ශී‍්‍ර ලංකා - පාකිස්තාන තරඟය නිසා ඉන්දියාŠ
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පෙරේදා (26) පැවති කි‍්‍රකට් තරගය මුල්කරගෙන ඉන්දියාවේ චන්දිගාර් හි ලාල්රු නගරයේ උසස් අධ්‍යාපන ආයතනයක ගැටුමක් ඇති වී තිබෙනවා. ලාල්රු හි ස්වාමි පරමානන්ද ඉංජිනේරු තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනයේ නේවාසිකාගාරය තුළ මෙම ගැටුම ඇති වී තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී නේවාසිකාගාරයේ පොදු කාමරයේ තරඟය නරඹමින් සිටි ජම්මුකාශ්මීර ප‍්‍රදේශයෙන් පැමිණි ඉස්ලාම් සිසුන් පිරිසක් පාකිස්තානු කණ්ඩායමට සහය පළ කරමින් ඔල්වරසන් ලබාදී තිබෙනවා. ඊට උරණ වූ හින්දු සිසුන් පිරිසක් මෙම ඉස්ලාම් සිසුන් පිරිස සමඟ වචන හුවමාරුවක නිරත වී ඇති අතර, පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වූ බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. ඒ හේතුවෙන් සිසුන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. කෙසේ වෙතත්, ජම්මුකාශ්මීර ඉස්ලාම් සිසුන්ගේ කි‍්‍රයාකලාපයට විරෝධය පළ කරමින් අද දිනයේ එම විද්‍යාලයේ හින්දු සිසුන් භාරතීය ජනතා පක්ෂයේ ප‍්‍රාදේශීය කි‍්‍රයාකාරීන් සමඟ එක්ව චන්දිගාර් නගරයේ විරෝධතාවයක්ද පවත්වා ඇති බව සඳහන්. මේ වනවිට චන්දිගාර් නගරය ඇතුළු ප‍්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇති අතර, මෙම ගැටුම හටගත් ස්වාමි පරමානන්ද ඉංජිනේරු තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනයද ලබන මස 08 වැනිදා දක්වා වසා දමා තිබෙනවා.
source -http://www.hirunews.lk/sinhala/90622

Last edited: