ශී‍්‍රපාදය හා සිංහලයාට වල කැපීම

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ශී‍්‍රපාදය හා සිංහලයාට වල කැපීම

    [FONT=&quot]ශී‍්‍රපාදය හා සිංහලයාට වල කැපීම
    [/FONT]

    [FONT=&quot]ශී‍්‍ර පාදය ආශි‍්‍රතව අපූරු ජවනිකාවක් මේ දවස්වල රග දැක්වේ. ශී‍්‍ර පාදයට අත නොතබනු[/FONT], [FONT=&quot]එටිසලාට් වර්ජනය කරමු ආදි ලෙස හමා යන රැල්ල වෙබ් අඩවි පුරා කුණාටු ඇති කරමින් හමා යයි. ශී‍්‍ර පාදය ආශි‍්‍රතව ඇති වී ඇති මේ වාතාවරණය ඇතුලෙත් ශෝකාන්තයක් ගැබ්ව ඇති බැව් පෙනෙන්නට තිබේ.

    [/FONT]
    Adams-Peak-1.jpg

    [FONT=&quot]
    ශී‍්‍ර පාදය යනු ඓතිහාසිකවත් බැලූවත්[/FONT], [FONT=&quot]සංස්කෘතිකව බැලූවත්[/FONT], [FONT=&quot]විද්‍යාත්මකව බැලූවත් ඉතා වැදගත් සංධිස්ථානයකි. මෙය බෞද්ධ උරුමයක් බව කියා පෑමට අටුවා ටිකා[/FONT], [FONT=&quot]ටිප්පනි වැඩක් නැත. මෙය සියයට සියයක් බෞද්ධ උරුමයකි. ඒ සදහා අවශ්‍ය සාක්ෂි ඕනෑවටත් වැඩිය. එක එක එවුන්ට ඕනෑම කතාවක් කියමින් ස්වයං වින්දයක් ලැබිය හැකි වුවත් එය ශී‍්‍ර පාදය[/FONT] [FONT=&quot]දුෂණය කරන සීමාවට පැමිණ ඇත්නම් කට වහගෙන් ඉන්නවා යනු කශේරුකාවේ ඇති දුර්වලතාවයකි.... ඒ අනුව බැලූ කල ශී‍්‍ර පාදය රැක ගැනීම වෙනුවෙන් වචන කීපයක් හෝ ප‍්‍රකාශ කළ හැම කෙනෙකුටම කශේරුකාවක් තිබෙනවා යැයි සතුටු විය හැකිය.[/FONT]

    [FONT=&quot]ශී‍්‍ර පාද භාරකාර ස්වාමින් වහන්සේ ඉකුත් දා අපූරු මාධ්‍ය සාකච්චාවක් පැවැත්වූහ. කණගාටුවට කරුණ වන්නේ උන්වහන්සේ පෙනී ඉන්නේ කවුරුන් වෙනුවෙන් ද යන්න එම කතාව පුරාවටම අපූරුවට ගෙනහැර පෑමය... උන්වහන්සේගේ කීම අනුව ශී‍්‍ර පාදය ගැන කතා කළ හැක්කේ ශී‍්‍ර පාදයට ගල් වැලි අද්ද එවුන්ට පමණි.... එතනින් එහා එකෙකුටවත් ශී‍්‍ර පාදය ගැන කතා කිරීමට අයිතියක් නැත.... අනෙක් අතට ශී‍්‍ර පාද අඩවියේ ඔප්පුවෙන් ලියා ඇති වපසරියට එහා ඕනෑම මගුලක් කරගත්තත් අපට මොකද කියන න්‍යායේ උන්වහන්සේ සිටින බවක් ද පැහැදිලිව පෙනෙන්නට තිබිණි.[/FONT][FONT=&quot]උන්වහන්සේගේ අදහස අනුව ඕනෑම ගොබිලයෙකුට මාලිගාව ආසන්නයේ හෝ ශී‍්‍ර මහා බෝධින් වහන්සේ අසල හෝ තමන්ට හිමි භූමියක නම් ඕනෑම මගුලක් කර ගැනීමට ඉඩ ලබා දිය යුතුය. එවැනි අවස්ථාවක අප දෙකොන වසාගෙන ගල් පිළිම සේ සිටිය යුතුය. උන්වහන්සේ අප හට කියා දෙන පාඩම එය නොවන්නේ ද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]ශී‍්‍ර පාද භාරකාර ස්වාමින් වහන්සේ වශයෙන් උන්වහන්සේට පැවරී ඇති වගකීම හා යුතුකම සුලූපටු නොවේ. උන්වහන්සේ හැකි තරම් ශී‍්‍ර පාද රක්‍ෂිතය රැකගන්නා ගමන් එහි වපසරිය පුලූල් කිරීමට සෑම විටම උත්සුක විය යුතුය. තවත් ගැඹුරට බලනවා නම් උන්වහන්සේ ලෝකයේ සියලූම බෞද්ධ උරුමයන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. හැබැයි ඒ වෙනුවට උන්වහන්සේ කතා කළේ බෞද්ධයා පීචං කර දමමිනි. උඹලා මොක්කුද කියනා අර්ථයෙන් සැර වචන භාවිතා කළහ. මේ වගේ වෙලාවට වැටත් නියරත් ගොයම් කයි නම් කුමක් කරන්නද කියනවා හැර කියන්නට වෙනත් වදන් නැත්තේ චීවරයට අගෞරව වන නිසාය.[/FONT]

    [FONT=&quot]සාමාන්‍යයෙන් ගමේ ව්‍යවහාරයේ පවතින ආකාරයට ගොනා හැරෙන කොට ඌ පොල් පැලේ කන බව දැනගෙන සිටිය යුතුය. [FONT=&quot]ඉතිං[/FONT] මොහොමඞ්ලා පෙර කල කී දෑ අනුව මොහොමඞ්ලා ශී‍්‍රපාද අඩවියේ කරක් ගහන්නේ හොඳකට නොවන බව වහා අවබෝධ කරගැනීමට ටිකිරි මොළයක් පමණක් වුවද සෑහේ. මොහොමඞ්ලා ශී‍්‍රපාද අඩවියේ එකවර පල්ලි අටවන්නේ නැති බව නම් සහතිකය. ඔවුන් කර ඇත්තේ පළමුව මුට්ටිය දැමීමය. මුට්ටියට වැදෙන පහරවල් සැර වැඩිය. ඔවුන් දැන් කරන්නේ අදාල ඉඩමේ පල්ලියක් නොවන මොකක් හෝ අටවා සිංහලයන් අතර උණුසුම යනතෙක් කල් මැරීමය. එකවර ලව්ඩුස්පීකර්වලින් අල්ලා හුවක් බාර් කියා කෑ ගසන දවසට අපගේ ඉහමොළ රත්වූවත් එදාට අප ප‍්‍රමාද වැඩිය. එබැවින් ලත් තැනම ලොප් කිරීමේ කි‍්‍රයාවලියකට පණ පෙවිය යුතුය.[/FONT]

    [FONT=&quot]ශී‍්‍රපාද අඩවිය යනු අතිශයින්ම සංවේදි පරිසර කලාපයකි. ආවේණික සතුන් හා ශාක විශාල ප‍්‍රමාණයක් පවතින අතර ජල පෝෂක ප‍්‍රදේශයක් ද වේ. මහවැලි[/FONT], [FONT=&quot]කැලණි[/FONT], [FONT=&quot]වලවේ[/FONT], [FONT=&quot]කඵ ගංගා වල උපත සිදුවන්නේ ද මෙම කලාපයෙනි. එබැවින් මෙහි යම් ඉදිකිරීමක් කරන්නේ නම් පාරිසරික වාර්තාවක් කැඳවා දැඩි නීතිමය රාමුවක් යටතේ නොකරාම බැරි ඉදිකිරීම් සඳහා පමණක් අවසර ලබා දිය යුතුය. අපගේ ශී‍්‍රපාද භාරකාර ස්වාමින්වහන්සේට ඒ ගැන වගේ වගක් නැත. උන් වහන්සේගේ අක්කර ගාණ පමණක් රැකුණොත් හොඳටම ඇතිය. හැබැයි ලබ්බට තිබ්බ අත පුහුලට තියන දවසට එහි වන්දිය ගෙවන්න වන්නේ උන්වහන්සේට නොව අනාගත පරපුරටය.[/FONT]

    [FONT=&quot]දැන් දැන් සිංහලයාට වල කපන්නේ සිංහලයාමය. ඒ අතරිනුත් වැඩියෙන්ම අංචි අදින්නේ භික්ෂූන්ය. කවුරුන් හෝ සිංහලයා වෙනුවෙන් පෙනී සිටියහොත් තවත් භික්‍ෂූන් රාශියක් ඊට එරෙහිව නක්කලේ දැමීමට සූදානම් වන්නේ තමන් ද සිංහලයෙකු බව අමතක කරමිනි. ඉතිං ජාතියක් වශයෙන් අප අසරණය. [/FONT]

    [FONT=&quot]යාපනේ සිසුන් දෙදෙනෙකු මැරුණු විට උතුරේ වැසියන්ගේ ඉවසීමට තමන් ස්තුතිවන්ත වන බවත් එය අගය කරන බවත් මෛතී‍්‍ර පවසා සිටියේ හරි ආඩම්බරයෙන්ය. මෛතී‍්‍ර එතනින් නොකියා කියන්නේ බීමත්ව පොලිස් අණ ද නොතකා ගමන් කිරීම නිවැරදි බවත් ඊට එරෙහිව පොලිසිය බලය පාවිච්චි කිරීම වැරදිබවත් ය. එවැනි වරදක් වෙනුවෙන් උතුරේ මිනිසුන් ඉවසීම පුදුමාකාර බවත්ය. හැබැයි ඔය සිද්දිය දකුණේ සිදු වූවානම් තත්වය හාත්පසින්ම වෙනස්වේ. මේ වන විට රටේ තත්වය ඒ තරම්ම අවසනාවන්ත තැනකට වැටී ඇත. [/FONT]

    [FONT=&quot]මේ සියලූ කාරණාවලින් පෙනී යන්නේ සිංහලයාට වල කපන්නේ සිංහලයාම ය... වැඩියෙන්ම දුකට කාරණාව ඊට මූලික වී ඇත්තේ බුද්ධාගමත් සිංහලයාත් රැක ගන්නා බවට සපථ වී සිංහලයාගේ කරමතින්ම බලයට පැමිණි එවුන් හා සිංහලයාගේ සිව්පසයෙන් යැපෙන චීවරධාරින් වීම ය.

    [/FONT]
    [FONT=&quot]
    pathfinder_PNG_Face.png
    [/FONT]

    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹගෙයි erozanගෙයි අතර තියන්නෙ ඔන්න ඔය වෙනසයි

    උඹ හරි point එකට කතා කරල සිංහල කම වෙනුවෙන් සැබෑවට පෙනී ඉන්නව

    erozanකට අරින්නෙ මරාට කවුරු හරි බැන්නොත් විතරයි
     
    Last edited:
    • Like
    Reactions: meedeniyats

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ ඔය ගැන නියම විග්‍රහයක් කරල තිබුනා​

    http://www.colombotoday.com/24332-568

    “ශ්‍රීපාදය සර්වාගමික අච්චාරුවක් නොවේ.. ආදම්ගේ පාදයක් මෙහේ නෑ“ එල්ලාවල මේධානන්ද හිමි

    26592hh.jpg

    ශ්‍රී පාදස්ථානය පිළිබඳව මේ දිනවල විවිධ අදහස් ප්‍රකාශ වුණත් එය හෙළ රජදරුවන් වන්දනා කළ හා සංවර්ධනය කළ පුදබිමක් මිස සර්වාගමික අච්චාරුවක් නොවන බව සෙල්ලිපි හා මුලාශ්‍රවලින් සනාත වන්නේ යැයි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

    වැරදි අදහස් සමාජගත වූ විට අනාගතයේ අනවශ්‍ය ගැටුම් පවා ඇතිවිය හැකි නිසා බෞද්ධ උරුමයන්හි අධිපතිත්වය දරන ගිහි පැවිදි කවුරුන් හෝ අදහස් පළ කිරීමේදී ප්‍රවේශම් විය යුතු යැයිද මේධානන්ද හිමියෝ අවධාරණය කරති. මහායාන සූත්‍රයක් වන ලංකාවතාර සූත්‍රයෙහි බුදුරදුන් ම‍ලේගිරි ශිඛර හෙවත් සමනල කන්දේ සිට ධර්මදේශනා කළ බව සඳහන් වෙනවා. ශ්‍රීපාද කන්ද ලෝක ප්‍රසිද්ධ වූ විට විවිධ රටවලින් එහි පැමිණියා. අරාබි ජාතිකයන් පැමිණ එය ආදම්ගේ කන්ද කිව්වා. එය මනඃකල්පිතයක් පමණයි. සෙනරත් පරණවිතාන මහතා ගෝඩ්ඔෆ් ඇඩම්ස්පීක් යනුවෙන් ‍පොතක් නිසා සමනල කන්ද ගැන වැරදි මතයක් ලෝකයාට ගියා. 7 වන සියවසේ සංස්කෘත නාට්‍ය ග්‍රන්ථයක මෙහි අගස්ති සෘෂිවරයාගේ ආරාමයක් තිබූ බව සඳහන් වුණා. නමුත් මේ කිසිම අන්‍යාගමික සටහනක් ශ්‍රීපාද කන්දේ නැහැ. මම කාලයක් ශ්‍රීපාද කන්දේ නැවතී ගවේෂණ කළා. එහි ඇති සෙල්ලිපිවල ස්පර්ශ ලාංඡන ගැනීමේදී ක්‍රි.පූර්ව යුගයට අයත් බ්‍රාහ්මීය අක්ෂර වලින් භගවා යනුවෙන් සඳහන් වැකි හමුවුණා.

    එළාර රජුගේ ප්‍රධාන යෝධයා වූ දීඝජන්තු යෝධයා ශ්‍රීපාද කන්දට ඇවිත් එහි තිබූ ෙචෙත්‍යයට රතුපාට කොඩියක් පිදූ බව අටුවාවල සඳහන් වේ. එසේම දුටුගැමුණු රජුගේ ථෙරපුත්තාභය යෝධයා සමනල කන්දට ගොස් පුද පූජා කළ බව මූලාශ්‍රවල සඳහන් වෙනවා.

    අනුරාධපුර, ‍පොළොන්නරු යුගවල රජවරු ශ්‍රීපාද කන්දට යම් යම් පුද පූජා කළ බව වංශකතාවල දැක්වෙනවා. ‍පොළොන්නරුවේ 1 වෙනි විජයබා රජු ශ්‍රීපාද වඳින්න ගිය මාර්ග සුද්ධ පවිත්‍රකර තැන් තැන්වල අම්බලම් කර වූ බවද සඳහන් වෙනවා. ඒ අනුව පෙනීයන්නේ ඔහුගේ කාලයටත් පෙර සිට ශ්‍රීපාදයට පැමිණෙන මාර්ග තිබූ බවයි. එසේම ගිලීම‍ලේ හා අඹගමුව සෙල්ලිපිවලින් හැටන් හා රත්නපුර ඔස්සේ ශ්‍රීපාදයට පිවිසෙන මාර්ග තිබූ බව ඔප්පු වෙනවා. නිශ්ශංකමල්ල රජතුමා ශ්‍රීපාදයට නැග වැඳුම් පිදුම්කර ඒ අසල ඇති භගවා ලෙනේ රජුගේ රූපය කොටා සෙල්ලිපි කිහිපයක්ම පිහිටෙව්වා.

    පසුකාලීනම ඉබන්බටුවා වැනි සංචාරකයන් ශ්‍රීපාද පත්මය වඳින්න ඇවිත් නොයෙක් අයගෙන් අසා ගත් තොරතුරු ඔස්සේ වර්තා සකස් කළා. මේ හේතුව නිසා වැරදිමත ලෝකයට ගෙන යන්න එදා වගේම අදත් සමහරු උත්සාහ කරනවා.
    ශ්‍රීපාද කන්ද බුදුරජුගේ ශ්‍රීපාද සටහන පිහිටි පුදබිම මිස අන්‍යාගමික හෝ සර්වාගමික අච්චාරුවක් නොවන බව නැවතත් අවධාරණය කළ යුතුයි. අපි යමක් ප්‍රකාශ කිරීමට පෙර කියන්නේ කුමක්ද යන්න අවබෝධයක් තිබිය යුතුයි. නිතරම අපි කටයුතු කළ යුත්තේ බෞද්ධ අනන්‍යතාව රැක ගැනීමටයි යැයිද එල්ලාවල මේධානන්ද හිමියෝ වැඩිදුරටත් පැවැසුහ.

    ලක්බිම
     
    Last edited:
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ ඔය ගැන නියම විග්‍රහයක් කරල තිබුනා​

    http://www.colombotoday.com/24332-568

    “ශ්‍රීපාදය සර්වාගමික අච්චාරුවක් නොවේ.. ආදම්ගේ පාදයක් මෙහේ නෑ“ එල්ලාවල මේධානන්ද හිමි

    Thanks... :)
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මුඩුක්කු වල ඉන්න කොනකපාලලට සිරීපාදෙ මැජික් වගේ
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මොනවා උනත් පොලිසියෙන් කොල්ලෝ දෙන්නට වෙඩි තියපු එකනම් වැරදි..මැරුණේ දෙමල උනත් උන් මේ රටේ කොල්ලෝ මැරුනේ මනුස්සයෙක්...my3 ට ලංකාවේ අනිත් පළාත් වල වෙන එකක් වත් පෙන්නේ නෑ උට පෙන්නේ උතුරේ වෙන ඒවා විතරයි...සංහිදියාව සංහිදියාව කියලා මු උන්ට අදින එක විතරමනේ කරන්නේ
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    604
    245
    63
    සිංහලයාට වල කපන්නේ සිංහලයාම ය
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මෙහෙමනෙ බං
    උන්වහන්සෙ සිරිපාද අඩවියේ උඩමනේ ඉන්නේ
    ඉතින් ලංකාවෙ වෙන අනිත් සිදිධි ගැන දැනුවත් නෑ
    පේන හැටියට ටිකක් බයයි වගේ..
    මොනා උනත් ඔය උඩට වෙලා ඉන්නව ඇත්තේ කී දෙනෙක්ගෙ ආධාර උපකාර ඇතුවද ?
    ඇරත් ඔය කදු මුදුනෙ වවන් වලදන්නද ??
    ඒ උදව් ටිකත් නැති වෙලා යයි කියල බය ඇති පැහැදිලිවම !:nerd::nerd:
    ලගකදි මහින්ද ගහපු ගල් මෙව්ව එක දෙන් පැලිලා ලු :D
    හයි කරල දීපු අලුත් ඝාන්ටාරේ ගහන්න බැහැලු බර වැඩි ලු :D

    පේන හැටියට උන්වහන්සේට ශක්තියක් නෑ වගේ කෙලින් ඉන්න..:no:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    මම ඔය ගැන විස්වාසය තබල තමයි එලක්රී මැතිවරණයේදී චන්දෙ දුන්නේ. රටක නීතියක් කියල දෙයක් තියෙනවා. නීතියේ රාමුවට ඇතුළුවන ඕනෑම දෙයක් කරන්න රටේ පුරවැසියන්ට අයිතිය තියෙනවා. එක තමයි කටුක යථාර්තය.
    පලවෙනි දේ ශ්‍රී පාදය අවට, පාරිසරික ආරක්‍ෂිත කලාපය හෝ පුණ්‍ය බුමි කලාපය කියල දෙයක් නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. දැනටමත් එහෙම එකක් තියෙනවනේ. ඉතින් එක මදිනම් එක පුළුල් කරන්න ඕනේ. එක වෙන ප්‍රස්නයක්. ඒ කලාපයෙන් පිට ඕනේ දෙයක් නිත්‍යානුකුලව කරන්න ඕනෑම පුරවැසියෙකුට අයිතිය තියෙන්න ඕනේ.
    සිංහල අපිට යාපනෙන් ඉඩමක් ගන්න පුලුවන්ද? තෙවසලමේ නිතිය තවමත් බලපවත්වෙනවද? මේවට තමයි අපි සටන් කරන්න ඕනේ.

