් මිදුණු පුද්ගලයන්හට නොවේ; ඉන්ද්‍රියයන් පිනවමින්, අඹුදරුවන් රක්ෂා කෙරෙමින් ගිහි ජීවිත ගත කරන අයටත්, එවන් දිවියක ආදීනව දැක ස්ථිර සුවයක් සොයා ශ්‍රමණ ජීවිතයකට පිළිපන් අයටත් යන පිරිසටය. වෙනත් අයුරකින් කිවහොත්, රාගය, ද්වේෂය, මෝහය යන අඳුරින් වැසුණු නෙත් ඇති පිරිසටමය. එවන් පිරිසකට වුවද, අනුගමනය කළ හැකි, අනුගමනය කොට ස්ථිර සැනසුමක් ලබා ගත හැකි ඒකායන මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඉදින්, යමෙක් මේ මග ගිහියෙකුට යත නොහැකි බව කියන්නේනම්, එදිනෙදා ජීවිතයෙහිදී ප්‍රායෝගික නොවන බව කියන්නේනම් ඔහු පවසන්නේ මුසාවකි.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගයන්ද, අවිදු අඳුර දුරලීමට ඉවහල් වන තවත් යහපත් පැවතුම්ද ශීලයන් ලෙසින් ඉදිරිපත් කොට තිබෙන්නේ මේ මග යන්නන්ට දියුණු කරගැනීමටය. එය තද කරගෙන, බලෙන් හික්මීමක් නොවේ. මන්ද, ශීලය රකින ලෙස කිසිවකු බෞද්ධයාට බලපෑම් නොකරන හෙයිනි. මේ යහපත් පැවතුම්වල ගුණාංග දැක, ඒ අනුව හැසිරුණු ආර්යයන් වහන්සේලා විමුක්තිය උදා කරගත් බව සිහි කොටගෙන, අවබෝධයෙන් ඒ ශීලය ආරක්ෂා කරගැන්මකි බෞද්ධයා කරන්නේ. නොඑසේව, ආගමෙන් තමනුත් තම පවුලත් එළවනු ඇතැයි බියෙන් හෝ, වෙනත් දඬුවමක් දෙනු ඇතැයි බියෙන් හෝ, මරණින් මතු සදාකාලික නිරයට යනු ඇතැයි බියෙන් හෝ තද කරගෙන, බලයෙන් රකින දෙයක් නොවේ.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය විස්තර කෙරෙන තැන්වලදී මුළින්ම සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරන්නේද මෙනිසාය. මන්ද, යම් තරමකට නිවැරදි මග පිළිබඳව දැක්මක් නොමැතිව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඉදිරියට යාම කළ නොහැකි බැවිනි.

ධර්මය නිවැරදිව කියාදෙන කළ්‍යාණමිත්‍රයන් වහන්සේලාගෙන්ම ධර්මය ඇසීමේ, ගැටළු නිරාකරණය කර ගැනීමේ වැදගත්කම කියා නිම කළ නොහැකිය. ත්‍රිපිටකය පරිවර්තන කිහිපයක් ඇති නිසා එක් එක් පරිවර්තනය සසඳා බලා නිවැරදි බුදු වදන තෝරා ගැනීම අපගේ වගකීමයි.
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
අනිවාර්යෙන්ම මේ පිලිබදව අපි තවත් සාකච්චා කල යුතුයි. මොකද බොහෝ දෙනෙකුගේ වැරදි වැටහීම් දුරු වෙන්නට මේක උපකාර වෙනවා...
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
පන්සිල් රැකීම

ශීලය පිළිබඳ හොඳ ලිපි පෙළක් මෙතන තියෙනවා- දිනමිණ ආලෝකෝ උදපාදි.

පන්සිල් අටසිල් ඇතුළු ගිහියන් විසින් අනුගමනය කළ හැකි ශීලයන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න හොඳ ලිපි පෙළක්.

මේ ලිපියේ ඉතිරි කොටස තියෙන්නෙ අටසිල් ගැන තියෙන කොටසෙ. එහි දැක්වෙනවා සුරාමේරය යන වචනය ගැන අටුවාවල විස්තර කර ඇති ආකාරය. මෙන්න ඒ කොටස.


සුරාමෙරය පානය
a0905132.jpg
පස් ආකාර සුරාවය – පස්ආකාර මේරය ය කියා රහමෙර දෙක එකක් පස බැගින් දසයක් ය යි අටුවාවල එයි.මේ දෙක්හිම ඇතුළත් නොවන මද්‍යයෝ ද වත්මන්හි වෙති. ඒ සියල්ල ද මෙයට ම අයත් ය.
මත්පැන තරම් මිනිසා අපරාධයනට පොළඹා ලන්නට සමත් අන් කිසිවක් නැත. මොන තරමේ පාපයක වුවත් බිය කරු ගතිය සඟවා පියා එහි යෙදෙන්නට මත්පැනෙන් තරම් උද්‍යෝගයක් ඇතිවන අන් කිසිවක් නැත. එබැවින් “මත්පැනෙන් පව් උනන උල්පතකැ’ යි දෙසූ සේක. මිනිසකු වශයෙන් ලැබිය හැකි දෙලෝ පිළිබඳ වූ ම දියුණුව සහමුලින් ම විනාශ කොට මිනිසා අන්තිම කාලකණ්ණි අභාග්‍යවන්තයකු කිරීමට මත් පැන හේතුවන හෙයින් මහා පරිහාණි මුඛයකි.
සිය ඇස් හමුවෙහිදී ම ධන විනාශය – කලහ අධිකවීම - ලෙඩ වැඩිවීම- අයස පැතිරීම – ලජ්ජාව නැතිවීම – නුවණ දුබල වීම – යි මෙලොවැදී ම ලැබෙන ආදිනව සයක් ගිහැවිනයයෙහි සඳහන් වන්නේ ය. පරලෙව්හි අපාගතවීමට ත් කරුණු සැලැසෙන්නේ ය.
මත්ද්‍රව්‍යයක් වීම – පානය කිරීමේ අදහස - ඒ පිළිබඳ උත්සාහය – පානය කිරීම යි. මෙහි අංග සතරකි.
 
Last edited:

sudunone

Member
May 23, 2009
3,781
121
0
සිල් වතක් රැකීම උදව් වෙනවා .. ඒක නැහැ කියන්නෙ නැහැ.... මම කියනදේ (මටත් අවැඩක් .. අනික් අයටත් අවැඩක් වෙනවද) කියන එක.. අනාචාරයෙ යෙදෙන්න කලින් හිතුවා නම් ඔය ප්‍රශ්ණේ නැහැ නේද ?

තමන්ගෙ මනාපෙට හොඳ නරක තීරණය කරන්න ගියොත් එක එක්කෙනා තීරණය කරන්නෙ එක එක විදිහටයි. මම කතා කරන්නෙ ශීලය ගැන- ධර්මානුසාරී ශ්‍රාවකයකුට අනුගමනය කළ හැකි ප්‍රතිපත්ති මාලාවක්, කය හා වචනය සංවර කර ගැනුමට ආරම්භක පුහුණුවක් ලෙස පන්සිල් යොදාගැනීම කළයුතුයි. තමන් කරන්නෙ මොනවද කියන එක ගැන, වැළකෙන්නෙ මොනවයින්ද කියන එක ගැන දන්නෙ නැතුව හරි මග යන්න බෑ.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
සෝතාපන්න ශ්‍රාවකයාගේ ආර්යකාන්ත ශීලය සහ ඔහු අතින් සිදු නොවන්නා වූ අපායගාමී වන අකුසල් ගැනද ඉහත කතා කළ නිසා ධම්මානන්ද පිරිවෙන්පති හත්තොටුවේ ඉන්දරතන හිමියන් විසින් දිනමිණට සපයා ඇති මේ ලිපියෙන් කොටසක් මෙහි දක්වන්නම්.

ගිහි පැවිදි භේදයක් නැතිව සෝවාන් ආදී මාර්ග සතරට හා ඵල සතරට පැමිණි සේඛ – අසේඛ පුද්ගල දෙවර්ගය ම ආර්ය ශ‍්‍රාවක නාමයට අයත් වේ. එම උතුම් පුද්ගලයන් අටදෙනාගේ (අට්ඨපුරිස පුග්ගලා) පි‍්‍රයභාවයට, කැමතිභාවයට ගියා වූ ශීලය ම මෙහිදී ආර්යකාන්ත ශීලය ලෙස හැඳින්වේ.

දැන් එකී ආර්යකාන්ත ශීලය යනු කුමක්දැයි විමසා බලමු. ඉහතින් ද දැක්වූ පරිදි එම අරියකාන්ත ශීලය නම් පංචසීලය යි. ඒ පිළිබඳව තවදුරටත් විමසා බැලීමේ දී පහත එන විග‍්‍රහය අපට වැදගත් වේ.


“අරියකන්තසීලානි නාම පඤ්චසීලානි, තානි හි භවන්තර ගතොපි අරියසාවකො අත්තනො අරියසාවකභාවං අජානන්තොපි න වීතික්කමති. සචෙපි හි තං කොචි වදෙය්‍ය ඉමං කසල චක්කවත්තිරජ්ජං පටිච්ජිවා බුද්දකමක්ඛිකං ජීවිතං වොරොපෙහීති, අට්ඨානමෙතං යං සො තස්ස වචනං කරෙය්‍ය.”


ආර්යකාන්ත සීල නම් පංචසීලය යි. අන්‍යභවයකට ගියාවූද ආර්ය ශ‍්‍රාවකයා තමා පෙර අත්බව ආර්යශ‍්‍රාවකයකුව සිටි බව නොදන්නේ නමුදු, ඒ ශීලය (පංචසීලය) නො ඉක්මවයි. ඉදින් ඔහුට යම් කිසිවෙකු “මේ මුළු සක්විති රාජ්‍යය ම පිළිගෙන එක් කුඩා මැස්සකුගේ දිවි තොරකරව“ යි කියා නම් එම වචනය ඉටුකරගන්නේ ය යන මේ කාරණය හේතු රහිත ය. (කෙදිනකවත් සිදු නොවන්නේ ය.) හෙවත් අරියකාන්ත සීලය පිළිබඳ අචල (නොසැලෙන) ශ‍්‍රද්ධාවෙන් යුතු පුද්ගලයා උපරිම කාමසම්පත් විඳීමට වාසනාව තිබුණත් ඒ හේතුවෙන් කිසිසේත් ම තම සීලය කඩ නොකරන්නේ ය.


දිවිගිය ද ආර්ය ශ‍්‍රාවකයා පන්සිල් නොකඩන බවත් හෙතෙම ආර්යභාවයට පත්වූ දින සිට (හෙවත් සෝවාන් මඟට පිළිපන් දා සිට) අනූපදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවනට පත්වන තුරු ම කෙදිනකවත් ප‍්‍රාණඝාතාදියක් නොකරන බවත් මෙම ප‍්‍රකාශනයේ අදහසයි.



රතන සූත‍්‍රයේ ගාථා රැසකින් සෝවාන් වූ පුද්ගලයාගේ ගුණ වර්ණනා කෙරේ.
සතර අපායෙහි නොවැටීමත් - සයවැදෑරුම් බරපතල පාප කර්මයන් කරන්නට නුසුදුස්සෙක් වීමත් (චතූහපායෙහි ච විප්පමුත්තො - ඡ චාභිඨානානි අභබ්බො කාතුං) සෝවාන් වූවහුගේ ගුණාංගයෝ ය.

මෙහි දැක්වෙන සය වැදෑරුම් අපායගාමී පාපකර්මනම් ආනන්තරිය පාපකර්ම පස සහ තථාගතයන්වහන්සේ හැර වෙනත් ශාස්තෘවරයකු පිළිගැනීමයි.
 

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
[FONT=&quot]අද සමාජයේ බොහෝ දෙනෙක් පවසන්නෙ අපට සිල්පද රැකිය නොහැකි බවයි. ඔවුන් මේකට හේතු වශයෙන් දක්වන්නේ වර්ථමාන සමාජය තුල කොපමණ උත්සාහ කලත් යම්තමින් හෝ සිල්පද කැඩෙන බවයි. මේ නිසා සිල් පද රැකීම අපහසු දෙයක් ලෙස සලකා කිසිදු උත්සාහයක් නොගනිමින් සිටී. මෙහිදී සිහිකලයුතු කරුණක් ඇත. [/FONT]
[FONT=&quot]එනම් පිහිනීම ඉගෙන ගැනීම ගොඩසිට කල නොහැක. පිහිනීමටනම් වතුරට බැසිය යුතුය. නමුත් වතුරට බැසූ සැනෙකින්ද පිහිනිය නොහැක. ඒ සදහා උත්සාහයක් මෙන්ම හොද කැපවීමක්ද තිබිය යුතුය. කිහිපවරක් උත්සාහකර නොහැකිවුකල මට පිහිනීමට නොහැකිබව පවසා උත්සාහය අත්හලහොත් කවදාවත් පිහිනීමට නොහැක. නමුත් අධෛර්ය්‍යට පත්නොවී දිගින් දිගටම උත්සාහකලහොත් පිහිනීම හොදින් පුරුදුවියහැක.[/FONT]
[FONT=&quot]සිල්පද රැකීමත් එවැනිය[/FONT],
[FONT=&quot]වරක් දෙවරක් උත්සාහකර මට සිල්පද රැකිය නොහැකිබව පවසා උත්සාහ නොකරසිටීම නොකල යුතුය. බොහෝ අය සිතන්නෙ තමන් අතින් කැඩුනු සිල්පද ගැන පමණි. එක සිල්පදයක් තමන් අතින් කඩුනුවිට ඒගැන පසුතැවෙනුවිනා තමන්ට රැකීමට හැකිවු අනෙක් සිල්පද ගැන නොසිතයි.[/FONT]
[FONT=&quot]ගොඩසිට පිහිනීමට අදාල ක්‍රමශිල්ප හොදින් හැදැරුවත් ඒ ආශ්‍රිත පොතපත අධ්‍යනය කරමින් ඒ පිලිබද විශාරද ඥානයක් ලබාගත්තත් වතුරට බහිනතෙක් ඔහුට පිහිනීමේ හැකියාව ලබාගත් නොහැකි පරිද්දෙන්ම [/FONT], [FONT=&quot]
[/FONT]

[FONT=&quot]ධර්මය හොදින් ඉගෙනගෙන තිබුනත් මුළු සුත්‍රපිටකයම කට පාඩම් කරගෙනසිටියත් ඔහු ප්‍රයෝගිකව ධර්ම මාර්ගයට අවතීරණ වනතෙක් මේ ධර්මයෙන් නිසි ප්‍රයෝජනයක් ගත නොහැකිය.[/FONT]
[FONT=&quot]උත්සාහයෙන් හා කැපවීමෙන් පුරුදුවීමෙන් පිහිනීමට ඉගෙනගන්නවා සේම උත්සාහයෙන් හා කැපවීමෙන් තමන්ට හැකිපමණින් සිල්පද රැකීමට උත්සාහ කරනවානම් ඒ වීර්ය්‍ය තමාතුල නොනවත්වාම පවත්වාගන්නවානම් ටිකකලකින්ම උත්සාහයකින් තොරව පහසුවෙන්ම සිල්පද රැකීමේ හැකියාවක් තමා තුලින්ම ස්මතුවෙනුඇත.[/FONT]
[FONT=&quot]එමනිසා කලයුතුවන්නෙ ආරම්භයේදී තමාට හැකිආකාරයෙන් හැකිපමණ හැකිසෑමවිටම සිල්පද රැකීමට උත්සාහ කිරීමත්[/FONT], [FONT=&quot]තමන්ට හැකිපමණින් භාවනාවට සිතයොමුකිරීමත්[/FONT],[FONT=&quot] එය අඛන්ඩව පවත්වාගෙන යෑමත්ය.[/FONT]
[FONT=&quot]මෙසේ කාලයක් කරගෙනයනවිට ශීලයේ ආනුභාවයත්[/FONT], [FONT=&quot]තැම්පත්වු සිතක වටිනාකමත්[/FONT], [FONT=&quot]ධර්මයේ රසයත් තමන් අත්විදින විට තමන්තුලින්ම ශීලය රැකීම හැකියාව වර්ධනයවේ. [/FONT]
[FONT=&quot]ඒ නිසා කලයුතුවන්නෙ පිහිනීමට පුරුදු වන අයකු වතුරට බැසූ සැනෙකින් කිමිදීමට උත්සාහ කිරීමෙන් පලක් නොවන්නාසේ[/FONT], [FONT=&quot]හරියටම අකුරටම සිල්පද රැකීමට උත්සාහ කර කිසිත් නොකර සිටීම නොව තමන්ට හැකි ආකරයෙන් ආරම්භ කිරීමයි. ආරම්භයත්[/FONT], [FONT=&quot]දිගටම පවත්වාගෙන යෑමත් කල හැකිනම් නොබෝ කලකින්ම ශීලයේ ගුණය තමන් තුලින්ම අත්විදියහැක.[/FONT]
[FONT=&quot]අපිට ඉපදුනගමන් ඇවිදින්න පුලුවන්කමක් තිබුනෙ නැහැනෙ. එහෙම කියල අපි ඇවිදින්නෙ නැතුව හිටියෙත් නැහැනේ. ඉස්සෙල්ලාම පෙරලුනා ඊටපස්සෙ බඩගෑව[/FONT], [FONT=&quot]දණගෑව [/FONT],[FONT=&quot]වැටි වැටි නැගිට්ට ඊටපස්සෙ තමයි ඇවිද්දෙ. ඉස්සෙල්ලාම ඇවිදින්න ගියානම් අපිතාමත් බඩගානව.[/FONT]
[FONT=&quot]ඒ වගේ තමයි මේ ආර්ය ශීලයත් එකපාරටම වඩන්න හැමෝටම බැහැ[/FONT].([FONT=&quot]එසේ කල හැකි අයද ඇති අතර මා මෙහිදී කතාකරන්නේ එසේ කල නොහැකි 99% දෙනා ගැනයි.[/FONT])[FONT=&quot] ඒනිසා ටිකටික තම‍යි හුරුවෙන්න ඕනේ. බැහැ කියල නිකම්ම හිටියොත් අන්තිමට කිසිම දෙයක් නැතිවෙනව.[/FONT]
[FONT=&quot]පාසලේ පළමුවසරට ඇතුලත් වන ළමයකු එකවරම උසස් පෙළ විභාගයට පෙනීසිටීමට උත්සාහ කරන්නාක් මෙන් ධර්මමාර්ගයට ඇතුලත් වන පුද්ගලයකු පටන් ගැනීමේදීම ආර්ය පුද්ගලයකු ලෙස සිල් රැකීමට උත්සාහකලහොත් ලොකු අපහසුතාවලට මුහුණ දීමට සිදු[/FONT][FONT=&quot]වී[/FONT][FONT=&quot]ම[/FONT][FONT=&quot] නොවැලැක්විය හැකි අතර එයින්ම ඔහු කලකිරීමකට පත්විය හැක.[/FONT]
[FONT=&quot]එමනිසා කලයුතු වන්නේ පළමු වසරත් ඇතුලත් වන ළමයා පිලිවෙලින් තම කුසලතාවය වර්ධනය කරගෙන පහසුවෙන්ම උසස් පෙළ විභාගයට මුහුණදී[/FONT] [FONT=&quot]සමත්වෙන්නාසේම[/FONT], [FONT=&quot]සිල් රැකීමත් තමන්ට හැකිආකාරයෙන් පටන්ගෙන් ක්‍රමයෙන් වර්ධනය කරගනිමින් ආර්ය ශීලය දක්වා ගමන්කිරීමයි.[/FONT]
[FONT=&quot]ආර්ම්භයේදීම ගැඹුරට යෑමට උත්සාහකර මුකුත්ම නොකරසිටීමට වඩා හැකිපමණින් හෝ යමක් කිරීම උතුම්ය.[/FONT]
[FONT=&quot]අවශ්‍ය වන්නේ ප්‍රයෝගිය ආරම්භයත් එය උත්සාහයෙන් හා විර්යයෙන් යුතුව දිගටම පවත්වාගෙන යෑමත්ය.[/FONT]
[FONT=&quot]ඔබ සැමට තෙරුවන් සරණයි![/FONT]
 
