ශ‍්‍රී පාද පුදබිමෙහි ගවයන් 1700ක් මස් පිණිස ඝ&

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ශ‍්‍රී පාද පුදබිමෙහි ගවයන් 1700ක් මස් පිණිස ඝ&

    රී පාද පුදබිමෙහි පිහිටි ප‍්‍රධාන නගරය ලෙෂ සැලකෙන හැටන් නගරයේ ලබන වසරේදී ගවයන් 1700ක් මස් පිණිස ඝාතනය කිරීමට මේ වනවිට පිඹුරුපත් සකස් වී ඇතැයි වාර්තා වෙයි.

    නගර සභාවේ ආදායම් තත්ත්වය පමණක් සැලකිල්ලට ගෙන සත්ත්ව ඝාතනය පිළිබද කිසිදු තැකීමක් නොකර හැටන්-දික්ඔය නගර සභාවේ සභාපතිවරයා හා නාගරික මන්ත‍්‍රීවරුන් 2014 වර්ෂය සදහා හැටන්-දික්ඔය නගර සීමාවේ ගවමස් වෙළදසල් 4ක් සදහා මීට ඉහත වසර වලට වඩා මෙවර ලංසු මුදල වැඩි කරමින් 2014 වර්ෂය සදහා ගවමස් වෙළදසල් 4 රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලකට ලබාදීම එයට හේතු වී ඇත.

    එම ගවමස් වෙළදසල් 4 හැටන්-දික්ඔය නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙකු මැදිහත් වීමෙන් ඔහුගේ හිතවතුන් සිව්දෙනෙකුට ලබාදී තිබේ.

    ඒ අනුව 2014 වසරේ හැටන්-දික්ඔය නගර සීමාවේ ගවමස් වෙළදාම ඒකාධිකාරියට පත්වනු ඇත. ටෙන්ඩර් පටිපාටිය අනුව 2014 වර්ෂය සදහා ලබාගත් ගවමස් වෙළදසල් 4න් දිනකට හැටන්-දික්ඔය නගර සභාවට රුපියල් 15000කට ආසන්න මුදලක් දිනපතා ගෙවීමට සිදුවන අතර මේ සදහා එක් දිනකට ගවමස් කිලෝ 800කට ආසන්න ප‍්‍රමාණයක් අලෙවි කිරීමට සිදු වේ. ඒ සදහා දිනකට ගවයන් 5දෙනෙකු පමණ ඝාතනය කිරීමට සිදු වනු ඇත.එය වසරකට ගවයන් 1700ක් පමණ වේ.

    මෙරට වැඩිම කිරි නිෂ්පාදනයක් පවතින්නේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ අඹගමුව කෝරලයේ වන අතර මෙම තත්ත්වය අනුව දේශීය කිරි කර්මාන්තයට ද වැඩි බලපෑමක් 2014 වර්ෂයේදී එල්ල වනු ඇත.
     
    Sep 18, 2012
    662
    83
    0
    copied:-

    ඇයි කුකුල් ලේ රහට , එළු ලේ රහට , උරු ලේ රහට ,මාළුන්ගේ ලේ රහට කන්න පුළුවන්නේ බන් , අවිහින්සවදියෝ කිව්වට ඔක්කොම සත්තු අයිති වෙන්නේ නැහැ එකට , කොහොමත් ජාතියක් විදිහට මස් මාළු කෑමෙන් තොර මිනිස්සු වැඩියෙම ඉන්නේ (හින්දුන්) දෙමලුන්ගේ මිසක් අපේ නෙවෙයි , 96% බෞද්ධ ඉන්න බුරුමේ හරක් ,කුකුලෝ ,මලු, එළුවෝ බැටළුවෝ නෙවෙයි “බලු” මස් ඉදන් කනවා , , චිනේ ,ජපානේ ,වියට්නාමේ,ටිමෝරයේ ,කොරියාවේ ,තායිලන්තේ උනත් එහෙමයි මේ ඔක්කොම බෞද්ධ බහුතරය වෙන රටවල්
    http://www.malaysiandigest.com/news/...pj-raided.html
    http://en.wikipedia.org/wiki/Dog_meat


    හරකට වද දීල උගෙන් වැඩ කරගත්තේ ඉස්සර ඒ කොහොම වෙතත් , එක සත්ව අවිහින්සවට අදාළ නැද්ද ? කිරි එරෙන්නේ උගේ පැටියට එක උබල මංකොල්ල කන එක හරිද ? ,නැත්තම් එකත් සත්ව අවිහින්සවට අදාළ නැද්ද ? ඇත්තම කිව්වොත් උබලට හදිස්සියේ වැළදුණු හරක් ලව් එක ඇති උනේ හම්බයිට කෙලින්න රිද්දන්න පොටක් පැදෙන නිසා ..එහෙම නැතුව තොපේ හිත්වල ඇති අවිහිංසා වාදයක් නැහැ ,එහෙම අවිහින්සවාදයක් පහල වෙනවනම් හැම සතෙක්ම සතෙක් තමයි හල මැස්සෙක් පවා ,ශරීර ප්‍රමාණයෙන් ජිවිතයක් අගය වෙනස් වෙන්නේ නැහැ ,මදුරු කොයිල් එකේ ඉදන් තියෙන්නේ සත්ව ඝාතනය ,සත්ව ඝාතනය පාලනය කිරීම හැර නැවත්වීමට යාම කොච්චර ප්‍රයොගිකද කියන එක උබල උනත් හිත අස්සෙන් දන්නවා , උබල කියනවා වගේ උගෙන් වැඩ ගත්ත කාලයක් තිබුන නමුත් ඒ දවස් වල උබලට ඔය හරක් ලව් එක බරපතල උනේ නැහැ , අද ට්‍රැක්ටර් වලින් ඒ වැඩ කරන්නේ , හරක්ගෙන් කිරි ගෙදරදී දොවාගෙන බොන කාලයක් තිබුන එත් අද ෆක්ටරියෙන් පිටි කරලා එවන්නේ කිරි , ඒවගෙන් කිරි ගන්න විදිහ උබ දැකල තියනවනම් සත්ව හිංසාව එතෙන්ට අදාල නැද්ද කියලත් අහන්න ඕනි , මේ රටේ තහනම් මස් වර්ග තියනවා මුව මස් ගොන මස් වගේ හේතුව ඒ වදවීමේ තර්ජනයට මුනුන දී සිටින සත්වයින් නිසා හරක කියන්නේ එහෙම සත්වයෙක්වත් නෙවෙයි ,අද එකපාර ඒ කාලයේ පවා තදින් නොවලදුණු හරක් ලව් එක ඇතිවෙලා ෆුල් අවිහිංසාවාදී වෙලා හරක ගැන කෙස් පැලෙන තර්ක දාන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි හම්බයොත් එක්ක ගේමක් ඉල්ලගන්න ඕනි නිසා ,උබල ජාතිය මහා සුද්ධ වන්තයෝ නෙවෙයි උබලගේ මස් මාළු කැවේ වෙන කිසිම ජාතියක් ලංකාවට එන්න කලින් ඉදලාමයි ,පරස්පර විරෝධී අවිහින්සවදියෝ සහ අවස්ථාවදියෝ ,


    431839_538380826203501_916906048_n.png


    58390_525573207495281_378418847_n.jpg


    මාළු වලින් කුස් පුරවන හිස් මිනිසුන් අතරේ, ඔබ සැබෑම මිනිසකු ලෙස සියලුම මාළු ඝාතනයන්ට එරෙහිව නැගී සිටින්න

    සියල්ලෝම දඩුවමට බියවෙති..
    සියල්ලෝම මරණයට බියවෙති..
    එබැවින් අනුන් තමන්ට සමාන සේ සිතා
    අනුන්ට හිංසා නොකළ යුතුය.
    අනුන්ට හිංසා නොකරවිය යුතුය - ධම්ම පදය

    මාළු වලින් කුස් පුරවන හිස් මිනිසුන් අතරේ, ඔබ සැබෑම මිනිසකු ලෙස සියලුම මාළු ඝාතනයන්ට එරෙහිව නැගී සිටින්න -බොදු බල සේනා


    Tuna_Fish1.jpg


    DoBeS-SR-fish.jpg


    1-15.jpg


    fish1.jpg


    05+100_1780.JPG