ශ්‍රී ලංකාව තරඟාවලියත් පරාදයි
ඉස්සර නම් මැච් එකක් බැලුවේ හරි ආසාවෙන්. ඒත් ඉන්දියාවත් තෙක්ක ගහපු ලෝක කුසලානෙන් අවසාන තරගෙන් පස්සේ මට නම් මැච් හොදටම එපා වුනා. ඒකට හේතුව තරගය පැරදුන එකම නෙවෙයි. ඒ තරගය නිකන් දුන්න වගේ පෙනුන නිසා. අපේ කන්ඩායමේ දක්ෂයෝ නැති එක නෙවෙයි තියෙන්නේ ක්‍රිකට් බෝඩ් එකේ, තේරීම් කමිටුවේ වැරදි තමයි මැච් පරදින්න ලොකුම හේතුව කියලයි මට හිතෙන්නේ. නායකයෙක් විදියට මැතිව්ස් ගන්න තීරණ ගොඩක් වෙලාවට වරදිනවා. ටීම් එක පරදින්න එක හේතුවක් නෙවෙයි හේතු ගොඩක් තියනවා කියලයි මට නම් හිතෙන්නේ. මෙහෙම ගියොත් දැනට පණ අදින ලංකාවේ ක්‍රිකට් මැරිලම යියි.
ඊට පස්සේ අපේ ටීම් එකත් සිම්බාබ්වේ වගේ තියෙයි. මේ ටික එලකිරියේ දැම්මේ පොඩි කාලේ ඉදලා ආසාවෙන් සෙල්ලම් කරපු, ආසාවෙල් බලපු එකම ක්‍රීඩාව ක්‍රිකට් නිසා. මේ තියෙන්නේ ඊයේ මැච් එකට වුන දේ. 
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් ආරබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන එක්දින තරඟාවලියේ ඊයේ පැවති සිවුවන තරඟයෙන් කඩුළු 08 ක පහසු ජයක් පාකිස්තාන කණ්ඩායම ලබා ගත්තේය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දු වාර 48.5කදී සියල්ලන් දැවී ලකුණු 225ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 41.1කදී කඩළු 02ක් පමණක් දැවී එම ඉලක්කය පසු කරමින් තරඟය ජය ගත්තේය.
මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ තුනක් දිනූ පාකිස්තානය තරඟ පහකින් යුතු එක් දින තරඟාවලියේ ජයග්රහණයද හිමි කර ගත්තේය.
මේ ලිංක් එක ක්ලික් කරලා ලකුණු පුවරුව බලන්න

Last edited: