අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන කාලයේ වෙළෙන්ඳෝ හත්සිය දෙනෙක් (700) නැවක නැගී මුහුදෙහි ගියා. සැඩ සුළඟ නිසා ඔවුන්ගේ නැව ඊයක වේගයෙන් මහ සමුදුර මැදට ගියා. රළ අධික වීම නිසා මුහුද මැද දී නැවට වතුර ඇතුල් වන්නට පටන් ගත්තා. නැවියෝ බිය පත්වී තම තමන් අදහන දෙවිවරුන්ට යදිමින් විලාප කියන්නට හඬන්නට පටන් ගත්තා. එහි සිටි එක් පුරුෂයෙක්,
"මේ මහා භයේ දී මට පිහිටක් ඇද්දෝ" යි හිතනකොට, තමා විසින් රක්නා පිරිසිදු සරණ ශීලය දැක නිර්හීතව බද්ධ පර්යංකයෙන් ඉඳගෙන හිටියා.
ඔහු එසේ නිර්භීත ව වාඩි වී සිටිනු දුටු සෙස්සෝ;
"මේ මහා භය ඔබට නැත්තේ කවර හේතුවකින්ද?"යි ඇසූහ.
"මම නැව් නගිනා දවසේ මහා සංඝයාට දන් දී සරණ ශීලය සමාදන් වෙලා ආවා. ඒ නිසා මට භයක් නැහැ" යි ඔහු කිව්වා.
ඒ වෙලාවේ මිනිස්සු "හිමියනි, ඔබට පිහිට වන ඒ සරණ ශීලය අපටත් සමාදන් වෙන්න බැරිද?" යි ඇසූහ.
ඔහු "සැම දෙනාට ම පුලුවන්" යි කිව්වා.
එවිට අනිත් අය,
"එසේ නම් ඒ සරණ ශීලය අපටත් දෙනු මැනව"යි කීවා
ඔහු ඒ වෙළෙඳුන් 700, කොටස් හතකට බෙදා, වරකට සිය දෙනාට බැගින් තිසරණ සහිත පඤ්ච ශීලය ලබාදුන්නා.
ඔවුන්ගෙන් පළමු වන සිය දෙනා ඇස්වටය තෙක් වතුරේ සිට සිල් සමාදන් වුණා. දෙවන සිය දෙනා දණ පමණට වතුරේ සිට සිල් සමාදන් වුණා. තුන්වන සිය දෙනා තුනටිය පමණට වතුරේ සිට සිල් සමාදන් වුණා. සතරවන සිය දෙනා පෙකණිය පමණට ජලයෙහි සිට ද, පස්වන සිය දෙනා තන පමණට දියෙහි සිට ද, සවන සිය දෙනා ගෙළ පමණට වතුරේ සිට ද, සත්වන සිය දෙනා කටට එන නො එන තරම් දියෙහි සිට ද, සිල් සමාදන් වුණා.
මෙසේ ඔහු හැම දෙනාට ම තිසරණ පන්සිල් සමාදන් කරවා;
"ඔබලාට අන් පිහිටක් නැත. ශීලය ම පිහිට ය. එය ම මෙනෙහි කරන්න" යි ඝෝෂා කළා.
ඒ වෙළඳුන් හත්සිය දෙනා ම දියේ ගිලී මැරී #මරණාසන්නයේදී_ගත්_ශීලයේ_අනුහසින්_තව්තිසා_දෙව්_ලොව_උපන්නා. ඔවුන් සැම දෙනාගේ ම විමාන එක් තැනක ම පහළ විය. ගුරුවරයාට සියක් යොදුන් රන් විමනක් හා සෙස්සන්ට එය වටා පසු පසු සිල් සමාදන් වූවන්ට ක්‍රමයෙන් මිටි මිටි වූ විමානයන් පහළ වූහ. සැමට ම පසු සිල් ගත් සියයට පහළ වූ විමානයෝ දොළොස් යොදුන් පමණ වූහ.
ඒ දෙවියෝ උපන් ගමන්ම තමන් කළ කුශලයන් ප්‍රත්‍යවේක්ෂා කරන විට පන්සිල් දුන් ආචාර්යවරයා නිසා ඒ සම්පත් ලැබුනු බව දැනගෙන, තමන් ගේ ආචාර්යවරයා ගේ, ගුණය සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට සැළ කරන්නට රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි බුදුන් වහන්සේ වෙත පැමිණිලා, එයින් සදෙනෙක් ආචාර්යවරයා ගේ ගුණ පැවසීම් වශයෙන් බුදුන් වහන්සේ හමුවෙහි ගාථාව බැගින් කිව්වා. ඒ ගාථාවල තේරුම මෙහෙමයි;
(1) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. බුද්ධාදී සත්පුරුෂයන් ගේ පඤ්චශීල දශ ශීලාදි සද්ධර්මය දැන ගැනීමෙන් දියුණුවක් වෙයි. පිරිහීමක් නො වෙයි.
(2) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් කරව්. බුද්ධාදී සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන ගැනීමෙන් ප්‍රඥාව ලැබේ. වැලි ආදියෙන් තෙල් ආදිය නො ලැබෙන්නාක් මෙන් අනිකකින් ප්‍රඥාව නො ලැබේ.
(3) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. බුද්ධාදී සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන ගැනීමෙන් ශෝක මධ්‍යයේ ශෝක නොකරයි.
(4) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන ගැනීමෙන් නෑයන් මැද බබළයි.
(5) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන සත්ත්වයෝ සුගතියට යෙති.
(6) සත්පුරුෂයන් හා ම එක්වව්. සත්පුරුෂයන් හා ම මිතුරුකම් පවත්වව්. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැනීමෙන් සුවය චිර කාලයක් පවති.
තථාගතයන් වහන්සේ ඒ සැම දෙනාගේ ම ගාථා අසා සිට සැමදෙනා ගේ ම කීම් යහපත් බව වදාරා, අපෙන් ද ගාථාවක් අසවු යැයි වදාරා මෙසේ වදාළ සේක.
"සබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං
සතං සද්ධම්මමඤ්ඤාය සබ්බදුක්ඛා පමුච්චති"
සත්පුරුෂයන් සමඟ ම එක්වව්. සත්පුරුෂයන් හා මිතුරුකම් පවත්වව්. සත්පුරුෂයන් ගේ සද්ධර්මය දැන සකල දුක්ඛයෙන් මිදේ ය, යනු එහි තේරු ම යි. දේවතාවෝ සතුටුව, තථාගතයන් වහන්සේට වැඳ පැදකුණු කොට අතුරුදන් වූහ.