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මටත් ශ්‍රී පාද භාරකාර හාමුදුරුවොන්ගේ ප්‍රකාශෙනම් පොඩ්ඩක්වත් ඇල්ලුවේ නෑ..:no: කරදරයක් නෑනේ කියලා බලන් හිටියොත් එහෙම හොඳට තියෙයි..:dull:
    පේනවනේ සමහර පැති වල අඩියක් ගහන්න පුලුවන්ද කියලා..:frown:
    කිව්වත් වගේ මුට්ටිය දාලා බලනවා.. අන්තිමට වෙන්නේ ඔටුවට කූඩරම අස්සට ඔලුව දාගන්න දුන්නා වගේ වැඩක්..:oo:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ ඔය ගැන නියම විග්‍රහයක් කරල තිබුනා​

    http://www.colombotoday.com/24332-568

    “ශ්‍රීපාදය සර්වාගමික අච්චාරුවක් නොවේ.. ආදම්ගේ පාදයක් මෙහේ නෑ“ එල්ලාවල මේධානන්ද හිමි

    26592hh.jpg

    ශ්‍රී පාදස්ථානය පිළිබඳව මේ දිනවල විවිධ අදහස් ප්‍රකාශ වුණත් එය හෙළ රජදරුවන් වන්දනා කළ හා සංවර්ධනය කළ පුදබිමක් මිස සර්වාගමික අච්චාරුවක් නොවන බව සෙල්ලිපි හා මුලාශ්‍රවලින් සනාත වන්නේ යැයි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

    වැරදි අදහස් සමාජගත වූ විට අනාගතයේ අනවශ්‍ය ගැටුම් පවා ඇතිවිය හැකි නිසා බෞද්ධ උරුමයන්හි අධිපතිත්වය දරන ගිහි පැවිදි කවුරුන් හෝ අදහස් පළ කිරීමේදී ප්‍රවේශම් විය යුතු යැයිද මේධානන්ද හිමියෝ අවධාරණය කරති. මහායාන සූත්‍රයක් වන ලංකාවතාර සූත්‍රයෙහි බුදුරදුන් ම‍ලේගිරි ශිඛර හෙවත් සමනල කන්දේ සිට ධර්මදේශනා කළ බව සඳහන් වෙනවා. ශ්‍රීපාද කන්ද ලෝක ප්‍රසිද්ධ වූ විට විවිධ රටවලින් එහි පැමිණියා. අරාබි ජාතිකයන් පැමිණ එය ආදම්ගේ කන්ද කිව්වා. එය මනඃකල්පිතයක් පමණයි. සෙනරත් පරණවිතාන මහතා ගෝඩ්ඔෆ් ඇඩම්ස්පීක් යනුවෙන් ‍පොතක් නිසා සමනල කන්ද ගැන වැරදි මතයක් ලෝකයාට ගියා. 7 වන සියවසේ සංස්කෘත නාට්‍ය ග්‍රන්ථයක මෙහි අගස්ති සෘෂිවරයාගේ ආරාමයක් තිබූ බව සඳහන් වුණා. නමුත් මේ කිසිම අන්‍යාගමික සටහනක් ශ්‍රීපාද කන්දේ නැහැ. මම කාලයක් ශ්‍රීපාද කන්දේ නැවතී ගවේෂණ කළා. එහි ඇති සෙල්ලිපිවල ස්පර්ශ ලාංඡන ගැනීමේදී ක්‍රි.පූර්ව යුගයට අයත් බ්‍රාහ්මීය අක්ෂර වලින් භගවා යනුවෙන් සඳහන් වැකි හමුවුණා.

    එළාර රජුගේ ප්‍රධාන යෝධයා වූ දීඝජන්තු යෝධයා ශ්‍රීපාද කන්දට ඇවිත් එහි තිබූ ෙචෙත්‍යයට රතුපාට කොඩියක් පිදූ බව අටුවාවල සඳහන් වේ. එසේම දුටුගැමුණු රජුගේ ථෙරපුත්තාභය යෝධයා සමනල කන්දට ගොස් පුද පූජා කළ බව මූලාශ්‍රවල සඳහන් වෙනවා.

    අනුරාධපුර, ‍පොළොන්නරු යුගවල රජවරු ශ්‍රීපාද කන්දට යම් යම් පුද පූජා කළ බව වංශකතාවල දැක්වෙනවා. ‍පොළොන්නරුවේ 1 වෙනි විජයබා රජු ශ්‍රීපාද වඳින්න ගිය මාර්ග සුද්ධ පවිත්‍රකර තැන් තැන්වල අම්බලම් කර වූ බවද සඳහන් වෙනවා. ඒ අනුව පෙනීයන්නේ ඔහුගේ කාලයටත් පෙර සිට ශ්‍රීපාදයට පැමිණෙන මාර්ග තිබූ බවයි. එසේම ගිලීම‍ලේ හා අඹගමුව සෙල්ලිපිවලින් හැටන් හා රත්නපුර ඔස්සේ ශ්‍රීපාදයට පිවිසෙන මාර්ග තිබූ බව ඔප්පු වෙනවා. නිශ්ශංකමල්ල රජතුමා ශ්‍රීපාදයට නැග වැඳුම් පිදුම්කර ඒ අසල ඇති භගවා ලෙනේ රජුගේ රූපය කොටා සෙල්ලිපි කිහිපයක්ම පිහිටෙව්වා.

    පසුකාලීනම ඉබන්බටුවා වැනි සංචාරකයන් ශ්‍රීපාද පත්මය වඳින්න ඇවිත් නොයෙක් අයගෙන් අසා ගත් තොරතුරු ඔස්සේ වර්තා සකස් කළා. මේ හේතුව නිසා වැරදිමත ලෝකයට ගෙන යන්න එදා වගේම අදත් සමහරු උත්සාහ කරනවා.
    ශ්‍රීපාද කන්ද බුදුරජුගේ ශ්‍රීපාද සටහන පිහිටි පුදබිම මිස අන්‍යාගමික හෝ සර්වාගමික අච්චාරුවක් නොවන බව නැවතත් අවධාරණය කළ යුතුයි. අපි යමක් ප්‍රකාශ කිරීමට පෙර කියන්නේ කුමක්ද යන්න අවබෝධයක් තිබිය යුතුයි. නිතරම අපි කටයුතු කළ යුත්තේ බෞද්ධ අනන්‍යතාව රැක ගැනීමටයි යැයිද එල්ලාවල මේධානන්ද හිමියෝ වැඩිදුරටත් පැවැසුහ.

    ලක්බිම

    යන්තම් ඇති. ඉතිහාසය ගැන හොඳ දැනුමක් ඇති විද්වතෙක් මේ ගැන කතාකලා. අනෙක් උන් වැඩි දෙනෙක් ගහන්නේ බයිලාමනෙ...
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    [FONT=&quot][/FONT]

    [FONT=&quot]කණගාටුවට කරුණ වන්නේ උන්වහන්සේ පෙනී ඉන්නේ කවුරුන් වෙනුවෙන් ද යන්න එම කතාව පුරාවටම අපූරුවට ගෙනහැර පෑමය...

    [/FONT]
    [FONT=&quot] වැඩියෙන්ම දුකට කාරණාව ඊට මූලික වී ඇත්තේ බුද්ධාගමත් සිංහලයාත් රැක ගන්නා බවට සපථ වී සිංහලයාගේ කරමතින්ම බලයට පැමිණි එවුන් හා සිංහලයාගේ සිව්පසයෙන් යැපෙන චීවරධාරින් වීම ය.
    [/FONT]

    :yes::yes:
    හරිම කණගාටුදායක තත්වයක් තමයි. රට​, ජතිය ගැන කැක්කුමක් නැත්නම්, අඩුම ගානෙ ගහකොල​, සතා සිව්පාවන්ට වෙන බලපැම ගැනවත් වචනයක් හරි කියන්න තිබුනා
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    උඹගෙයි erozanගෙයි අතර තියන්නෙ ඔන්න ඔය වෙනසයි

    උඹ හරි point එකට කතා කරල සිංහල කම වෙනුවෙන් සැබෑවට පෙනී ඉන්නව

    erozanකට අරින්නෙ මරාට කවුරු හරි බැන්නොත් විතරයි

    සින්හලයින්ට වැරදුනු තව තැනක් තමයි ඕක​, රටට ජාතියට හෙණ ගැහුවත් තමන් කැමති දේශපාලකයින්ව සුද්ද කරන්නනෙ හදන්නෙ. පක්‍ ෂෙ ලොකුයි අනික් ඔක්කොමටම වඩා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මටත් ශ්‍රී පාද භාරකාර හාමුදුරුවොන්ගේ ප්‍රකාශෙනම් පොඩ්ඩක්වත් ඇල්ලුවේ නෑ..:no: කරදරයක් නෑනේ කියලා බලන් හිටියොත් එහෙම හොඳට තියෙයි..:dull:
    පේනවනේ සමහර පැති වල අඩියක් ගහන්න පුලුවන්ද කියලා..:frown:
    කිව්වත් වගේ මුට්ටිය දාලා බලනවා.. අන්තිමට වෙන්නේ ඔටුවට කූඩරම අස්සට ඔලුව දාගන්න දුන්නා වගේ වැඩක්..:oo:

    :yes::yes:

    මම ඔය ගැන විස්වාසය තබල තමයි එලක්රී මැතිවරණයේදී චන්දෙ දුන්නේ. රටක නීතියක් කියල දෙයක් තියෙනවා. නීතියේ රාමුවට ඇතුළුවන ඕනෑම දෙයක් කරන්න රටේ පුරවැසියන්ට අයිතිය තියෙනවා. එක තමයි කටුක යථාර්තය.
    පලවෙනි දේ ශ්‍රී පාදය අවට, පාරිසරික ආරක්‍ෂිත කලාපය හෝ පුණ්‍ය බුමි කලාපය කියල දෙයක් නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. දැනටමත් එහෙම එකක් තියෙනවනේ. ඉතින් එක මදිනම් එක පුළුල් කරන්න ඕනේ. එක වෙන ප්‍රස්නයක්. ඒ කලාපයෙන් පිට ඕනේ දෙයක් නිත්‍යානුකුලව කරන්න ඕනෑම පුරවැසියෙකුට අයිතිය තියෙන්න ඕනේ.
    සිංහල අපිට යාපනෙන් ඉඩමක් ගන්න පුලුවන්ද? තෙවසලමේ නිතිය තවමත් බලපවත්වෙනවද? මේවට තමයි අපි සටන් කරන්න ඕනේ.

    :yes::yes:

    මොනවා උනත් පොලිසියෙන් කොල්ලෝ දෙන්නට වෙඩි තියපු එකනම් වැරදි..මැරුණේ දෙමල උනත් උන් මේ රටේ කොල්ලෝ මැරුනේ මනුස්සයෙක්...my3 ට ලංකාවේ අනිත් පළාත් වල වෙන එකක් වත් පෙන්නේ නෑ උට පෙන්නේ උතුරේ වෙන ඒවා විතරයි...සංහිදියාව සංහිදියාව කියලා මු උන්ට අදින එක විතරමනේ කරන්නේ

    :yes:

    :D:D:D