ශීලානුස්සතිය

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
ශීලානුස්සතිය

" අද දිනයෙහි හෝ පසුගිය කාලයෙහි දී හෝ, විශාල වශයෙන් හෝ, සුළු වශයෙන් හෝ, ක්‍රෝදයෙන් හෝ, වැරදීමකින් හෝ, කයින් වචනයෙන් මනසින් යන තුන් දොරින් වෙනත් කෙනෙකු මාහට වරදක් කර ඇත්නම්, මම මේ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ඔවුන්ට එක සිතින්ම සමාව දෙමි. ඔවුන් කැරෙහි මාගේ ඇති සියලු අමනාපකම් අත්හැර දමමි.
532556_2606430058853_2026483229_n.jpg

මටද කොපමණවත් වැරදි සිදුවී තිබෙනවා නොවේදැයි සිහිපත් කරමින් මම ඔවුන්ට සමාව දෙමි.

අනිත් අයගෙන් සමාව ලබා ගැනීමට බලාපොරොත්තුවන ගමන් අනිත් අයට වරදක් පැටවීමට මා කොතරම් ඉක්මන් වන්නේදැයි අවබෝධ කරමින් මම ඔවුන්ට සමාව දෙමි.

මා අනිත් අයට ක්‍රෝධ කිරීම අනිත් අය මා හට කරන ලද හානි‍යට වඩා බොහෝ හානිකර වූවක් බව දැන ගනිමින් මම ඔවුන්ට සමාව දෙමි.
මෙම වැරැද්ද පිළිබඳව වෙනත් කිසිවෙකුට නොකීමට ඉටා ගනිමින් මම ඔවුන්ට සමාව දෙමි.

පළිගැනීමට ඇති ආශාව නිසා සිදුවන්නේ හදවත කැළඹීයාම හා නොසන්සුන්තාවය පමණක් බව දැනගනිමින් මම ඔවුන්ට සමාව දෙමි.

මෛත්‍රිය සහ කිසිවකට නොබැඳී සිටීම හෙවත් උපේක්ෂාව හදවත තුල දලු ලන්නේ මේ ක්‍රමයෙන් බව දන්නා නිසා මම ඔවුන්ට සමාව දෙමි.

මා මෙන්ම ඒ පුද්ගලයන්ද ආශාවෙන් පිළිකුලෙන් හා නොදැනීමෙන් තවමත් දැවෙන බව දැන ගනිමින් මම ඔවුන්ට සමාව දෙමි.

දැන් මා මේ කරන සමාව දීම හෙට දවසේත් නැවතත් සමාව දීම සඳහා උදවුවක් වේවා..!

මා කරන මේ සමාව දීම අනිත් අයට මා හට සමාව දීමට ධෛර්යයක් වේවා..!

මා කරන මේ සමාව දීම උපේක්ෂාව සහ කරුණාව වර්ධනය කොට හදවත නිදහස් කර ගැනීමට හේතුවක් වේවා..!

අද දවසේ හෝ මීට පෙර හෝ, විශාල වශයෙන් හෝ සුළු වශයෙන් හෝ ක්‍රෝදයෙන් හෝ වැරදීමකින් හෝ කයින් වචනයෙන් මනසින් යන තුන්දොරින් මා විසින් අන් අයහට වරදක් කර ඇත්නම් මම මේ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට මගේ වරද පිළිගෙන මට සමාව දෙනලෙස ඉල්ලා සිටිමි.

මගේ වැරදි සැඟවීමට නොසිතමින් එයින් නිදහස් වීමට මාන නොබලමින් මම සමාව ඉල්ලා සිටිමි.

අනිත් අය මට වැරදි කරන විට ඊට චෝදනා කිරීම සඳහා මට ඇති කරුණු ඉතා මද බව දැනගනිමින් මම සමාව ඉල්ලා සිටිමි.

මගේ නරක ආදර්ශය නිසා අනිත් අයද වරදට නොපෙළඹවීමේ බලාපොරොත්තුවෙන් මම සමාව ඉල්ලා සිටිමි.

මගේ වරද ගැන සැබෑවටම කනගාටු වෙමි, වැරදි හරිගස්වා ගැනීමට පොරොන්දු වෙමින් මම සමාව ඉල්ලා සිටිමි.

අනාගතයේදී වැරදි සිදු නොවීමට පරෙස්සම් වන බවට පොරොන්දු වෙමින් මම සමාව ඉල්ලා සිටිමි.

සියලුම ජීවී සත්වයෝ පළිගැනීමේ චේතනාවෙන් තොර වෙත්වා !

සියලුම ජීවී සත්වයෝ තමන්ගේ වැරදිවලට සමාව ලබත්වා !

මගේ වැරදි සෑම විටම සුළු ඒවා බවටත් පහසුවෙන් හරි ගස්සා ගත හැකි ඒවා බවටත් පත් වේවා !

අද දවසේ හෝ මීට පෙර හෝ විශාල වශයෙන් හෝ සුළු වශයෙන් හෝ අනිත් අයගේ සතුට සඳහා හෝ භාවිතා කිරීමට ඇති ආශාව නිසා හෝ ත්‍රිවිධ රත්නය කෙරේ ඇති ගෞරවය නිසා හෝ මා විසින් අනිත් ජීවී සත්වයන්ට යම් කිසි යහපතක් කර ඇත්නම් මම මේ අවස්ථාවේදි බුදුරජානන් වහන්සේ ඉදිරිපිට ඒ යහපත් ක්‍රියා මතක් කර මගේ හදවතට ප්‍රීතියට පත්වීමට ඉඩ දෙමි.

මා අනිත් අය සමඟ සංසංදනය නොකිරීමට සහ මා කළ දේ ගැන කථා නොකිරීමට ඉටා ගනිමින් මම මගේ යහපත් ක්‍රියා ගැන සතුටු වෙමි.

මම මගේ යහපත් ක්‍රියා ගැන සතුටු වෙන අතර එම සතුට හැම තැනම වෙසෙන සියලු ජීවී සත්වයින් සමඟ බෙදා ගනිමි.

මම මගේ යහපත් ක්‍රියා ගැන සතුටු වෙමින් ඒ සතුටින් මගේ හදවත පවිත්‍ර වීමට ඉඩ හරිමි.

මම මගේ යහපත් ක්‍රියා අනිත් අය තුළ ධර්මය අනුගමනය කිරීමට ආශාව ඉපදවීමට හේතු වෙතැයි සිතා ඒ යහපත් ක්‍රියා පිළිබඳව සතුටු වෙමි.

මගේ යහපත් ක්‍රියා නිසා අනිත් අයගේ (දුක්) බර සැහැල්ලු වේවා!

මගේ යහපත් ක්‍රියා මගින් මා සියලු පාපයන්ගෙන් හා වේදනාවන්ගෙන් ආරක්ෂා වේවා!

මා කරන යහපත් ක්‍රියා සහ ඒවායින් ලැබෙන පින මගේ හදවත නිදහස් කර ගැනීමට හේතුවක් වේවා!"

-email ඇසුරිනි
 
  • Like
Reactions: erozan