ශ්‍රී ලංකාවටම අයිති චන්ද්‍රිකාවක්
චන්ද්‍රිකා තාක්ෂණය ශ්‍රී ලංකාවට යොදා ගැනීමේ ප්‍රධානතම සංධාස්ථානයක් සටහන් කරමින් ශ්‍රී ලංකාවට අයත් වන පළමුවන චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා ‘සුප්‍රීම් සැට්’ සමාගම සූදානම් වෙයි.
මේ අනුව මෙතෙක් විදේශ රටවලට අයත් චන්ද්‍රිකාවලින් සේවය ලබා ගත් අපට ශ්‍රී ලංකාවේ හිමිකාරීත්වය ඇති චන්ද්‍රිකාවක සේවය ලබා ගැනීමට හැකි වනු ඇත.
ආයෝජන මණ්ඩල ව්‍යෘපෘතියක් යටතේ ‘සුප්‍රීම් සැට්’ සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන අතර ඒ සමඟම ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාගත සේවය ආරම්භ කිරීම හැතියාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. මේ සමඟම චන්ද්‍රිකාගත දුරකතන සේවයක්ද ආරම්භ කෙරේ.
මේ සඳහා චීන සමාගම් දෙකක් සමඟ එක්ව කටයුතු කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් ‘සුප්‍රීම් සැට්’ ආයතනය ගිවිසුමකටද එළැඹ තිබේ.
මෙහි සම්පූර්න ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 320ක් වන අතර චන්ද්‍රිකාව නම් කර ඇත්තේ ‘ඩොන්ග් ෆැන්ග් හොන්ග්’ (බැබලෙන ඉර උදාව) ලෙසය.
මෙම චන්ද්‍රිකාව තුන්වැනි පන්තියේ චන්ද්‍රිකාවක් වන අතර, ඉහල බලයකින් යුතු සුවිශාල ධාරිතාවක් සහිත දීර්ඝ ආයු කාලයක්ද සහිත වූවක් බව කියැවේ.
ගත්තේ මෙහෙන්
https://www.facebook.com/photo.php?fbid=446119618732996&set=a.419011031443855.103046.344286468916312&type=1&ref=nf