Last edited:

sudunone

Member
May 23, 2009
3,781
121
0
අෂ්ඨමක ශීලය

හෙට පොහෝ දිනය.
නිත්‍ය ශීලය වශයෙන් පන්සිල් රකින බෞද්ධයා පොහෝ දිනයට ඊට වඩා උසස් ශීලයක් සමාදන් වෙනවා. අටසිල් වලට පන්සිල් වලට අමතරව ශීලයන් තුනකුත්, තුන්වන සිල්පදයේ ඊට වඩා ඔබ්බට ගිය හික්මීමකුත් ඇතුළත් වෙනවා.

පොහෝ දිනයකදී බලාපොරොත්තු වෙන්නේ ගිහි ජීවිතයේ හිටියත් ආර්යයන් වහන්සේලා රකින උතුම් ශීලයන් ආරක්ෂා කිරීමට පුහුණු වීමයි. මේ අලුතින් එක් වුණු සිල් පද තුන, (විකාල භෝජනයෙන් වැළකීම, උස් අසුන් මහ අසුන් පරිහරණය නොකිරීම, මල් ගඳ සුවඳවිලවුන් ආලේපන ආභරණ ආදියෙන් සහ නැටුම් ගැයුම් වාදන විනෝද දර්ශන ආදියෙන් වෙන් වීම) බැලුවම මේවයින් කියවෙන්නෙ අකුසලයන් ගැන නෙවෙයි. නමුත් නිවන් අවබෝධ කිරීම සඳහා අවශ්‍ය සරල දිවිපෙවෙතකට බාධා කරන මේ දේවල් පසිඳුරන් පිනවීම සඳහාමයි තිබෙන්නෙ. ඉතින් මාසයකට දවසක් හෝ ඒවායින් වැළකී ඉන්න කරන පුහුණුවක් තමයි අටසිල් සමාදන් වීම. ඇතැම් අය පුන් පොහොයට විතරක් නැතිව වෙනත් දවස්වලත් අටසිල් සමාදන් වෙනවා.

මෙහි අබ්‍රහ්මචරියා වේරමණි සික්ඛා පදං සමාදියාමි යන්නෙන් අදහස් වෙන්නෙ සප්තවිධ මෛථුන්‍යයෙන් වෙන්වීමයි:

1 ස්ත්‍රීන් විසින් කරන නෑවීම් ඇඟ ඉලීම් අත්පා පිරි මැදීම් ආදිය පිළිගැනීම සහ ඒවාට සතුටු වීම
2. ස්ත්‍රීන් හා කොලොප්පන් කිරීම, ඔවුන් හා සැපෙමින් කී‍්‍රඩා කිරීම, ඔවුන් හා මහත් සේ සිනාසීම යන මේවායින් තුටුවීම,
3. ස්තී‍්‍රන් ගේ රූපය බලමින් තුටු වීම
4. ස්තී‍්‍රන් ගේ හඬ අසමින් තුටු වීම,
5 පෙරැ කළා වූ සිනාසීමාදිය ගැන සිතා සතුටු වීම
6. පස්කම් සැප විඳින්නවුන් ගේ සම්පත් බලා තුටු වීම.
7. මේ ශීලයෙන් දෙවියෙක් වෙම්වා යි පතා දිව්‍ය සම්පත්තියට සතුටු වීම


(මේ විස්තර කරල තියෙන්නෙ විරුද්ධලිංගිකයන්ට ආකර්ෂණයක් තියෙන පුරුෂයන්ට සාපේක්ෂව බව කාටත් තේරෙනව ඇති. ඉතින් තම තමාට අදාල පරිදි මේක තේරුම් ගන්න ඕනෙ.)


විකාලය යනුවෙන් අදහස් කරන්නෙ ඉර හැරුණාට පසුව කාලයයි. සාමාන්‍යයෙන් දවල් 12ට පසුව කාලය.


මහා සයනා කියන එකෙන් අදහස් කරන්නෙ බොහෝ සැප පහසු අසුන්, සයනයන් යනාදිය. උස් අසුන් කියන එකෙන් අදහස් කරන්නෙ මධ්‍යම ප්‍රමාණ පුරුෂයෙකුගේ අතින් රියනකට වඩා උස් වූ පා ඇති අසුන් කියල මා මේ කරුණු උපුටාගත් දිනමිණ ලිපියේ සඳහන් වෙනවා. ඒක කොපමණද කියල නොදන්නවා වුණත් සාමාන්‍යයෙන් ගෙවල්වල පරිහරණය කෙරෙන කුඩා ඇඳන්වල හා පහත් පුටුවල වාඩි විය හැකි බව සිල්සමාදන් වූ දිනෙක හාමුදුරුනමක් වදාළා.
 
  • Like
Reactions: shammee

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
එහෙම කොහෙද තියෙන්නෙ? මම අහල තියෙන විදිහටනම් ඔහොම සිද්දියක් වුණේ යස කුල පුත්‍රයට විතරයි- ඔහු බණ පදයක් මතක තබා ගෙන ඒ වෙනුවෙන් පියාගෙන් මුදලක් ලැබීමේ අරමුණින් බණ අහන්න ආ නිසා. මේ සුවිශේෂී අවස්ථාවක්. එහෙම නැතුව ධර්මය වචනයෙන්ම මතක තබා ගැනීම ප්‍රතික්ෂේප කළේ නැහැ. එක් එක් පුද්ගලයාගේ හැකියාව මත එක වරම තේරුම් ගන්නත් පුලුවන්; නැවත නැවත සිහි කර සාකච්ඡා කර තේරුම් ගැනීම අවශය වෙන්නත් පුලුවන්. ඉතින් එක පාරටම 'අදහස' මතක තියාගන්නව කියල මතක තියා ගන්නෙ ඒ මොහොතේ තමුන්ට තේරුණු අදහස- එය වැරදි වෙන්නත් පුලුවන්. පසුව සිහි කරනවිට ඒ වැරදි අදහසම කොපමණ සිහි කළත් වැඩක් නැහැ. නමුත් වචනය මතක තියෙනවනම්, සටහන් කර තියෙනවනම් දේශකයාණන් අදහස් කළ දේ තේරුම් ගන්න එය උපකාර වෙනවා. එය ධර්මයට විතරක් නෙවෙයි, වෙනත් දෙයටත් පොදුයි.
ධර්මය වචන මාත්‍රයෙන් රැකී තිබුණු නිසා තමයි ධර්ම සංගායනාවන්හිදී විග්‍රහ කර බලා පාලි වචනවල නිවැරදි තේරුම් සාකච්ඡා කරන්නට පුලුවන් වුණේ. එහෙම නැතුව එක් එක්කෙනාගෙ පෞද්ගලික අදහස්, මතිමතාන්තරනම් රැකගෙන ආවෙ ධර්මය ඉතිරි වෙන්නෙ නෑ.
:) මම මෙතනින් "අදහස" කියලා කිව්වේ .. අවබෝධයයි.. ඉතින් කොච්චර වචන කටපාඩම් කලත, අර සූත්‍රය මේ සූත්‍රය මතක තියාගත්තත් අයෙත් මෙනෙහි කළත් අවබෝධයක් නැත්නම් ඒකෙ ඇති වැඩක් නැහැ.
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
තමන්ගෙ මනාපෙට හොඳ නරක තීරණය කරන්න ගියොත් එක එක්කෙනා තීරණය කරන්නෙ එක එක විදිහටයි. මම කතා කරන්නෙ ශීලය ගැන- ධර්මානුසාරී ශ්‍රාවකයකුට අනුගමනය කළ හැකි ප්‍රතිපත්ති මාලාවක්, කය හා වචනය සංවර කර ගැනුමට ආරම්භක පුහුණුවක් ලෙස පන්සිල් යොදාගැනීම කළයුතුයි. තමන් කරන්නෙ මොනවද කියන එක ගැන, වැළකෙන්නෙ මොනවයින්ද කියන එක ගැන දන්නෙ නැතුව හරි මග යන්න බෑ.

යාළුවා.. මම අර කිව්ව "අනෙක් අයටත් අවැඩක් වෙනවද" කියන හරිය දැක්කෙ නැතුව ඇති ?
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මේ විදිහට දැක්වෙන සූත්‍රය කියන්නකො. මොකද, පංචශීලය ගිහියන්ට අනුගමනය කළ නොහැකි ශීලයක් බව හැඟවීමට ඔබ දැඩි උත්සාහයක නිරත වෙන බව තමයි අපට පෙනෙන්නෙ

මෙහෙමයි හැම එකටමට සුත්‍රය උඩම යැපෙන්න හදන්න එපා.. ඒක ඤාණගෝචරද කියල බලන්නයි ඕන (බුදුපියාණන්වහනසේ දේශණා කල ධර්මයෙන් සාරාංශයක් තමයි අද ඔය සූත්‍ර වල තියෙන්නෙ)

සෝවාන් ආර්‍ය ශ්‍රාවකයාගෙ සීලය ගැන මෙහෙම තියෙනවා,

පාණාතිපාතා පටිවිරතෝහොති, අදින්නාදානා පටිවරතොහොති, කාමේසුමිඡාචාරා පටිවරතෝහොති, මුසාවාදා පටිවිරතොහොති, සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවරතිහොති.... ආදි වශයෙන්..

පටිවිරතො - කැමැත්තෙන් බැඳි නැහැ වශයෙන් තියෙන්නෙ.. (පෘථග්ජනයාට තියෙන.. මරලා හරි මගෙ කරගන්නවා කියන හැඟීම නැහැ.. මේ අසාර ලෝකයේ මොකට මම කරගන්නද... මගෙ කරගන්නද කියන හැඟීම...අන්න ඒ බැඳීම නැති එකයි කියන්නෙ)

[සංයුක්ත නිකාය 5(2) - 154 පිටුව - වේලුද්වරෙය්‍ය සූත්‍රය]

ඉතින් සෝවාන් ඵලයට පත් පුද්ගලයා අතිනුත් මේවා කැඩෙන්න පුළුවන් නේද?

එතකොට "වේරමණි" කිව්වෙ සම්පූර්ණයෙන්ම වැලකුනේ වෙයි කියන එකයි.. ඒක කරන්න පුළුවන් රහතන් වහන්සේට විතරයි..

ඒක නිසා තමයි .. රකින්න බැරි පොරොන්දු වෙන්න එපා කිව්වෙ. ගිහියාට පුළුවන් පංච දුෂ්චරිතයෙන් වැලකෙන්න.. නැතුව එයාට බැහැ රහතන්වහන්සේ වගෙ ශික්ෂා පද රකින්න.. පංච ශීලය කියලා හිතං ඉන්නෙ .. පංච ශික්‍ෂා පද වලටයි (..සික්කා පදං සමාදියාමි) ....
 
Last edited:
[FONT=&quot]එසේනම් ......[/FONT][FONT=&quot]“පාණාතිපාතා පටිවිර‍තෝ හෝථී - ප්‍රාණඝාතයට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / අදින්නාදානා පටිවිර‍තෝ හෝථී - සොරකමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / කාමේසු මිච්ඡාචාරා පටිවිර‍තෝ හෝථී - කාමයෙහි වරදවා හැසිරීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / මුසාවාදා පටිවිර‍තෝ හෝථී - බොරුකීමට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ / සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිර‍තෝ හෝථී - ප්‍රමාදයට මදයට හේතුවන සුරාවට කැමැත්තෙන් බැදෙන්නේ නැහැ” යන තත්වයන්ට පත්ව උතුම් වූ “පහාන සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං” යන පංච සීලය ලැබීමට ඒ පෙන්වාදුන් සංවරත්වය ලැබීමට විවෘත මනසකින් සත්‍යය අවබෝධය ලැබීමට කටයුතු සිදුකරගන්නා සැමටම හැකිවෙනවා ඇත.
[/FONT]
ඔබ කියන දේ පැහැදිලියි.වෘතයක් ලෙස රකින ශීලය හා යථාවබෝධයෙන්ම සපුරාම පටිවිරත ශීලය අතර ලොකු වෙනසක් තියනවා තමයි.සම්ප්‍රදායිකව පන්සිල් පද පහ දෙස අනාදිමත් කාලයක් දුටු බොහෝ අයට මේ ගෑඹුරු පරතරය වටහා ගන්න අසීරු විය හැකියි.විස්තරයට පිං.:)

මේ ආකාරයට පන් සිල් පද විග්‍රහ කර තිබෙනවා දුටුවේ පලමු වතාවටයි. මෙසේ විග්‍රහ වන සූත්‍රයේ නම ඔබට සදහන් කල හැකිද? එසේ සූත්‍රයක අඩංගු නොවේ නම් මෙම විග්‍රහ කිරීම් ඇති ග්‍රන්තය කුමක්ද? එසේ සදහන් වනවා නම් එය බොහෝ දෙනෙකුට හිත සුව පිනිස හේතු වන පිනකි. තෙරුවන් සරනයි
මිතුර! මේ ගැන විශේෂයෙන් අහවල් තැනයැයි මෙ වෙලාවේ එක එල්ලේ මටත් මතකය නොආවත්, මේ කරුනු බොහෝ තැන්වල තියනවා.

ධර්මය විකෘති කරමින් වැරදි මත ප්‍රචාරය කරන පිරිස් ඇති බැවින් සූත්‍ර නිවැරදිව හදාරා, එහි ඇති ආකාරයටම ඉදිරිපත් කරන, තමන්ගෙ පෞද්ගලික මති මතාන්තර ධර්මය වශයෙන් නොදක්වන කළ්‍යාණමිත්‍රයන් වහන්සේලාගෙන්ම ධර්මය ඉගෙන ගැනීම ඉතා සුදුසුයි.
ඔබගේ වටිනා ත්රෙඩ් එකට පළමුව මගේ ප්‍රණාමය!
viduransi කියන දේ අමුතු වරදක් නෑ.මෙතන තියෙන්නේ ඉහළ මට්ටමේ ශීලය (සෝවාන් වැනි)ගැන විග්‍රහයක්.ඒ කරුනු නිවැරදි බව මටත් කියන්න පුළුවන්.(මොකද මමත් ධර්මධර භික්ෂූන්ද සිටි දහම්පාසලක ඉගැන්වූ නිසා)
අර පටිවිරත ශීලය කියන තැන ඇත්තේ මේ පුහුදුන් හෝ සාමාන්‍ය අප වෙර වෑයමින්,රකින්නට ගිවිසගන්නා(වෘත-වත) ශීලයට වඩා ගැඹුරු මනෝභාවයකින් සුරැකෙන සුපිරිසුදු ශීලයයි.අපට ශිල් රකින්න පොරොන්දු වන්නට (සමාදන් වන්නට)සිදුව ඇත්තේ, අප සිල් නොරක්නා(දුසිල් සිත් ඇති)සහමුළින්ම පාපය කෙරෙන් නොමිදුනු සිත් ඇති නිසයි.යථාවබෝධයට පත් වූ තැනැත්තාට ඒ සිල් කැඩෙන සිතිවිලිද පහළ නොවෙන නිසා(උදාහරණයකට ගත්තොත්_,තම ජීවිතය-ප‍්‍රාණය-ආත්මය හෝ මම කියන පුද්ගලයා කවුද?එබඳු කෙනෙක් සිටීද? යන කාරණය දහමට අනුව නිවැරදිව ග්‍රහණය කරගත් තැනැත්තාට තව කෙනෙක්(?)ගැනත් එලෙසම දකිනු මිස මරා මස් කෑමට ගත හැකි කෙනෙක් ලෙස හෝ ඇල්මෙන් ලොබ බැඳ කාමයේ හැසිරෙන්නට හෝ කිසිවක් කඩාවඩා ගන්නට......යනාදී සිත් පහල වෙන්නේ නෑ)ඔවුන් සිල් බිඳීමේ කැමැත්ත ඉක්මවා සිටින නිසා.එහෙත් අප ඒ සිල්බිඳින කැමැත්ත ඉක්මවූ අය නොවේ.කැමැත්ත ඇතත්, විපාකය හෝ ප්‍රතිචාරවලට ඇති බිය හෝ ලජ්ජාව නිසා...වැළකී සිටින්නට වෙර දරනවා පමණයි.
එසේ වුවත් අප නිතර සමාදන්වන ගිවිසගන්නා පන්සිල් හෝ දසසිල් අඩු තක්සේරු නොකල යුතුමයි.පුහුදුන් සිතක් දිනකට හෝ දමනය කරන්නට වෑයම් කිරීමම මතු දිනක අර සුපිරිසිදු සිත (සීලය)කරා යන ගමනේ ආරම්භය විය හැකි නිසා.පින් මෝරා ඇත්නම්(නිවන අභිමුව සිටීනම්)ඒ උත්සාහයම(ඒ කියන්නෙ වෘතයක් විදිහට රකින්නට ගිවිසගන්නා සීලයම) නිවන් දොර හරින මාවත විය හැකියි.
 
Last edited: